Skip to main content

අරක්කු බොමු

 



  කෝවිඩ් ඇඳිරි නිතිය  දැමු අගෝස්තු 21 සිට  වසා දමන ලද    බාර් හෙවත් තැබෑරුම්   ඊයේ (සැප්තැම්බර් 17 ) සිට  අරින්නට ආණ්ඩුව අවසර දුන්නේය



කොරෝනා කාලයේ ආණ්ඩුව කරන ලද තවත් අංක එකේ ගොන් කමක් මෙය වන්නේය 


ඊයේ වන විට ලංකාවේ කොරෝනා ආසාදිතයන්ගේ එකතුව ලක්ෂ 5 පැන්න දවසය හරියට කිව්වොත් 500,772කි..

දැනට ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා  රෝගීන් සංඛ්‍යාව 59058කි 


ඊයේ හමුවූ අලුත් රෝගීන් සංඛ්‍යාව 3078  

(දිනපතා හමුවන අලුත් රෝගීන්ගේ සංඛ්‍යාව අඩුවී තිබෙන්නේ අඩුවෙන්  PCR සහ ඇන්ටිජන්පරීක්ෂණ පවත්වන බැවින් යයි  හෙද සනගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා  කියයි )

මෙතෙක් මියගිය සංඛ්‍යාව 11938 

ඊයේ මියගිය සංඛ්‍යාව  121 කි 


දෙවෙනි කොරෝනා රැල්ල ගම්පහ බ්‍රැන්ඩික්ස් ආයතනයෙන්  ඇරඹුණු විට ගම්පහ දිස්ත්‍රික්කය වසා නොදමා  පැලියගොඩ මාළු බෙදා හැරීමේ මධ්‍යස්ථානය හරහා රට පුරා කොරෝනා  පැතිරෙන තුරු ආණ්ඩුව කට අරගෙන බල සිටියේය  


 හොඳ හැටි අවුරුදු  කාපල්ලා කියා වසා තිබු රට ගිය අප්රියෙල් මාසයේ  විවෘත කිරීම නිසා මිනිස්සු බියෙන් සැකෙන්  තොරව සාප්පු ගානේ ගියහ ,විනොද ගමන්  ගියහ වන්දනාවේ ගියහ  යාළුවන් මිත්‍රයන් එකතු කරගෙන වෙරි වෙනතුරු අරක්කු කසිප්පු පානය කළහ 

ගත වුයේ සති දෙකකි 3 වන කොරෝනා රැල්ල ඇරඹුනේය 

පළමු කොරෝනා රැල්ලෙන් මැරුනේ 13 කි ඒ ගානෙන් පාලනය කර ගත හැකිවුයේ  රට හොඳ හැටි වසා දැමු නිසාය 

2වෙනි කොරෝනා රැල්ලෙන් 500 ගානක් මියගියහ 


3 වන රැල්ලෙන් මියගිය ගණන  දල වශයෙන් 10000  කි 

ඉකුත් 21 වනදා රටෙන් 3/4 ක් ඇර තබා කාලක් වැසුවේය මැරෙන ගණන හතරෙන් එකක් අඩු උනේය 


ඊයේ තැබෑරුම් ඇරියේ මේ පසුබිම යටතේය 




ඊයේ තැබෑරුම්  ඉදිරිපිට මිනිස්සු පොදි ගැහුණු හැටි පින්තුරවල යස රඟට  පෙනුනේය . ඔය අතර කොරෝනා ලෙඩ්ඩු සිටින්නට ඇති බවට කිසී සැකයක් නැත මන්ද කොරෝනා හැදුනු ඔක්කොටම රෝග ලක්ෂණ  නැති නිසාය එ නිසා ඊයෙම සිය දහස් ගණනක් දෙනා කොරෝනා රැගෙන ගෙවල්වලට යන්නට ඇත 

අවුරුදු 6 ළමයෙකුද ඊයේ මියගියේය 


     සමහරුන්ට  තනියෙන් බොන්නට නොහැක එ නිසා තව එකෙක් හෝ කැඳවා ගනිති කොරෝනා  වයිරසය  පෙනෙන්නේ නැති නිසා  බොන්ට කැඳවා ගත් එකා හරහා කොරෝනා බෝවීමේ ඉඩකඩ තිබේ  . 


හවුලේ බිමට හේතුවෙන තවත් කාරණාවක් වන්නේ අරක්කු  බෝතලයක මිල ගිනි ගණන් නිසා කීප දෙනෙකු එකතු වී මුදල් දමා   ගන්නා නිසාය 


තව සති දෙකක් ගතවන විට අරක්කු රැල්ල හෙවත්  කොරෝනා 4 වෙනි රැල්ල (GMOA එකට අනුව දැන් තිබෙන්නේ 4 වෙන් රැල්ලය )  .ඇරඹීමට ඉඩ තිබේ 


අරක්කු බාර් වසා තිබීම නිසා අදායම් අහිමිවූ පිරිස තුන් ගොල්ලකි  1  ආණ්ඩුවය 2 අරක්කු නිෂ්පාදකයෝය 3 වන පිරිස තැබෑරුම් හිමියෝය .තැබෑරුම් විශාල සංඛ්‍යාවක ඇත්ත  හිමිකරුවෝ   මන්ත්‍රීවරුන් බව කියනු ලැබේ  එමෙන්ම අරක්කු නිපදවන සමාගම්වල අයිතිය තිබෙන්නේ  ඇතැම්  දේශපාලකයන්ට  බවද කියනු ලැබේ ඒවා ඇත්තද නැත්තද කියන්නට මා  ළඟ නම් සාක්කි නැත.කෙසේ වෙතත් බාර් පර්මිට් ලැබුනේ මන්ත්‍රී අනුග්‍රහයෙනි 


මම ' සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි' ශීලය සමාදන් වුවෙකු නොවේ .උත්සව අවස්ථාවකදී අඩියක් ගස පොඩි පහේ විනෝදයක් ලබමි . එහෙත් කොරෝනා පටන්ගත් දිනෙන් පසු අඩියක් පුඩියක් ගැසීමට කිසි තැනක නොගියෙමි එසේ නොගියේ පැයක දෙකක විනෝදයකට අඩියක් ගසා  කොරෝනා රැගෙන ගෙදර  ඇවිත් ගෙදර සිටින අයට බෝකිරීම  ඔවුන්ට කරන ද්‍රෝහී කමක්  නිසාය   .


   ඉතා වැදගත් කරුණ වන්නේ මත්පැන් විසින් ඔබට කොරෝනා බෝකිරීමට අනගි සහයක් ලබා දීමය එසේ වන්නේ මත්පැන් විසින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය අක්‍රිය කරන බැවිනි 

  මත්පැන් බීම නිසා  රෝග  බෝවීම වැලැක්වීම  සඳහා ක්‍රියාත්මක වන ප්‍රතිශක්ති පද්ධතිය අක්‍රිය වන බව පර්යේෂණ මගින් තහවුරු කර තිබේ  සාමාන්‍යයෙන් එක වරක් මත්පැන් පානය කළ විට ශරීරයේ තිබෙන ප්‍රතිශක්ති පද්ධතියේ ක්‍රියාකාරිත්වය පැය 24 කට අක්‍රිය වන බව සඳහන් වේ .

මේ සම්බන්ධයෙන් ඉංග්‍රීසියෙන් සඳහන් වුයේ මෙසේය 



Many tend to think that alcohol-induced damage to the immune system only occurs in people who use large amounts of alcohol for a long time. However, this is not the case. The National Institute on Alcohol Abuse and Alcoholism (NIAAA) warns that a single episode of drinking can suppress the immune system for up to 24 hours. Additional studies continue to show that drinking, even once, can suppress the immune system afterward for a short time>



එහෙත් වයින් සහ බියර් සාමාන්‍ය ප්‍රමාණයක් පානය කිරීම  අහිතකර නොවන බවද සඳහන් වේ 



Increasing evidence suggests that light to moderate amounts of polyphenol-rich alcoholic beverages like wine or beer could have health benefits. Scientists have long debated the effects of alcohol on immune function, showing on the one hand, that high doses of alcohol consumption can directly suppress a wide range of immune responses, and that alcohol abuse is associated with an increased incidence of a number of infectious diseases. On the other hand, moderate alcohol consumption seems to have a beneficial impact on the immune system compared to alcohol abuse or abstinence.




Comments

Anonymous said…
කොහෙද බාර් හෙවත් තැබෑරුම් ඇරියේ? හැම වෙලේම ආණ්ඩුවට මඩ ගහන්න බැලුවම ඔහොම නාගන්න තමයි ඔයාට වෙන්නේ.

අනික ලෝකේ අන්තවාදී තලේබාන් නොවන හැම රටකම පාහේ කොවිඩ් ලොක් ඩවුන් එකේදී ලිකර් ෂොප් ඇරලා තිබ්බේ. පබ් වහලා තිබ්බට. ලංකාවෙත් මුල ඉදන්ම වයින් ස්ටෝර්ස් ඇරල තිබ්බා නං ඉවරයි.

මම හිතන් හිටියේ සුදු කුකුලා කියන්නේ යමක් කමක් තේරෙන මනුස්සයෙක් කියලා. බැලුවම අමු මුඩුම කුහකයෙක්.
Anonymous said…
ලිකර් ශොප්ස් හැමදාම ඇරලා තිබ්බනම් මිනිස්සු පෝලිමේ පොරකන්නෙ නෑනෙ. බොහෝ රටවල් වල ලිකර් ශොප්ස් වැහුවෙ මුල් සති මීපයක්. ඊට පස්සෙ හැමදාම් ඇරලා තිබුනෙ. ලංකාවෙ මිනිස්සු තීරණ ගන්නෙ මහ ගොබ්බ විධියට.
Ajith said…
කොවිඩ් එක්ක ජීවත්වෙවෙන්⁣ෙ වෙනවා. ඒකට එකම විදියක් කියලා නැහැ. මැරෙන එක කොහොමත් මැරෙනවා. ජීවත් වෙද්දිි සීමා දැනගෙන සතුටින් ඉන්න ඕනැ. බුද්ධිමත් මිනිසුුන්ට ප්‍රමාණවත් නිදහසක් අවශ්‍යයි.
කොරෝනා බෝ කරගෙන දුක් විඳීමට හෝ මිය යාමට කැමති අයෙකුට ඊට නිදහස තිබේ එහෙත් තමන් කොරෝනා හදාගෙන තම පවුලේ අයට සහ අන් අයට කොරෝනා බෝවන ලෙස කටයුතු කිරීමට කිසිවෙකුට අයිතියක් නැත
Raymarts said…
This comment has been removed by the author.

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...