Skip to main content

උමා දුෂණය වහන්නට ෆෙඩරල් රෙද්දෙන් පුලුවන්ද?





උමා  ඔය  ව්‍යාපෘතිය  නිසා ඇතිවූ සහ ඇතිවෙමින් තිබෙන  බිහිසුණු  ප්‍රතිඵල  නිසා කරකියාගන්නට  දෙයක් නැතිවූ  බණ්ඩාරවෙල  මිනිස්සු  පාරට බැස  දෙවුන්දර  තුඩුවටත්  පේදුරුතුඩුවටත් ඇසෙන්නට  විලාප  නැගු  නමුත්  රාජපක්ෂ  මහත්තයා එය  තඹ   පයිසෙකටවත්   ගණන් ගත්  බවක් පෙන්නේ  නැත .ඔහුට  අනුව  දැන් තිබෙන ලොකුම  ප්‍රශ්නය හදාගෙන  යන  නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවය.  නව  ආණ්ඩු  ක්‍රම  ව්‍යවථාවෙන් ෆෙඩරල් පාලනයක් ඇති  කරන්නට  යන  බව කිව්  ඔහු  පළාත්  පාලන චන්දය  තබන්නට දින  තීරණය  කරන  තුරු ව්‍යවස්ථාව  හදන්නට  ඔහු සහ  ඔහුගේ  ගෝලබාල  මනත්‍රී වරුන්ගේ සහය  නොදෙන  බව  කියා සිටියේය.


රාජපක්ෂ  මහතාට  ඕනෑම  පන්දමක් අල්ලන  අස්ගිරියේ වහන්සේලාද  රාජපක්ෂ අනුව  යමින් නව ව්‍යවස්ථාවක්  උවමනා   නැති  බවත් , සංශෝධන  ගෙන  ඒම පමණක්   ප්‍රමාණවත්  බවත් , විධායක  ජනාධිපති  ක්‍රමය දිගටම  පවත්වාගෙන  යායුතු  බවත්  ප්‍රකාශ  කළහ. විධායක  ජනධිපති  ක්‍රමය අහෝසි කරන  ලෙස  මහජනයා  සෑම මැතිවරණයකදීම එක හෙලා  කියා   ඇතත්  එය  තුට්ටුවකටවත්  මායින්  නොකොට    අස්ගිරියේ වහන්සේලාගේ තීරණය  ක්‍රියාත්මක  කළ  යුතුයැයි සිතීමට  තරම් ඔවුහු උද්ධච්ච වී තිබේ.


උමා ඔය ව්‍යාපෘතිය  මගින්  රාජපක්ෂලා  හොඳ  ගැහිල්ලක්  ගසා ඇති  බව දැන් ඕනෑවටත් වඩා  පැහැදිලිය.2005 වසරේදී ඇමරිකන් ඩොලර් මිලියන 155 කට ඇස්තමේන්තු  කළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක  කිරීමට  2009 දක්වා  ප්‍රමාද වීම  නිසා  ආණ්ඩුවේ  නිලධාරීන් එය ඇමරිකන් ඩොලර් මිලියන  300 කින් කළ  හැකි බවට  ගණන්  හිලවු හැදු  නමුත් රාජපක්ෂ ආණ්ඩුව  ඉරාන සමාගමට  කොන්ත්‍රාත්තුව  දුන්නේ ඇමරිකන් ඩොලර් මිලියන 548 ටය .වෙනත් වචනවලින්  කියත්තොත් වැඩි පුර  දුන් මුදල ඇමරිකානු  ඩොලර් මිලියන 248 කටය . 2009 දෙසැම්බර මාසය වන විට  ඇමරිකන් ඩොලරයක වටිනාකම  රුපියල් 113 ක් විය . ඩොලර් මිලියන 248   රු.  113  තුනෙන් වැඩි  කළ විට  ලැබෙන  උත්තරය රුපියල් මිලියන 28024 කි .රාජපක්ෂලාට  ඉහලින්  කපුටෙකුටවත්  පියාඹීමට  ඉඩ  නොලැබුණු එකල එම  රුපියල  මිලියන 28024 හෙවත් රුපියල් කෝටි 2802 කුත් තව ටිකක් සාක්කුවේ   දමාගත්තේ උන්දලා  නොවේ  නම් වෙන  කොයිකාද?


රාජපක්ෂ  මහතා මේවාට  උත්තර බැඳිය  යුතු  නමුත් නොඇහුනා සේ  සිටින  ඔහු බ්‍රහ්මදත්ත  ලෝකය දක්වා  ගඳගසන උමා  ඔය  රාජකීය  මංකොල්ලය  ගැන පිළිතුරු දීම වෙනුවට මිනිසුන්ගේ අවධානය වෙනත්  අතකට  හැරවීම සඳහා   නැති ෆෙඩරල්  කතන්දරයක්  ඉදිරියට  දමාගෙන  තිබේ. ලංකාව  දෙකඩ  කිරීම සඳහා  කරන  කවර  උත්සාහයක් වුවද  පරාජය  කළ  යුතු  බව දෙමල දේශපාලන  පක්ෂ දිව්ර  දිව්රා  කිව්වද රාජපක්ෂ සමාගම සහ ඔහු  නැතිව  වතුරත්  නොපෙවෙන කල්ලි  දිගින් දිගටම  කියන්නේ  රට  බෙදන  ව්‍යවස්ථාවක් ගෙන ඒමට  ආණ්ඩුව හැංගි හොරා  කටයුතු  කරමින් සිටින  බවය .




ක්‍රිස්තු වර්ෂ 1500 මානසිකත්වයෙන් පසුවන  විශාල  පිරිසකට  රාජපක්ෂගේ බේගල් කතන්දර පරම සත්‍යය  ලෙස පෙනේ  .රදල සංස්ථාවක් වන අස්ගිරිය හිතන්නේ  මතන්නේද ඊට  වෙනස්  අන්දමින් නොවේ.කනගාටුවට  කරුණ නම්  එවැනි රදල නෂ්ඨාව ශේෂ පොලිෂ්  කරන්නට සමාජවාදී  කියන  අය්යලාද පුදපුජා  රැගෙන  ඔවුන් දණ්ඩ  නමස්කාර කිරීමට  යාමය .


වෙනත්  රටක  නම් මේ වන විට රාජපක්ෂලා  හිර කුඩුවේ දමා  හමාරය . එහෙත් මේ රටේ ඒවා  සිදුවන්නේ  නැත .උමා  ඔයේ  ගසා කෑම  ගැන  පරීක්ෂණයක් කරන  බව  සිරිසේන ජනාධිපතිවරයා  කිව්   නමුත් වැරදි  කරුවන් ට දඬුවම්  කෙරෙනු ඇතැයි සිතීමට  මේ ආණ්ඩුවේ  කැරැට්ටුව  අපිට   අවසර දෙන්නේ නැත . ඇතැම් හොරකම් ගැන  නඩු  පවරා  තිබෙන  බව සත්‍යකි . එහෙත් ඒවා  තවත් වසර  ගනනාවක්  දිගින්  දිගට ඇදී  යනු ස්ථිරය . ඉදිරි මැතිවරණයකදී  රාජපක්ෂලා  හෝ රාජපක්ෂ + මෛත්‍රී ආණ්ඩුවක් පිහිටවනු  ලැබුව  හොත් එම  නඩු  එතැනින්ම අවසන් වනු ඇත.   ගසා  කෑ  රාජපක්ෂලා පෙරටත් වඩා  හොඳින්  වැජඹෙනු ඇත. මේ ආණ්ඩුව  යටතේ   ගසා  කෑ එවුන්ද  ඔවුන්ට  එකතු වන  බවට  කිසිදු සැකයක් නැත  . එබැවින්  බණ්ඩාරවෙල  මිනිසුන්ට  මෙන්ම  අපටද සිදුවන්නේ  උමා  ඔයට  පැන දිවි  නසාගන්නටය .




Comments

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...