Skip to main content

ජේ ආර් ගෙන් අස්ගිරියට ඊ මේල් පණිවිඩයක්







ජේ  ආර්  ජයවර්ධන  මහතා  ඊයේ  රාත්‍රී  ජාමයේ  මට  ඊමේල් එකක් ඒවා  තිබුනේය 


ඊමේලය මෙසේය .

jrj@mattala.com 


     මා  දැන් පදිංචිව  ඉන්නේ මත්තල එයාපෝර්ට් එකේය . එහි සිටින්නේ මා  පමණක් නොවේ. අපවත්වූ  අස්ගිරි, මල්වතු , රාමඥ්ඥ, අමරපුර නිකායවල  සමහර  මහා  නායකවරුද ,   ආර්. ප්‍රේමදාස  , සිරිමා  බණ්ඩාරනායක ද  විජේවීර සහ  ප්‍රභාකරන්ද එහි පදිංචිව  සිටිති  . අප  එහි  පදිංචියට  තෝරා  ගත්තේ  මනුෂ්‍යයන්  නොගැවසෙන  බැවින්ය  .අපට  නිදහසේ  ගත  කිරීමට  සුවපහසු  තැනක් ඉදි  කර දීම  ගැන අප  සියලු දෙනාගේ කුරුතඥතාවය රාජපක්ෂ  මහතාට ගිය සතියේ  ඊ මේල් පණිවිඩයකින් දැනුම් දුන් බවද  සඳහන් කොරන්නට  කැමතියි. .


මා මේ ඊමේල් එක  එවන්නේ එම  කාරණාව  කියන්නටම නොවේ. මා මේ දවස්වල  ඉන්නේ  බලවත්  චිත්තපිරීතයෙන්  බව  දැනුම් දීමටය  . සතියකට  හමාරකට   පෙර රැස්වූ අස්ගිරියේ  මල්වත්තේ  සහ අනෙකුත් නායක උන්නාන්සේලා  විසින්  රැස්වී  මා හැදු වියවස්තාව අබ  මල් රේණුවක් හෝ  වෙනස්  නොකරන  ලෙස  ආණ්ඩුවට  කීම  ගැන  ඒ වහන්සේලාට  ඉස්තුති  කිරීමටය .  නායක වහන්සේලාට  නවීන දේවල්  නොතේරෙන  බැවින්  ඊ මේල් මගින්  මගේ ඉස්තුතිය උන්නන්සේලාට  යවන්නට කොරමයක් නැත මා  කල්පනා  කොලේ මගේ  කුරුතඥ තාවය  ඔබ  මගින්  යවන්නටය . ඒ  නිසා   මගේ  ඉහලම  කුරුතඥාතාවය   උන්නාන්සේලාට දන්වා  යවන    ලෙස ඔබෙන්    කරුණාවෙන්  ඉල්ලා  සිටිමි   

රටක්  හරියට  කොරන්නට  නම් මගේ වියවස්තාව  නැතිවම  බැරි බව දැන්  දැන්  කවුරු  කවුරුත්  වටහා  ගෙන  ඇති  බව  හොඳින්ම  පෙනේ.  ගැටඹේ  පන්සලට  මා  කටුකම්බි ගැසුවේ  ඔය වියවස්තාව    නිසාය . 1980- ජුලි වැඩවර්ජකයන් 40000 ක් ගෙදර  යැව්වේ  ඔය වියවස්තව  නිසාය  83 කළු ජුලිය  මෙහෙයවූ මගේ  මිනිසුන්ට අබ  ඇටයක  හානියක්වත්  නොකර  ඔවුන් මා  ආරක්ෂා  කොරේ  ඔය වියවස්තාවේ  බලය  නිසාය. .ඉන්දියානු  හමුදාව ගෙන්නුවෙත් පළාත් සභා  හැදුවෙත් මගේ මේ වියවස්තවේ  ආනුභාවයට  පින්සිද්ද වෙන්නටය . එක්සත්  ජාතික  පක්ෂයේ සියලුම  මන්තිවරුන්ගේ  ඉල්ලා අස්වීමේ  ලියුම්  මා  ඉල්ලුවිට ටකස්  ගා ඒවා  දුන්නේ  මගේ වියවස්තාවේ  බලසම්පන්න  කම නිසාය  .





කොටින්ම කොටි සංවිධානය  හැදුවෙත් මගේ වියවස්තාවය  .එය නැති  කළේත්  මගේ විය්වස්තාවය 




වියවස්තාව  වෙනස්  කොරන්නට  කියා  බලයට  පැමිණි  සියලුම  ජනාධිපතිවරු එය  දිගටම  තබා  ගත්තේ එය  සුපිරි වියවස්තාවක්  නිසාය. කොටින්ම  කියතොත් ඇමරිකාවේ  ජනාධිපතිටවත්  ඔච්චර  බලගතු එකක් නොමැති  කළ එය  අයින් කොරන්නට  කැමති වන්නේ  කොයි  ජනාධිපතිද?





මෛත්‍රී  උන්නැහ මගේ වියවස්තාව  හරියට  ක්‍රියාත්මක  කොරනවානම් ඔය එකෙක්වත්  කට  හොල්ලන්නෙ  නැත . මල්වත්ත  දෙකඩ  කඩන  බව මහින්ද  කීවේ  මගේ වියවස්තවේ  හය්ය නිසාය   සිරිසේනට  තියෙන්නේත්  මල්වත්තේ  අස්ගිරියේ  උන්නාන්සේලා  මුණගැහෙන්නට  නොව  අස්ගිරි නිකාය දෙකට  කඩනවා  කියා  කියන්නට  විතරය  .පිං කැට සීල්  තිබ්බා   කියා  හොටු  හුරන අයට ලේන්සු  දීලා  රට  කොරන්නට  බැරිය 



එබැවින් මගේ වියවස්තාව  දිගට  ගෙනයාමට  කැමැත්තෙන් සිටින   නායක වහන්සේලාටත් ශ්‍රී ලංකා එකේ මන්ත්‍රීවරුන්ටත් ජාතික  හෙළ උරුමයේ  ඕමල්පේ  වහන්සේටත් , චම්පිකටත්  අතුරලියේ රතන වහන්සේටත්  මගේ  හද  පත්ලෙන් නැගෙන  බලවත්  ඉස්තුතිය පලකොර  සිටිමි  .

  

මෙයට අවංක  ජේ  ආර්. ජයවර්ධන

මත්තල  ගුවන් තොටුපොල  


.


Comments

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...