Skip to main content

ආණ්ඩුව යක්ෂ පැණි උඩ දාන්නේ ඇයි?

 





       මේ වන විට මේසන් බාස් පැණිය අති ජනප්‍රියය . රිටිගල පැණිය ද කරලියට එමින් තිබේ  ඒවාට අවශ්‍ය ප්‍රචාරය ආණ්ඩුව විසින් නොමිලේම ලබා දී ඇත . මේසන් පැණියට ආණ්ඩුවේ ඉහලම  තැන්වලින් අනුග්‍රහය ලැබුණු  අතර රිටිගල පැණියට ආණ්ඩුවේ රුපවාහිනියක් වන ITN ලබා දෙමින් සිටි .


එම පැණි නිපදවූ දෙදෙනා හැර අන් කිසිවෙක් එම නිෂ්පාදන වලින් කොරෝනා වයිරසය විනාශ වන බව කියා නැත  ආණ්ඩුව ඒවාට දෙන ප්‍රසිද්ධිය නිසා එම පැණි වලින් කොරෝනා සුව වෙන බව හෝ කොරෝනා වලක්වන බව විශාල පිරිසක් තදින්ම විශ්වාස කරන බව පෙනේ >

දැනමුත්තන්ට අනුව   වයිරස්වලට බෙහෙත් නැත. එන්නත් මගින් කරන්නේ වයිරසය සමග සටන් කොට පරාජය කිරීමට අවශ්‍ය ප්‍රතිදේහ ශරීරයේ නිපදවීමය. 


අනෙක් අතට මෙම පැණි මගින් වයිරසය විනාශ කරන බවට කිසිදු පරීක්ෂණයක් කර නැත. යම්කිසි  ඖෂධයක ප්‍රතිඵලය මැනීම සඳහා වසරක කාලයක් වත් එය පරීක්ෂණයට ලක් කරනු ලැබේ  එන්නතක් නම් සාමාන්‍යයෙන් අවුරුදු 10 කාලයක් අත්හදා බලයි   පළමුව සතුන්ට එම එන්නත හෝ ඖෂධය ලබා දී  එහි ප්‍රතිඵල සොයා බලනු ලැබේ    විවිධ රෝග තිබෙන අයට අලුත් ඖෂධයක් හෝ  එන්නතක් ලබා දීමෙන් පසු බලපාන්නේ කෙසේදැයි පරික්ෂ කෙරේ  විවධ වයස් කාණ්ඩවලට බලපාන්නේ කෙසේ දැයි තව දුරටත් පරික්ශා කෙරේ මේ පරීක්ෂණ පිලිබඳ වාර්තා තිබිය යුතුය එමෙන්ම එම ඖෂධය හෝ එන්නත වගකිවයුත්තන් යටතේ  දස දහස් ගණනකට ලබා දී එහි ප්‍රතිපල අධ්‍යනයන කරනු ලබයි 


මේසන් බාස් පැණිය සහ රිටිගල පැණිය නිපදවූ දෙදෙනා අඩු වශයෙන් වෛද්යවරුවත් නොවේ සාස්තර කාරයෝය  ඔවුන්ට අනුව රාවනා යක්ෂයාගේ සහ කාලි යක්ෂනියගේ අනුග්‍රහයෙන් බෙහෙත් වට්ටෝරු අනුව එම පැණි නිපදවා ඇත. 

 වෙනත් රටක නම් මෙවැනි වංචනිකයන් උසාවිය හමුවට පමුණුවා හමාරය .


ආණ්ඩුව මේ වංචනිකයන් දෙදෙනාට අනුග්‍රහය දෙන්නේ ඇයි ?


ඊට ප්‍රධානම හේතුව දේශීය ඖෂධ වලට රුකුලක් දීමටද ? 


මේ යක්ෂ පැණි වලින් කොවිඩ් වෛරසය විනාශ නොවෙන බව ආණ්ඩුව හොඳින් දනී .ආණ්ඩුවට අවශ්‍ය වී තිබෙන්නේ එන්නතක් රටට නොමිලේ හෝ ණයට  ලැබෙන  තුරු මහජනයා ගොනාට අන්දා තබා ගැනීමටය .




විශාල වශයෙන් ආර්ථිකය  කඩා වැටි තිබෙන පසුබිමක් තුල එන්නතක් ගෙන්වා ගැනීම ආණ්ඩුවට කාලිගේ මුහුනටත් වඩා බියකරු සිහිනයකි  විදේශ රැකියා කරන්නන් එවන  මුදල් හීන වෙමින් පවතී. සංචාරක ව්‍යාපාරය හරහා ලැබුණු ඩොලර් පවුම් යුරෝ මුළුමනින්ම පාහේ   හිඳී ගොස් තිබේ  ඇඟලුම් අපනයනය කිරීමෙන් ලැබෙන රට සල්ලි අඩුවෙමින් පවතී .

  

එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අවශ්‍ය එන්නත් ප්‍රමාණයෙන් 20% ක් නොමිලේ ලබා දෙන බව කියන අතර   ආණ්ඩුව  ඒ කෙරෙහි බලාපොරොත්තු තබා ගෙන සිටින  බව පෙනේ  එයත් ලැබෙනු ඇත්තේ මාර්තු මාසයේ  බවද  කියනු ලැබේ.


  ඉතිරි 80% ලබා ගන්නේ කෙසේද ? කාගෙන්ද ? කවදාද ? ඒවා ලබාගැනීමට මුදල් කොහෙන්ද ?


ඒ සඳහා විදේශ ආයතන කීපයකින් ණයක්  ලබා ගැනීමට ආණ්ඩුව අපේක්ෂා කරන බව ආණ්ඩුව දැන් කියයි .

  
රටේ ආර්ථිකය කඩා වැටීම නිසා ණය ගැනීමද අසීරු බව ඒ අතර  ආර්ථික විශේෂඥයෝ  කියති .


එබැවින් කොවිඩ් වලක්වන එන්නතක් ගැනීම සෙල්ලමක් නොවේ.



රටේ ජනගහනය මිලියන 21 කි දොස්තර  සංගමයට අනුව 70% කටවත් මෙම එන්නට ලබා දිය යුතුය . එහෙත්  ප්‍රශ්නය වී තිබෙන්නේ මෙම එන්නත් මිල අධික වීමය.

 

මාත්‍රා දෙකක් දෙවරකට ලබා දිය යුතු මෙම එන්නත් වල මාත්‍රා දෙකක  මිල මෙසේය .

ෆයිසර් එන්නත ඩොලර් 39 කි .

මොඩර්නා  එන්නත ඩොලර් 50 කි .

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත  ඩොලර් 5 කි. (තවමත් අනුමත කර නැත. )

රුසියන් ස්පුට්නික් එන්නත ඩොලර් 20 ට අඩු වෙන බව කියනු ලැබේ. 

චීන සයිනොවැක්  එන්නත ඩොලර් 60 කි .


ආණ්ඩුව නම් කියන්නේ චීන සහ රුසියානු එන්නත් ලබාගැනීමට අපේක්ෂා කරන බවය .


 අපේ රටේ ජනගහනයෙන් මිලියන 15 කට එන්නත ලබා දීමට කොපමණ මුදලක් අවශ්‍ය වේද ? ලාබම එන්නත චීන හෝ රුසියානු එන්නත නොවේ ඔක්ස්ෆර්ඩ් එන්නතය .එය එන්නත් මිලියන් 15 ක් මිලදී ගැනීමට පමණක් ඩොලර් මිලියන 75ක් වැයවේ . දැනට ඩොලරයක් රු.195 ක් වන අතර එම එන්නත මිලදී ගන්නා අවස්ථාව වනවිට ඩොලරයක වටිනාකම රු.200ක් වෙතැයි උපකල්පනය  කළහොත්  රු.මිලියන 15000ක් හෙවත් රු.කෝටි 1500ක් ඒ සඳහා  අවශ්‍යවේ .



 ඒ මිලදී ගැනීමට පමණය. ඒවා ගෙන්වීමට ප්‍රවාහන ගාස්තු ගෙවීමට සිදුවේ. එපමණක්ද ? එන්නත් එපමණ විශාල ප්‍රමාණයක් කොළඹ  ගබඩා කර තැබීමට, රටපුරා ප්‍රවාහනය කිරීමට, රෝහල්වල ගබඩා කර තැබීමට විශාල ශීතකරණ ප්‍රමාණයක් මිලදී ගැනීමටද සිදුවේ මිලියන 15 ක් ජනයාට එන්නත ලබා දීම සඳහා රට පුරා එන්නත් මධ්‍යස්ථාන දහස් ගණනක් විවෘත කිරීමට සිදුවෙන අතර එන්නත් ලබාදීමේ කාර්යට සමබන්ධ්වන කාර්ය  මණ්ඩලවලට ගෙවීමට විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කිරීමට ද සිදුවේ.

 

මෙවර අය වැයෙන් සෞඛ්‍යය සඳහා වෙන්කර ඇති මුදල පෙර වසරට වඩා අඩු බවද වාර්තා වී ඇත  .

 

ඉතින් රටේ මහජනයාට කොරෝනා වැළක්වීමේ එන්නතක් ලබා දීම ආණ්ඩුවට  දිවා රාත්‍රී  පෙනෙන  භයානක හීනයක් නොවේද ? 

ආණ්ඩුව කපු පැණි ජනප්‍රිය කොට මහජනයා ගොනාට ඇන්දවුවේ මේ නිසා මිස අන් කාරණාවකට නොවේ . 

Comments

එඩ්වඩ් ජෙනර් කියන්නෙත් වඩුබාස් කෙනෙක්.

පලාත්සභා අහෝසිකර එම මුදල් වලින් එන්නත් ගෙන්වීමට ආන්ඩුවට බල කරමු.
Ajith Dharma. said…
මිනිස්සුන්ව අන්දන්න තමයි

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...