Skip to main content

Posts

Showing posts from December, 2020

ආණ්ඩුව යක්ෂ පැණි උඩ දාන්නේ ඇයි?

          මේ වන විට මේසන් බාස් පැණිය අති ජනප්‍රියය . රිටිගල පැණිය ද කරලියට එමින් තිබේ  ඒවාට අවශ්‍ය ප්‍රචාරය ආණ්ඩුව විසින් නොමිලේම ලබා දී ඇත . මේසන් පැණියට ආණ්ඩුවේ ඉහලම  තැන්වලින් අනුග්‍රහය ලැබුණු  අතර රිටිගල පැණියට ආණ්ඩුවේ රුපවාහිනියක් වන ITN ලබා දෙමින් සිටි . එම පැණි නිපදවූ දෙදෙනා හැර අන් කිසිවෙක් එම නිෂ්පාදන වලින් කොරෝනා වයිරසය විනාශ වන බව කියා නැත  ආණ්ඩුව ඒවාට දෙන ප්‍රසිද්ධිය නිසා එම පැණි වලින් කොරෝනා සුව වෙන බව හෝ කොරෝනා වලක්වන බව විශාල පිරිසක් තදින්ම විශ්වාස කරන බව පෙනේ > දැනමුත්තන්ට අනුව   වයිරස්වලට බෙහෙත් නැත. එන්නත් මගින් කරන්නේ වයිරසය සමග සටන් කොට පරාජය කිරීමට අවශ්‍ය ප්‍රතිදේහ ශරීරයේ නිපදවීමය.  අනෙක් අතට මෙම පැණි මගින් වයිරසය විනාශ කරන බවට කිසිදු පරීක්ෂණයක් කර නැත. යම්කිසි  ඖෂධයක ප්‍රතිඵලය මැනීම සඳහා වසරක කාලයක් වත් එය පරීක්ෂණයට ලක් කරනු ලැබේ  එන්නතක් නම් සාමාන්‍යයෙන් අවුරුදු 10 කාලයක් අත්හදා බලයි   පළමුව සතුන්ට එම එන්නත හෝ ඖෂධය ලබා දී  එහි ප්‍රතිඵල සොයා බලනු ලැබේ    විවිධ රෝග තිබෙන අයට අලුත් ඖෂධයක් හෝ  එන්නතක් ලබා දීමෙන් පසු බලපාන්නේ කෙසේදැයි පරික්ෂ කෙරේ  විවධ වයස් කාණ්ඩවල