Skip to main content

Posts

Showing posts from December, 2018

ප්‍රින්ස් ගුණසේකර මහතා සහ රෝහණ විජේවීර

            හබරාදුව මැතිවරණ කොට්ටාශය නියෝජනය කළ ප්‍රින්ස් ගුණසේකර මහතා , මහත්මයෙක් විය. 1977 ට පෙර පාර්ලිමේන්තුවට තේරී පත්වූ වැඩිම දෙනෙක් තමන්ට නොව මිනිසුන්ට සේවය කිරීමට පැමිණි අය වුහ ඔවුන්ට රේගු බද්දෙන් නිදහස් කරන ලද වාහන තබා බදු අයකළ වාහනයක්වත් ආණ්ඩුව දුන්නේ නැත. ආණ්ඩුවේ වාහන දුන්නේ ඇමතිවරුන්ට පමණය .ඇමතිවරුන්ගේ සංඛ්‍යාවද 20 -25 ක් විය .එකල මන්ත්‍රීවරුන්ට බස්වල සහ කෝච්චියේ නොමිලේ යාමට අවසර පත්‍ර ලබා දී තිබුනේ ඒ නිසාය  . 1971 කැරැල්ල පරාජය වූ පසු යටත් වූ ජවිපෙ ක්‍රියාකරුවන් රඳවා තබා ගැනීමට හිරගෙවල් ප්‍රමාණවත් නොවුයෙන් විශ්ව විද්‍යාල රැඳවුම් මධ්‍යස්ථාන බවට පත් කරනු ලැබිණ . මේ සිරකරුවන්ගේ සුබසාධනය ගැන ප්‍රින්ස් ගුණසේකර මහතා උනන්දු විය N GO භීතිකාවක් පසුගිය කාලයේ ජවිපෙට තිබුණද 71 ජවිපෙ සිරකරුවන් පිළිබඳව සොයා බැලුවේ NGO එකක් වන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයයි (Amnesty International ) එහි නියෝජිතයෙකු වූ ඇවබරි සාමි වරයා මෙරටට පැමිණි විට ඔහුට පහසුකම් සැපයුවේ ප්‍රින්ස් ගුණසේකර මහතාය .ඇවබරි සාමිවරයා පිළිගැනීමට ප්‍රින්ස් ගුණසේකර මහතා ගුවන්තොටුපොළට ගිය අතර ඔහුගේ ගමන් මල්ල ප්‍රින්ස්

බුදු පිළිම කැඩීම පස්සේ ඉන්නේ කවුද?

     මාවනැල්ල ප්‍රදේශයේ  බුදුපිළිම  කීපයකට  හානි කිරීම  දැන් ප්‍රසිද්ධ  කාරණාවකි .අල්ලා ගෙන තිබෙන්නේ  මුස්ලිම් තරුණයන්  කීප දෙනෙකි ,ඔවුන් පිටුපස  සිටින්නේ කවුද? මෙය දේශපාලන බල ව්‍යාපෘතියක  කොටසක් බවට සැක සිතීම සාධාරණය . මන්ද රාජ්‍ය බලය ලබා  ගැනීම සදහා  බුදුපිළිම  කඩන්නට  පමණක් නොව බුදුහාමුදුරුවන් ජීවතුන් අතර සිටින්නේ  නම් මරා දමන්නට  වුවද ඇතැම්  දේශපාලකයන්  සුදානම්ය . රනිල් දොට්ට දමා බලහත්කාරයෙන්  මහින්දට  බලය ලබා දීමෙන් පසු එය  රැක ගන්නට  ඔවුහු නොකරපු දෙයක් නැති තරම්ය. .විශ්වාස භංග යෝජනාව සම්මත  කිරීම වැලක්වීමට මහින්දගේ චක් ගෝලයන් සහ සිරිසේන නොකිව් බොරුවක් නැත. නොකළ බලු කමක් නැත අන්තිමට  මහින්දගේ හොරු රංචුව කතානායකට  පුටුවලින් පොත්වලින් සහ අතට අසුවූ සැම  දේකින්ම පහර දුන්නේය. මිරිස් කුඩු ගැසුවේය . ඔහුට වෙඩි තබා මරණ බවට දුරකථන ඇමතුම්ද දුන්නේය . උසාවි තීන්දුව නොවන්නට අදත් ඔවුන් බලහත්කාරයෙන් බලයේ සිටින බවට  කිසිදු සැකයක් නැත . අතීතයට  ගොස් බැලුවහොත්  බලය රැක ගැනීමට ජේ ආර් ජයවර්ධන නොකරපු දෙයක් තිබේද? .  ප්‍රභාකරන් සහ විජේවීර  බලය  ලබා  ගැනීමට නොකරපු දෙයක් තිබේද? එ

ජනාධිපතිවරණයෙන් සිරිසේන දිනයිද ? පරදියිද ?

      සිරිසේන  මහතා මහින්ද  යටතේ ඇමති වරයෙකු ලෙස සිටියදී , එනම් මීට අවුරුදු  පහකට හයකට   පමණ  පෙර දවසක  පොළොන්නරුවේ රැස්වීමක් අමතමින් කිවේ දේශපාලනයෙන් සමු ගැනීමට තමන්ට  කාළය  පැමිණ ඇති  බැවින් දෙවෙනි  පෙළ නායකත්වයක් ගොඩනැගීමට අපේක්ෂා  කරන  බවය .   යලිත් ජනාධිපතිවරණයකට  ඉදිරිපත් විමට  තමා  අපේක්ෂා  නොකරන  බව ජනාධිපති වී  ටික දවසකින් සිරිසේන  මහතා  කියා සිටියේය . ඊට අවුරුදු දෙකකට  විතර  පසු දවසක මහා උසාවියට පණිවිඩයක් යැවූ සිරිසේන මහතා තමා බලයට  පත් වුයේ 19 සංශෝධනය ගේන්නට පෙර බැවින් පරණ  ජනාධිපතිවරුන් මෙන් අවුරුදු හයක් බලයේ සිටිය හැකිදැයි විමසා සිටියේය. ඔහුගේ  හදවත  කම්පා  කරමින් මහා උසාවිය කියා සිටියේ 'උඹට බලයේ සිටිය හැක්කේ අවුරුදු   පහක් පමණ යැ'යි සිරිසේන මහතා වෙත  දැන්නුවේය  . මේ අවුරුද්දේ අගෝස්තු හෝ සැප්තැම්බර් මාසයේ දිනක සිරිකොතට පණිවිඩයක් යැවූ ජනාධිපතිවරයා මි ලගට පැවැත්වෙන  ජනාධිපතිවරණයේදී  තමා තරග  කිරීමට බලාපොරොත්තු වෙන බැවින් තමන්ට සහය දෙන්නේ දැයි අසා සිටියේය. "කීයටවත් සහය දිය නොහැකි  යැ"යි කියමින්  හැරෙන තැපෑලෙන් සිරිකොත. සිරිසේන මහ

යාපනයට යන්න වීසා ඕනෑ වෙයිද ?

                                                    පොහොට්ටු නායක කාරකාදීන්ට  අනුව රනිල් දැන් සූදානම් වන්නේ TNA සමග එකතුව ලංකාව කෑලි 9 කට කැඩීමටය. ඔවුන්ට අනුව එසේ කරන්නට යන්නේ  හොරෙන් නොව මහා දවාලේ  රැස්වීම් සියයකට ආසන්න  ගණනකදී  එළිපිට  සාකච්චා  කොට  සකස් කර ඇති යෝජනාවලිය  මගිනි  .                                              මෙම කතන්දරය අපට සිහිකරන්නේ 1987-89 සමයයි. 1987 ඉංදු ලංකා ගිවිසුම මගින් පළාත්  සභා පිහිටවූ විට රෝහණ විජේවිරගේ ජවිපෙ  කියා සිටියේ එයින් රට කෑලි  9 කට කැඩෙන බවය. එසේ කිව් ජවිපෙ  පළාත්  සභා චංදයට ඉදිරිපත් වූ ඇතමෙකු මරා දැමූහ.එපමනක් නොව චංද මධ්‍යස්ථාන  කීපයකටද බෝම්බ ගැසූහ.චන්දය දුන්කීප දෙනෙකුද මරා දැමූහ. කොට්න්ම  87 කැරැල්ල ගැසුවේ පලාත් සභා මගින් රට කැඩෙනබව කියමින් මිනිස්සු අවුස්සමින්ද ,බිය ගන්වමින්ද රාජ්‍ය බලය ගැනීමටය.                                   එහෙත්  කැරැල්ල පැරදී ටික කළකට පසු ජවිපෙ  පළාත් සභා මැතිවරණ වලට තරග මංත්‍රි ධුර ද වැටුප්ද ලබා ගත්හ. රට බෙදීමේ කතාව පටන් ගත්තේ 87 නොවේ. බංඩාරනායක මහතා 1957 චෙල්වනායගම් සමග උතුරුට සහ නැගෙනහිර  බලය බෙදීම සදහා