Skip to main content

ජනාධිපතිවරණයෙන් සිරිසේන දිනයිද ? පරදියිද ?









      සිරිසේන  මහතා මහින්ද  යටතේ ඇමති වරයෙකු ලෙස සිටියදී , එනම් මීට අවුරුදු  පහකට හයකට   පමණ  පෙර දවසක  පොළොන්නරුවේ රැස්වීමක් අමතමින් කිවේ දේශපාලනයෙන් සමු ගැනීමට තමන්ට  කාළය  පැමිණ ඇති  බැවින් දෙවෙනි  පෙළ නායකත්වයක් ගොඩනැගීමට අපේක්ෂා  කරන  බවය .


  යලිත් ජනාධිපතිවරණයකට  ඉදිරිපත් විමට  තමා  අපේක්ෂා  නොකරන  බව ජනාධිපති වී  ටික දවසකින් සිරිසේන  මහතා  කියා සිටියේය .


ඊට අවුරුදු දෙකකට  විතර  පසු දවසක මහා උසාවියට පණිවිඩයක් යැවූ සිරිසේන මහතා තමා බලයට  පත් වුයේ 19 සංශෝධනය ගේන්නට පෙර බැවින් පරණ  ජනාධිපතිවරුන් මෙන් අවුරුදු හයක් බලයේ සිටිය හැකිදැයි විමසා සිටියේය. ඔහුගේ  හදවත  කම්පා  කරමින් මහා උසාවිය කියා සිටියේ 'උඹට බලයේ සිටිය හැක්කේ අවුරුදු   පහක් පමණ යැ'යි සිරිසේන මහතා වෙත  දැන්නුවේය 
.

මේ අවුරුද්දේ අගෝස්තු හෝ සැප්තැම්බර් මාසයේ දිනක සිරිකොතට පණිවිඩයක් යැවූ ජනාධිපතිවරයා මි ලගට පැවැත්වෙන  ජනාධිපතිවරණයේදී  තමා තරග  කිරීමට බලාපොරොත්තු වෙන බැවින් තමන්ට සහය දෙන්නේ දැයි අසා සිටියේය.


"කීයටවත් සහය දිය නොහැකි  යැ"යි කියමින්  හැරෙන තැපෑලෙන් සිරිකොත. සිරිසේන මහතාට දන්වා සිටි අතර එයින් කිපුණු ඔහු "තොපිට  හොද  පාඩමක් උගන්වන්වමි"යි තමාටම කියා  ගත් ඔහු ඊට  මසකට පසු දවසක  ගොම්මන් යාමයේ රාජපක්ෂ ගෝල ෆේස් එකට   ගෙන්වා අගමැති පුටුව ඔහු වෙත තැගි කළේය .


ඉතුරු හරිය අමුතුවෙන් මතක් කරන්නට දෙයක් නැත .රාජපක්ෂත් සමග දවස් 52 ක් තිස්සේ නටපු නැටුම කෙලවර වුයේ බෙරේ පලු දෙකමත් නැතිව ගොස් සිරිසේන මහතාගේ රෙද්දත් අතුරුදහන් වීමෙන්ය .


එහෙත් රෙදි නැතුවම හෝ   මී ලග  ජනාධිපතිවරණයට තරග  කිරීමට සිරිසේන මහතා සුදානමි වෙමින්  සිටි.


එය සාර්ථක වෙයිද ? සාර්ථක  කර ගැනීම සදහා  ඔහු බැංකොක් සිට දස අතේ  කල්පනා කරමින් සිටින බවට සැකයක් නැත . ඔහුගේ පැලෑන කුමක් විය හැකිද ?

මා ලියන්නට  යන්නේ ඒ ගැනය .


පසු ගිය අවුරුදු තුනක  කාලයක් තිස්සේ රනිල්ගේ ආණ්ඩුව ගත කළේ පරණ සහ අලුත්  ණය, පොලියත් සමග ආපසු ගෙවීමට  සල්ලි හෙවීමටය . ඊට අමතරව   ආණ්ඩුවට කුණුහරුප කියා බැනවදින්නටත් ,  මරණ  බයක් නැතිව  පෙළපාලි  යන්නටත් ,ඇති  පදම් වැඩවර්ජනය කරන්නටත් නිදහස දුන්නේය එහෙත්    දවස් 365 ම  මිනිස්සුන්ගේ ඇහැට පේන වැඩ  කරේ නැත . මේ නිසා පසු ගිය  පළාත් පාලන මැතිවරණයේදී රනිල්ට විතරක් නොව සිරිසේනටද  ගම්වල මිනිස්සු  තරු පෙන්නුවෝය .


එහෙත් ආණ්ඩුවට නැතිවී  ගිය ප්‍රසාදය දිනා ගැනීමට කුමක් කළ යුතුදැයි UNP නායකයන්  කල්පනා  කරේ  නැත . එය හිටිහැටියේ මතක් වුයේ සිරිසේන විසින්  රනිල් ගෙදර යැවූ පසුය .
 .

දෙපාරක් දවල් තරු දැකීමෙන්  පසු   2019 සිටවත්  මිනිසුන් සතුටු කිරීමට ඇස් බැන්දුම්  හෝ කළ යුතු යැයි  රනිල් ආණ්ඩුව  කල්පනා  කර ඇති බව  පෙනේ.


එය එසේ වුවහොත් ජනාධිපතිවරණයේදී තමන්ට අවාසි වෙතයි සිරිසේන මහතා  කල්පනා  කරන බවට සැකයක් නැත.එබැවින් සිරිසේන ක්‍රියා  මාර්ග දෙකක් ගැනීමට ඉඩ තිබේ  .

1 ආණ්ඩුවේ වැඩ  කඩාකප්පල්  කිරීම 

2 එජාපය ශක්තිමත්  කර  ගැනීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වීම.

ජනාධිපතිගේ  නිල කාළය අවසන් වන්නේ 2020 ජනවාරි 8 වෙනිදාය. එහෙත් ඔහු කැමතිනම් 2019 ජනවාරි 8 න් පසු ජනාධිපතිවරණයක් කැදවීමට ඔහුට බලය තිබේ.


කල් ගත  වන්නට  වන්නට  සිරිසේන මහතාට අවාසි වෙනවා මිස වාසියක් වෙන්නේ  නැත ,එබැවින්  හැකි ඉක්මනින් ජනාධිපතිවරණය පැවැත්වීමට ඔහු කල්පනා කරනු ඇත .


ඇතැම් විටෙක ඔහු ජනාධිපතිවරණය 2019 පෙබරවාරි හෝ මාර්තු මාසයේ   පැවැත්වීමට ඉඩ තිබේ.මාර්තු  මාසයේ  හෝ ඊට පෙර එජාප ආණ්ඩුව අය වැය ඉදිරිපත් කොට සම්මත  කර  ගන්නා  බැවින්ද එම අය වැය  මගින් කාටත් පාහේ සීනිබෝල බෙදීමට ඉඩ තිබෙන බැවින්ද ඊට  පෙර චන්දය පැවැත්වුවහොත් තවත් අවුරුදු  පහක් නත්තල් කෑමට හැකිවෙනු ඇතැයිද සිරිසේන මහතා බැංකොක් සිට හීන දකිමින් සිටින  බවට සැක නැත.


එහෙත් රුපියල් කෝටියක් වටිනා  ප්‍රශ්නය වන්නේ පොහොට්ටුව සිරිසේනට සහය දේවිද යන්නය.


ඔහුට සහය  දෙන බව රාජපක්ෂ මහතා මේ වන විට  කියා ඇතත් ජනාධිපතිවරණය  පැමිණිවිට  බෑ කියන්නටද  ඉඩ තිබේ. ඊට  හේතුව වන්නේ සිරිසේනට  යලි දිනන්නට හැකි වේද යන්න බොහෝ දුරට සැකසහිත නිසාය 
.

සිරිසේන මහතාට  කියා අද චන්ද  පදනමක් නැත,ඔහුගේ  පක්ෂයේ 95% ක්ම දැන් ඉන්නේ පොහොට්ටුවේය 

එබැවින් පොහොට්ටුවෙන් ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට  ඉදිරිපත් කරන  ලෙස ඒම පක්ෂයෙන්   විශාල ලෙස  බලපෑම් එනු නිසැකය .



මේ  සියල්ල  සලකා  බැලීමෙන්  පෙනෙන්නේ සිරිසේන මහතාට  ජනාධිපති පුටුවේ තව මාස  කීපයකට වඩා වාඩි වී සිටීමට ඉඩ ප්‍රස්තා  නොලැබෙන බවය .   
   

. 

Comments

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...

ඒ කාලේ අපි කරුවලේ කරපු වැඩ

  "උඹ කොළඹ ගිහින් තියෙනවද ගුණදාස  ?" "නෑ " "උඹ කොළඹගිහින් තියෙනවද  සිරිපාල? " "නෑ " "උඹ කොළඹ ගිහින් තියෙනවද  පේමදාස? " "නෑ " ඒ  බාලාංශ පන්තිවල ඉගෙනගන්නා කාලයේ පන්තියේ කොල්ලන්ගෙන් මම  ඇසු ප්‍රශ්නයි  කෙල්ලන්ගෙන් කිසිදිනක එම ප්‍රශ්නය නොඇසුවෙමි  .හේතුව අසීමිත ලැජ්ජාව නිසාය  බැරිවෙලාවත් ඇහුවොත් දෙන පිළිතුර වන්නේ "පලයන් කොල්ලෝ යන්න " යන්නය.   .පන්තියේ  එවුන් එකෙක් වත් කොළඹ ගොස් නොතිබුණද  තුනේ පන්තිය වන විට  මම තුන් හතර  වරක් කොළඹ ගොස් ඇවිත්  සිටියෙමි .   .කොළඹ යාමට පින පැදුනු හේතුව  මෙසේය .      (මේ අපේ මාමා සේවය කළ DONALD'S ස්ටුඩියෝවේදී ගන්නා ලද චායාරුපයෙකි)         අපේ අම්මගේ මල්ලි හෙවත් මගේ මාමා චායාරුප ශිල්පියෙක් විය ඔහු සේවය කලේ කොළඹ මරදානේ  Donald's Studio හීය . නැවතී සිටියේ දෙහිවල කළුබෝවිල ප්‍රතිබිම්බාරාම පාරේ බෝඩිමකය එහි සිටියදී ඔහු ඇතිකරගත් ප්‍රේම සම්බන්ධය විවාහය දක්වා දික්විය .නැන්දාව කැන්දාගෙන ඒම සඳහා ගිය පිරිස අතර අවුරුදු 7 ක් වයසැති  මාද විය ...