Skip to main content

යාපනයට යන්න වීසා ඕනෑ වෙයිද ?


 



                      

                           පොහොට්ටු නායක කාරකාදීන්ට  අනුව රනිල් දැන් සූදානම් වන්නේ TNA සමග එකතුව ලංකාව කෑලි 9 කට කැඩීමටය. ඔවුන්ට අනුව එසේ කරන්නට යන්නේ  හොරෙන් නොව මහා දවාලේ  රැස්වීම් සියයකට ආසන්න  ගණනකදී  එළිපිට  සාකච්චා  කොට  සකස් කර ඇති යෝජනාවලිය  මගිනි  .


                                             මෙම කතන්දරය අපට සිහිකරන්නේ 1987-89 සමයයි. 1987 ඉංදු ලංකා ගිවිසුම මගින් පළාත්  සභා පිහිටවූ විට රෝහණ විජේවිරගේ ජවිපෙ  කියා සිටියේ එයින් රට කෑලි  9 කට කැඩෙන බවය. එසේ කිව් ජවිපෙ  පළාත්  සභා චංදයට ඉදිරිපත් වූ ඇතමෙකු මරා දැමූහ.එපමනක් නොව චංද මධ්‍යස්ථාන  කීපයකටද බෝම්බ ගැසූහ.චන්දය දුන්කීප දෙනෙකුද මරා දැමූහ. කොට්න්ම  87 කැරැල්ල ගැසුවේ පලාත් සභා මගින් රට කැඩෙනබව කියමින් මිනිස්සු අවුස්සමින්ද ,බිය ගන්වමින්ද රාජ්‍ය බලය ගැනීමටය.


                                  එහෙත්  කැරැල්ල පැරදී ටික කළකට පසු ජවිපෙ  පළාත් සභා මැතිවරණ වලට තරග මංත්‍රි ධුර ද වැටුප්ද ලබා ගත්හ.


රට බෙදීමේ කතාව පටන් ගත්තේ 87 නොවේ. බංඩාරනායක මහතා 1957 චෙල්වනායගම් සමග උතුරුට සහ නැගෙනහිර  බලය බෙදීම සදහා ගිවිසුමක් අත්සන් කළ විට    එජාපය     එමගින් රට බෙදෙන බව කියමින්   එයට ඒරෙහිව පෙලපාලි  ගියහ.


එහෙත් එම එජාපය  1966 ඩඩ්ලි+චෙල්වනායගම්  ගිවිසුම අත්සන් කළ විට විපක්ශයේ සිටි ශ්‍රිලනිප , සම සමාජ ,සහ කොමියුනිස්ට්  පක්ශ එයට එරෙහිව පෙලපාලි ගියහ. දෙගොල්ලන්ගේම අරමුණ වූයේ අපිබලයට පැමිණිය හොත් දෙමලුන්ට කිසිවක් නොදෙන බව ජනයාට හගවා චංද ඩැහැ ගැනීමය.

එහි ශුද්ධ  ප්‍රතිඵලය වූයේ 27 අවුරුදු යුද්ධයි


                    දෙමල ජාතික  සංධානය අඩු වශයෙන් ෆෙඩරල් බලතල වත් නොයිල්ලන බව කීප වතාවක්ම කියා තිබේ. ඔවුන් රට බෙදීමට කිසිසේත් එකග නැති බවද කියා තිබේ.


ඔවුන්ගේ ඉල්ලීම් වනුයේ හමුදාව විසින් අල්ලාගෙන  තිබෙන   උතුර නැගෙනහිර මිනිසුන්ගේ ඉඩම් ආපසු ඔවුන්ට දෙන ලෙසත්,. යුද්ධය  නිසා විපතට පත්වූ අයට සහන සලසන ලෙසත්, නඩු නැතිව හිරකරගෙන සිටින අය නිදහස් කරන ලෙසත්,. එම ප්‍රදේශ  සංවර්ධනය කරන ලෙසත්, පලාත් සභා බලතල වැඩි කරන ලෙසත් ය


එහෙත් එම ඉල්ලීම් ඉටු කලහොත් රට බෙදෙන බව   ප්‍රචාරය  කරන්නට මහින්ද නැති අගමැති කමෙන් ඉල්ලා අස්වූ මොහොතේ පටන්   පොහොට්ටු නායකයෝ පටන් ගෙන තිබේ.
 එහෙත් මහින්ද පසුගිය මාසයේ සම්බන්දන් හමුවී  ලොකු ලොකු පොරොන්දු  දෙමින් ඔවුන්ගේ සහය 113 හදාගැනීමට ඉල්ලුවේය. දෙමල සිරකරුවන් නිදහස් කිරීමට මහින්ද ජනාධිපති  සමග සාකච්ඡා  කරමින් සිටින බව නාමල් රාජපක්ශ  ප්‍රසිද්ධියේ  කියා සිටියේය.



                 ඇත්තටම TNA සංවිධානය  මහින්දගේ පොරොන්දු මායිම් නොකරේ මහින්ද බලයේ සිටීම නීති විරෝධි  වීමත් ඔහු සමග සිටින්නේ අන්ත ජාතිවාදින්   වීමත් නිසාය.


                   නීති විරෝධි  ලෙස බලය ලබාගෙන පොහොට්ටුවේ පෙති හලාගත් බව මහින්ද කංඩායම හොදින් දනී. පොහොට්ටුව දැන් ටිකක් පරවී ඇති බව  පොහොට්ටු පන්දම් කාරයෙකු වන මුරුත්තේට්ටුවේ  ආනන්දම දින දෙකකට පෙර දෙසා වදාලේය.  " සිරිසේන ගේ අය සහ පොහොට්ටුවේ කීප දෙනෙකු 'අපේ      මහින්ද මහත්තය  කා දැමූ බව  "   කුමාර වෙල්ගම, මහින්ද නැති අගමැති  කමින් අස්වූ විගස කේන්තියෙන් කියා සිටියේය.


වැටුනු පොහොට්ටුව ගොඩ ගැනීමට ඉතුරු වීතිබෙන එකම මග දෙමල විරෝධයක් හැදිම බව පොහොට්ටු නායකයො  තීරණය කර තිබේ . මහින්ද  එය දැන් පටන් ගෙන තිබේ ඔහුගේ සහචරයන්ද දැන් එය පතුරමින් යති. ඉදිරියේදි ඔවුන් එය තව තවත් උත්සන්න කරනු ඇත.


එහෙත් ඉදිරි මැතිවරණ වලදී ආන්ඩු පිහිටුවා ගැනීම සදහා දෙමල නායකයන්ට සහ මුස්ලිම් නායකයන්ට ටොන් ගනනින් පොරොන්දු දෙමින් සහය ඉල්ලනු ඇත.


පවතින මැතිවරණ  ක්‍රමය යටතේ කිසිදු පක්ශයකට තනියෙන් ආංඩු පිහිටවිමට බලය ලැබෙන්නේ නැත. එසේ හැකිවුයේ 2010 දී පමණය.ඒ LTTE  පරාජය  කිරීම නිසා මහින්දට ඇතිවූ බලවත් කැමැත්ත  නිසාය. එහෙත් ඊට පෙර සහ පසු සියලු මහා මැතිවරණ වලදි කිසිපක්ශයකට හෝ පෙරමුණකට 113 ආසන්නයටවත් යා නොහැකි විය.


එබැවින් දෙමල සහ මුස්ලිම් ජනයා දෙකේ කොලේට දමන පක්ශ වලට ආන්ඩු පිහිටවීමට හැකිවන්නේ නැත



Comments

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...