Skip to main content

ප්‍රින්ස් ගුණසේකර මහතා සහ රෝහණ විජේවීර





Image result for prince Gunasekara and JVP



            හබරාදුව මැතිවරණ කොට්ටාශය නියෝජනය කළ ප්‍රින්ස් ගුණසේකර මහතා , මහත්මයෙක් විය. 1977 ට පෙර පාර්ලිමේන්තුවට තේරී පත්වූ වැඩිම දෙනෙක් තමන්ට නොව මිනිසුන්ට සේවය කිරීමට පැමිණි අය වුහ ඔවුන්ට රේගු බද්දෙන් නිදහස් කරන ලද වාහන තබා බදු අයකළ වාහනයක්වත් ආණ්ඩුව දුන්නේ නැත. ආණ්ඩුවේ වාහන දුන්නේ ඇමතිවරුන්ට පමණය .ඇමතිවරුන්ගේ සංඛ්‍යාවද 20 -25 ක් විය .එකල මන්ත්‍රීවරුන්ට බස්වල සහ කෝච්චියේ නොමිලේ යාමට අවසර පත්‍ර ලබා දී තිබුනේ ඒ නිසාය .


1971 කැරැල්ල පරාජය වූ පසු යටත් වූ ජවිපෙ ක්‍රියාකරුවන් රඳවා තබා ගැනීමට හිරගෙවල් ප්‍රමාණවත් නොවුයෙන් විශ්ව විද්‍යාල රැඳවුම් මධ්‍යස්ථාන බවට පත් කරනු ලැබිණ . මේ සිරකරුවන්ගේ සුබසාධනය ගැන ප්‍රින්ස් ගුණසේකර මහතා උනන්දු විය


NGO භීතිකාවක් පසුගිය කාලයේ ජවිපෙට තිබුණද 71 ජවිපෙ සිරකරුවන් පිළිබඳව සොයා බැලුවේ NGO එකක් වන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයයි (Amnesty International ) එහි නියෝජිතයෙකු වූ ඇවබරි සාමි වරයා මෙරටට පැමිණි විට ඔහුට පහසුකම් සැපයුවේ ප්‍රින්ස් ගුණසේකර මහතාය .ඇවබරි සාමිවරයා පිළිගැනීමට ප්‍රින්ස් ගුණසේකර මහතා ගුවන්තොටුපොළට ගිය අතර ඔහුගේ ගමන් මල්ල ප්‍රින්ස් ගුණසේකර මහතා ඔසොවාගෙන පැමිණියේ යයි පාර්ලිමේන්තුවේදී ඇතැම් මන්ත්‍රීවරු ඔහුට කෝචෝක් කළහ
  1971 කැරලි කරුවන්ට එරෙහිව  පැවති නඩු විභාගයේදීද  නීතිඥයෙකු වූ  ප්‍රින්ස් ගුණසේකර මහතා කැරලි කරුවන් වෙනුවෙන් පෙනිසිටියේය .
ඇවබරි සාමි සමග ප්‍රින්ස් ගුණසේකර කැරලි කරුවන් බැලීමට රැදවුම් මධ්‍යස්ථාන වෙත ගිය අතර ඒ ගැන කේන්ති ගත් ආණ්ඩුව ඇවබරි සාමිට රටින් පිටවී යන ලෙස නියෝග කළේය
ප්‍රින්ස් ගුණසේකර මහතා ශ්‍රීලනිපයෙන් ඉවත්ව ස්වාධින අපේක්ෂකයෙකු ලෙස මැතිවරණයේදී තරග කළද පක්ෂය නොබලා හබරාදුවේ මිනිස්සු චන්දය දී ඔහු යලිත් පාර්ලිමේන්තුවට එවුහ . ඔහු කවුදැයි වටහා ගැනීමට එය ප්‍රමාණවත්ය .

1977 හිරගෙදරින් නිදහස්වූ රෝහණ විජේවීර  කොළඹ නගර සභා පිටියේ  පැවැත්වූ  පළමු රැළියේදී ප්‍රින්ස් ගුණසේකර  මහතාට  මෙන්ම  ජාත්‍යන්තර ක්ෂමා ආයතනයේ ඇවබරි සාමි වරයටද  ස්තුති කළේය .
ප්‍රේමදාස මහතා ජනාධිපති වරයා වූ සමයේ ප්‍රින්ස් ගුණසේකර මහතාට මරණ තර්ජන එල්ලවුයෙන් ජීවිතය බේරා ගැනීම සදහා ඔහු ලන්ඩනයට පන ගියේය මිය යන තුරුම ඔහු ජීවත් වුයේ එහිය

  1971 කැරලි කරුවන්ට එරෙහිව  පැවති නඩු විභාගයේදීද  නීතිඥයෙකු වූ  ප්‍රින්ස් ගුණසේකර මහතා කැරලි කරුවන් වෙනුවෙන් පෙනිසිටියේය . 


ඇවබරි සාමි සමග ප්‍රින්ස් ගුණසේකර කැරලි කරුවන් බැලීමට රැදවුම් මධ්‍යස්ථාන වෙත ගිය අතර ඒ ගැන කේන්ති ගත් ආණ්ඩුව ඇවබරි සාමිට රටින් පිටවී යන ලෙස නියෝග කළේයප්‍රින්ස් ගුණසේකර මහතා ශ්‍රීලනිපයෙන් ඉවත්ව ස්වාධින අපේක්ෂකයෙකු ලෙස මැතිවරණයේදී තරග කළද පක්ෂය නොබලා හබරාදුවේ මිනිස්සු චන්දය දී ඔහු යලිත් පාර්ලිමේන්තුවට එවුහ . ඔහු කවුදැයි වටහා ගැනීමට එය ප්‍රමාණවත්ය 

.
1977 හිරගෙදරින් නිදහස්වූ රෝහණ විජේවීර  කොළඹ නගර සභා පිටියේ  පැවැත්වූ  පළමු රැළියේදී ප්‍රින්ස් ගුණසේකර  මහතාට  මෙන්ම  ජාත්‍යන්තර ක්ෂමා ආයතනයේ ඇවබරි සාමි වරයටද  ස්තුති කළේය .


ප්‍රේමදාස මහතා ජනාධිපති වරයා වූ සමයේ ප්‍රින්ස් ගුණසේකර මහතාට මරණ තර්ජන එල්ලවුයෙන් ජීවිතය බේරා ගැනීම සදහා ඔහු ලන්ඩනයට පන ගියේය මිය යන තුරුම ඔහු ජීවත් වුයේ එහිය


 ශෝක  ජනක  කරුණ  නම් ජවිපෙ නායකයන් ලංඩනයට වසරකට දෙතුන් වතාවක්  යතත්  ප්‍රින්ස් ගුණසේකර  බැලීමට එකම අවස්ථාවක් වත්  නොයාමය . ඔහු හමුවීමට එන ලෙස ලන්ඩනයේ   අනුරකුමාර සිටින අවස්ථාවකදී ප්‍රින්ස් ඔහුට  ඇවිත්  යන  ලෙස  පණිවිඩයක් එවන  ලද  මුත් අනුර  ඔහු හමුවීමට නොගිය  බව  කියනු ලැබේ.







Comments

Popular posts from this blog

පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලන නාමල්ගේ මිතුරිය

                       ඇය  නාමල් රාජපක්ෂ මහතාගේ මිතුරියක් වුවද  , කොළඹට චන්දය  ඉල්ලුවද ඇය  ගැන ලිපියක්  ලියන්නට   මේ මොහොත වෙන තුරු  මා සිතා  සිටියේ  නැත. ඊයේ මුහුණු පොතේ  පෝස්ටුවක් පළකලේ එය ප්‍රමාණවත් වෙතැයි සිතු   නිසාය . එහෙත් එහි පලකල පෝස්ටුවට  පළවූ ඇතැම් ප්‍රතිචාර සලකා බැලු විට ඇය  ගැන වැඩි දුර  යමක් ලිවීම අවශ්‍ය  බව  පෙනුණි. එය කොළඹ  චන්ද දායකයනට ඇය ගැන තීරණයක්  ගැනීමට දායක වනු ඇත .  මේ  ආණ්ඩුව  බලයට  පැමිණි පසු  පත් කරනු ලැබූ  වරාය  , නාවික සහ සිවිල් ගුවන් සේවා ඇමති අර්ජුන රණතුංග වරයා  විසින් ශ්‍රී  ලංකන් ගුවන් සේවයේ දුෂණ සෙවීම සඳහා වැලිඅමුණ  කමිටුව  පත් කළ අතර එහිදී හෙළිවූ කරුණු  ඉතා  බරපතලය එම වාර්තාව අන්තර්  ජාලයේ තිබෙන අතර අවශ්‍ය අයෙකුට  කියවිය  හැක .  එබැවින්  මා  මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ  කොළඹ නගර ස...

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔ...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...