Skip to main content

ප්‍රින්ස් ගුණසේකර මහතා සහ රෝහණ විජේවීර





Image result for prince Gunasekara and JVP



            හබරාදුව මැතිවරණ කොට්ටාශය නියෝජනය කළ ප්‍රින්ස් ගුණසේකර මහතා , මහත්මයෙක් විය. 1977 ට පෙර පාර්ලිමේන්තුවට තේරී පත්වූ වැඩිම දෙනෙක් තමන්ට නොව මිනිසුන්ට සේවය කිරීමට පැමිණි අය වුහ ඔවුන්ට රේගු බද්දෙන් නිදහස් කරන ලද වාහන තබා බදු අයකළ වාහනයක්වත් ආණ්ඩුව දුන්නේ නැත. ආණ්ඩුවේ වාහන දුන්නේ ඇමතිවරුන්ට පමණය .ඇමතිවරුන්ගේ සංඛ්‍යාවද 20 -25 ක් විය .එකල මන්ත්‍රීවරුන්ට බස්වල සහ කෝච්චියේ නොමිලේ යාමට අවසර පත්‍ර ලබා දී තිබුනේ ඒ නිසාය .


1971 කැරැල්ල පරාජය වූ පසු යටත් වූ ජවිපෙ ක්‍රියාකරුවන් රඳවා තබා ගැනීමට හිරගෙවල් ප්‍රමාණවත් නොවුයෙන් විශ්ව විද්‍යාල රැඳවුම් මධ්‍යස්ථාන බවට පත් කරනු ලැබිණ . මේ සිරකරුවන්ගේ සුබසාධනය ගැන ප්‍රින්ස් ගුණසේකර මහතා උනන්දු විය


NGO භීතිකාවක් පසුගිය කාලයේ ජවිපෙට තිබුණද 71 ජවිපෙ සිරකරුවන් පිළිබඳව සොයා බැලුවේ NGO එකක් වන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයයි (Amnesty International ) එහි නියෝජිතයෙකු වූ ඇවබරි සාමි වරයා මෙරටට පැමිණි විට ඔහුට පහසුකම් සැපයුවේ ප්‍රින්ස් ගුණසේකර මහතාය .ඇවබරි සාමිවරයා පිළිගැනීමට ප්‍රින්ස් ගුණසේකර මහතා ගුවන්තොටුපොළට ගිය අතර ඔහුගේ ගමන් මල්ල ප්‍රින්ස් ගුණසේකර මහතා ඔසොවාගෙන පැමිණියේ යයි පාර්ලිමේන්තුවේදී ඇතැම් මන්ත්‍රීවරු ඔහුට කෝචෝක් කළහ
  1971 කැරලි කරුවන්ට එරෙහිව  පැවති නඩු විභාගයේදීද  නීතිඥයෙකු වූ  ප්‍රින්ස් ගුණසේකර මහතා කැරලි කරුවන් වෙනුවෙන් පෙනිසිටියේය .
ඇවබරි සාමි සමග ප්‍රින්ස් ගුණසේකර කැරලි කරුවන් බැලීමට රැදවුම් මධ්‍යස්ථාන වෙත ගිය අතර ඒ ගැන කේන්ති ගත් ආණ්ඩුව ඇවබරි සාමිට රටින් පිටවී යන ලෙස නියෝග කළේය
ප්‍රින්ස් ගුණසේකර මහතා ශ්‍රීලනිපයෙන් ඉවත්ව ස්වාධින අපේක්ෂකයෙකු ලෙස මැතිවරණයේදී තරග කළද පක්ෂය නොබලා හබරාදුවේ මිනිස්සු චන්දය දී ඔහු යලිත් පාර්ලිමේන්තුවට එවුහ . ඔහු කවුදැයි වටහා ගැනීමට එය ප්‍රමාණවත්ය .

1977 හිරගෙදරින් නිදහස්වූ රෝහණ විජේවීර  කොළඹ නගර සභා පිටියේ  පැවැත්වූ  පළමු රැළියේදී ප්‍රින්ස් ගුණසේකර  මහතාට  මෙන්ම  ජාත්‍යන්තර ක්ෂමා ආයතනයේ ඇවබරි සාමි වරයටද  ස්තුති කළේය .
ප්‍රේමදාස මහතා ජනාධිපති වරයා වූ සමයේ ප්‍රින්ස් ගුණසේකර මහතාට මරණ තර්ජන එල්ලවුයෙන් ජීවිතය බේරා ගැනීම සදහා ඔහු ලන්ඩනයට පන ගියේය මිය යන තුරුම ඔහු ජීවත් වුයේ එහිය

  1971 කැරලි කරුවන්ට එරෙහිව  පැවති නඩු විභාගයේදීද  නීතිඥයෙකු වූ  ප්‍රින්ස් ගුණසේකර මහතා කැරලි කරුවන් වෙනුවෙන් පෙනිසිටියේය . 


ඇවබරි සාමි සමග ප්‍රින්ස් ගුණසේකර කැරලි කරුවන් බැලීමට රැදවුම් මධ්‍යස්ථාන වෙත ගිය අතර ඒ ගැන කේන්ති ගත් ආණ්ඩුව ඇවබරි සාමිට රටින් පිටවී යන ලෙස නියෝග කළේයප්‍රින්ස් ගුණසේකර මහතා ශ්‍රීලනිපයෙන් ඉවත්ව ස්වාධින අපේක්ෂකයෙකු ලෙස මැතිවරණයේදී තරග කළද පක්ෂය නොබලා හබරාදුවේ මිනිස්සු චන්දය දී ඔහු යලිත් පාර්ලිමේන්තුවට එවුහ . ඔහු කවුදැයි වටහා ගැනීමට එය ප්‍රමාණවත්ය 

.
1977 හිරගෙදරින් නිදහස්වූ රෝහණ විජේවීර  කොළඹ නගර සභා පිටියේ  පැවැත්වූ  පළමු රැළියේදී ප්‍රින්ස් ගුණසේකර  මහතාට  මෙන්ම  ජාත්‍යන්තර ක්ෂමා ආයතනයේ ඇවබරි සාමි වරයටද  ස්තුති කළේය .


ප්‍රේමදාස මහතා ජනාධිපති වරයා වූ සමයේ ප්‍රින්ස් ගුණසේකර මහතාට මරණ තර්ජන එල්ලවුයෙන් ජීවිතය බේරා ගැනීම සදහා ඔහු ලන්ඩනයට පන ගියේය මිය යන තුරුම ඔහු ජීවත් වුයේ එහිය


 ශෝක  ජනක  කරුණ  නම් ජවිපෙ නායකයන් ලංඩනයට වසරකට දෙතුන් වතාවක්  යතත්  ප්‍රින්ස් ගුණසේකර  බැලීමට එකම අවස්ථාවක් වත්  නොයාමය . ඔහු හමුවීමට එන ලෙස ලන්ඩනයේ   අනුරකුමාර සිටින අවස්ථාවකදී ප්‍රින්ස් ඔහුට  ඇවිත්  යන  ලෙස  පණිවිඩයක් එවන  ලද  මුත් අනුර  ඔහු හමුවීමට නොගිය  බව  කියනු ලැබේ.







Comments

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...