Skip to main content

විශ්මකර්මයෙකු සඳහා ඇබෑර්තුවක් තිබේ

 





"ඔය රුපියල දැන් නැග්ගට ආනයන සීමා අයින් කරාම ඕක බහිනවා "
"ණය ගෙවන්න පටන් ගත්තාම රුපියල හෝ ගාල බහිනව"
"ණය ගෙවන්නේ නැතිව ඉන්නකොට රුපියල නගිනවා තමයි "
රනිල් ඇවිල්ල දැන් අවුරුද්දකට කිට්ටුයි කරපු දෙයක් නැහැ "
'අපිට දෙන්න.අපි අවුරුදු 5න් කරලා පෙන්නවා "


මෙසේ කියන්නේ මෙහෙම කියපු අය

"ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලංකාවට ණය දෙන්නේ නැහැ "
"ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දෙවෙනි වාරිකය දෙන්නේ නැහැ "
" GSP+ සහනය ලංකාවට ලැබෙන්නේ නැහැ "
"මැයි ජුනි වෙනකොට ඩොලර් එකක් රුපියල් 600 ට නගිනවා "

ආර්ථික වශයෙන් වලපල්ලට ගිය රටක් මාස කීපයකින් ගොඩ ගත හැකි නම් ඔහු හෝ ඇය විශ්ව කරමයෙකු වෙනු ඇත|

සිම්බාබ්වේ ,වෙනිසියුලාව , ආර්ජන්ටිනාව ලෙබනනය ග්‍රීසිය
අප මෙන්ම බන්කොලොත්වූ රටවල්ය ඒවා ගොඩ ගන්නට කොපමණ කල ගත වීද ?

1980 දශකයේ සිට ආර්ථික අර්බුදයන්ට මුහුණ දුන් ආර්ජන්ටිනාව දැවැන්ත ආර්ථික කඩාවැටීමකට මුහුණ දුන්නේ 2001 දෙසැම්බරයේ සිටය තවමත් එය ඉවරයක් නැත මේ වන වුඉට එරට වාර්ෂික උද්ධමානය 90%කි

සිම්බාබ්වේ ආර්ථික අර්බුදය ඇරඹුණේ 2000 වසරේ සිටය මේ වන විට ආර්ථිකය මුලුමනින්ම පාහේ කඩා වැටි අවසන්ය එරට විරැකියාව 90%කි. ගිය මාසයේ උද්ධමනය 86%කි

එරට ආර්ථික 2008 වසරේදී අර්බුදය කොපමණ උග්‍ර වීද යත් සිම්බාබ්වේ ඩොලර් ට්‍රිලියන 100 මුදල් නෝට්ටුවක් අච්චු ගැසීමට පවා සිදුවිය



 

වෙනිසියුලාව යනු ලෝකයේ වැඩිම තෙල් නිධි තිබෙන රටයි එහි ආර්ථික අර්බුදය ඇරඹුණේ 2008 වසරේදීය වාම මාවතක් අරඹමින් ඇමරිකන් තෙල් සමාගම් ජනසතු කිරීමත් ඒ තෙල් සල්ලි මහජන සුබ සාධනයට යෙදවීමත් සමග ආර්ථික අර්බුදය ඇරඹුනේය මිනිසුන් ඇති බහුතරය හිඟන්නන් බවට පත්වීම නිසා 70 ලක්ෂයක් ජනයා රැකියා සොයා වටපිට රටවලට පා ගමනින් ගියහ

එරට ආර්ථිකය දැන් ගොඩ එමින් තිබේ එය ඇරඹුණේ ගිය වසරේය ඒ තෙල්වලට පින්සිද්ධ වෙන්නටය කෙසේ වෙතත් එරට වැසියන්ට අවුරුදු 14ක් හිඟා කන්නට සිදුවිය .

ග්‍රීසියේ ආර්ථික අර්බුදය ඇරඹුණේ 2009 සිටය එය ගොඩ ගැනීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ යුරෝපා සංගමය යුරෝ බිලියන 289ක ණය දෙනු ලැබිය

ග්‍රීසිය දැන් ගොඩ එම අරඹා තිබේ ඒ සඳහා අවුරුදු 13ක් දුක් විඳීමට එරට වැසියනට සිදුවිය

ලෙබනනයද බංකොලොත් වී ඇති රටකි එරට ආර්ථිකය කඩ වැටීම ඇරඹුණේ 2019 දීය අවුරුදු 4ක් ගතවී ඇතත් තවමත් එරට සිටින්නේ ආර්ථික වලකය 65 ලක්ෂයක ජනගහනයක් සිටින එරට වැසියන්ගෙන 80%ක් දුප්පතුන් බවට පත්ව තිබේ



2021 දී ආර්ථික වලට වැටුණු අපේ රට ඉහත රටවල ඉරණම ට පත්වීම වලක්වා ගැනීමට හැකිවී තිබේ මිලියනයේ බිලියනයේ ට්‍රිලියනයේ මුදල් නෝට්ටු අච්චු ගසන්නට අපට සිදුවී නැත අපේ ඉහලම මුදල් නෝට්ටුව 2019 ට පෙර අච්චු ගැසූ රුපියල් 5000 ය

මේ අර්බුදයෙන් ගොඩ ඒමට සමාජවාදය අනුගමනය කල යුතු බව ජවිපෙ සහ පෙරටුගාමී සහෝදරවරු අපට කියති. එහෙත් අවුරුදු 64ක් තිස්සේ සමාජවාදී පාලනයක් ගෙනියන කියුබාවේ දිනකට පැය 12ක් විදුලිය නැත ආහර පෝලිම් ඇත බෙහෙත් පෝලිම් ඇත .ඉන්ධන පෝලිම් ඇත
එහෙත් ඒගැන කතා කිරීමට එරට වැසියනට නිදහස නැත  






Comments

Lalith said…

How ever this time I will vote for JVP.....

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...