Skip to main content

ප්‍රභාකරන් , විජේවීර සහ රාජිත




Image result for prabhakaran and rhana wijeweera



    රාජිත සේනාරත්න අමාත්‍යවරයා විසින් ,මිස්ට ප්‍රභාකරන් සමග  කොම්රෙඩ් විජේවීර  සංසන්දනය කිරීම නිසා ජවිපෙ අනුගාමිකයන්ට මලයකා වැහි තිබේ. 



  මියගිය තම සහෝදරවරුන් සිහි කිරීමට ජනතා විමුක්ති පෙරමුණට හැකිනම්  යුද්ධයෙන් මිය  ගිය  තම ඥාතින් සිහි කිරීමට උතුරේ වැසියන්ටද නොහැකි මන්දැයි    රාජිත විසින්  මාජ්ජ වේදී  කියන දෙතුන් දෙනෙකුගෙන්   පෙරලා  ඇසීම  නිසා  දේශ පෙරේමි  කියා කියා  ගන්නා  තවත්  කෂ්ටියකට මහසෝනා වැසි තිබේ .



 ඒ අතර දඹදිව විසු බුදුන්වහන්සේගේ  නොව  නල මාර්ගයෙන්  ලංකාවේ  උපද්දවන  ලද   බුජුන් වහන්සේගේ අනුගාමිකයන්ට රාජිතගේ දෙවන  ප්‍රකාශය නිසා  මල  පැන තිබේ .


දඹදිව  ඉපදී වසර  45  ක් තිස්සේ යුද්ධය නොව සාමය දේශනා  කළ  ගෞතම  බුදුන් වහන්සේට මහත් ඉහලින් ගරු  කරන  අපට ද රාජිතගේ එම ප්‍රකාශ දෙක සම්බන්ධයෙන්  මතයක්  තිබේ .එය මෙහි අප ලියන්නේ යලිත් මේ රටේ  ලේ  ගංගාවල් ගැලීම නවත්වන්නට අපට  කල හැකි දේ  අප කළ යුතු නිසාය .


අපි 1971  කැරැල්ල දුටුවෙමු . 1987-89 භීෂණය අත් දුටුවෙමු . අවුරුදු 27 ක් පුරා ලේ ගංගා  ගලා  ගිය  යුද්ධය දුටුවෙමු . එබැවින්  රාජිත සේනාරත්න  කිව්වේ ඇත්තක්ද ? නැත්තක්ද? යන්න ගැන විමසා  බලන්නට අපට සුදුසු කම්  තිබේ .


 තිරුවෙන්කඩම් වේලුපිල්ලෙයි  ප්‍රභාකරන් සහ පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර අතර සමාන  කම් මෙන්ම අසමාන  කම් ද  තිබේ .


දෙදෙනා අතර  තිබු අසමානකම්  මොනවාද?


 ප්‍රභා උතුරේ  සහ නැගෙනහිර වෙනම රාජ්‍යයක් පිහිටුවා  ගැනීම අරමුණ  කරගත් අතර වීජේවීරගේ අරමුණ වුයේ ලංකාවම අල්ලා  ගන්නටය.



 ප්‍රභාකරන් සමාජවාදය නොපිළිගත් අතර  විජේවීර  ස්ටාලින්  ආදර්ශයට ගත් සමාජවාදියෙකු විය. 


ප්‍රභාකරන්ගේ සංවිධානය  දෙමලුන්, මුස්ලිම් ජාතිකයන්  සහ සිංහලයන් ඝාතනය  කළ අතර විජේවීරගේ සංවිධානය දෙමළුන් හෝ මුස්ලිම් ජාතිකයන්  ඝාතනය  නොකළේය . විජේවීර අණදුන්නේ ජවිපෙ  මතවාදයට විරුද්ධව කතා  කළ  හෝ ක්‍රියා  කළ හෝ සිංහල පිරිස්  ඝාතනය  කරන්නටය  .


ප්‍රභාකරන්ගේ  හමුදාව  නැගෙනහිර සිංහල  ගම්මානවලට  ගොස් පොඩි එකාගේ සිට කපා  කොටා මරා දැමු   නමුත් විජේවීරගේ  හමුදාව  පොඩි එවුන්  කපා  කොටා මැරු බවට වාර්තා  නැත  


 දශක  දෙකක්  පමණ  උතුරේ සහ නැගෙනහිර විශාල  ප්‍රදේශයක් පාලනය  කරන්නට ප්‍රභාකරන්ට  හැකිවූ නමුත් දකුණේ එක වර්ග  කිලෝමීටරයක් වත්  පාලනය  කරන්නට විජේවීරට  එක දවසක්වත්  හැකි වුයේ  නැත . 


ප්‍රභාකරන් අවුරුදු 27 ක් ආණ්ඩුවලට එරෙහිව සන්නද්ධ සටනක් කළ අතර  විජේවීරට හැකිවුයේ යන්තම් අවුරුදු  තුනක්  පමණි .



ප්‍රභාකරන් නවීන අවි ආයුධ භාවිතා  කරමින් ලංකාණ්ඩුවට එරෙහිව සටන් කළ අතර විජේවීර    ගල්කටස් වලින් ආණ්ඩුවට එරෙහිව සටන් කළේය .ඔවුන්ට නවීන අවි  තිබුනේ අල්පයක් පමණි .



ප්‍රභාකරන්ට 2002 සටන් විරාම  ගිවිසුම දක්වා  දෙමල  ජනයාගේ සහය සැලකිය  යුතු මට්ටමින් ලැබුණු නමුත්   රෝහණ විජේවීරට මහජනයාගෙන්  5%ක වත්  සහයෝගයක් ලබා  ගැනීමට පුළුවන් වුයේ නැත .


ප්‍රභාකරන් සිය ජීවිතයේ අවසන් සටන කරන අවස්ථාවේ  තම දරුවන්ට සහ  බිරිඳට කරදරයක්  නොකරන  ලෙස ආණ්ඩුවේ හමුදාවලින් ඉල්ලා  නොසිටි අතර  විජේවීර අල්ලා  ගැනීමට   බ්‍රිගේඩියර්  ජානක පෙරේරා  හමුදා භටයන් සමග   පැමිණි විට තම දරුවන්ට සහ බිරිඳට  කිසිදු කරදරයක් නොකරන ලෙස  විජේවීර   ඉල්ලා සිටියේය .


 ප්‍රභාකරන් අවසාන  මොහොත දක්වා  යටත් නොවූ  අතර  විජේවීර අල්ලා  ගන්නට ආ  හමුදා  කණ්ඩායමේ  ප්‍රධානියාවූ  බ්‍රිගේඩියර්  ජානක  පෙරේරා වීජේවීරගේ  ඔලුවට  පිස්තෝලයක් එල්ල  කල විට තමා විජේවීර  බව  පිළිගෙන   යටත් විය .


ඒ විජේවීර සහ  ප්‍රභාකරන් අතර තිබු අසමානකම්ය . ඔවුන් දෙදෙනා අතර  තිබු සමානකම් මොනවාද?


විජේවීර සිය  අරමුණ  තම ජීවිත  කාලය  තුළ   ඉටු කර  ගැනීමේ අරමුණෙන්    නොපසු බස්නා  උත්සාහයෙන් කටයුතු කළ නායකයෙකි . ඒ සඳහා අති විශාල  කැපවීමක් කළ පුද්ගලයෙකි .  ඔහු සිහිනයෙන්ද දුටුවේ ඔහු විශ්වාස කළ සමාජවාදී  ආණ්ඩුවක්  පිහිටවීම  ගැනය . 


ඊලාම්  රාජ්‍යයක්  පිහිටුවා  ගැනීම සඳහා වූ ප්‍රභාකරන්ගේ  කැපවීම ද විජේවීරගේ  කැපවීම හා සමානය. 


ප්‍රභාකරන්ට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ  උතුරු නැගෙනහිර දෙමල  ප්‍රදේශවල  හැර  අන් සෑම ප්‍රදේශයකම  ප්‍රබල මතවාදයක් ගෙනගියේය . එහෙත් එකම කොටි සාමාජිකයෙකුවත් මරා   දමන්නට තබා  අල්පෙනෙත්තකින් වත් අනින්නට විජේවීර තීරණය  නොකළ අතර   . ප්‍රභාකරන්ද  රෝහණ විජේවීරගේ සංවිධානයේ එකම සාමාජිකයෙකුටවත් අල්පෙනෙත්තකින්වත් ඇන්නේ නැත . 



  තමා ගේ සංවිධානය තුළ  ජීවිත  පරිත්‍යාගයෙන් ක්‍රියා  කළ  ඇතැමුන් මරා දැමීමට ප්‍රභාකරන් එක  මොහොතක් හෝ පැකුලුනේ  නැත .ඔහුගේ දෙවෙනියා වූ  'මහත්තයා ' ඉන්දියානු ඔත්තු කරුවෙකැයි සැක කළ  ප්‍රභාකරන්  ඔහුට  මරණ දඬුවම දුන්නේය . LTTE සංවිධානයේ ආරම්භයෙදී එහි මධ්‍යම  කාරක සභාවේ සභාපතිවු  උමා  මහේෂ්වරන් මරා  දමන්නට  ප්‍රභාකරන් ඉන්දියාවේදී  උත්සාහ  කළේය .එය අසාර්ථක වුවත් ඔහු මරා  දැමීමට ප්‍රභාකරන්  ඔහු පසු පස  හඹා  ගියේය . රෝහණ විජේවීරද එසේම විය .ජවිපෙ වෙනුවෙන් කොතරම් කැප වුවද ජවිපෙ අත්හැර  ගොස් වෙනත් දේශපාලනයක්  කළ  කිසිවෙකු පන පිටින් සිටිනු දකින්නට විජේවීර  කැමති වුයේ නැත 1971 දී විජේවීර යාපනය  හිරගෙදරින් බේරා  ගැනීමට ගියාවුද,  1971 දී සිරගත  කල විට ,  හිරගෙදරින් කීපවරක් පැන අවුත් යලි ජවිපෙ ගොඩ නැගුවාවුද, නන්දන  මාරසිංහ වැන්නන් මරා දමන ලෙස නියෝග දෙන්නට විජේවීර  මොහොතක්  පැකිලුනේ  නැත . 1987 -11-27  දින අනුරාධපුරයේ පොලේදී ඔහු  මරා දමනු ලැබිණ .




Image result for නන්දන මාරසිංහ

   ජවිපෙ 'විමුක්ති ගී 'කණ්ඩායමේ  ගී ගයන  නන්දන මාරසිංහ පින්තුරයේ දකුණු පස සිටි 


ඉන්දු ලංකා  ගිවිසුම හරහා  ඉන්දියානු හමුදාව  ලංකාවට  ගෙන්වා  ගැනීම පිළිබඳව විජේවීර විරුද්ධ විය. ප්‍රභාකරන්ද  එලෙසම ඉන්දියානු  හමුදාවට  විරුද්ධ  විය 


ඉන්දු ලංකා  ගිවිසුම  යටතේ පළාත් සභා  පිහිටුවීමට එරෙහිව විජේවීර  යුද්ධ  ප්‍රකාශ  කළේය . එමගින් රට කෑලි  අටකට කැඩී  යන බව ඔහු කිවේය . ප්‍රභාකරන්ද පළාත්සභා  පිහිටුවීමට  දැඩි ලෙස  විරුද්ධ විය. ඔහු එයට විරුද්ධ වුයේ එය  තම සිහිනය වූ ඊළමා පිහිටුවීම වැලක්වීමට අටවන  ලද  උගුලක්  බව කියමින්ය .


ඉන්දු ලංකා  ගිවිසුමට  පක්ෂ  පාතිවු උතුරේ සංවිධාන සහ නායකයන්  විනාශ   කිරීමට ප්‍රභාකරන්  නියෝග දුන් අතර ඒ අනුව උතුරේ විශාල මිනිස්  ඝාතන  ප්‍රමාණයක් LTTE විසින් කරනු ලැබිය . ඉන්දු ලංකා  ගිවිසුමට  පක්ෂපාතිවු  සංවිධාන  විනාශ  කිරීමට විජේවීර නියෝග  දුන් අතර  ඒ අනුව  ජවිපෙ සන්නද්ධ කණ්ඩායම වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය දේශපාලන  පක්ෂ රැසක් තහනම් කළ අතර  ඒවායේ ක්‍රියාකාරීන් රැසක්   ඝාතනය කරනු ලැබිණ .




    Image result for uma maheshwaran

                                PLOTE සංවිධානයේ  නායක  උමා  මහේෂ්වරන් 


ප්‍රභාකරන් උතුරේ  ක්රියාකාරිවු  වාමාංශික සංවිධාන වල  නායකයන් සහ  සාමාජිකයන්  ඝාතනය  කළේය.  EPRLF සහ  PLOTE  යන සංවිධාන මාක්ස්වාදී  මත දරන්නවුන්ගෙන් සමන්විත  විය .ප්‍රභාකරන්  එම සංවිධානයන්හි  බොහෝ නායකයන් සහ සාමාජිකයන් රැසක්  ඝාතනය  කළේය.  තමන්ගේ සංවිධානය  හැර  වෙනත් කිසිදු සංවිධානයකට පවතින්නට ඔහු ඉඩ දුන්නේ  නැත . විජේවීරද  සිටියේ එම  මතයේමය . 1988-1-18 දින  ජවිපෙ තුවක්කු කණ්ඩායම වූ දේශප්‍රේමී  ජනතා  ව්‍යාපාරය  නිවේදනයක් නිකුත් කරමින් මහජන  පක්ෂය , ලංකා සම සමාජ  පක්ෂය , ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට්  පක්ෂය  ,නව සම සමාජ පක්ෂය ,සහ  ජවිඑපං වෙන්වී පිහිටුවාගෙන සිටි කුඩා සංවිධාන  තහනම්  කළේය . ඉන්පසු   එම  පක්ෂවල නායකයන් සහ සාමාජිකයන් රැසක්  මරා දැම්මේය . විජය  කුමාරතුංග  නායකත්වය  දුන් මහජන  පක්ෂයේ නායකයන් සහ සාමාජිකයන් රැසක් ඝාතනය  කළ අතර   ලංකා සම සමාජ  පක්ෂයේද  ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට්  පක්ෂයේද වික්‍රමබාහුගේ නායකත්වයෙන් යුතු නව සම සමාජ  පක්ෂයේද නායකයන් සහ සාමාජිකයන් රැසක්  විජේවීරගේ  දේශප්‍රේමී  ව්‍යාපාරය විසින්  ඔවුන්ට විරුද්ධව කිසිදු සන්නද්ධ  ක්‍රියාවක නිරත නොවී සිටියදී ඝාතනය  කර  දැම්මේය .13 නවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට  පක්ෂපාති වීම ඔවුන් මරා දැමීමට එකම හේතුව  විය . කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය  නායකයා වූ දයා  පතිරණ මීට  පෙරම මරා දමා   තිබිණ . ඔහු මරා දැම්මේ 1986 දෙසැම්බර් 15 වනදාය .



තමන්ට  හැර අන් අයට දේශපාලනය  කිරීමට ඉඩ නොදීම  දේශපාලන වාග් මාලාවේ  හඳුන්වන්නේ ෆැසිස්ට් වාදය  ලෙසය. ඒ අනුව ප්‍රභාකරන් ෆැසිස්ට් වාදියෙකු වූ සේම විජේවීරද  ෆැසිස්ට් වාදියෙකු විය .


ඉහත  කරුණු සලකා  බැලු විට විජේවීර සහ ප්‍රභාකරන් අතර  බොහෝ සමානකම්  තිබේ. රාජිත සේනාරත්න අමාත්‍යවරයා  ප්‍රභාකරන්ගේ සංවිධානය සහ  විජේවීරගේ සංවිධානය  සමාන බව  කිවේ  ඉහත  කරුණු අනුව  විය  හැක .



මෙහිදී ජවිපෙ අනුගාමිකයන්  වාමාංශිකයන්  මරා දැමීමට  හේතුව  ලෙස  ඉදිරිපත් කරන්නේ    ' ප්‍රා '  සංවිධානය  පළමුව ජවිපෙ සාමාජිකයන් ඝාතනය කිරීම  නිසා  බවය . එහෙත් 87-89 ජවිපෙ කැරැල්ල  පිළිබඳව දීර්ඝකාලීන අධ්‍යයනයක්  කළ  ලේඛකයෙකු වන ධර්මන් වික්‍රමරත්න  ඔහුගේ ' ජවිපෙ දෙවෙනි කැරැල්ල '  නමැති ඔහුගේ  කෘතියේ ලියා  තිබෙන්නේ 'ප්‍රා'  හෙවත්  මහජන  විප්ලවකාරි රතු  හමුදාව (PRRA)  සංවිධානය ඇරඹුණේ විජය  කුමාරතුංග  මහතා  ඝාතනය  කිරීමෙන්  පසුව  බවය. විජය  කුමාරතුංග  මහතා  ජවිපෙ විසින් ඝාතනය  කළේ 1988 පෙබරවාරි 16 වනදාය . ප්‍රා සංවිධානයේ  පළමු ප්‍රතිපත්ති ප්‍රකාශය  නිකුත් කර ඇත්තේ 1988 අගෝස්තු පලමුදාය .



ධර්මන්  වික්‍රමරත්න  මහතාට අනුව  ප්‍රා සංවිධානය  බිහි කර  ලද්දේ මහජන  පක්ෂයේ විජයගෙන් පසු නායකයා වූ  ඔසී අබේගුණසේකර ,සහ  හලාවත පොඩි සිල්වා ගේ නායකත්වයෙනි .හලාවත  පොඩි සිල්වා 1971  කැරැල්ලේදී දී  ඇල්පිටිය  ප්‍රදේශයේ  ක්‍රියා කාරිවු  තැනැත්තෙකි.  



Image may contain: one or more people, people sitting and outdoor

මුල්ලවයික්කාල්හිදී  යුද්ධයෙන්  මියගිය අය සමරා  පහනක් පත්තු කරන්නට  ඔවුන්ගේ    ඥාතීන්ට ඉඩ දිය යුතුයයි  රාජිත සේනාරත්න  මහතා කි විට   සියලු අමනුස්සයෝ පරල වුහ.  එහෙත් මුල්ලවයික්කාල් සැමරීමට යන අයට සිසිල් බීම සංග්‍රහ  කළේ  හමුදාවය . හමුදාවට එය  හොඳනම්   බෝම්බයක සද්දයක්  හීනෙන්වත් අසා  නැති මේ අමනුස්සයන්ට අමුතු   කිරිපණු ගායක්  හැදුනේ මන්ද ?   
















Comments

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...