බෝම්බ කතා , උල තැබීමේ කතා, වෙඩි උණ්ඩ බැස්සවීමේ කතා යලි ඇරඹි තිබේ. ඒ නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් පෙනී සිටින්නන් තොග පිටින් මරා දැමීමටය . එහෙත් තවමත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කර නැත .පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ ව්‍යවස්තාවක් සකස් කිරීම සදහා මන්ත්‍රී කමිටු සකස් කළ යෝජනා ඇතුලත් වාර්තාවක් පමණි .එහෙත් ඇතැම් භික්ෂු පිරිසක් විසින් සිවුරු කරට ගෙන රට පුරා ගිනි ඇවිලවීමට පටන්ගෙන ඇත. භික්ෂුන්ගේ මේ හැසිරීම අලුත් දෙයක් නොවේ.1957 සිටම ලංකාවේ අන්තගාමී භික්ෂුන් විසින් මේ ඛේදවාචි නාටකය රඟපා තිබේ. බණ්ඩාරනායක මහතා 1957 චෙල්වනායගම් සමග ගිවිසුමක් අත්සන් කොට උතුරේ සහ නැගෙනහිර ප්‍රදේශවල පළාත් බද සභා (Regional Councils ) පිහිටුවීම සඳහා උත්සහ කළ අවස්ථාවේද භික්ෂුන් හැසිරුනේ මෙලෙසමය . රොස්මිඩ් පෙදෙසට පැමිණි 100 පමණ භික්ෂු පිරිසක් ගිවිසුම ඉරා දමන ලෙස බණ්ඩාරනායක මහතාට බලකළහ .මොලයක් තිබුණත් කොන්දක් නොතිබුණු බණ්ඩාරනායක මහතා ඔවුන් ඉදිරියේ ගිවිසුම ඉරා දමා ගිවිසුම ක්‍රියාත්මක නොකරන බවට ලිඛිත පොරොන්දුවක්ද පැමිණ සිටි භික්ෂුන්ට දු
පක්ෂයක් නැත . දේශපාලනයක් ඇත