Skip to main content

පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලන නාමල්ගේ මිතුරිය



     

      

          ඇය  නාමල් රාජපක්ෂ මහතාගේ මිතුරියක් වුවද  , කොළඹට චන්දය  ඉල්ලුවද ඇය  ගැන ලිපියක්  ලියන්නට   මේ මොහොත වෙන තුරු  මා සිතා  සිටියේ  නැත. ඊයේ මුහුණු පොතේ  පෝස්ටුවක් පළකලේ එය ප්‍රමාණවත් වෙතැයි සිතු   නිසාය . එහෙත් එහි පලකල පෝස්ටුවට  පළවූ ඇතැම් ප්‍රතිචාර සලකා බැලු විට ඇය  ගැන වැඩි දුර  යමක් ලිවීම අවශ්‍ය  බව  පෙනුණි. එය කොළඹ  චන්ද දායකයනට ඇය ගැන තීරණයක්  ගැනීමට දායක වනු ඇත .


 මේ  ආණ්ඩුව  බලයට  පැමිණි පසු  පත් කරනු ලැබූ  වරාය  , නාවික සහ සිවිල් ගුවන් සේවා ඇමති අර්ජුන රණතුංග වරයා  විසින් ශ්‍රී  ලංකන් ගුවන් සේවයේ දුෂණ සෙවීම සඳහා වැලිඅමුණ  කමිටුව  පත් කළ අතර එහිදී හෙළිවූ කරුණු  ඉතා  බරපතලය එම වාර්තාව අන්තර්  ජාලයේ තිබෙන අතර අවශ්‍ය අයෙකුට  කියවිය  හැක .  එබැවින්  මා  මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ  කොළඹ නගර සභාවට  පොදු ජන පෙරමුණේ පොහොට්ටුවෙන් තරඟ  කරන  මෙම අපේක්ෂිකාව  ගැන පමණක් ලිවීමටය 



ඇගේ  නම නිත්‍යා සේනානි සමරනායකය . ඇය කලක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ  ගුවන් සේවිකාවක් ලෙස  සේවය  කළාය. ඇගෙන් අමතර වැඩ   ගැනීමට  සිතු   නාමල් රාජපක්ෂ  මහතා , ජනධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත  කර ගැනීමට අවශ්‍ය  පියවර  ගත්තේය  . ඒ අනුව   ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා  ,  ජනධිපතිවරයාගේ  පුද්ගලික  ලේකම්ගේ  කාර්යාලයේ  විශේෂ ව්‍යාපෘති සම්බන්ධිකාරක ලෙස  2010 ජුනි 23 දින ඇයට පත්වීමක්  ලබාදුන්නේය . නියම කළ  මාසික වැටුප රු.35000.00 කි . ඊට අමතරව  ඉන්ධන දීමනාව  ලෙස රු. 22680.00 ක්ද ප්‍රවාහන දීමනාව  ලෙස රු. 30000.00ක්ද ඇයට මසකට ගෙවනු ලැබිණ .  අලුත් රැකියාවෙන් සමරනායක  මෙනෙවිය මසකට  ලැබූ  මුළු මුදල රු.87680.00 කි.


 ශ්‍රී ලන්කන් ගුවන් සේවය  ගැන සෙවීමට  පත් කරනු ලැබූ වැලිඅමුණ කමිටුව මේ සම්බන්ධයෙන් සේනානි සමරනායකගෙන් ප්‍රශ්න කරනු ලැබිණ . අසන ලද ඇතැම් ප්‍රශ්න වලට දුන්  පිළිතුරු මෙසේය .


ඇය  අරලියගහ  මන්දිරයේ සිට  කළ ව්‍යාපෘති මොනවාදැයි  ඇය නොදනී.


ඇයව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සිට  අරලියගහ මන්දිරයට  නිදහස්  කෙරුනේ  නාමල්  රාජපක්ෂ මහතාගේ  උවමනාවටය


අරලියගහ මන්දිරයේ හෝ  ජනාධිපති ලේකම් කාර්යාලයේ ඇය  සමග සේවය  කළ අනෙත් අයගේ නම් ඇයට මතක් කර  ගත  නොහැක . මතක තිබෙන්නේ දීපා  ලියනගේ  මිය  පමණි.


ඇය සේවය කරේ  ජනාධිපති ලේකම් කාර්යාලයේ නොවේ. අරලියගහ  මන්දිරයේය .එහෙත් ඇය සේවය  කළ කාර්යාලය    තිබුනේ අරලියගහ මන්දිරයේ හරියටම  කොතනදැයි කීමට  ඇයට නොහැකි විය . ඇය  කිවේ අරලියගහ  මන්දිරයේ කිසියම් තැනක එය තිබුණු බවය  .


 කාර්යාලයට පැමිණීම  සහ පිටවීම තහවුරු  කිරීම සඳහා  අත්සන් කිරීමට පොතක් තිබුනේ  නැත .


ඇයට ඉන්ධන දීමනාවක් සහ  ප්‍රවාහන  දීමනාවක්  සැපයු නමුත්  නාමල් විසින් ප්‍රවාහනය සැපයු බැවින් එම  මුදල් ඇය වැය  කලේ ඇගේ පුද්ගලික  උවමනාඑපා කම් සඳහාය.


ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් ඇය  නිදහස්  කරනු ලැබුවද  ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් නොකඩවා ඇයට සම්පුර්ණ වැටුප සහ පලදායිතා දීමනාවෙන් 50% ක් ද   ගෙවනු ලැබිණ . ඒ අනුව  ඇය මසකට ගුවන් සේවයෙන් ලැබූ මාසික වැටුප දල වශයෙන්  රු.70500.00 විය . දෙපැත්තෙන්ම ඇය ලැබූ මාසික ආදායම 158000.00 ක් විය.



අරලිය ගහ මන්දිරයේ ඇය පුර්ණ  කාලීනව  සේවය  කර  අතර තුර  2014 මාර්තු 27 දින ගුවන් සේවිකා තනතුරේ  උසස් වීමක්ද ඇයට  ලබා දී  තිබේ.



 2015 ජනවාරි 9 දින  මහින්ද රාජපක්ෂට  තනතුර  අහිමි වන තුරුම අරලියගහ මන්දිරයේ  ඇය සේවය  කර තිබේ. ඊට දින  තුනකට  පසු ඇය  යලිත් පරණ රැකියාවට  ගියාය. 


වැලි අමුණ වාර්තාව  කියු සිටින්නේ    ජනධිපති ලේකම් කාර්යාලයේ සේවයට  නොව   නාමල් රාජපක්ෂගේ  වැඩට  ඇය  යොදවා  ගෙන තිබෙන  බැවින් ඇයට වැටුප් ගෙවීම වැරදි  බවය. එබැවින් එමගින්  රජයට  සිදු කර තිබෙන  පාඩුව  රු 4,284,460 .00  කි. . 


ඇය  අරලිය ගහ මන්දිරයේ  සේවය  කරන  කාලය  තුලදී  ශ්‍රී ලංකන්  ගුවන් සේවය  ඇයට වැටුප් සහ දීමනා  ලෙස  ගෙවා  තිබෙන  මුළු මුදල රු.4,133, 622 .00 කි. එය  රජයට අයත් සමාගම් වලට අදාළ චක්‍ර ලේඛ අංක 33  උල්ලංඝනය කිරීමක් ලෙස වැලිඅමුණ වාර්තාව සඳහන්  කර තිබේ. එබැවින් මෙය සාපරාධි  ක්‍රියාවක් බව  සඳහන්  කරන කමිටුව මේ සම්බන්ධයෙන්  පරීක්ෂණයක්  පැවැත්වීය  යුතු යැයි කියා තිබේ.


සේනානායක මෙනෙවියගේ  කතාන්දරය  එතනින් අවසන් වන්නේ  නැත . වැලි අමුණ වාර්තාවෙන්  අවුරුද්දකට  පසු ඇය අත් අඩංගුවට  ගනු ලැබුවාය. ඒ පෙර සඳහන්  හේතු  උඩ  නොවේ. නාමල් රාජපක්ෂ මහතාට අයත් සමාගම් දෙක වූ N.R. consultation Pvt Ltd   සහ  Gowers Corporation Pvt Ltd හී  අධ්‍යක්ෂිකාවක ලෙස  කටයුතු කරමින් රු මිලියන 45 ක කළු සල්ලි සුදු සල්ලි කිරීමට ඇය සම්බන්ධ වූ බවට චෝදනා  කරමිනි .




Related image


එහෙත් ඒ  පිළිබඳව  කෙරුණු පරීක්ෂණයක් ගැන දැනගන්නට නැත  . එසේ  පරීක්ෂණයක්  පැවැත්වීමට හිටපු අධිකරණ අමාත්‍යවරයා වන  විජේදාස රාජපක්ෂ උනන්දු නොවීද? එසේත් නොවීනම්  නීතිපති දෙපාර්තමේන්තුව එය  යට ගැසුවාද?


ශ්‍රී ලංකන් ගුවන් සේවයේ දුෂණ සෙවීමට  ජනාධිපතිවරයා 2018 වසරේ  පළමු සතියේදී  කොමිසමක්  පත් කරන  බව දින  කීපයට  පෙර සඳහන්  කළ අතර  දඬුවම්  කෙසේ වෙතත්  හොඳ හොඳ සෙල්ලම් නම්  හෙලිවෙනු නොඅනුමානය .


පොහොට්ටුවෙන් කොළඹ  නගර සභාවට  ඉදිරිපත් වී සිටින සුජානි සමරනායක  මෙනෙවිය ඇගේ මුහුණු පොතේ  මෙසේ  ලියා තිබේ 


" රටට ලෝකයට ගැලපෙන නගරයක් ලෙස කොළබ නගරය ලෝකයේ ඉදිරියෙන් තැබීමට කොළඹ නගරය සංවර්ධනය කළ මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමට කොළඹ නගරය බාර දීමටත් ඔවුන් හරහා අභිමානවත් නගරයක් නිර්මාණය කර ගැනීම සදහා කැප වීමටත් අප සුදානම් බව මතක් කර සිටින්නෙමි..

ලස්සන කොළඹක්‌ තනන්නට ඔබත් අප සමග එක් වන්න."

සේනානි සමරනායක
කොළඹ මහා නගර සභා අපේක්ෂිකා
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ..




ඇයට චන්දයදී  කොළඹ නගර සභාවට පත් කර ගන්නවාද  නැද්ද  යන්න එහි චන්ද දායකයන්ට  භාරය 




Comments

තවත් එක් නාම්ල්ගෙ අදුරු රාත්‍රි යක්

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...