Skip to main content

බුදු පිළිම කැඩීම පස්සේ ඉන්නේ කවුද?




Image result for damaging buddha statues in mawanella\


     මාවනැල්ල ප්‍රදේශයේ  බුදුපිළිම  කීපයකට  හානි කිරීම  දැන් ප්‍රසිද්ධ  කාරණාවකි .අල්ලා ගෙන තිබෙන්නේ  මුස්ලිම් තරුණයන්  කීප දෙනෙකි ,ඔවුන් පිටුපස  සිටින්නේ කවුද?


මෙය දේශපාලන බල ව්‍යාපෘතියක  කොටසක් බවට සැක සිතීම සාධාරණය . මන්ද රාජ්‍ය බලය ලබා  ගැනීම සදහා  බුදුපිළිම  කඩන්නට  පමණක් නොව බුදුහාමුදුරුවන් ජීවතුන් අතර සිටින්නේ  නම් මරා දමන්නට  වුවද ඇතැම්  දේශපාලකයන්  සුදානම්ය .


රනිල් දොට්ට දමා බලහත්කාරයෙන්  මහින්දට  බලය ලබා දීමෙන් පසු එය  රැක ගන්නට  ඔවුහු නොකරපු දෙයක් නැති තරම්ය. .විශ්වාස භංග යෝජනාව සම්මත  කිරීම වැලක්වීමට මහින්දගේ චක් ගෝලයන් සහ සිරිසේන නොකිව් බොරුවක් නැත. නොකළ බලු කමක් නැත අන්තිමට  මහින්දගේ හොරු රංචුව කතානායකට  පුටුවලින් පොත්වලින් සහ අතට අසුවූ සැම  දේකින්ම පහර දුන්නේය. මිරිස් කුඩු ගැසුවේය . ඔහුට වෙඩි තබා මරණ බවට දුරකථන ඇමතුම්ද දුන්නේය . උසාවි තීන්දුව නොවන්නට අදත් ඔවුන් බලහත්කාරයෙන් බලයේ සිටින බවට  කිසිදු සැකයක් නැත .


අතීතයට  ගොස් බැලුවහොත්  බලය රැක ගැනීමට ජේ ආර් ජයවර්ධන නොකරපු දෙයක් තිබේද? .  ප්‍රභාකරන් සහ විජේවීර  බලය  ලබා  ගැනීමට නොකරපු දෙයක් තිබේද?



එබැවින් බුදුපිළිම කැඩීම පිටුපස සිටින්නේ බලය අහිමිවීම නිසා වරප්‍රසාද අහිමි වීමේ සිත් වේදනාවෙන් පසුවෙන අය  සහ කරන   ලද  හොරකම් නිසා  හිරගෙවල්වල  තපින්නට සිදුවෙනු ඇතැයි බියෙන් පසුවෙන  කණ්ඩායමක් යැයි අනුමාන කිරීම සාධාරණය . මාස කීපයකට  පෙර  මහනුවර අවට මුස්ලිම් මිනිසුන්ට  පහර දීම  පසු පස  සිටියේද එම පිරිස බව හෙළිවී තිබේ .මහසොහොන් බලකාය මහින්දගේ චක් ගෝලයන් විසින් මෙහෙයවූ බව අමුතුවෙන් කිව  යුතු නැත .මහසෝන් බලකායේ නායකයා  කියන  අමිත් වීරසිංහට මහින්ද  අගමැති කළ විගස නිදහස   ලැබිම කදිම සාක්කියක් නොවේද?


බලෙන් ගත්  රාජ්‍ය බලයද අහිමි වීම  නිසා  මහින්දලා සිටින්නේ හිතේ අමාරුවෙන් සහ කේන්තියෙනි .එමෙන්ම වියරුවෙනි .ලැබුණු පළමු තත්පරයේදීම යලි බලය  ලබා  ගන්නා බව  මහින්ද  කිවේ ඒ නිසාය ,එබැවින් ඉදිරි කාලයේදී ඔයිටත් වඩා තුච්ඡ කුමන්ත්‍රණ එම පාර්ශවය ක්‍රියාත්මක  කරනු ඇත.

Comments

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...