Skip to main content

කාලකන්නි යුක්රේන යුද්ධය

    




යුද්ධය යනු යුක්රේනයේ සිද්ධ උනත් ලංකාවේ සිද්ධ උනත් කාලකන්නි වැඩකි ලංකාවේ යුද්ධයට මානුෂික මෙහෙයුම කියා දේශපාලන නමක් දැම්මේ රටේ මිනිස්සුත් ලෝකේ මිනිස්සුත් ගොනාට ඇන්දවීමටය මානුෂික යුද්ධ කොහෙවත් නැත තිබෙන්නේ ඉදිරියේ මොකා හිටියත් වෙඩි තබන යුද්ධය .පහල මොකා හිටියත් බෝම්බ දමන යුද්ධය

දින තුනකින් යුක්රේනය අල්ල ගැනීමේ අපේක්ෂාවෙන් රුසියාව යුක්රේනය ආක්‍රමණය කොට අදට දින 470 වකි මේ වන විට සිදුවී ඇති විනාශය අති විශාලය

යුද්ධයේ අලුත් තත්වය වන්නේ රුසියාව විසින් අල්ලාගෙන තිබෙන ප්‍රදේශයක ද්නීපර් ගඟේ තිබෙන Nova Kakhovka වේල්ල පුපුරවා හැරිම නිසා බරපතල විනාශයක් වී තිබේ . මෙම වේල්ල පිහිටා තිබෙන්නේ ඛර්සන් පළාතේ නොවා ඛකොව්කා නගරයේය .

 වේල්ල පුපුරුවා හරිම ගැන රුසියාව යුක්රේනයට චෝදනා කරන අතර යුක්රේනය කියන්නේ එය රුසියව විසින් පුපුරවා හැරිය බවය .

යුක්රේනයේ උතුරේ සිට කළු මුහුද දක්වා ගලන නීපර් ගඟ හරස්කොට බැඳ තිබෙන වේලි හයකින් එකක් වන නොවා ඛාකොව්කා වේල්ල මගින් විශාල ජලාශයක් ඉදිකොට තිබෙන  අතර එහි ජලය විදුලිය නිපදවීමටද වගාවන් සහ බීම සඳහා භාවිතා කරනු ලැබිණ

 
නීපර් ගඟේ මේ වේල්ල තිබෙන ප්‍රදේශයේ  උතුර යුක්රේන හමුදා පාලනය යටතේ තිබෙන අතර දකුණු ඉවුර රුසියන් හමුදා පාලනය යටතේ තිබේ

 යුද්ධය නිසා සොල්දාදුවන් විශාල පිරිසක් දෙපැත්තෙන්ම මිය ගොස් තිබෙන අතර සිවිල් වැසියන් විශාල පිරිසක්ද මිය ගොස් ඇත .

ඇමරිකාව කියන හැටියට සිවිල් වැසියන් 42000ක් මේ වන විට මියගොස් තිබෙන අතර යුක්රේන හමුදා භටයන් 20000 ක්ද රුසියන් හමුදා භටයන් 50000ක් ද මියගොස් තිබේ .

ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවකට අනුව යුක්රේනය යලි ගොඩගැනීමට ඩොලර් බිලියන 411ක් ඉදිරි අවුරුදු 10 තුල වැය කිරීමට සිදුවේ

විනාශවූ නගරවල තිබෙන සුන්බුන් ඉවත් කිරීමට පමණක් ඩොලර් බිලියන 5ක් වැය කිරීමට සිදුවනු ඇත

 




 යුද්ධයේ විනාශය එම දෙරටට පමණක් නොවේ. සමස්ත ලෝකයටම මේ යුද්ධයේ වැය දර ගැනීමට සිදුවී තිබේ රුසියාව ලෝකයේ විශාලතම තෙල් අපනයන කරන්නා වන අතර ලෝකයට බොර තෙල් වැඩියෙන්ම සපයන දෙවැන්නාද  වෙයි 

 එමෙන්ම රුසියාව ලෝකයට වැඩියෙන්ම තිරිඟු අපනයනය කරන රටවන අතර යුක්රේනය ලෝකයට තිරිඟු අපනයනය රටවල් අතරින් 5 වෙනි ස්ථානයේ සිටි රටයි .


 යුද්ධය නිසා බටහිර රටවල් රුසියාවට සම්බාධක දැමීම නිසා වැඩියෙන් මුදල් ගෙවා තෙල් සහ තිරිඟු ලබා ගැනීමට ලෝකයේ සියලුම රටවලට පාහේ සිදුවේ තිබේ

 
( සමාජවාදය තිබුණු කාලයේ රුසියාව සහ යුක්රේනය එකම රටක් වූ අතර රටට අවශ්‍ය තිරිඟු ප්‍රමාණයවත් නිපදවා ගැනීමට නොහැකි වූ බැවින් ඇමරිකාවෙන් වාර්ෂිකව තිරිඟු ආනයනය කිරීමට සෝවියට් දේශයට සිදුවිය )

යුද්ධය ඇරඹුන කාලයේ අපි දොස් කිව්වේ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කිටය . අසල්වැසි රට තම රටට වඩා  බලවත් වන විට එම රට කෝප නොකරවා තබාගැනීම බුද්ධිමත් පාලකයන්ගේ සිරිතය එහෙත් සෙලෙන්ස්කි රුසියාවට විරුද්ධව බටහිර රටවල් වල කරට අත දමා ගැනීම නිසා යුක්රේනය ආක්‍රමණය කිරීමට රුසියව පෙළඹුණේය 

 .



දැන් සිදුවී තිබෙන්නේ දෙවෙනි ලෝක යුද්ධයේදී සෝවියට් දේශයට පහරදුන් ජර්මන් හමුදාවට සිදුවූ ඉරණම රුසියන් හමුදාවටද සිදුවීමයි යුක්රේනයේ සැලකිය යුතු ප්‍රදේශයක් රුසියාව විසින් අල්ලාගෙන තිබුනද කෙළවරක් දැකිය නොහැකි යුද්ධයකට දැන් පුටින් පැටලී සිටි

යුද්ධයේ ඇත්ත ජයග්‍රාහකයෝ වෙනු ඇත්තේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල්ය

ඔවුහු යුක්රේනයට අවි ආයුධ යුධ ගුවන් යානා , යුධ ටැංකි විකුණා ඩොලර් ට්‍රිලියන් ගණනක් උපයා ගැනීමට පාර කපා ගෙන තිබේ .

මේ යුද්ධය පවතින තුරු අපේ රටේ ආර්ථිකය ගොඩ ගැනීමද අතිශය දුෂ්කරය .සජිත් ආවත් අනුර ආවත් යුද්ධය අවසන් නොවෙන තුරු අපට බරපතල ආර්ථික දුෂ්කරතාවයනට මුහුණ දීමට සිදුවෙනු ඒකාන්තය 

Comments

Anonymous said…
මෙදා පාර රතු මල්ලිලට දෙනවා.. රජපස්සලගේ බල්ලෙක් ඉන්න පක්සේකටවත් දෙන්නේ නෑ .....
Ajith Dharma. said…
ඒ ජලාශයෙන් වතුර දෙනවනේ ක්‍රිමියාවට , එනිසා රුසියාව ඒක පුපුරවයි කියලා හිතනවද

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...