Skip to main content

Posts

Showing posts from July, 2017

විජේදාස රාජපක්ෂ හෙවත් ඥානසාර බොඩිගාඩ්

මට විජේදාස  රාජපක්ෂ  මහතා  මුලින් හමුවුයේ  2001 වසරේ දීය . 2000 වසරේ  බලයට  පැමිණි රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව අධ්‍යාපන ශේෂ්ත්‍රයට අයත් දහස්  ගණනකට හිමිව තිබු උසස් වීම් අත් හිටුවීම  නිසා අධිකරණ නියෝගයක්  මගින් එම  උසස්වීම් ලබාගැනීමේ අරමුණෙන්  නඩුවක්  පවරන  ලෙස  ඔහුගෙන් ඉල්ලා සිටීමට  තවත්  ගුරු  පිරිසක් සමග  ඔහු හමුවීමට  ගියෙමි . දහස්  ගණනක් වෙනුවෙන්  පැවරු එම  නඩුවේ  පළමු  පෙත්සම් කරු වුයේ  මමය . එහෙත් එම  නඩුව දිනවා  දීමට විජේදාස  රාජපක්ෂ  මහතාට  නොහැකි විය .   නඩුව  විභාග  කිරීමට  පැමිණි අග්‍ර විනිශ්චයකාර සරත් නන්ද  සිල්වා  හිතුවක්කාර  ලෙස එම  නඩුව ඇසීම  ප්‍රතික්ෂේප  කොට පෙත්සම් කරුවන්ගේ මානව අයිතීන් උල්ලංඝනය වී  තිබේදැයි  සොයා  බලන  ලෙස  මානව  අයිතිවාසිකම  කොමිසමට එය  යොමු කරන ලෙස නියෝග  කළේය  මානව අයිතිවාසිකම් කොමිසමට  ගොස්   සෙතක් නොවෙනු ඇතැයි  බොහෝ අයගේ  කල්පනාව  වුයෙන්  වෙනත් පොයින්ට් එකක් අල්ලාගෙන යලිත්  ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක්  පැවරීමට,  උසස් වීම් අහිමි කරන  ලද  ගුරුවරු සහ විදුහල්පතිවරු  දහස්  ගණනක්  සමග  පැවැත්වූ  හමුවකදී කතා  බස්  කොට  ගත් අප,   සම සමාජ  පක්ෂයේ  න

ජේ ආර් ගෙන් අස්ගිරියට ඊ මේල් පණිවිඩයක්

ජේ  ආර්  ජයවර්ධන  මහතා  ඊයේ  රාත්‍රී  ජාමයේ  මට  ඊමේල් එකක් ඒවා  තිබුනේය  ඊමේලය මෙසේය . jrj@mattala.com       මා  දැන් පදිංචිව  ඉන්නේ මත්තල එයාපෝර්ට් එකේය . එහි සිටින්නේ මා  පමණක් නොවේ. අපවත්වූ  අස්ගිරි, මල්වතු , රාමඥ්ඥ, අමරපුර නිකායවල  සමහර  මහා  නායකවරුද ,   ආර්. ප්‍රේමදාස  , සිරිමා  බණ්ඩාරනායක ද  විජේවීර සහ  ප්‍රභාකරන්ද එහි පදිංචිව  සිටිති  . අප  එහි  පදිංචියට  තෝරා  ගත්තේ  මනුෂ්‍යයන්  නොගැවසෙන  බැවින්ය  .අපට  නිදහසේ  ගත  කිරීමට  සුවපහසු  තැනක් ඉදි  කර දීම  ගැන අප  සියලු දෙනාගේ කුරුතඥතාවය රාජපක්ෂ  මහතාට ගිය සතියේ  ඊ මේල් පණිවිඩයකින් දැනුම් දුන් බවද  සඳහන් කොරන්නට  කැමතියි. . මා මේ ඊමේල් එක  එවන්නේ එම  කාරණාව  කියන්නටම නොවේ. මා මේ දවස්වල  ඉන්නේ  බලවත්  චිත්තපිරීතයෙන්  බව  දැනුම් දීමටය  . සතියකට  හමාරකට   පෙර රැස්වූ අස්ගිරියේ  මල්වත්තේ  සහ අනෙකුත් නායක උන්නාන්සේලා  විසින්  රැස්වී  මා හැදු වියවස්තාව අබ  මල් රේණුවක් හෝ  වෙනස්  නොකරන  ලෙස  ආණ්ඩුවට  කීම  ගැන  ඒ වහන්සේලාට  ඉස්තුති  කිරීමටය .  නායක වහන්සේලාට  නවීන දේවල්  නොතේරෙන  බැවින්  ඊ මේල් මගින්  මගේ ඉස්තුතිය උන

උමා දුෂණය වහන්නට ෆෙඩරල් රෙද්දෙන් පුලුවන්ද?

උමා  ඔය  ව්‍යාපෘතිය  නිසා ඇතිවූ සහ ඇතිවෙමින් තිබෙන  බිහිසුණු  ප්‍රතිඵල  නිසා කරකියාගන්නට  දෙයක් නැතිවූ  බණ්ඩාරවෙල  මිනිස්සු  පාරට බැස  දෙවුන්දර  තුඩුවටත්  පේදුරුතුඩුවටත් ඇසෙන්නට  විලාප  නැගු  නමුත්  රාජපක්ෂ  මහත්තයා එය  තඹ   පයිසෙකටවත්   ගණන් ගත්  බවක් පෙන්නේ  නැත .ඔහුට  අනුව  දැන් තිබෙන ලොකුම  ප්‍රශ්නය හදාගෙන  යන  නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවය.  නව  ආණ්ඩු  ක්‍රම  ව්‍යවථාවෙන් ෆෙඩරල් පාලනයක් ඇති  කරන්නට  යන  බව කිව්  ඔහු  පළාත්  පාලන චන්දය  තබන්නට දින  තීරණය  කරන  තුරු ව්‍යවස්ථාව  හදන්නට  ඔහු සහ  ඔහුගේ  ගෝලබාල  මනත්‍රී වරුන්ගේ සහය  නොදෙන  බව  කියා සිටියේය. රාජපක්ෂ  මහතාට  ඕනෑම  පන්දමක් අල්ලන  අස්ගිරියේ වහන්සේලාද  රාජපක්ෂ අනුව  යමින් නව ව්‍යවස්ථාවක්  උවමනා   නැති  බවත් , සංශෝධන  ගෙන  ඒම පමණක්   ප්‍රමාණවත්  බවත් , විධායක  ජනාධිපති  ක්‍රමය දිගටම  පවත්වාගෙන  යායුතු  බවත්  ප්‍රකාශ  කළහ. විධායක  ජනධිපති  ක්‍රමය අහෝසි කරන  ලෙස  මහජනයා  සෑම මැතිවරණයකදීම එක හෙලා  කියා   ඇතත්  එය  තුට්ටුවකටවත්  මායින්  නොකොට    අස්ගිරියේ වහන්සේලාගේ තීරණය  ක්‍රියාත්මක  කළ  යුතුයැයි සිතීමට  තරම් ඔ