Skip to main content

Posts

Showing posts from May, 2018

ප්‍රභාකරන් , විජේවීර සහ රාජිත

    රාජිත සේනාරත්න අමාත්‍යවරයා විසින් ,මිස්ට ප්‍රභාකරන් සමග  කොම්රෙඩ් විජේවීර  සංසන්දනය කිරීම නිසා ජවිපෙ අනුගාමිකයන්ට මලයකා වැහි තිබේ.    මියගිය තම සහෝදරවරුන් සිහි කිරීමට ජනතා විමුක්ති පෙරමුණට හැකිනම්  යුද්ධයෙන් මිය  ගිය  තම ඥාතින් සිහි කිරීමට උතුරේ වැසියන්ටද නොහැකි මන්දැයි    රාජිත විසින්  මාජ්ජ වේදී  කියන දෙතුන් දෙනෙකුගෙන්   පෙරලා  ඇසීම  නිසා  දේශ පෙරේමි  කියා කියා  ගන්නා  තවත්  කෂ්ටියකට මහසෝනා වැසි තිබේ .  ඒ අතර දඹදිව විසු බුදුන්වහන්සේගේ  නොව  නල මාර්ගයෙන්  ලංකාවේ  උපද්දවන  ලද   බුජුන් වහන්සේගේ අනුගාමිකයන්ට රාජිතගේ දෙවන  ප්‍රකාශය නිසා  මල  පැන තිබේ . දඹදිව  ඉපදී වසර  45  ක් තිස්සේ යුද්ධය නොව සාමය දේශනා  කළ  ගෞතම  බුදුන් වහන්සේට මහත් ඉහලින් ගරු  කරන  අපට ද රාජිතගේ එම ප්‍රකාශ දෙක සම්බන්ධයෙන්  මතයක්  තිබේ .එය මෙහි අප ලියන්නේ යලිත් මේ රටේ  ලේ  ගංගාවල් ගැලීම නවත්වන්නට අපට  කල හැකි දේ  අප කළ යුතු නිසාය . අපි 1971  කැරැල්ල දුටුවෙමු . 1987-89 භීෂණය අත් දුටුවෙමු . අවුරුදු 27 ක් පුරා ලේ ගංගා  ගලා  ගිය  යුද්ධය දුටුවෙමු . එබැවින්  රාජිත සේනාරත්න  කිව්වේ ඇත්තක්ද ?

කොටි සමතලා කළේ මහින්දද ?රනිල්ද? නැත්තම් ප්‍රභාකරන් මද?

       ත්‍රී වීල් අය්යලාට  අනුව  නම් කොටි සංවිධානය  පරාජය  කළේ  මහින්ද  රාජපක්ෂ  මිස අන් කිසිවෙකු නොවේ. එහෙත් එය ඇත්තක්ද ? මේ  ගැන දීර්ඝ  ලිපියක් ලියන්නට  කරුණු ඇතත්   ඉතා  කෙටියෙන්  පිළිතුරක් ලියන්නට  මා  කැමතිය . ඇත්ත වශයෙන්ම  LTTE සංවිධානය පරාජයට  ප්‍රධානතම හේතුව වුයේ    ප්‍රභාකරන් ගේ අදුරදර්ශී තීරණ  නිසාය . ඔහු සහ ඔහුගේ හෙන්චය්යින් අතර  මැදි විසඳුමකට ඒමට  කිසිසේත්  සුදානම් නොවූ බැවින් ඔවුන්ගේ  උපදේශක ඇන්ටන් බාලසිංහම් ඔවුන් අත්හැර  යන්නට  ගියේය . ඔහු කළ  පළමු ගොන් කම  නම් රජිව්  ගාන්ධි මරා දැමීමය එහි ප්‍රතිපලය ,කොටි  පරාජය කිරීමට  ලංකාණ්ඩුවට දිය  හැකි     උපරිම  සහය දීමට ඉන්දියානු ආණ්ඩුව තීරණය  කළේය . ඉන්දියාව  කොටින්ට සහය දුන්නේ  නම් කොටි  පරාජය  කිරීමට ලංකාණ්ඩුවට  ඉන්දියාව  කිසි සේත්  ඉඩ දෙන්නේ  නැත .මෙය  නොපිළිගන්නා  අයෙක් වෙතොත්  ජේ ආර් විසින් දියත් කළ වඩමාරච්චි සටන නවතා  හමුදාව ආපසු ගෙන්වා  ගැනීමට සිදුවීම , සහ  ඉන්දියානු  යුධ ගුවන්  යානා සමග  පැමිණි  යානා  විසින් යාපනයට  පරිප්පු දැමීම ගැන  නැවත  කියවා  බැලීමට  යෝජනා  කරමි. LTTE සංව

කන්‍යාවන් එපා කි හැරි කුමාරයා

  ලංකාවේ  අපි  පමණක්  නොව ඉන්දියාවේ   , පකිස්ථානයේ සහ තවත් බොහෝආසියාතික  රටවල  කොල්ලන්  සියයට සියයක් වාගේම  කසාද  බඳින්නට  හොයන්නේ කන්‍යා භාවය තිබෙන  කෙල්ලන්ය .  අරාබි  කරයේ  නම් හොයන්නේ  කන්‍යා  භාවය  පමණක්  නොව කොල්ලෙක්ගේ බැල්මක් වත්  නොවැදුණු  කෙල්ලන්ය . එපමණ ක්  නම් කමක් නැත . කාන්තා අයිතීන් ගැන දේශනා පවත්වන  විප්ලවවාදීන් ට  පවා  කරකාර  බැඳගන්නට  හොයන්නේ  කන්‍යා  කුලකුමරියන්ය .  එය එසේ  වුවත්   රජපවුලේ  කොල්ලෙක් , කන්‍යාවන්  දස දහස්  ගණනක් තමා  හා දීග  යන්නට එක පයින් සුදනම්වී  සිටියදී , ඔවුන් තඹ  පයිසෙකට ගණන් නොගෙන තවත් මිනිහෙකු සමග අවුරුදු දෙකක්  දීග  කෑ ගැහැනියක්ව  මේ මැයි මාසේ 19 වෙනිදා  ලෝකෙටම අඬබෙර  ගසා බෙල්ලේ එල්ලා  ගන්නට තීරණය කර තිබේ . ඒ වෙන  කවුරුවත්  නොව එංගලන්තයේ රැජිණගේ මුනුබුරෙකු වන,  ඩයනාගේ සහ චාර්ල්ස්  කුමාරයාගේ බාල පුත්‍රයා වන හැරී  කුමාරයාය . ඔහු කරකාර  බැඳගන්නට  යන්නේ  ඇමරිකානු පුරවැසියෙකු වන මෙගාන් මාකල්ය .  ටෙලි නාට්‍ය සහ චිත්‍රපට  නිලියක් වූ ඇය චිත්‍රපට නළුවෙකු සහ  නිෂ්පාදකයෙකු වන ට්‍රෙවර් එංගල්සන් සමග 2011 සිට 2013 දක්වා අවුරුදු දෙකක්  දීග  කා දික්ක

ලෝකය හෙල්ලූ කාල් මාක්ස්

            කාල් මාක්ස් මෙලොවට පැමිණ  අදට  (2018 -05-05 ) අවුරුදු 200 ක් සම්පුර්ණ වේ .  මේ  ලිපියෙන් මාක්ස්වාදය  පිළිබඳව විග්‍රහයක් කිරීමට අපේක්ෂා නොකරන අතර ඔහුගේ ජීවිත  කතාව සංක්ෂිප ලෙස ලිවිම පමණක් මගේ අරමුණ වේ .මාක්ස්  කවුදැයි අපේ පාඨකයන්ට හඳුන්වා දීම මගේ යුතුකමක් ලෙස මා සලකමි .ධනවතෙකු වීමට අපමණ අවස්ථා සහ හැකියාව තිබු මාක්ස්  , එය මුළුමනින්ම  ප්‍රතික්ෂේප  කොට ඉතා දුක්ඛිත ජීවිත ගතකළ සහ ගත  කරන  ලොව පුරා වැඩකරන මිනිසුන්ගේ  ජීවිත සැපවත් කිරීම සඳහා නව මාවතක් ලොවට පෙන්වා දීමට  ඔහු  සිය ජීවිත  කාලයම  කැප කළේය        කාල් මාක්ස් උපන්නේ 1818 මැයි මස පස්වනදා ප්‍රසියාවේ ට්‍රියර් නගරයේ මධ්‍යම පාන්තික පවුලකය . ( ප්‍රසියාව යනු වත්මන්  ජර්මනිය සහ යුරෝපා රටවල් කීපයක කොටස් වලින් තනන  ලද  1932 දක්වා  පැවති රාජ්‍යයකි ) ඔහුගේ මව සහ පියා යුදෙව්වන් වුහ.  පියා වූ හෙන්රිච් මාර්ක්ස් බොහෝ දුරට නිරගමිකයෙකු වූ අතර වෘත්තියෙන්  නීතිඥයෙකු විය .ඔහුට අයත් මිදිවතුද  තිබිණ  .මව, හෙන්රියට් ප්‍රෙස්බුර්ග් නම්  නෙදර්ලන්ත යුදෙව්  කාන්තාවක් වූ අතර  ඇයද ධනවත් ව්‍යාපාරික  පවුලක සාමාජිකාවක් වුවාය .මාර්ක්ස්ට සහෝ