Skip to main content

කොටි සමතලා කළේ මහින්දද ?රනිල්ද? නැත්තම් ප්‍රභාකරන් මද?




Image result for prabhakarans last battle

     

 ත්‍රී වීල් අය්යලාට  අනුව  නම් කොටි සංවිධානය  පරාජය  කළේ  මහින්ද  රාජපක්ෂ  මිස අන් කිසිවෙකු නොවේ. එහෙත් එය ඇත්තක්ද ?


මේ  ගැන දීර්ඝ  ලිපියක් ලියන්නට  කරුණු ඇතත්   ඉතා  කෙටියෙන්  පිළිතුරක් ලියන්නට  මා  කැමතිය .


ඇත්ත වශයෙන්ම  LTTE සංවිධානය පරාජයට  ප්‍රධානතම හේතුව වුයේ    ප්‍රභාකරන් ගේ අදුරදර්ශී තීරණ  නිසාය . ඔහු සහ ඔහුගේ හෙන්චය්යින් අතර  මැදි විසඳුමකට ඒමට  කිසිසේත්  සුදානම් නොවූ බැවින් ඔවුන්ගේ  උපදේශක ඇන්ටන් බාලසිංහම් ඔවුන් අත්හැර  යන්නට  ගියේය .




Image result for rajiv gandhi killing

ඔහු කළ  පළමු ගොන් කම  නම් රජිව්  ගාන්ධි මරා දැමීමය එහි ප්‍රතිපලය ,කොටි  පරාජය කිරීමට  ලංකාණ්ඩුවට දිය  හැකි     උපරිම  සහය දීමට ඉන්දියානු ආණ්ඩුව තීරණය  කළේය . ඉන්දියාව  කොටින්ට සහය දුන්නේ  නම් කොටි  පරාජය  කිරීමට ලංකාණ්ඩුවට  ඉන්දියාව  කිසි සේත්  ඉඩ දෙන්නේ  නැත .මෙය  නොපිළිගන්නා  අයෙක් වෙතොත්  ජේ ආර් විසින් දියත් කළ වඩමාරච්චි සටන නවතා  හමුදාව ආපසු ගෙන්වා  ගැනීමට සිදුවීම , සහ  ඉන්දියානු  යුධ ගුවන්  යානා සමග  පැමිණි  යානා  විසින් යාපනයට  පරිප්පු දැමීම ගැන  නැවත  කියවා  බැලීමට  යෝජනා  කරමි.




Related image

LTTE සංවිධානයේ  පරාජයට  බලපෑ දෙවෙනි ප්‍රධාන  කාරණාව වන්නේ 2002 වසරේදී  නොර්වේ රාජ්‍යයේ මෙහෙයවීමෙන් රනිල් වික්‍රමසිංහ සහ ප්‍රභාකරන් අතර අත්සන් කළ සටන් විරාම  ගිවිසුමය .මෙම ගිවිසුමෙන් අමානන්දනයට  පත් උතුරු නැගෙනහිර දෙමල  ජනයා යලිත් ජීවිතය  ගොඩනගා  ගැනීම සඳහා මහත් බලාපොරොත්තු ඇති  කරගත්හ . සටන් විරාම ගිවිසුමේ දෙවන ප්‍රතිඵලය  ලෙස LTTE සංවිධානයේ දැවැන්තම  පිපිරිම සිදුවිය . කරුණාගේ ප්‍රධානත්වයෙන් තිබු  නැගෙනහිර  කොටි හමුදාව  කරුණා විසින් විසුරුවා  හැරීම දක්වා එම  පිපිරිම බලවත් විය  .කරුණා විසින්  ගන්නා  ලද එම  පියවර කොටි සංවිධානයේ  පරිහානියට  කොතරම් බලපෑවේද  යන්න අවබෝධ  කරගැනීමට  තමිලිනි ලිව්‍ 'තියුණු අසිපත සෙවන  යට ' කියවිය යුතුය .


තමිලිනි ගේ  පොත  ගැන  මා 2016  මාර්තු  මස  මා  මේ  බ්ලොග් අඩවියට ලියු  ලිපිය කියවුවහොත්  ඔබට  එය  පැහැදිලි වෙනු ඇත 







 සටන් විරාම  ගිවිසුම කඩකරමින් කොටින්  යලි යුද්ධයට සුදානම් වීම  උතුරේ  ජනයා  නොයිවසු අතර  එතැන් පටන් උතුරේ  මිනිසුන්  කොටින්ට සහය නොදුන් බව  තමිලිනි  සිය ග්‍රන්ථයේ සඳහන්  කර තිබේ . එබැවින්  කොටින්ගේ පරාජයට  බලපෑ  දෙවන   කාරණාව වන්නේ  රනිල්-ප්‍රභා  සටන් විරාම  ගිවිසුමය .



ඉන්දියානු  සාම සාධක  හමුදාව විසින් කොටින්ට එරෙහිව  කරන  ලද  සටන්ද  කොටි ව්‍යාපාරය  දුර්වල  කිරීමට  හේතු සාධක විය  . ඔවුන් විසින්  යාපනය අර්ධ ද්වීපය කොටින්ගෙන් නිදහස්  කර  ගත් අතර  ප්‍රේමදාස  ජනාධිපතිවරයා  ඉන්දියානු හමුදාව  ආපසු  යැවීම නිසා  කොටි  යලිත්  යාපන අර්ධද්වීපය  අල්ලා  ගත්තේය .  යලිත්  උතුරු  ප්‍රදේශය පමණක් නොව  මන්නාරම සහ අවට  හමුදාව විසින් අල්ල  ගත්තේ  චන්ද්‍රිකා  බණ්ඩාරනායක  ජනාධිපතිවරියගේ  පාලන සමයේය . LTTE සංවිධානය චන්ද්‍රිකා  මර දැමීමට බෝම්බ  පිපිරෙව්වේද ඒ පලිය  ගැනීමටය .


සරත් ෆොන්සේකා හමුදාපතිවරයා ගේ යුධ සැලසුම් සහ  දැඩි අධිෂ්ඨානය LTTE පරාජයට තීරණාත්මක  ලෙස  බලපෑ  බව  අමුතුවෙන් කිවයුතු  නැත . ලෝකයේ සිටින දක්ෂතම  හමුදාපතිවරයා  ඔහු බව  කියන්නට  මහින්දට සිදුවුයේ ඒ නිසාය 



ඉහත කි සියළු  වාසි සහගත  තත්වයන් සහ    මහින්ද  රාජපක්ෂ මහතාගේ නොසැලුණු  නායකත්වය මෙන්ම   ඔහු විසින් අත දිග  හැර  යුද්ධයට මුදල් වියදම්  කිරීම ,   අවසාන වෙඩිල්ල  නන්දිකඩාල්  කලපුවේදී ප්‍රභාකරන්ට  එල්ල  කරන්නට  හමුදාවට  හැකිවූ බව ඉතා  පැහැදිලිය  .


 තමිලිනි  ලිව්  පොත  පිලිබඳ ලිපිය පහත  ලින්කුවෙන් කියවිය  හැක .



http://sudukukula.blogspot.com/2016/05/blog-post_24.html

Comments

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා