Skip to main content

ජනාධිපතිවරණයෙන් දිනන්නේ කවුද ?



Image result for ELECTION RALLIES OF ANURA kUMARA

"දිනන්නේ අපේ පක්ෂයේ අපේක්ෂකයා"යනුවෙන් ප්‍රධාන පක්ෂ තුනේම නායකයෝද, උප නායකයෝද , පුංචි නායකයෝද. පක්ෂ දේශපාලන ලේ  බෙල්ලේ සිට කකුලේ සුලැඟිල්ල තෙක් දුවන සාමාජිකයෝද කියනු මේ දිනවල අපට අසන්නට , කියවන්නට ලැබේ.

පක්ෂ දේශපාලනය අතහැර දමා බොහෝ කාලයක් ගත වන මට ස්ථිරවම කිව හැකි නොවරදින අනාවැකිය වන්නේ හංසයාගෙන් සහ පොහොට්ටුවෙන් ඉල්ලන අපේක්ෂකයන් දෙදෙනා හැර අන් සියල්ලෝම පරදින බවය .


එසේම තවත් අනාවැකියක් කිව හැකිය. එම අනාවැකිය නම් මාලිමාව තුන්වන ස්ථානය දිනාගන්නා බවය.


Image result for ELECTION RALLIES OF GOTABHYA


   

      වැඩිම චන්ද ගන්නේ සජිත්ද පොහොට්ටුවද යන්න කීම තවමත් අසීරුය

ජවිපෙ නායකයෝ මෙන්ම සාමාජිකයෝ සහ අනුගාමිකයෝද දේශපාලන වශයෙන් අවංක පිරිසක් බව මගේ මෙන්ම බොහෝ අයගේ විශ්වාසයයි .එහෙත් මේ රටේ අඩකට ආසන්න චන්ද දායකයන් සංඛ්‍යාවක් ජීවත්වන්නේ ශතවර්ෂ කීපයකට පෙර බැවින් මෙන්ම ජවිපෙ අතීත ක්‍රියාකාරකම් විසින් බහුතරයක් මිනිසුන් තුල ඇති කරන ලද අකමැත්ත ද නිසා ජවිපෙ අපේක්ෂකයා ජනාධිපති කිරීමට ඔවුහු සුදානම් නැත .


ජවිපෙට සැහෙන චන්ද සංඛ්‍යාවක් ලබාගන්නට තිබුණු හැකියාව ජවිපෙ නායකත්වය විසින් උවමනාවෙන්ම අතහැර දමා තිබේ ,. දෙමල සහ මුස්ලිම් ජනයාගේ ප්‍රශ්න, දුක් ගැනවිලි සහ ඉල්ලීම් පිළිබඳව රැඩිකල් විසඳුම් දීමට ජවිපෙ සුදානම් වුයේ නම් ආකර්ශනීය චන්ද සංඛ්‍යාවක් මෙවර ජවිපෙ ලබනවා පමණක් නොව ඊළඟ මහමැතිවරණයේදී වැඩි මන්ත්‍රි වරු පිරිසක් තේරී පත්වන බවටද සැකයක් නැත.


Image result for ELECTION RALLIES OF sAJITH PREMADASA


    කෙසේ වෙතත් ජවිපෙ මෙවර ලබන චන්ද ප්‍රතිශතය පෙර මැතිවරණ වලට වඩා ජනාධිපතිවරණයේදී ඉහල යාමට ඉඩ තිබේ .


තවත් වැදගත් කාරණාවක් කිව හැකිය .ජවිපෙ ලබන චන්ද සංඛ්‍යාව ඉහල යන්නට යන්නට වාසි වන්නේ ගෝටාභයටය .


දිනන්නේ කවුදැයි සාර්ථක අනුමානයක් කල හැක්කේ මැතිවරණ දිනය ආසන්න වූ විට පමණි .ඊට පෙර කියන අනාවැකි හුදෙක්ම පට්ටපල් බොරු පමණි .

Comments

Anonymous said…
දිනන්නා ගැන ඉවක්
චම්පිකට තියෙනවා
"කාලය"ට ලිපි ලියන
ගණිත මහ ඇදුරු තැන
ඒ මතය දරනවා
//දෙමල සහ මුස්ලිම් ජනයාගේ ප්‍රශ්න, දුක් ගැනවිලි සහ ඉල්ලීම් පිළිබඳව රැඩිකල් විසඳුම් දීමට ජවිපෙ සුදානම් වුයේ නම් ආකර්ශනීය චන්ද සංඛ්‍යාවක් මෙවර ජවිපෙ ලබනවා පමණක් නොව ඊළඟ මහමැතිවරණයේදී වැඩි මන්ත්‍රි වරු පිරිසක් තේරී පත්වන බවටද සැකයක් නැත.


වික්‍රමබාහු, මනෝ ගනේශන්ගේ පක්ශේ එක්ක එකතුවෙලා චන්දේ ඉල්ලන්න ගිහින් පුක බිම ඇනගත්තා මතක නැද්ද?
මනෝ ගනේෂන් නියෝජනය කරන්නේ උතුර නැගෙනහිර වසන දෙමල මුස්ලිම් ජනයා නොවේ
Anonymous said…
මහත්මයා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙක්ද?
//මනෝ ගනේෂන් නියෝජනය කරන්නේ උතුර නැගෙනහිර වසන දෙමල මුස්ලිම් ජනයා නොවේ

මෙහි දෙමල මුස්ලිම් වචන දෙක අතරට කොමා ලකුණක් දැමිය යුතුයි.

වික්‍රමබාහුට මේ පාර ශිවාජිලිංගම්ට කඩේ ගිහින් ඊලාම් ආතල් එකක් ගන්න පුළුවන්.

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...

ඒ කාලේ අපි කරුවලේ කරපු වැඩ

  "උඹ කොළඹ ගිහින් තියෙනවද ගුණදාස  ?" "නෑ " "උඹ කොළඹගිහින් තියෙනවද  සිරිපාල? " "නෑ " "උඹ කොළඹ ගිහින් තියෙනවද  පේමදාස? " "නෑ " ඒ  බාලාංශ පන්තිවල ඉගෙනගන්නා කාලයේ පන්තියේ කොල්ලන්ගෙන් මම  ඇසු ප්‍රශ්නයි  කෙල්ලන්ගෙන් කිසිදිනක එම ප්‍රශ්නය නොඇසුවෙමි  .හේතුව අසීමිත ලැජ්ජාව නිසාය  බැරිවෙලාවත් ඇහුවොත් දෙන පිළිතුර වන්නේ "පලයන් කොල්ලෝ යන්න " යන්නය.   .පන්තියේ  එවුන් එකෙක් වත් කොළඹ ගොස් නොතිබුණද  තුනේ පන්තිය වන විට  මම තුන් හතර  වරක් කොළඹ ගොස් ඇවිත්  සිටියෙමි .   .කොළඹ යාමට පින පැදුනු හේතුව  මෙසේය .      (මේ අපේ මාමා සේවය කළ DONALD'S ස්ටුඩියෝවේදී ගන්නා ලද චායාරුපයෙකි)         අපේ අම්මගේ මල්ලි හෙවත් මගේ මාමා චායාරුප ශිල්පියෙක් විය ඔහු සේවය කලේ කොළඹ මරදානේ  Donald's Studio හීය . නැවතී සිටියේ දෙහිවල කළුබෝවිල ප්‍රතිබිම්බාරාම පාරේ බෝඩිමකය එහි සිටියදී ඔහු ඇතිකරගත් ප්‍රේම සම්බන්ධය විවාහය දක්වා දික්විය .නැන්දාව කැන්දාගෙන ඒම සඳහා ගිය පිරිස අතර අවුරුදු 7 ක් වයසැති  මාද විය ...