Skip to main content

විල්පත්තුව , ඇස්බැස්ටෝස් තේ , රුසියාව සහ ලංකාවේ රතු විප්ලවය


   


         දිග මාතෘකාවක්  යොදන්නට  සිදුවුයේ මගේ මේ  ඇත්ත  කතන්දරයට විල්පත්තුවත් , ඇස්බැස්ටෝස් තහඩුත් , තේ කොලත්,  රුසියාවත් , ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී විප්ලවයත්  දම්වැලක් සේ   ගැටගැසී  තිබෙන නිසාය . අපේ තේ කොලත් රුසියවේ ඇස්බැස්ටෝසුත් අතර තිබෙන සම්බන්ධය  ගැන දැන් කවුරුත් වාගේ දන්නා  බැවින් ඒ  ගැන මාගලක් වියන්නට  මා සුදානම් නැත .කෙසේ වෙතත්  අප  යැවූ තේ  බහාලුමක  කුරුමිණියෙක් සිටීම නිසා තාවකාලිකව  තේ  ගැනීම රුසියාව  නැවැත්වූ බව රුසියාවේ සිටින  ලංකාවේ තානාපතිවරයා  කියා  තිබෙන නමුත් ඇස්බැස්ටෝස් ද්‍රව්‍ය ආනයනය අත්හිටුවීමට  යාම නිසා  රුසියාව  මේ පියවර ගන්නට ඇතැයි ආණ්ඩුව අනුමාන  කරන  බවක්  පෙනේ.    මා මෙහි වැඩි අවධානයකින් ලියන්නට  යන්නේ ඇස්බැස්ටෝස් ඇත්තටම  අපව  ඉක්මනින් පරලොව  ගෙනියන්නට  ලක ලෑස්තිවී  සිටීද  නැද්ද  යන්න  ගැනත්  , චීස්  බටර් , ඇපල් , රෝස් කළ  කළුකුන්  එහෙම  පිටින්ම අපේ  කෑම  මේසයට  ගෙනත් දෙන බව   කියන  සමාජවාදයට   එරෙහිව ඇස්බැස්ටෝස් ප්‍රහාරයක් එල්ලවේද  යන්න ගැනත්ය  .


ඇස්බැස්ටෝස් නිෂ්පාදනයට අවශ්‍ය අමු ද්‍රව්‍යය  ලංකාවට  ගෙන්වීම  2018  ජනවාරි පළමුදා සිට  නවත්වන  බව  සිරිසේන  ජනාධිපතිවරයා  කිවේ  2015  අගෝස්තු  මාසයේය .එයට  විරුද්ධව එදා කතා  කරේ  කොම්පැනි  කාරයෝ  පමණය. අන් සියල්ලෝම වාගේ  ජනාධිපතිගේ  තීරණය  ගැන  ස්තෝත්‍ර  ගී  ගායනා  කළහ .


පුටින් උන්නැහේ  ලංකා තේ ආනයනයට පොල්ලක් දැමු විගසම   ඇස්බැස්ටෝස්  තහනම් කරන්නට  ගොස් සිරිසේන පුටින්ගෙන් සල්ලම් වූ බව  කියමින්  පණ්ඩිතයන්   සැලකිය යුතු පිරිසක්  බක බක  ගාන්නට  පටන් ගෙන තිබේ. විල්පත්තුව  බේරා ගන්නට දිවි පුදන්නට  තරම් කැක්කුමක් තිබෙන  බව  ප්‍රදර්ශනය  කරන අය ඇස්බැස්ටෝස්  ආරවුලේදී පුටින්ග්ගේ  කරට අත දමාගෙන  සිරිසේන ජනාධ්පතිවරයට හු කියන්නට  පටන් ගැනීම  හාස්‍ය ජනක එකම විකාරයක් මිස වෙන කුමක්ද?


                        පෙනහලිවලට ඇස්බැස්ටෝස්  දුවිලි  ගොස් ඇති අයුරු 

ඇස්බැස්ටෝස් භාවිතාව පරිසරයට මෙන්ම  මිනිසුන්ගේ සෞඛ්‍යට සැහෙන  තර්ජනයක්  බව   එම විෂය පිලිබඳ විශාරදයෝ පිළිගෙන  තිබේ. ඇස්බැස්ටෝස්  භාවිතාව අත හරින ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා සිටියේ  2006 තරම් ඈත  කාලයකදීය .එය  තහවරු  කිරීම සඳහා  ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්බැස්ටෝස් භාවිතාව ලොව්  පුරා  තහනම් කරන ලෙස  ඉල්ලමින්  නිකුත් කළ  නිවේදනය  පහත දක්වමි .



WHO Support for Global Asbestos Ban 

by Laurie Kazan-Allen


In October 2006, the World Health Organization (WHO) published a policy statement on the Elimination of Asbestos-Related Diseases which echoed the ILO's 2006 Resolution on Asbestos. Recognizing the health hazard posed by continued asbestos use, the WHO is calling for a worldwide ban:

“Bearing in mind there is no evidence for a threshold for the carcinogenic effect of asbestos and that increased cancer risks have been observed in populations exposed to very low levels, the most efficient way to eliminate asbestos-related diseases is to stop using all types of asbestos. Continued use of asbestos cement in the construction industry is a particular concern because the workforce is large, it is difficult to control exposure, and in-place materials have the potential; to deteriorate and pose a risk to those carrying out alterations, maintenance and demolition. In its various applications, asbestos can be replaced by some fibre materials and by other products which pose less or no risk to health.”1

October 17, 2006


සංවර්ධිත  රටවල් බොහොමයක ඇස්බැස්ටෝස්  භාවිතාව  තහනම්  කිරීමෙන් පසු  ඇස්බැස්ටෝස්  නිෂ්පාදක සමාගම් විසින් එයට විරුද්ධව නැගු  හඬ  කොතරම් බලවත් වීද  කියතොත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අදාළ ආයතනද  අක්‍රිය වූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයම  කියා  තිබේ. 


( Long after regional and national asbestos bans were implemented in much of the developed world, the United Nations' agencies responsible for safeguarding global occupational and public health remained paralyzed in the face of a massive propaganda campaign by the asbestos industry.) 

එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් එසේ වී  නම්  සිරිසේන ජනාධිපතිවරයා  රුසියාවේ  තේ පොල්ල ඉදිරියේ පසු බසින්නට වීම පුදුමයක්ද?


මා මෙහිදී  තවත්  කාරණාවක්  මතු කරන්නට  කැමතිය. ඒ විල්පත්තුව  ගැනය. වරින් වර  විල්පත්තු  ප්‍රශ්නය මතු කරන්නට  පෙළපාලි යන්නට සැහෙන  පිරිසක්  සිටිති. ඊයේ පෙරේදාද  පරිසක් කොළඹට රැස්වී විල්පත්තුව සුරැකිමට බෝඩ් උසාගෙන සිටියහ.ගස්කොලන් , වනාන්තර වෙනුවෙන් මිනිස්සු ඉදිරියට ඒම මිනිසුන් දියුණුවී ඇති බවට  හොඳ නිදසුනකි. එහෙත්  මත්තල අක්කර 2000 ක  වනාන්තරයක්  කපා එහි සිටි සතුන් චීනුන්ගේ  කොරියන් කාරයන්ගේ කෑම මේසය  මතට ආ නමුත් එයට විරුද්ධව කතා  කරපු අය  නැති තරම්ය. මාධ්‍ය වේදීන් නම් ඒ ගැන  ටිකක් හෝ  පත්තරවලට  ලිවුහ .සිංහරාජය ඇතුලේ  හෝටල් ඉදිකිරීමට  සිංහරාජය එලි පෙහෙළි කරන විට  ඒවාට එරෙහිව  කට අරින්නට අය සිටියේම  නැත. නාමල් රාජපක්ෂ සිංහරාජයේ හෝටලයක් ඉදි කළ  බවත් දක්ෂිණ අධි වේගී  මාර්ගයේ වැලිපැන්න  පිවිසුමේ සිට ඒ  හෝටලය දක්වා කාපට්  පාරක් දැමු බවත්  කියනු ලැබේ. එහි සත්‍ය අසත්‍ය තාවය  මා  නොදන්නා  නමුත් සිංහරාජය අසල සහ ඇතුලේ  හෝටල් 12 ක්  තිබෙන බව අන්තර්ජාලය පිරිස්සු විට  පෙනේ. ඒවාට  එරෙහිව  කවුරුත්  කතා  කලේ නැත .


විල්පත්තුව  කපා  මුස්ලිම් ගම්මාන  තනන  බවත් එමගින් තමන්ගේ මුලික අයිතිවාසිකම් අහිමි වෙන බවත්  කියමින් පරිසර සංවිධාන දෙකක්  ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පැවරු නමුත්  මේ වසරේ අගෝස්තු මාසයේ උසාවිය එම  නඩුව විසිකර දැම්මේ නඩුව අසන්නට තරම් වත් එහි කරුණු නැති  බව කියමිනි  .එයට  හේතුව ලෙස  උසාවිය  කිවේ හෙළි පෙහෙළි කරන්නේ විල්පත්තුව නොව විල්පත්තුව අවට  යුද්ධයට  පෙර  තිබුණු මුස්ලිම් ගම්මාන  තිබු ප්‍රදේශ  බවය.  උසාවිය  ඉංග්‍රීසි  බසින් එය කිවේ මෙසේය.


 However, it was observed by the court that the resettlement had taken place according to the law and civilians were resettled on the original lands of the settlers which they had inhabited before the evacuations took place during the 30-year war against the LTTE.


  එවැනි තීන්දුවක් දී  තිබියදී  නැවත  නැවත විල්පත්තුව අවට  ගම්මාන  තැනීමට එරෙහිව  උද්ඝෝෂණය  කරන්නේ  අවංක චේතනාවකින් නොවන  බව   පැහැදිලිය .


.

කෙසේ වෙතත්  පරිසරය සුරකින්නට  තිබෙන උවමනාව ඇස්බැස්ටෝස් විරෝධයක් දක්වා දික් කරන්නට පරිසරය  ගැන උනන්දු වන අයට  නැත. . ඇස්බැස්ටෝස් මුළු ලෝකයේම  තහනම් කරන  ලෙස  එක්සත් ජාතීන්ගේ සංවිධානය  ඉල්ලා සිටියත් අපට ඒ ගැන වගේ වගක් නැත .බ්‍රසීලය  ඇස්බැස්ටෝස් නිපදවන රටක් වුවත් , ඇස්බැස්ටෝස් නිධි හැරිම , ඇස්බැස්ටෝස්  භාවිතය සහ  අලෙවිය  තහනම්   කරමින් එරට  ශ්‍රේෂ්ටාධිකරණය ගිය  මාසයේ තීන්දුවක් දුන්නේ එය මිනිසුන්ගේ සෞඛ්‍යයට බලවත් හානියක්  නිසාය .  ඇස්බැස්ටෝස් අපේ රටේ තහනම් කරන  ලෙස අපේ  පරිසරවේදීන්  මා දන්නා තරමින් ඉල්ලා  නැත . ජනාධිපතිවරයාට රුසියාවේ  බලපෑම  හමුවේ  තහනම  ඉවත් කරගන්නට  පහසු වුවේද අපි ඒ ගැන  උනදුවක් නැති නිසාය .




 රුසියාව  ලංකවෙන්  තේ  මිලදී  ගැනීම අඩු කර  තිබෙන්නේ මේ ආණ්ඩුව  බලයට  පත් වීමෙන්  පසුව නොවේ. 2014 වර්ෂයේ සිට රුසියාව  ලංකාවෙන් තේ මිලදී  ගැනීම  ක්‍රමනුකුලව් අඩු කර තිබේ. Daily Mirror පත්‍රයේ පලවූ වාර්තාවකට අනුව   2013 වර්ෂයේ ඇමරිකානු ඩොලර් මිලියන  240.32 ක් වටිනා තේ  ලංකාවෙන්  මිලදී  ගත් නමුත් ඉන්පසු ක්‍රමානුකුලව එය අඩු කර තිබේ. ඒ මෙසේය .

2014  ඇ.ඩො. මිලියන 228.27

2015  ඇ.ඩො. මිලියන 156.65

2016 ඇ.ඩො. මිලියන් 142.55 


රුසියාව අපේ ප්‍රධානතම තේ ගැනුම් කරුවා නොවේ. 2014 වර්ෂයේදී ඔවුන් අපගේ තේ අපනයනයන්ගෙන්  14.18% ක් මිලදී ගත නමුත් මේ වන මිලදී  ගන්නේ 11% ක් පමණි . අපෙන් වැඩියෙන්ම  තේ මිලදී  ගන්නේ මැද පෙරදිග අරාබි රටවල්ය . එය 33.62 % ක් පමණ වේ .


කෙසේ වෙතත් රුසියාව  අපේ තේ මිලදී  ගැනීම අත් හිටුවීම නිසා අපේ ආර්ථිකයට වැදුනේ බඩ අල්ලාගෙන  කෙඳිරි  ගෑවෙන තරමට සැර  පහරකි.  තේ  කම්හල්කු හිමියන්ඩා විසින් කුඩා  තේ වතු හිමියන්ගෙන් මිලදී  ගන්නා අමු තේ  කිලෝවකට  මුදල  රු 12 කින් වහා අඩු කර තිමෙන්  එහි බලපෑම  කොතරම් දැයි  වටහා  ගත  හැකිය .



රුසියාව විසින් අපේ  රිදෙන්නට  ගැසීම  ගැන අපේ සමාජවාදී සහෝදරවරුද  කල්පනාවට  ගත  යුත්තකි. විශේෂයෙන්ම  ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරුය .මන්ද  ඔවුන් 2020 දී මැතිවරණයෙන් බලය  ලබාගෙන සමාජවාදී ආණ්ඩුවක්  පිහිටවන  බව  කියන  නිසාය .


2020  මහා  මැතිවරණයේදී බහුතර ආසන සංඛ්‍යාවක් දිනා  ජවිපෙ පිහිටුවන්නේ සමාජවාදී ආණ්ඩුවක් නම් උතුර කොරියාව , සහ  කියුබාව  හැර අන් සියලුම රටවල් එම ආණ්ඩුව පෙරලා දැමීමට   පියවර  ගන්නා බවට  කිසිදු සැකයක් නැත .   ලංකාවේ තේ වලට  පමණක් නොව ඇඟලුම් ඇතුළු සියලු අපනයන  භාණ්ඩවලට ඔවුන්  තහංචි  පනවනු ඇත.. එවිට රටතුල ඇතිවෙන  තත්වය කුමක්දැයි අපට  නම් අනුමාන  කළ හැක. සියලු ඇඟලුම්  හල් වැසි  ලක්ෂගනනකගේ  රැකියා අහිමිවනු ඇත  .පිටරටින්  පරිප්පු ටිකක් තබා   තෙල්  ටිකක් ගෙන්වා   ගැනීමටද විනිමය  නැතිවෙනු ඇත . තෙල් වලටද  තහංන්චි පැනවීම ස්ථිර  බැවින් අපට  සිද්ධ වන්නේ  කැකුණ  ගස් වවා කැකුණ තෙල් වලින් පාන් පත්තු  කරන්නටය .ඇල්වතුරෙන් වාහන දුවන්නටය 

.( රටට  කන්නටවත්  පොල් නැති බැවින් පොල් තෙල්  ගැන  කතා කල යුතු නැත )




                                                                  කියුබාව 

එබැවින්  ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවක්  පිහිටෙව්වද  ඔවුන්ට සිද්ධ වන්නේද සමාජවාදය දර මඩුවේ තැන්පත් කර  ධනපති ආණ්ඩුවක්  පිහිටුවන්නටය . දුෂණයට එරෙහිව ඔවුන් දැඩි  පියවර  ගන්නා  බවට සැකයක් නැතත් රටේ ආර්ථිකය  ගොඩ නගන්නට ඔවුන්ට  පුළුවන් වන්නේ  නැත . ධනපති  ක්‍රමය  ලෝකයට  ණය වී  හෝ  පවත්වාගෙන  යන්නට ජවිපෙට වඩා  හොඳට  රනිල් ලා ,සිරිසේනලා  සහ රාජපක්ෂලා දනිති.


බර්ටි රණවීරගේ 




           
          

Comments

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා