Skip to main content

යාපනයට යන්න වීසා ඕනෑ වෙයිද ?


 



                      

                           පොහොට්ටු නායක කාරකාදීන්ට  අනුව රනිල් දැන් සූදානම් වන්නේ TNA සමග එකතුව ලංකාව කෑලි 9 කට කැඩීමටය. ඔවුන්ට අනුව එසේ කරන්නට යන්නේ  හොරෙන් නොව මහා දවාලේ  රැස්වීම් සියයකට ආසන්න  ගණනකදී  එළිපිට  සාකච්චා  කොට  සකස් කර ඇති යෝජනාවලිය  මගිනි  .


                                             මෙම කතන්දරය අපට සිහිකරන්නේ 1987-89 සමයයි. 1987 ඉංදු ලංකා ගිවිසුම මගින් පළාත්  සභා පිහිටවූ විට රෝහණ විජේවිරගේ ජවිපෙ  කියා සිටියේ එයින් රට කෑලි  9 කට කැඩෙන බවය. එසේ කිව් ජවිපෙ  පළාත්  සභා චංදයට ඉදිරිපත් වූ ඇතමෙකු මරා දැමූහ.එපමනක් නොව චංද මධ්‍යස්ථාන  කීපයකටද බෝම්බ ගැසූහ.චන්දය දුන්කීප දෙනෙකුද මරා දැමූහ. කොට්න්ම  87 කැරැල්ල ගැසුවේ පලාත් සභා මගින් රට කැඩෙනබව කියමින් මිනිස්සු අවුස්සමින්ද ,බිය ගන්වමින්ද රාජ්‍ය බලය ගැනීමටය.


                                  එහෙත්  කැරැල්ල පැරදී ටික කළකට පසු ජවිපෙ  පළාත් සභා මැතිවරණ වලට තරග මංත්‍රි ධුර ද වැටුප්ද ලබා ගත්හ.


රට බෙදීමේ කතාව පටන් ගත්තේ 87 නොවේ. බංඩාරනායක මහතා 1957 චෙල්වනායගම් සමග උතුරුට සහ නැගෙනහිර  බලය බෙදීම සදහා ගිවිසුමක් අත්සන් කළ විට    එජාපය     එමගින් රට බෙදෙන බව කියමින්   එයට ඒරෙහිව පෙලපාලි  ගියහ.


එහෙත් එම එජාපය  1966 ඩඩ්ලි+චෙල්වනායගම්  ගිවිසුම අත්සන් කළ විට විපක්ශයේ සිටි ශ්‍රිලනිප , සම සමාජ ,සහ කොමියුනිස්ට්  පක්ශ එයට එරෙහිව පෙලපාලි ගියහ. දෙගොල්ලන්ගේම අරමුණ වූයේ අපිබලයට පැමිණිය හොත් දෙමලුන්ට කිසිවක් නොදෙන බව ජනයාට හගවා චංද ඩැහැ ගැනීමය.

එහි ශුද්ධ  ප්‍රතිඵලය වූයේ 27 අවුරුදු යුද්ධයි


                    දෙමල ජාතික  සංධානය අඩු වශයෙන් ෆෙඩරල් බලතල වත් නොයිල්ලන බව කීප වතාවක්ම කියා තිබේ. ඔවුන් රට බෙදීමට කිසිසේත් එකග නැති බවද කියා තිබේ.


ඔවුන්ගේ ඉල්ලීම් වනුයේ හමුදාව විසින් අල්ලාගෙන  තිබෙන   උතුර නැගෙනහිර මිනිසුන්ගේ ඉඩම් ආපසු ඔවුන්ට දෙන ලෙසත්,. යුද්ධය  නිසා විපතට පත්වූ අයට සහන සලසන ලෙසත්, නඩු නැතිව හිරකරගෙන සිටින අය නිදහස් කරන ලෙසත්,. එම ප්‍රදේශ  සංවර්ධනය කරන ලෙසත්, පලාත් සභා බලතල වැඩි කරන ලෙසත් ය


එහෙත් එම ඉල්ලීම් ඉටු කලහොත් රට බෙදෙන බව   ප්‍රචාරය  කරන්නට මහින්ද නැති අගමැති කමෙන් ඉල්ලා අස්වූ මොහොතේ පටන්   පොහොට්ටු නායකයෝ පටන් ගෙන තිබේ.
 එහෙත් මහින්ද පසුගිය මාසයේ සම්බන්දන් හමුවී  ලොකු ලොකු පොරොන්දු  දෙමින් ඔවුන්ගේ සහය 113 හදාගැනීමට ඉල්ලුවේය. දෙමල සිරකරුවන් නිදහස් කිරීමට මහින්ද ජනාධිපති  සමග සාකච්ඡා  කරමින් සිටින බව නාමල් රාජපක්ශ  ප්‍රසිද්ධියේ  කියා සිටියේය.



                 ඇත්තටම TNA සංවිධානය  මහින්දගේ පොරොන්දු මායිම් නොකරේ මහින්ද බලයේ සිටීම නීති විරෝධි  වීමත් ඔහු සමග සිටින්නේ අන්ත ජාතිවාදින්   වීමත් නිසාය.


                   නීති විරෝධි  ලෙස බලය ලබාගෙන පොහොට්ටුවේ පෙති හලාගත් බව මහින්ද කංඩායම හොදින් දනී. පොහොට්ටුව දැන් ටිකක් පරවී ඇති බව  පොහොට්ටු පන්දම් කාරයෙකු වන මුරුත්තේට්ටුවේ  ආනන්දම දින දෙකකට පෙර දෙසා වදාලේය.  " සිරිසේන ගේ අය සහ පොහොට්ටුවේ කීප දෙනෙකු 'අපේ      මහින්ද මහත්තය  කා දැමූ බව  "   කුමාර වෙල්ගම, මහින්ද නැති අගමැති  කමින් අස්වූ විගස කේන්තියෙන් කියා සිටියේය.


වැටුනු පොහොට්ටුව ගොඩ ගැනීමට ඉතුරු වීතිබෙන එකම මග දෙමල විරෝධයක් හැදිම බව පොහොට්ටු නායකයො  තීරණය කර තිබේ . මහින්ද  එය දැන් පටන් ගෙන තිබේ ඔහුගේ සහචරයන්ද දැන් එය පතුරමින් යති. ඉදිරියේදි ඔවුන් එය තව තවත් උත්සන්න කරනු ඇත.


එහෙත් ඉදිරි මැතිවරණ වලදී ආන්ඩු පිහිටුවා ගැනීම සදහා දෙමල නායකයන්ට සහ මුස්ලිම් නායකයන්ට ටොන් ගනනින් පොරොන්දු දෙමින් සහය ඉල්ලනු ඇත.


පවතින මැතිවරණ  ක්‍රමය යටතේ කිසිදු පක්ශයකට තනියෙන් ආංඩු පිහිටවිමට බලය ලැබෙන්නේ නැත. එසේ හැකිවුයේ 2010 දී පමණය.ඒ LTTE  පරාජය  කිරීම නිසා මහින්දට ඇතිවූ බලවත් කැමැත්ත  නිසාය. එහෙත් ඊට පෙර සහ පසු සියලු මහා මැතිවරණ වලදි කිසිපක්ශයකට හෝ පෙරමුණකට 113 ආසන්නයටවත් යා නොහැකි විය.


එබැවින් දෙමල සහ මුස්ලිම් ජනයා දෙකේ කොලේට දමන පක්ශ වලට ආන්ඩු පිහිටවීමට හැකිවන්නේ නැත



Comments

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා