Skip to main content

කන්‍යාවන් එපා කි හැරි කුමාරයා




Image result for meghan markle's parents

  ලංකාවේ  අපි  පමණක්  නොව ඉන්දියාවේ   , පකිස්ථානයේ සහ තවත් බොහෝආසියාතික  රටවල  කොල්ලන්  සියයට සියයක් වාගේම  කසාද  බඳින්නට  හොයන්නේ කන්‍යා භාවය තිබෙන  කෙල්ලන්ය .  අරාබි  කරයේ  නම් හොයන්නේ  කන්‍යා  භාවය  පමණක්  නොව කොල්ලෙක්ගේ බැල්මක් වත්  නොවැදුණු  කෙල්ලන්ය . එපමණ ක්  නම් කමක් නැත . කාන්තා අයිතීන් ගැන දේශනා පවත්වන  විප්ලවවාදීන් ට  පවා  කරකාර  බැඳගන්නට  හොයන්නේ  කන්‍යා  කුලකුමරියන්ය .  එය එසේ  වුවත්   රජපවුලේ  කොල්ලෙක් , කන්‍යාවන්  දස දහස්  ගණනක් තමා  හා දීග  යන්නට එක පයින් සුදනම්වී  සිටියදී , ඔවුන් තඹ  පයිසෙකට ගණන් නොගෙන තවත් මිනිහෙකු සමග අවුරුදු දෙකක්  දීග  කෑ ගැහැනියක්ව  මේ මැයි මාසේ 19 වෙනිදා  ලෝකෙටම අඬබෙර  ගසා බෙල්ලේ එල්ලා  ගන්නට තීරණය කර තිබේ .


ඒ වෙන  කවුරුවත්  නොව එංගලන්තයේ රැජිණගේ මුනුබුරෙකු වන,  ඩයනාගේ සහ චාර්ල්ස්  කුමාරයාගේ බාල පුත්‍රයා වන හැරී  කුමාරයාය . ඔහු කරකාර  බැඳගන්නට  යන්නේ  ඇමරිකානු පුරවැසියෙකු වන මෙගාන් මාකල්ය .  ටෙලි නාට්‍ය සහ චිත්‍රපට  නිලියක් වූ ඇය චිත්‍රපට නළුවෙකු සහ  නිෂ්පාදකයෙකු වන ට්‍රෙවර් එංගල්සන් සමග 2011 සිට 2013 දක්වා අවුරුදු දෙකක්  දීග  කා දික්කසාද වුවාය. හැරී කුමාරයට  ඇයව  මුණගැසෙන්නේ ඉන් පසුවය .

හැරී  කුමාරයා මාකල්ව  හමුවීමට  පෙර  ගැහැණු ළමුන් 10 දෙනෙකු සමග වරින් වර රෝන්දේ  ගිය  නමුත්  2016 දී මාකල් ව  හමුවීමෙන් පසු ඇයට වශී විය . ඇයව විවාහ  කරගන්නට  ඔහු  තීරණය  කලේ හමුවී  මාස කිපයකින්ය . ඉන්පසු  ඇය සමග සතියක් අප්‍රිකාවේ වන සතුන් නැරඹු ඔහු ඇය  කසාද  බැඳගන්නට  උවමනා  බව  රජපවුලට දැනුම් දුන්නේය .



                       හැරී  පරණ  පෙම්වතියක් සමග 

      ලංකාවේ ධනවත්  පවුලක  කොල්ලෙක් මාකල් වැනි ගැහැනියක්ව  කසාද  බැඳ ගන්නට  ගියොත් ඔහුගේ  අම්මා සහ  තාත්තා  කනේරු ඇට  කා දිවි නසා  ගන්නවාට සැක නැත . එහෙත් රජ පවුලේ උදවිය මෙම විවාහයට විරුද්ධවූ බවට  කිසිදු වාර්තාවක්  නැති අතර  19 වනදා වින්ඩ්සර් මාලිගාවේ පැවැත්වෙන  මේ ජෝඩුවගේ මංගල්‍යට රජ පවුලේ පුර්ණ ආශීර්වාදය  හිමිවී  තිබේ .


මෙගාන් මාර්කල්  කවුද?


හැරි කුමාරයා ට වඩා  අවුරුදු  තුනකින් වැඩි මහල් මාකල් රංග  කලාව සහ  ජාත්‍යන්තර  කටයුතු  විෂයයන් සඳහා  උපාධියක් ලබා  තිබෙන අතර  ටෙලි නාට්‍ය  ගණනාවක සහ   චිත්‍රපට කීපයක්  රඟ පා තිබේ.  ඇගේ  මව  ඩොරියා රග්ලන්ඩ් සමාජ සේවිකාවක් මෙන්ම යෝග උපදේශිකාවක් ද වන්නීය . ඇය  කළු ජාතික  කාන්තවකි .ඇගේ  මුතුන් මිත්තන් අප්‍රිකාවෙන් ගෙන එන ලද වහල්ලු වෙති . සුදු ඇමරිකානුවෙකු වන ඇගේ පියා  තෝමස්  මාර්කල් චිත්‍රපට සඳහා ආලෝකය සැපයීමේ  වෘත්තියේ  නිරත වූවෙකි ඔහු ලන්දේසි  ,ඉංග්‍රීසි සහ අයර්ලන්ත යන රටවලින් ඇමරිකාවට  පැමිණ  පදිංචිවූ මුතුන් මිත්තන්ගෙන් පැවත එන්නෙකි .


කෙසේ වෙතත්  මාර්කල්ගේ මව සහ පියා, මාකල් කුඩා  කාලයේදී  දික්කසාද වූ අතර  මව  ඇමරිකාවේද පියා  මෙක්සිකෝවේද  ජීවත්වෙති .  විවාහ  උත්සවය සඳහා ඔවුන් දෙපොලටද ආරාධනා  යවා ඇතත් පත්තර  කාරයෙකු විසින් කරන ලද අවුලක් හේතුවෙන් මාකල්ගේ පියාට  හදිසි  හර්දයබාධයක් වැළඳීම නිසා  මංගල්‍යයට සහභාගී වීමට  නොහැකි වෙන  ලකුණු පහල වී තිබේ . එහෙත් ඇගේ  මව  රාජකීය මංගල්‍යට සහභාගී වීම සඳහා  මේ වන විටත් එංගලන්තයට පැමිණ සිටි.


Image result for meghan markle's parents

              මාකල්  සහ ඇගේ මව ඩොරියා

 

Image result for meghan markle  and father

                                    මාකල්  පියා සමග 


 තමන් සුදු කළු  කවලම් දරුවෙකු වීම ගැන   ආඩම්බර වන බව  මාකල්  කියයි. 




The couple released their official engagement photos shortly before Christmas

දේශපාලකයට ආරාධනා  නැහැ 


 මාස  කීපයක සිට කෙන්සිංටන්  මාලිගාව අසල  මන්දිරයක  ජීවත්වන  හැරීගේ සහ මාකල්ගේ    විවාහ  උත්සවයට  බ්‍රිතාන්‍ය අගමැතිනිය, ඇමරිකානු  ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  ඇතුළු දේශපාලකයන්ට ආරාධනා  නොකිරීමට හැරි කුමරු සහ  මාකල්  තීරණය  කළ බව බ්‍රිතාන්‍යයේ Sun පුවත්පත  කියා  තිබේ .


රාජකීය පවුලකින් විවාහයක්  කරගනු වෙනුවට දික්කසාද වූ  වයසින් වැඩි සුදු කළු ගැහැණියක් විවාහ  කර  ගැනීමටත් මංගල්‍යයට දේශපාලකයනට ආරාධනා  නොකිරීමටත්  හැරි කුමරු තීරණය කිරීම රජගෙදර සිදු කළ  පුංචි පහේ විප්ලවයක්  ලෙස  හැඳින්වීම සාධාරණය .






Comments

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...