Skip to main content

Posts

Showing posts from September, 2021

යොහානිගේ විප්ලවය

                         උමාරියා සිංහවංශ ගේ වඩාත්ම ජනප්‍රිය වීඩියෝ ගීතය , 'මන්ද පමා 'You tube හි නරඹා ඇති  වාර  ගණන 2 කෝටි 21 ලක්ෂයකි . ඒ අවුරුද්දයි මාසයක කාලයක් තුලය .  අමරදේව  ශුරින් සමග ඇය ගයන  හන්තාන සිහිනේ ගීතය You tube  ප්‍රේක්ෂකයෝ  13,754,240 වාරයක් නරඹා තිබේ        භාතිය සන්තුෂ් ලාගේ  ජනප්‍රියම ගීතය 'ඩෙන්න ඩෙනා' බව  You tube වෙත ගිය විට පසක් වේ.  එම ගීතය නරඹා ඇති වාර ගණන    මිලියන 3.6 කට ටිකක් වැඩිය  එම  ගීතය  You tube එකේ අමුණා අවුරුදු 3 මාස 2 කි  අභාවප්‍රාප්ත සුනිල් පෙරේරා ප්‍රමුඛ ජිප්සීස් කණ්ඩායමේ 'කොත්තමල්ලි ' ගීතය  ඔවුන්ගේ වැඩිම  ජනප්‍රිය ගීතය බව පෙනේ  .එය You tube හි නරඹා ඇති වර ගණන ලක්ෂ 52කි       සංගීත ලෝකයේ විප්ලවකාරිය බවට පත්ව සිටින  යෝහානි ද සිල්වා ඉතා කෙටි කාලයක් තුල ලබා තිබෙන ජනප්‍රියත්වය අප රටේ කිසිදු ගායකයෙකුට හෝ ගායිකාවට ලබා ගැනීමට  නොහැකි වී තිබේ මේ වසරේ මැයි මාසයේ 22 වනදා You tube වෙත අමුණන ලද ඇය සහ සතීෂන් ගයන 'මැණිකේ මගේ හිතේ ' ගීතය  අද වන විට  ( මාස 4 දින 3කදි) නරඹා ඇති වාර ගණන මිලියන 125කි .හරියටම කියතොත් වාර   125,532,951 කි

අරක්කු බොමු

    කෝවිඩ් ඇඳිරි නිතිය  දැමු අගෝස්තු 21 සිට  වසා දමන ලද    බාර් හෙවත් තැබෑරුම්   ඊයේ (සැප්තැම්බර් 17 ) සිට  අරින්නට ආණ්ඩුව අවසර දුන්නේය කොරෝනා කාලයේ ආණ්ඩුව කරන ලද තවත් අංක එකේ ගොන් කමක් මෙය වන්නේය  ඊයේ වන විට ලංකාවේ කොරෝනා ආසාදිතයන්ගේ එකතුව ලක්ෂ 5 පැන්න දවසය හරියට කිව්වොත් 500,772කි.. දැනට ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා  රෝගීන් සංඛ්‍යාව 59058කි  ඊයේ හමුවූ අලුත් රෝගීන් සංඛ්‍යාව 3078   (දිනපතා හමුවන අලුත් රෝගීන්ගේ සංඛ්‍යාව අඩුවී තිබෙන්නේ අඩුවෙන්  PCR සහ ඇන්ටිජන්පරීක්ෂණ පවත්වන බැවින් යයි  හෙද සනගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා  කියයි ) මෙතෙක් මියගිය සංඛ්‍යාව 11938  ඊයේ මියගිය සංඛ්‍යාව  121 කි  දෙවෙනි කොරෝනා රැල්ල ගම්පහ බ්‍රැන්ඩික්ස් ආයතනයෙන්  ඇරඹුණු විට ගම්පහ දිස්ත්‍රික්කය වසා නොදමා  පැලියගොඩ මාළු බෙදා හැරීමේ මධ්‍යස්ථානය හරහා රට පුරා කොරෝනා  පැතිරෙන තුරු ආණ්ඩුව කට අරගෙන බල සිටියේය    හොඳ හැටි අවුරුදු  කාපල්ලා කියා වසා තිබු රට ගිය අප්රියෙල් මාසයේ  විවෘත කිරීම නිසා මිනිස්සු බියෙන් සැකෙන්  තොරව සාප්පු ගානේ ගියහ ,විනොද ගමන්  ගියහ වන්දනාවේ ගියහ  යාළුවන් මිත්‍රයන් එකතු කරගෙන වෙරි වෙනතුරු අරක්කු