' නොවැම්බර් මස 16 වන දින පැවැත්වෙන ජනාධිපතිවරණයේදී කවුරු දිනාවිද ?'යන්න අනුමාන කිරීම තවමත් දුෂ්කරය . ග්‍රාමීය සිංහල ප්‍රදේශවල ගෝටාභය මහතාට වාසි සහගත බවක් ඇතත් රටේ සෑම දිස්ත්‍රික්කයක්ම සලකා බැලු කළ ගෝටාභය සහ සජිත් කරට කර සිටින බව බැලු බැල්මට පෙනේ . ගෝටාභය මහතා ජයග්‍රහණය කළොත් ඔහු ඒකාධිපතියෙකු වෙනු ඇතැයි බොහෝ අය තුල බියක් ඇතිවී තිබේ .විශේෂයෙන්ම ලංකාවේ වාමාංසික මත දරන්නන් සැලකිය යුතු පිරිසක් මෙන්ම නිදහස් මත දරන්නන් විශාල පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට සහය පළකරන්නේ ඒ නිසාය . 'ගෝටා බිය' තමනට අවාසි බව ජවිපෙ දනී. ඒ නිසා අනුර කුමාර මහතා සහ ජවිපෙ කියමින් සිටින්නේ ගෝටා ජනාධිපති උනත් 19 වන ව්‍යවස්ථාවෙන් ජනාධිපති බලතල කපා ඇති බැවින් බිය විය යුතු නැති බවය . මේ ලිපියේ ප්‍රධාන අරමුණ ගෝටාභය 16 වන දා ජයග්රහනය කළහොත් ඉන් පසු ආසන්න සමයේ සිදුවිය හැක්කේ කුමක්ද යන්න විග්‍රහ කර ගැනීමය . දින 52 පාලන සමය යලි ඔබට සිහියට නගා ගත හැකි නම් ගෝටාභය මහතා බලයට පත් වුවහොත් සිදුවිය හැකි බිහිසුණු තත්වය වටහා ගත හැක . අර්ජුන රණතුංග ඇමතිවරයා තෙල් සංස්ථාවේ කාර්යාල
පක්ෂයක් නැත . දේශපාලනයක් ඇත