Skip to main content

කොටි සමතලා කළේ මහින්දද ?රනිල්ද? නැත්තම් ප්‍රභාකරන් මද?




Image result for prabhakarans last battle

     

 ත්‍රී වීල් අය්යලාට  අනුව  නම් කොටි සංවිධානය  පරාජය  කළේ  මහින්ද  රාජපක්ෂ  මිස අන් කිසිවෙකු නොවේ. එහෙත් එය ඇත්තක්ද ?


මේ  ගැන දීර්ඝ  ලිපියක් ලියන්නට  කරුණු ඇතත්   ඉතා  කෙටියෙන්  පිළිතුරක් ලියන්නට  මා  කැමතිය .


ඇත්ත වශයෙන්ම  LTTE සංවිධානය පරාජයට  ප්‍රධානතම හේතුව වුයේ    ප්‍රභාකරන් ගේ අදුරදර්ශී තීරණ  නිසාය . ඔහු සහ ඔහුගේ හෙන්චය්යින් අතර  මැදි විසඳුමකට ඒමට  කිසිසේත්  සුදානම් නොවූ බැවින් ඔවුන්ගේ  උපදේශක ඇන්ටන් බාලසිංහම් ඔවුන් අත්හැර  යන්නට  ගියේය .




Image result for rajiv gandhi killing

ඔහු කළ  පළමු ගොන් කම  නම් රජිව්  ගාන්ධි මරා දැමීමය එහි ප්‍රතිපලය ,කොටි  පරාජය කිරීමට  ලංකාණ්ඩුවට දිය  හැකි     උපරිම  සහය දීමට ඉන්දියානු ආණ්ඩුව තීරණය  කළේය . ඉන්දියාව  කොටින්ට සහය දුන්නේ  නම් කොටි  පරාජය  කිරීමට ලංකාණ්ඩුවට  ඉන්දියාව  කිසි සේත්  ඉඩ දෙන්නේ  නැත .මෙය  නොපිළිගන්නා  අයෙක් වෙතොත්  ජේ ආර් විසින් දියත් කළ වඩමාරච්චි සටන නවතා  හමුදාව ආපසු ගෙන්වා  ගැනීමට සිදුවීම , සහ  ඉන්දියානු  යුධ ගුවන්  යානා සමග  පැමිණි  යානා  විසින් යාපනයට  පරිප්පු දැමීම ගැන  නැවත  කියවා  බැලීමට  යෝජනා  කරමි.




Related image

LTTE සංවිධානයේ  පරාජයට  බලපෑ දෙවෙනි ප්‍රධාන  කාරණාව වන්නේ 2002 වසරේදී  නොර්වේ රාජ්‍යයේ මෙහෙයවීමෙන් රනිල් වික්‍රමසිංහ සහ ප්‍රභාකරන් අතර අත්සන් කළ සටන් විරාම  ගිවිසුමය .මෙම ගිවිසුමෙන් අමානන්දනයට  පත් උතුරු නැගෙනහිර දෙමල  ජනයා යලිත් ජීවිතය  ගොඩනගා  ගැනීම සඳහා මහත් බලාපොරොත්තු ඇති  කරගත්හ . සටන් විරාම ගිවිසුමේ දෙවන ප්‍රතිඵලය  ලෙස LTTE සංවිධානයේ දැවැන්තම  පිපිරිම සිදුවිය . කරුණාගේ ප්‍රධානත්වයෙන් තිබු  නැගෙනහිර  කොටි හමුදාව  කරුණා විසින් විසුරුවා  හැරීම දක්වා එම  පිපිරිම බලවත් විය  .කරුණා විසින්  ගන්නා  ලද එම  පියවර කොටි සංවිධානයේ  පරිහානියට  කොතරම් බලපෑවේද  යන්න අවබෝධ  කරගැනීමට  තමිලිනි ලිව්‍ 'තියුණු අසිපත සෙවන  යට ' කියවිය යුතුය .


තමිලිනි ගේ  පොත  ගැන  මා 2016  මාර්තු  මස  මා  මේ  බ්ලොග් අඩවියට ලියු  ලිපිය කියවුවහොත්  ඔබට  එය  පැහැදිලි වෙනු ඇත 







 සටන් විරාම  ගිවිසුම කඩකරමින් කොටින්  යලි යුද්ධයට සුදානම් වීම  උතුරේ  ජනයා  නොයිවසු අතර  එතැන් පටන් උතුරේ  මිනිසුන්  කොටින්ට සහය නොදුන් බව  තමිලිනි  සිය ග්‍රන්ථයේ සඳහන්  කර තිබේ . එබැවින්  කොටින්ගේ පරාජයට  බලපෑ  දෙවන   කාරණාව වන්නේ  රනිල්-ප්‍රභා  සටන් විරාම  ගිවිසුමය .



ඉන්දියානු  සාම සාධක  හමුදාව විසින් කොටින්ට එරෙහිව  කරන  ලද  සටන්ද  කොටි ව්‍යාපාරය  දුර්වල  කිරීමට  හේතු සාධක විය  . ඔවුන් විසින්  යාපනය අර්ධ ද්වීපය කොටින්ගෙන් නිදහස්  කර  ගත් අතර  ප්‍රේමදාස  ජනාධිපතිවරයා  ඉන්දියානු හමුදාව  ආපසු  යැවීම නිසා  කොටි  යලිත්  යාපන අර්ධද්වීපය  අල්ලා  ගත්තේය .  යලිත්  උතුරු  ප්‍රදේශය පමණක් නොව  මන්නාරම සහ අවට  හමුදාව විසින් අල්ල  ගත්තේ  චන්ද්‍රිකා  බණ්ඩාරනායක  ජනාධිපතිවරියගේ  පාලන සමයේය . LTTE සංවිධානය චන්ද්‍රිකා  මර දැමීමට බෝම්බ  පිපිරෙව්වේද ඒ පලිය  ගැනීමටය .


සරත් ෆොන්සේකා හමුදාපතිවරයා ගේ යුධ සැලසුම් සහ  දැඩි අධිෂ්ඨානය LTTE පරාජයට තීරණාත්මක  ලෙස  බලපෑ  බව  අමුතුවෙන් කිවයුතු  නැත . ලෝකයේ සිටින දක්ෂතම  හමුදාපතිවරයා  ඔහු බව  කියන්නට  මහින්දට සිදුවුයේ ඒ නිසාය 



ඉහත කි සියළු  වාසි සහගත  තත්වයන් සහ    මහින්ද  රාජපක්ෂ මහතාගේ නොසැලුණු  නායකත්වය මෙන්ම   ඔහු විසින් අත දිග  හැර  යුද්ධයට මුදල් වියදම්  කිරීම ,   අවසාන වෙඩිල්ල  නන්දිකඩාල්  කලපුවේදී ප්‍රභාකරන්ට  එල්ල  කරන්නට  හමුදාවට  හැකිවූ බව ඉතා  පැහැදිලිය  .


 තමිලිනි  ලිව්  පොත  පිලිබඳ ලිපිය පහත  ලින්කුවෙන් කියවිය  හැක .



http://sudukukula.blogspot.com/2016/05/blog-post_24.html

Comments

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...