Skip to main content

චන්ද්‍රිකාට ආණ්ඩුව හදා දුන් ගුණසේන මහානාම

     









මේ ලිපියට දම ඇති ඉහත මාතෘකාව අනුව ගුණසේන මහානාම යනු චන්ද්‍රිකාගේ සපෝටර් කෙනෙකු ලෙස ඔබට එකවරම සිතෙනු නොඅනුමානය 

නැත ඔහු එවැනි දේශපාන ව්‍යාපාරයක යෙදෙනු අයෙකු නොවේ  ඔහු චන්ද්‍රිකාට ආණ්ඩුව හදාගැනීමට උදව් කළ ආකාරය දෙවනුව ලියමි ඊට පෙර ලිවිය යුත්තේ ඔහු ප්‍රමුඛත්වය දුන් කාරණා ගැනය .

ඔහු වෘත්තීය සමිති නායකයෙකු විය වමේ දේශපාලනයේ නියුක්තවු අයෙකි  තවත් වචනවලින් කියන්නේ නම් ඔහු ට්‍රොට්ස්කි ගේ මත දරු අයෙකි 

 ජනතා විමුක්ති පෙරමුණ  1988 දී  ගුණසේන මහානාම මරා දමන්නන්ගේ ලැයිස්තුවටද ඇතුලත් කර තිබුණි එහෙත් ඔහු මරා දැමීමට  දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය උත්සාහ  කළද එය සාර්ථක කරගැනීමට ඔවුන්ට නොහැකිවූ  බැවින් තවත් අවුරුදු 34ක් ජීවත්ව සිට පලමුදා  හෙවත් 2023  ජුනි 4 වෙනිදා අවුරුදු 79 ක සිය  ජීවන ගමන අවසන් කළේය 


රජයේ ලිපිකරු සේවා සංගමයේ ( GCSU)  ප්‍රධාන ලේකම් වූ  ගුණසේන මහානාම සහෝදරගේ ජීවිතය වෘත්තීය සමිති කටයුතු  සහ වාම දේශපාලනය  පමණක්ම විය   කොළඹ කොටුවේ  චිත්තම්පලම්  ගාඩිනර් මාවතේ පිහිටි තට්ටු පහකින් යුතු  GCSU ගොඩනැගිල්ල එම සංගමයේ මුලස්ථානය විය .මහානාම සහෝදරයා නිවස වුයේ එම ගොඩනැගිල්ල මය  දිනපතා   අවදිවුයේ එහිය වැඩ කලේ එහිය .සගයන් හමුවුයේ එහිදීය   නිදාගත්තේද එහිය

ඔහුට බිරින්දැවරු දෙදෙනෙකු සිටියේය එක බිරිඳක්  වුයේ රජයේ ලිපිකරු සේවා සංගමයය අනෙක් බිරිඳ වයේ සමාජවාදී දේශපාලනයය  .

 මුලින් සම සමාජ පක්ෂයේ සිටි ඔහු එන් ඉවත්ව  ආ වාසුදේව+ වික්‍රමබාහු කණ්ඩායම පිහිටවාගත් නව සම සමාජ පක්ෂයට එකතුව දේශපාලනය කළේය  පසුව එයින්ද ඉවත්වූ මහානාම එක්සත් සමාජවාදියෝ       නමැති සංවිධානය පිහිටුවා  ගත්තේය විශ්ව විද්‍යාල කථිකාචාර්යවරු වූ විලි සේනානායක  සහ සුමනසිරි ලියනගේ ද එම සංවිධානයේ සිටි තවත් දෙදෙනෙකි . එය විශාල සංවිධානයක් නොවුණු අතර 40- 50 පමණ පිරිසකට සීමාවූ එකතුවක් පමණක් විය 


GCSU ලෙස හැඳින්වූ රජයේ ලිපිකරු සේවා සංගමය  1980 දක්වා  ප්‍රබල වෘත්තීය සමිතියක් විය එය ආරම්භ කර තිබෙන්නේ  1920  දීය .  I.J. වික්‍රම  1960 දශකයේදී  මෙම සංගමය දැවැන්ත සංගමයක් බවට පත් කරන ලද පුද්ගලයාය එකල රජයේ කාර්යාලවල ලිපිකරුවන්  50000 ක් පමණ  සිටි අතර ඉන් 30000 ක් පමණ මෙම සංගමයට බඳවා ගැනීමට ඔහුගේ නායකත්වය යටතේ හැකිවිය .බොහෝ සාමාජිකයෝ ලංකා සම සමාජ පක්ෂයේ හිතවතුන් වුහ  සම සමාජ පක්ෂය සිරිමා ආණ්ඩුවේ කොටස් කරුවන් වීම  නිසා  සංගමයේ ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන යාම සඳහා වත්මන් තට්ටු පහේ  නව ගොඩනැගිල්ල  ඉදිකිරීමේදී මුල් ගල තැබුවේ  එවක අගමැති සිරිමා බණ්ඩාරනායක විසිනි 



 1980 ජුලි මහා වැඩ වර්ජනයෙදී  එය මෙහෙයවූ එක්  මුලස්ථානයක්  වුයේ  රජයේ ලිපිකරු සේවා සංගමය යි වර්ජකයන රැසක් නිර්තර නිතර මෙම ගොඩනැගිල්ලට ආ ගියහ වර්ජකයන් ධයිර්යමත් කිරීම  සඳහා මෙම ගොඩනැගිල්ලේ  නිතර නිතර රැස්වීම්  පවත්වනු ලැබිණ එම රැස්වීම් ඇමතුවන් අතර මහානාම, එච් එන් ප්‍රනාන්දු ,මහ බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් වූ ටී අන්ද්‍රාදි ද වූ බව මට මතකය 


 ජේ  ආර් + ප්‍රේමදාස ආණ්ඩුව වැඩ වර්ජකයන් 50000ක් පමණ ගෙදර යවා වර්ජනය  පොඩිපට්ටම් කර දැමීම නිසා ඊට විරෝධය දක්වමින් වර්ජකයෝ රැසක් ජුලි  8 වනදා  කොළඹ දැවැන්ත පෙළපාලියක් පැවැත්වූ අතර එහිදී අත්අඩංගුවට ගනු ලැබූ අය අතර ගුණසේන මහානාම ද විය .

ඉන්පසු වර්ජක වෘත්තීය සමිතිවලට  උදාවුයේ  නරක දශාවකි  වර්ජනය නොකළ වෘතීය සමිති සාමාජිකයෝ  රැසක් ආණ්ඩුවට බියේ  සාමාජිකත්වයෙන්  ඉල්ලා අස්වූහ  සංගම් බොහෝ දුරට අඩපන විය .

   ආර්ථික වශයෙන් දුබල වී සිටි ලංකා  ගුරු     සංගමයේ අපට  කොළඹ කාර්යාලයක් පවත්වාගෙන යාම උභතෝකෝටික ගැටළුවක් විය  මෙහිදී මහානාම සහෝදරයා අපේ සංගම් කාර්යාලය GCSU ගොඩනැගිල්ලේ පවත්වාගෙන යාමට ඉඩ දුන්නේය . 1981 සිට 1990 දශකයේ අග දක්වාම ලංකා ගුරු  සංගමයේ ප්‍රධාන කාර්යාලය එම ගොඩනැගිල්ලේ බිම් මහලේ පවත්වාගෙන යනු ලැබිණ  එම කාලය තුල මහානාම සහෝදරයා කාර්යාල කුලිය ලෙස එක රුපියලක්වත්  සංගමයෙන් අය කලේ නැත .

යුද්ධය නිසා දෙකට බෙදී තිබු ලංකාව එක්සත් කළ හැක්කේ යුද්ධයෙන් නොව දෙමල ජනයට ස්වයන් තීරණ අයිතිය දීමෙන් බව මහානාම දරු  ස්ථාවරය විය  යුද්ධයෙන් නොව දේශපාලන විසඳුමකින් ජනවර්ග ප්‍රශ්නය විසඳිය යුතු බව පිළිගත් පිරිස්   GCSU ගොඩනැගිල්ලට නිතර ආ ගියහ  කොළඹ විෂ්ව් විද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ක්රියාකාරින්ද එසේ ආගිය පිරිස් අතර වුහ 


ජනතා විමුක්ති පෙරමුණ හෙවත් දේශප්‍රේමී ජනතා  ව්‍යාපාරය විසින් කොළඹ විශ්ව විද්යාල ශිෂ්‍ය නායක දය පතිරණ ඝාතනය කිරීම නිසාඑම ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරීන්ට    ජිවිත ආරක්ෂාව ලැබුණු එක ස්ථානයක් වුයේ GCSU ගොඩනැගිල්ලයි  මේ නිසා මහානාම සහ ඔහුගේ සංවිධානයේ පිරිස් ජවිපෙ මරණ  ලැයිස්තුවට ඇතුලත් කොට තිබු බව ලංකා  ගුරු සංගමයේ එවක සංවිධායක ලේකම්වූ අයි. ජයසිංහ සහෝදරයා ඊයේ මා සමග කීවේය  

'ගුණසේන  මහානාම ඇතුළු කණ්ඩායමට මරණය = දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය '

 යනුවෙන් පෝස්ටර්  මරදානේද GCSU ගොඩනැගිල්ලට යාබද ලේක්හවුස් පොත්හල ගොඩනැගිල්ලේ පිටද අලව තිබුණු බව ඔහු වැඩි දුරටත් මා සමග කීය .


 දයා පතිරණ ඝාතනයට එරෙහිව පවත්වන ලද රැළියක පහත ප්‍රචාරක පත්‍රිකාව මුද්‍රණය කර තිබෙන්නේද රජයේ ලිපිකරු සංගමයට අයත් මුද්‍රණාලයේ බැවින් මහානාමට ජවිපෙන් මරණ තර්ජන එල්ලවීම පුදුමයට කරුණක් නොවේ .


                                                  


1994  අගෝස්තු මස පැවැත්වූ මහමැතිවරණයෙන් චන්ද්‍රික බණ්ඩාරනායක මැතිනිය නායකත්වය දුන්  මහජන සන්ධානයට හිමිවුයේ මන්ත්‍රීධුර  105 කි මුස්ලිම් කොන්ග්‍රසය මන්ත්‍රී ධුර 7ක් දිනා තිබුනු අතර එහි නායක  අශ්රොෆ් සිය සහය චන්ද්‍රිකාට දුන්නේය  ආණ්ඩුවක් පිහිටුවීමට තව එක් මන්ත්‍රී ධුරයක් අවශ්‍ය  විය 

කඳු රට පෙරමුණ එක මන්ත්‍රී ධුරයක් ලබාගෙන තිබුණි එහි නායක චන්ද්‍රසේකරන් කොළඹට ආවේ කුමක් කරන්නේද   යන තීරණයක්  නැතිවය ඔහු කොළඹට  පැමිණ  මහානාම හමුවීමට ආවේ ය කඳුරට පෙරමුණේ සභාපති වූ B.A කාදර්  ලංකා ගුරු සංගමයේ  පැරණි නායකයෙකුද විය 

එකල වමේ කාටත් පාහේ  අවශ්‍ය වුයේ යුඑන්පිය ගෙදර යැවීමටය  එබැවින් චන්ද්‍රිකාට සහය  දෙන ලෙස මහානාම සහෝදරයා චන්ද්‍රසේකරන් ට උපදෙස් දුන් බව ලංකා  ගුරු සංගමයේ වසර ගණනවක් සභාපති ලෙස කටයුතු කළ  C ජයතුංග සහෝදරයා දිනක්  මා සමග කීය   

චන්ද්‍රසේකරන් චන්ද්‍රිකා හමුවී ඇයට සිය සහය ප්‍රකාශ  කර සිටියේය .

මහානාම ගේ දුර්වල කම වුයේ තරමක ඒකාධිපති ස්වරූපයකින් වැඩ කිරීමය මේ නිසා බොහෝ අය ඔහු අත්හැර ගියහ  අන්තිමට සංගමයේ බලය අල්ලාගැනීමට සම සම  සමාජ පක්ෂයේ හිතවත් පිරිසකට හැකි වීම නිසා සංගම් ගොඩනැගිල්ල අතහැර යාමට ඔහුට සිදුවිය 

සම සමාජ පක්ෂය බලය අල්ල ගැනීමෙන් පසු එම ගොඩනැගිල්ලේ පසු පස කොටසේ තිබු  විශාල ශ්‍රවනාගාරය සිනමා ශාලාවක් බවට පත් කිරීම සඳහා ජීවන් කුමාරතුංගට බදු දුන්නේය  

මහානාම සහෝදරයා මේ දැවැන්ත ගොඩනැගිල්ල වෙළඳ ආයතනවලට බදු දුන්නේනම් ඔහුට කෝටිපතියෙකු වීමටද හැකිකම තිබුණි  නමුත් ඔහු තුල දේශපාලන උවමනාවන් මිස ධනවතෙකු වීමට අපේක්ෂාවක් නොවූ බැවින්  අවසාන කාලයේ අනාථයකු ලෙස  තැන ජීවත්වීමට ඔහුට සිදුවිය  කිරුලපන දුම්රිය ස්ථානයට අයත්වූ මඩුවක කාලයක් මහානාම ජීවත්වූ බව නිර්මාල් රන්ජිත් මුහුණු පොතේ ලියා  තිබෙනු මම දුටුමි .

සංගම් ගොඩනැගිල්ලෙන් ඔහු පිටමන් කරනු ලැබුවද  ඔහු අධයිර්ය වුයේ නැත  මැයි දිනය සැමරීමට කුඩා රැස්වීමක් හැම වසරේම මැයි මස පළවෙනිදා ඔහු කීප දෙනෙකු සමග පැවත්වීය  බොහෝ විතයට එය පවත්වන ලද්දේ ශ්‍රී ලංකා  ජාතික ගුරු සංගම් කාර්යාලයේ මිදුලේය .පහත දක්වෙන්නේ එම මැයි රැස්වීමකි .

මහා නාමයක් වූ මහානාම  මියගියද   තව වසර ගණනවක් යනතුරුම  ජිවත්වෙනු ඇත   





Comments

අජිත් ධර්මා said…
මල්ලි මහානාම එක්ක සමලිංගික සේවනයේ නිරත උනාද?

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...

ඒ කාලේ අපි කරුවලේ කරපු වැඩ

  "උඹ කොළඹ ගිහින් තියෙනවද ගුණදාස  ?" "නෑ " "උඹ කොළඹගිහින් තියෙනවද  සිරිපාල? " "නෑ " "උඹ කොළඹ ගිහින් තියෙනවද  පේමදාස? " "නෑ " ඒ  බාලාංශ පන්තිවල ඉගෙනගන්නා කාලයේ පන්තියේ කොල්ලන්ගෙන් මම  ඇසු ප්‍රශ්නයි  කෙල්ලන්ගෙන් කිසිදිනක එම ප්‍රශ්නය නොඇසුවෙමි  .හේතුව අසීමිත ලැජ්ජාව නිසාය  බැරිවෙලාවත් ඇහුවොත් දෙන පිළිතුර වන්නේ "පලයන් කොල්ලෝ යන්න " යන්නය.   .පන්තියේ  එවුන් එකෙක් වත් කොළඹ ගොස් නොතිබුණද  තුනේ පන්තිය වන විට  මම තුන් හතර  වරක් කොළඹ ගොස් ඇවිත්  සිටියෙමි .   .කොළඹ යාමට පින පැදුනු හේතුව  මෙසේය .      (මේ අපේ මාමා සේවය කළ DONALD'S ස්ටුඩියෝවේදී ගන්නා ලද චායාරුපයෙකි)         අපේ අම්මගේ මල්ලි හෙවත් මගේ මාමා චායාරුප ශිල්පියෙක් විය ඔහු සේවය කලේ කොළඹ මරදානේ  Donald's Studio හීය . නැවතී සිටියේ දෙහිවල කළුබෝවිල ප්‍රතිබිම්බාරාම පාරේ බෝඩිමකය එහි සිටියදී ඔහු ඇතිකරගත් ප්‍රේම සම්බන්ධය විවාහය දක්වා දික්විය .නැන්දාව කැන්දාගෙන ඒම සඳහා ගිය පිරිස අතර අවුරුදු 7 ක් වයසැති  මාද විය ...