Skip to main content

2018 දේශපාලන අනාවැකි



                  


        ඉකුත් ජනාධිපතිවරණයට සති කීපයක්  තිබියදී Colombo Telegraph පත්තරයට  ලිපියක් ලියමින්  ජනාධිපතිවරණයෙන්  මෛත්‍රි   දිනන බව  මා කිවේ  නැකත් බලා නොවේ.   දේශපාලන  පක්ෂවල  හැසිරීම සහ  ජන විඥානය හැදෑරීමෙනි . මා   මේ ලිපියෙන් 2018 වසරේ දේශපාලන අනාවැකි  කියන්නේද  එලෙසමය .

    

  ගිය අවුරුද්ද අවසන් වීමට  පෙර ආණ්ඩුව  පෙරලීමට  මහින්ද රාජපක්ෂ මහතා අසමත් වීම නිසා  ඔහුගේ  අනුගාමිකයන්  2018 වසරට  පා තබන්නේ අතෘප්තියෙන්  බවට සැකයක් නැත . එබැවින් ඔවුන් තව දුරටත් රඳවා  තබා  ගැනීමට  නම් 2018 අවසන් වීමට  පෙර ආණ්ඩුව  පෙරලන බව කිව යුතුව තිබේ. දැනටමත් ප්‍රසන්න රණතුංග  මහතා ඒ  ගැන ප්‍රකාශයක් කර තිබේ.හොඳින් හෝ නරකෙන් 2018 දී  ආණ්ඩුව  පෙරලන බවකීම  එම ප්‍රකාශයයි .


Related image



මහින්ද+මෛත්‍රී ආණ්ඩුවක් ?


කෙසේ වෙතත්  2018 දී ආණ්ඩුව  පෙරලන්නට  හැකිවෙන ලකුණක්  නම් දකින්නට නැත  එයට හේතුව  නම් මහින්ද  පාර්ශවයෙත්  මෛත්‍රී පාර්ශවයෙත්  මන්ත්‍රීවරු එකතු වුවද  113  ක් නැති නිසාය.  දෙපැත්තටම සිටින්නේ  මන්ත්‍රීවරු  95 දෙනෙකු පමණි  ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය  ඉතිරි 18  ලබා  ගැනීමට නම්  දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 16 දෙනාගේ ද, ඩග්ලස් දේවානන්දගේ EPDP සහයද  මුස්ලිම් කොංග්‍රසයේ සහයද  ලබා  ගැනීමට සිදුවේ. එහෙත්  හදාගෙන  යන නව ව්‍යවස්ථාවෙන්  රට  බෙදෙන බව  මහින්ද  පාර්ශ්වය දිගින් දිගටම  ප්‍රකාශ  කර තිබෙන බැවින් දෙමල  ජාතික සන්ධානය  මහින්දට ආණ්ඩුවක්  පිහිටුවීමට   සහය දෙතැයි කිසිසේත් අපේක්ෂා  කළ  නොහැක .


2017 දෙසැම්බර්  මාසයේ සිදුවීම් විග්‍රහ  කළවිට පැහැදිලි වන්නේ  මහින්ද රාජපක්ෂ  මහතාගේ  පාර්ශවය  ක්‍රමක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින  බවය .  පළාත් පාලන චන්දය ආසන්න වන්නට වන්නට තව  තවත් මහින්ද  පාර්ශ්වයේ  පිරිස්  මෛත්‍රී පාර්ශවයට එකතු විය  හැකිය . එබැවින් 2018  වසර  තුලදී මහින්ද  පාර්ශ්වය  දුර්වල වී  මෛත්‍රීපාල   මහතා ගේ  පාර්ශ්වය  ශක්තිමත්  වීමට බෙහෙවින් ඉඩ  තිබේ.


මෛත්‍රිපාල  පාර්ශවය දිගින් දිගට ශක්තිමත් ලෙස තබා  ගැනීම හෝ නොගැනීම තීරණය වන්නේ  ඔහු විසින් ගන්නා  ක්‍රියා  මාර්ග අනුවය. ඔහු  බලයට  පැමිණ ජනවාරි 8 දිනට අවුරුදු තුනක් සම්පුර්ණ වේ. ඔහුගේ  පසුගිය  අවුරුදු තුන තුලදී ගත් ක්‍රියාමාර්ග  ගැන  ඔහු  බලයට ගෙන ඒමට  සහය දුන් බලවේග සිටින්නේ එතරම් සතුටකින් නොවේ. .එයට හේතුව වන්නේ     හොරුන්ට සහ අපරාධකරුවන්ට එරෙහිව තීරණාත්මක ලෙස  කටයුතු කිරීමට ඔහු අසමත් වීමත් , දෙමල ජනයාගේ දැවෙන  ප්‍රශ්ණ විසඳීමට එතරම් උනන්දුවක්  නොදැක්වීමත්  , පොදු අපේක්ෂකයාගේ/ජනධිපතිවරයාගේ  ස්ථාවරයෙන් ඈත්වී ශ්‍රීලංකා  නිදහස්  පක්ෂයේ  නායකයා  ලෙස  කටයුතු කරන්නට  යාමත් නිසාය .එහෙත්   එය හිතු තරමින් සාර්ථක නොවී මහින්ද වටා  පිරිසක් ගොඩ නැගුනේ  මෛත්‍රී විසින් මහින්ද පිලේ අයගේ ඔලුව අතගා තමන් වෙත  කැඳවා  ගැනීමට  හැකිවෙනු ඇතැයි උපකල්පනය  කළ නිසාය.  එබැවින් 2018 වසරේ සිට ඔහු ගන්නා   බව  කියන  කඩුව  නිකම් එහාට මෙහාට වනා බලවත් නායකයෙක් බවට  පත් විමට නොහැකි වනු ඇත . සමහර විට ඔහු මෙය අවබෝධ  කරගෙන සිටිනවා  විය  හැක .මෙතෙක් පවත්වාගෙන  ආ  වැනෙන  ප්‍රතිපත්තිය අතහැර දමා  තීරණාත්මක  ලෙස කටයුතු  කළහොත් මහින්ද  පිළ 2018 අවසන් වන විට  බොහෝ දුරට දුර්වල වී  තිබෙනු ඇත .


UNP තනි ආණ්ඩුවක් පිහිටවයිද?


ජාතික  ආණ්ඩුව  ලෙස  හඳුන්වන  ශ්‍රීලංකා+ යුඑන්පි ආණ්ඩුව  වෙනුවට එක්සත් ජාතික  පක්ෂයේ  තනි ආණ්ඩුවක්  පිහිටුවීමේ  ඉඩකඩක්  තවමත් දැකීමට නුපුළුවන. එසේ වීමට  නම් මෛත්‍රී සහ එක්සත් ජාතික  පක්ෂය අතර  බලවත් ගැටුමක් ඇතිවය යුතුය . මහින්ද වටා  බලවේගයක් තිබෙනතුරු  මෛත්රිද එක්සත් ජාතික  පක්ෂය සමග ලොකු  හැප්පිල්ලකට යාමට ඉඩ  කඩ  නැත  .එහෙත්  බැඳුම්කර කොමිසම් වාර්තාව මගින්  විසින්  එක්සත් ජාතික  පක්ෂයේ නායකයන් වැරදි කරුවන් බව  කියා  තිබුනහොත් මෛත්‍රීට නිහඬව සිටීමට නොහැක . එහිදී පසුබිමක් තුළ මෛත්‍රී රනිල් ආණ්ඩුව  කිසියම් දෙදෙරිමකට  භාජනය වීම වැළක්විය නොහැකි වුවද   මෛත්‍රී  +රනිල් ආණ්ඩුව 2018 වසර අවසානයක්  තෙක් පවතින බවට සැකයක් නැත .

Related image

පළාත් පාලන චන්දයෙන් කවුරු දිනාවිද?

  පවත්වන  පළාත්පාලන චන්දයේ  ප්‍රතිඵල තීරණාත්මකය  . උතුර  හැර අන් ප්‍රදේශවල මහ නගර සභා  බලය බොහෝ විට එක්සත් ජාතික  පක්ෂය  අත්පත් කරගැනීමට  ඉඩ තිබේ. නැගෙනහිර ඇතැම් තැනක මුස්ලිම් කොන්ග්‍රසය  බලය අත් කරගනු ඇත  . බොහෝ නගර  නගර සභාවල  සහ ප්‍රාදේශීය සභාවල බලය   එක්සත්  ජාතික පක්ෂයේ සහ  මෛත්රිගේ ශ්‍රීලනිපය  සන්ධාන ගතවී අත්කරගනු ඇතැයි සිතිය හැක . මහින්ද පිළට ඇතැම්  විටෙක ප්‍රාදේශීය සභා ඉතා සුළු ගණනක  බලය අත්පත්  කරගැනීමට  ඉඩ නැත්තේ  නැත . ශ්‍රී ලංකා නිදහස්  පක්ෂය  බෙදී තිබියදී එහි වාසිය අත්වන්නේ එක්සත් ජාතික  පක්ෂයට නිසාය .


ජනතා විමුක්ති පෙරමුණට වාසිද?


ජනතා විමුක්ති පෙරමුණට  එකම ප්‍රාදේශීය සභාවකවත්  බලය ලැබෙතැයි  සිතීමට  හේතු නැත. එහෙත් 2015 මහා මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ ලබා  ගත චන්ද  ප්‍රමාණයට වඩා  චන්ද ප්‍රමාණයක්  ලබා   ගැනීමට  එම පක්ෂයට හැකිවනු ඇතැයි විශ්වාස  කළ හැක. එයට  හේතු දෙකක්  තිබේ. එක හේතුවක්   වන්නේ  ජවිපෙ නොවන  අපේක්ෂයකන් රැසක්   සීනුවෙන් තරඟ  බිමට බස්සවා  තිබීමය. දෙවන  හේතුව වන්නේ   තරුණ තරුණියන්ගේ විරැකියා ප්‍රශ්නය  තරමක් දුරටවත්   විසඳීමට ආණ්ඩුව අපොහොසත් වීම නිසාය. එබැවින් බලාපොරොත්තු කඩවූ  තරුණ තරුණියන්ගෙන්  කිසියම් ප්‍රතිශතයක් ජවිපෙට  චන්දය දීමට  ඉඩ තිබේ.  


පී.බර්ටි රණවීරගේ 


ලිපිය  පිලිබඳ  ඔබේ අදහස් සහ අනාවැකි  පහත  කොමෙන්ටු තීරයේ  ලිවිය  හැක .

Comments

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...