Skip to main content

චන්ද්‍රිකාට ආණ්ඩුව හදා දුන් ගුණසේන මහානාම

     









මේ ලිපියට දම ඇති ඉහත මාතෘකාව අනුව ගුණසේන මහානාම යනු චන්ද්‍රිකාගේ සපෝටර් කෙනෙකු ලෙස ඔබට එකවරම සිතෙනු නොඅනුමානය 

නැත ඔහු එවැනි දේශපාන ව්‍යාපාරයක යෙදෙනු අයෙකු නොවේ  ඔහු චන්ද්‍රිකාට ආණ්ඩුව හදාගැනීමට උදව් කළ ආකාරය දෙවනුව ලියමි ඊට පෙර ලිවිය යුත්තේ ඔහු ප්‍රමුඛත්වය දුන් කාරණා ගැනය .

ඔහු වෘත්තීය සමිති නායකයෙකු විය වමේ දේශපාලනයේ නියුක්තවු අයෙකි  තවත් වචනවලින් කියන්නේ නම් ඔහු ට්‍රොට්ස්කි ගේ මත දරු අයෙකි 

 ජනතා විමුක්ති පෙරමුණ  1988 දී  ගුණසේන මහානාම මරා දමන්නන්ගේ ලැයිස්තුවටද ඇතුලත් කර තිබුණි එහෙත් ඔහු මරා දැමීමට  දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය උත්සාහ  කළද එය සාර්ථක කරගැනීමට ඔවුන්ට නොහැකිවූ  බැවින් තවත් අවුරුදු 34ක් ජීවත්ව සිට පලමුදා  හෙවත් 2023  ජුනි 4 වෙනිදා අවුරුදු 79 ක සිය  ජීවන ගමන අවසන් කළේය 


රජයේ ලිපිකරු සේවා සංගමයේ ( GCSU)  ප්‍රධාන ලේකම් වූ  ගුණසේන මහානාම සහෝදරගේ ජීවිතය වෘත්තීය සමිති කටයුතු  සහ වාම දේශපාලනය  පමණක්ම විය   කොළඹ කොටුවේ  චිත්තම්පලම්  ගාඩිනර් මාවතේ පිහිටි තට්ටු පහකින් යුතු  GCSU ගොඩනැගිල්ල එම සංගමයේ මුලස්ථානය විය .මහානාම සහෝදරයා නිවස වුයේ එම ගොඩනැගිල්ල මය  දිනපතා   අවදිවුයේ එහිය වැඩ කලේ එහිය .සගයන් හමුවුයේ එහිදීය   නිදාගත්තේද එහිය

ඔහුට බිරින්දැවරු දෙදෙනෙකු සිටියේය එක බිරිඳක්  වුයේ රජයේ ලිපිකරු සේවා සංගමයය අනෙක් බිරිඳ වයේ සමාජවාදී දේශපාලනයය  .

 මුලින් සම සමාජ පක්ෂයේ සිටි ඔහු එන් ඉවත්ව  ආ වාසුදේව+ වික්‍රමබාහු කණ්ඩායම පිහිටවාගත් නව සම සමාජ පක්ෂයට එකතුව දේශපාලනය කළේය  පසුව එයින්ද ඉවත්වූ මහානාම එක්සත් සමාජවාදියෝ       නමැති සංවිධානය පිහිටුවා  ගත්තේය විශ්ව විද්‍යාල කථිකාචාර්යවරු වූ විලි සේනානායක  සහ සුමනසිරි ලියනගේ ද එම සංවිධානයේ සිටි තවත් දෙදෙනෙකි . එය විශාල සංවිධානයක් නොවුණු අතර 40- 50 පමණ පිරිසකට සීමාවූ එකතුවක් පමණක් විය 


GCSU ලෙස හැඳින්වූ රජයේ ලිපිකරු සේවා සංගමය  1980 දක්වා  ප්‍රබල වෘත්තීය සමිතියක් විය එය ආරම්භ කර තිබෙන්නේ  1920  දීය .  I.J. වික්‍රම  1960 දශකයේදී  මෙම සංගමය දැවැන්ත සංගමයක් බවට පත් කරන ලද පුද්ගලයාය එකල රජයේ කාර්යාලවල ලිපිකරුවන්  50000 ක් පමණ  සිටි අතර ඉන් 30000 ක් පමණ මෙම සංගමයට බඳවා ගැනීමට ඔහුගේ නායකත්වය යටතේ හැකිවිය .බොහෝ සාමාජිකයෝ ලංකා සම සමාජ පක්ෂයේ හිතවතුන් වුහ  සම සමාජ පක්ෂය සිරිමා ආණ්ඩුවේ කොටස් කරුවන් වීම  නිසා  සංගමයේ ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන යාම සඳහා වත්මන් තට්ටු පහේ  නව ගොඩනැගිල්ල  ඉදිකිරීමේදී මුල් ගල තැබුවේ  එවක අගමැති සිරිමා බණ්ඩාරනායක විසිනි 



 1980 ජුලි මහා වැඩ වර්ජනයෙදී  එය මෙහෙයවූ එක්  මුලස්ථානයක්  වුයේ  රජයේ ලිපිකරු සේවා සංගමය යි වර්ජකයන රැසක් නිර්තර නිතර මෙම ගොඩනැගිල්ලට ආ ගියහ වර්ජකයන් ධයිර්යමත් කිරීම  සඳහා මෙම ගොඩනැගිල්ලේ  නිතර නිතර රැස්වීම්  පවත්වනු ලැබිණ එම රැස්වීම් ඇමතුවන් අතර මහානාම, එච් එන් ප්‍රනාන්දු ,මහ බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් වූ ටී අන්ද්‍රාදි ද වූ බව මට මතකය 


 ජේ  ආර් + ප්‍රේමදාස ආණ්ඩුව වැඩ වර්ජකයන් 50000ක් පමණ ගෙදර යවා වර්ජනය  පොඩිපට්ටම් කර දැමීම නිසා ඊට විරෝධය දක්වමින් වර්ජකයෝ රැසක් ජුලි  8 වනදා  කොළඹ දැවැන්ත පෙළපාලියක් පැවැත්වූ අතර එහිදී අත්අඩංගුවට ගනු ලැබූ අය අතර ගුණසේන මහානාම ද විය .

ඉන්පසු වර්ජක වෘත්තීය සමිතිවලට  උදාවුයේ  නරක දශාවකි  වර්ජනය නොකළ වෘතීය සමිති සාමාජිකයෝ  රැසක් ආණ්ඩුවට බියේ  සාමාජිකත්වයෙන්  ඉල්ලා අස්වූහ  සංගම් බොහෝ දුරට අඩපන විය .

   ආර්ථික වශයෙන් දුබල වී සිටි ලංකා  ගුරු     සංගමයේ අපට  කොළඹ කාර්යාලයක් පවත්වාගෙන යාම උභතෝකෝටික ගැටළුවක් විය  මෙහිදී මහානාම සහෝදරයා අපේ සංගම් කාර්යාලය GCSU ගොඩනැගිල්ලේ පවත්වාගෙන යාමට ඉඩ දුන්නේය . 1981 සිට 1990 දශකයේ අග දක්වාම ලංකා ගුරු  සංගමයේ ප්‍රධාන කාර්යාලය එම ගොඩනැගිල්ලේ බිම් මහලේ පවත්වාගෙන යනු ලැබිණ  එම කාලය තුල මහානාම සහෝදරයා කාර්යාල කුලිය ලෙස එක රුපියලක්වත්  සංගමයෙන් අය කලේ නැත .

යුද්ධය නිසා දෙකට බෙදී තිබු ලංකාව එක්සත් කළ හැක්කේ යුද්ධයෙන් නොව දෙමල ජනයට ස්වයන් තීරණ අයිතිය දීමෙන් බව මහානාම දරු  ස්ථාවරය විය  යුද්ධයෙන් නොව දේශපාලන විසඳුමකින් ජනවර්ග ප්‍රශ්නය විසඳිය යුතු බව පිළිගත් පිරිස්   GCSU ගොඩනැගිල්ලට නිතර ආ ගියහ  කොළඹ විෂ්ව් විද්‍යාලයේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ ක්රියාකාරින්ද එසේ ආගිය පිරිස් අතර වුහ 


ජනතා විමුක්ති පෙරමුණ හෙවත් දේශප්‍රේමී ජනතා  ව්‍යාපාරය විසින් කොළඹ විශ්ව විද්යාල ශිෂ්‍ය නායක දය පතිරණ ඝාතනය කිරීම නිසාඑම ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරීන්ට    ජිවිත ආරක්ෂාව ලැබුණු එක ස්ථානයක් වුයේ GCSU ගොඩනැගිල්ලයි  මේ නිසා මහානාම සහ ඔහුගේ සංවිධානයේ පිරිස් ජවිපෙ මරණ  ලැයිස්තුවට ඇතුලත් කොට තිබු බව ලංකා  ගුරු සංගමයේ එවක සංවිධායක ලේකම්වූ අයි. ජයසිංහ සහෝදරයා ඊයේ මා සමග කීවේය  

'ගුණසේන  මහානාම ඇතුළු කණ්ඩායමට මරණය = දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය '

 යනුවෙන් පෝස්ටර්  මරදානේද GCSU ගොඩනැගිල්ලට යාබද ලේක්හවුස් පොත්හල ගොඩනැගිල්ලේ පිටද අලව තිබුණු බව ඔහු වැඩි දුරටත් මා සමග කීය .


 දයා පතිරණ ඝාතනයට එරෙහිව පවත්වන ලද රැළියක පහත ප්‍රචාරක පත්‍රිකාව මුද්‍රණය කර තිබෙන්නේද රජයේ ලිපිකරු සංගමයට අයත් මුද්‍රණාලයේ බැවින් මහානාමට ජවිපෙන් මරණ තර්ජන එල්ලවීම පුදුමයට කරුණක් නොවේ .


                                                  


1994  අගෝස්තු මස පැවැත්වූ මහමැතිවරණයෙන් චන්ද්‍රික බණ්ඩාරනායක මැතිනිය නායකත්වය දුන්  මහජන සන්ධානයට හිමිවුයේ මන්ත්‍රීධුර  105 කි මුස්ලිම් කොන්ග්‍රසය මන්ත්‍රී ධුර 7ක් දිනා තිබුනු අතර එහි නායක  අශ්රොෆ් සිය සහය චන්ද්‍රිකාට දුන්නේය  ආණ්ඩුවක් පිහිටුවීමට තව එක් මන්ත්‍රී ධුරයක් අවශ්‍ය  විය 

කඳු රට පෙරමුණ එක මන්ත්‍රී ධුරයක් ලබාගෙන තිබුණි එහි නායක චන්ද්‍රසේකරන් කොළඹට ආවේ කුමක් කරන්නේද   යන තීරණයක්  නැතිවය ඔහු කොළඹට  පැමිණ  මහානාම හමුවීමට ආවේ ය කඳුරට පෙරමුණේ සභාපති වූ B.A කාදර්  ලංකා ගුරු සංගමයේ  පැරණි නායකයෙකුද විය 

එකල වමේ කාටත් පාහේ  අවශ්‍ය වුයේ යුඑන්පිය ගෙදර යැවීමටය  එබැවින් චන්ද්‍රිකාට සහය  දෙන ලෙස මහානාම සහෝදරයා චන්ද්‍රසේකරන් ට උපදෙස් දුන් බව ලංකා  ගුරු සංගමයේ වසර ගණනවක් සභාපති ලෙස කටයුතු කළ  C ජයතුංග සහෝදරයා දිනක්  මා සමග කීය   

චන්ද්‍රසේකරන් චන්ද්‍රිකා හමුවී ඇයට සිය සහය ප්‍රකාශ  කර සිටියේය .

මහානාම ගේ දුර්වල කම වුයේ තරමක ඒකාධිපති ස්වරූපයකින් වැඩ කිරීමය මේ නිසා බොහෝ අය ඔහු අත්හැර ගියහ  අන්තිමට සංගමයේ බලය අල්ලාගැනීමට සම සම  සමාජ පක්ෂයේ හිතවත් පිරිසකට හැකි වීම නිසා සංගම් ගොඩනැගිල්ල අතහැර යාමට ඔහුට සිදුවිය 

සම සමාජ පක්ෂය බලය අල්ල ගැනීමෙන් පසු එම ගොඩනැගිල්ලේ පසු පස කොටසේ තිබු  විශාල ශ්‍රවනාගාරය සිනමා ශාලාවක් බවට පත් කිරීම සඳහා ජීවන් කුමාරතුංගට බදු දුන්නේය  

මහානාම සහෝදරයා මේ දැවැන්ත ගොඩනැගිල්ල වෙළඳ ආයතනවලට බදු දුන්නේනම් ඔහුට කෝටිපතියෙකු වීමටද හැකිකම තිබුණි  නමුත් ඔහු තුල දේශපාලන උවමනාවන් මිස ධනවතෙකු වීමට අපේක්ෂාවක් නොවූ බැවින්  අවසාන කාලයේ අනාථයකු ලෙස  තැන ජීවත්වීමට ඔහුට සිදුවිය  කිරුලපන දුම්රිය ස්ථානයට අයත්වූ මඩුවක කාලයක් මහානාම ජීවත්වූ බව නිර්මාල් රන්ජිත් මුහුණු පොතේ ලියා  තිබෙනු මම දුටුමි .

සංගම් ගොඩනැගිල්ලෙන් ඔහු පිටමන් කරනු ලැබුවද  ඔහු අධයිර්ය වුයේ නැත  මැයි දිනය සැමරීමට කුඩා රැස්වීමක් හැම වසරේම මැයි මස පළවෙනිදා ඔහු කීප දෙනෙකු සමග පැවත්වීය  බොහෝ විතයට එය පවත්වන ලද්දේ ශ්‍රී ලංකා  ජාතික ගුරු සංගම් කාර්යාලයේ මිදුලේය .පහත දක්වෙන්නේ එම මැයි රැස්වීමකි .

මහා නාමයක් වූ මහානාම  මියගියද   තව වසර ගණනවක් යනතුරුම  ජිවත්වෙනු ඇත   





Comments

අජිත් ධර්මා said…
මල්ලි මහානාම එක්ක සමලිංගික සේවනයේ නිරත උනාද?

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා