Skip to main content

Posts

Showing posts from November, 2018

ගොටාභයගේ සිරිසේන

තත්වය පැහැදිලිය.යුද්ධයක් ඇරඹීමට ජනාධිපති  සූදානම්ය. තමන්ට පලිගැණීමට උවමනාවක්  නැති බව රනිල්  ඊයේ උදේ  කි විට තමන්  අත තවත් තුරුම්පු ඇතැයිද, අඩියක්වත් පස්සට තැබීමට තමන් සූදානම් නැතැයිද ජනාධිපති ඊයේ (නොවැ.8) හැන්දෑවේ  ප්‍රකාශ  කොට තිබුනි. මේ 14 වනදා පාර්ලිමේන්තුවේදි   ඔඩුදුවමින් තිබෙන අර්බූදය විසදා ගැනීමට ජනාධිපති පාර්ශවය  කිසිසේත් උනන්දුවක් නැති බව පැහැදිලිය .එය ඉතා අවාසනාවන්ත  ප්‍රතිඵල  ඇති කරනු ඇත. සිරිසේන+මහින්ද  පාර්ශවය  හැර රට තුල ක්‍රියාකාරි දේශපාලන  පක්ශ මෙන්ම සිවිල් සංවිධාන ද අන්තර් ජාතික ප්‍රජාවද ජනාධිපති වරයාගේ ව්‍යවස්ථා  විරෝධි ක්‍රියා පිලිවෙත පිලිගෙන නැත.  දේශීය බලවේග ජනාධිපති  බලය යොදා කෙටි කලකට මර්දනය  කළ හැකි වුවත් අන්තර්  ජාතික ප්‍රජාව එසේ පාලනය කළ හැක්කක් නොවේ.  14 වනදා මේ ගැටුම විසදා නොගත හොත්  ජාත්‍යන්තරය අපට එරෙහිව තදබල ක්‍රියාමාර්ග වලට එලඹීමට ඉඩ තිබේ. ලබන වසර අගදී පැවත්වීමට නියමිත ජනාධිපති වරණයේදී යලිත් වරක් ජනාධිපති  වීමට සිරිසේන  මහතාට තිබෙන අසීමිත ආශාව ඉටුකර ගැනීමට එජාපය  සහය නොදීමට තීරණය කිරීම සමගම සියල්ල කනපිට හරවන්නට ජනාධිපති    තීරනය කිර