Skip to main content

Posts

Showing posts from January, 2017

නව ව්‍යවස්ථාව රට බෙදන උගුලක්ද?

ගොබෙල්ස්   වීරවංස ගහන  පදයට  මහින්ද  නටනවාද නැතහොත්  මහින්ද  ගහන  පදයට ගොබෙල්ස්  වීරවංස  නටනවාද  කියා තවම  පැහැදිලි  නැත. කෙසේ  වෙතත්  බලය  නොමැති වීම  නිසා බලවත්  හිතේ    අමාරුවෙන්  සිටින  ඔවුන්     හදන්නට   යන නව ව්‍යවස්ථාව  පිළිබඳව මිනිසුන් ගොනුන්ට ඇන්දවීම  සඳහා  මහා බේගල් ව්‍යාපෘතියක් දියත්  කර  තිබේ. ලියාගෙන යන  ව්‍යවස්ථාවෙන්  රට  කෑලි කෑලි  වලට කැඩී  යන  බව කියන්නට  පලමුමෙන් දෙසන්නට   පටන් ගත්තේ වීරවංසය ඊට  ටික  දිනකට  පසුව  මහින්ද ද  එම  බේගලයම  පතුරුවන්නට  පටන් ගත් අතර  ඔවුන්ගේ  ගෝලයන්ද  ගිරව් මෙන් එයම   කියන්නට  පටන් ගෙන  තිබේ. . නිල කොළ රතු දේශපාලකයන් මෙන්ම අන්තවාදී  ශ්‍රමණ  මුන්ඩකයෝද  1956 සිට ලංකාව  වල  පල්ලට  ඇද්දෝය. බණ්ඩාරනායක විසින් සිංහල රාජ්‍ය  භාෂාව කිරීම  නිසා  අසහනයට පත් දෙමල  ජනයා    ෆෙඩරල් පාලනයක් ඉල්ලා     උද්ඝෝෂණය  කළ අතර 1957  බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම  අත්සන් කරනු ලැබුවේ  එමගින් ෆෙඩරල්  වෙනුවට  ඉතා  අඩු  බලතලවලට එකඟවෙමිනි. එයට එක්සත්  ජාතික  පක්ෂය සහ  ඥානසාරගේ අප්පලා විරුද්ධ  වීම  නිසා බණ්ඩාරනායක එය  ඉරා   වීසි  කළේය. 1965 දී  ඩඩ්ලි සේන