Skip to main content

නව ව්‍යවස්ථාව රට බෙදන උගුලක්ද?




ගොබෙල්ස්   වීරවංස ගහන  පදයට  මහින්ද  නටනවාද නැතහොත්  මහින්ද  ගහන  පදයට ගොබෙල්ස්  වීරවංස  නටනවාද  කියා තවම  පැහැදිලි  නැත. කෙසේ  වෙතත්  බලය  නොමැති වීම  නිසා බලවත්  හිතේ    අමාරුවෙන්  සිටින  ඔවුන්     හදන්නට   යන නව ව්‍යවස්ථාව  පිළිබඳව මිනිසුන් ගොනුන්ට ඇන්දවීම  සඳහා  මහා බේගල් ව්‍යාපෘතියක් දියත්  කර  තිබේ.


ලියාගෙන යන  ව්‍යවස්ථාවෙන්  රට  කෑලි කෑලි  වලට කැඩී  යන  බව කියන්නට  පලමුමෙන් දෙසන්නට   පටන් ගත්තේ වීරවංසය ඊට  ටික  දිනකට  පසුව  මහින්ද ද  එම  බේගලයම  පතුරුවන්නට  පටන් ගත් අතර  ඔවුන්ගේ  ගෝලයන්ද  ගිරව් මෙන් එයම   කියන්නට  පටන් ගෙන  තිබේ.

.

නිල කොළ රතු දේශපාලකයන් මෙන්ම අන්තවාදී  ශ්‍රමණ  මුන්ඩකයෝද  1956 සිට ලංකාව  වල  පල්ලට  ඇද්දෝය. බණ්ඩාරනායක විසින් සිංහල රාජ්‍ය  භාෂාව කිරීම  නිසා  අසහනයට පත් දෙමල  ජනයා    ෆෙඩරල් පාලනයක් ඉල්ලා     උද්ඝෝෂණය  කළ අතර 1957  බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම  අත්සන් කරනු ලැබුවේ  එමගින් ෆෙඩරල්  වෙනුවට  ඉතා  අඩු  බලතලවලට එකඟවෙමිනි. එයට එක්සත්  ජාතික  පක්ෂය සහ  ඥානසාරගේ අප්පලා විරුද්ධ  වීම  නිසා බණ්ඩාරනායක එය  ඉරා   වීසි  කළේය. 1965 දී  ඩඩ්ලි සේනානායක  චෙල්වනායගම ගිවිසුම අත්සන්  කළ අතර  එය බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුමටත්  වඩා බලතල අඩු ගිවිසුමක්  විය . එයට ශ්‍රීලංකා නිදහස්  පක්ෂය පමණක්  නොව සමසමාජ සහ  කොමියුනිස්ට්  පක්ෂ විරුද්ධ වුහ . සුපුරුදු  පරිදි ඥානසාර  පරම්පරාවද එයට  විරුද්ධ  විය . එම  ගිවිසුමටද  අත් වුයේ  කලින් ගිවිසුමට අත්වූ ඉරණමය.


LTTE සංවිධානය   කඩවුණු  සිංහල පොරොන්දුවල ප්‍රතිඵලයයි. එය  පාලනය  කිරීම  අරමුණෙන්  ජේ ආර්  ජයවර්ධන  ආණ්ඩුව  විසින් 1987 අත්සන් කළ  ඉන්දු - ලංකා ගිවිසුම  හරහා  පළාත්  සභා   පිහිටවූ  නමුත් එයටද  සුපුරුදු  පරිදි  ශ්‍රීලනිපය විරුද්ධවූ අතර ජනතා විමුක්ති  පෙරමුණ ,පළාත් සභා  මගින් රට  කෑලි අටකට  කැඩෙන  බව  කියමින් ආණ්ඩුවට  මෙන්ම එයට  පක්ෂපාත  සිංහලයනට එරෙහිව ගල් කටස් අතට  ගත්තේය. .එමගින් රට  කැඩෙන බව  ජවිපෙ කී  නමුත්  දෙමල  කොටි  පළාත් සභා  විසඳුමට විරුද්ධ  වුයේ  එමගින් දෙමල  ජනයාගේ අපේක්ෂා  ඉටු  නොවන  බව  කියමිනි. ප්‍රතිඵලය ලක්ෂයකට අධික  ජීවිත   අහිමි කළ යුද්ධය අවුරුදු 27ක් දක්වා දිගු වීමය.

 

උතුරේ  ප්‍රශ්නයට විසඳුම යුද්ධය  නොවන  බව හොඳින් වටහාගෙන  සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය 2000 අගෝස්තු මස නව  ව්‍යවස්ථාවක්  පාර්ලිමේන්තුවට  ඉදිරිපත්  කළේ එමගින් ප්‍රාදේශික  ඒකකවලට බලය  බෙදීමේ අරමුනෙනි. අවසාන  මොහොතේ එක්සත්  ජාතික පක්ෂය විරුද්ධ වීම  නිසා  එයටද  අත්වුයේ කලින්  ගිවිසුම් වලට අත්වූ  ඉරණමමය.


යුද්ධයෙන් LTTE සංවිධානය  පැරදුනේය. දෙමල  ජනයා තෘප්තිමත්  කිරීම සඳහා  කදිම අවස්ථාවක්  මහින්දට  උදාවු  නමුත් ඔහුටත් ඔහු වටා සිටි  කල්ලියටත් දුර දැක්මක්  නොතිබූ  බැවින්   දෙමල   මිනිසුන්ගේ තුවාල තව  දුරටත්  ඔඩු  දිව්වේය . හමුදා  කඳවුරු  තව  දුරටත්  තබා  ගනිමින් දෙමළුන්  බැඳ  තැබීමෙන් රට එක්සත් කල  හැකිය  යනු ඔවුන්ගේ දැක්ම  විය.

 

මහින්ද  ගෙදර  යැවීමට සිංහලයන් සහ  මුස්ලිම් මිනිසුන්  සමග  දෙමල  මිනිසුන්ද එකතු වුයේ ඔවුහු විඳිමින් සිටි  දුක්  කන්දරාවෙන් ගොඩ ඒමට  හැකිවෙනු  ඇතැයි  සිතු  බැවිනි.  ආත්ම  ගරුත්වයක් ඇතිව  අනෙකුත්  ජනවර්ග සමග සමගියෙන්  ජීවත් වීම සඳහා ඔවුන්ගේ සුදානම  ප්‍රකශ  කොට  තිබෙන අතර කෙටුම්පත්  කරගෙන  යන  නව  ව්‍යවස්ථාව  මගින් ඊට  ඉඩ  ප්‍රස්ථා  සලසා  දෙන දෙමල ජනයා    ඉල්ලා  සිටිති. ෆෙඩරල් බලතල තව  දුරටත්  ඔවුන් ඉල්ලන්නේ  නැත. එහෙත්  13 ව්‍යවස්ථා  සංශෝධනයෙන් එපිටට  ගිය  විසඳුමක් අවශ්‍ය  බව ඔවුහු  කියා  සිටිති.


ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත  ව්‍යවස්ථාව  මගින් රට  කැඩෙන  බවට බේගල් පතුරවන්නේ 13 වැන් ව්‍යවස්ථා  සංශෝධනයෙන්  එහා  ගිය  විසඳුමක් දීමට  ඉන්දියාවට  පොරොන්දු  දුන් මහින්ද  සහ එකල එයට  විරුද්ධ  නොවූ වීරවංසලාය 


මොවුහු මෙම  බේගලය  රට  පුරා  පතුරුවන්නේ එමගින් රට  නොකැඩෙන  බව හොඳින්ම  දැනගෙනය.  සිහල  ජනයා කුපිත  කොට ආණ්ඩු විරෝධයක් ඇති  කොට එමගින්  නැවත වරක් බලයට  එම  ඔවුන්ගේ  දුෂ්ට අරමුණ  බව ඉතා  පැහැදිලිය.


මේ  රටේ ජනවර්ග අතර  තිරසාර සාමයක් ඇතිකිරීමට  උදාවී   ඇත්තේ  ඉතා අනගි  අවස්ථාවකි. එක්සත්  ජාතික  පක්ෂයේ   සහ ශ්‍රීලනිපයේ   හවුල් ආණ්ඩුවක්  තිබීම එයට  හේතුවයි. මෙයට  පෙර අවස්ථාවලදී දෙමල  ජනයාගේ  ඉල්ලීම් ඉටුකිරීමට  යාමේදී එම උත්සාහයන් අසාර්ථක  වීමට බලපෑ ප්‍රධානතම  හේතුව මෙම  පක්ෂ විපක්ෂයේ  සිටියදී එම උත්සාහයන්  කඩා  කප්පල් කිරීමට  කටයුතු  කිරීමය. එහෙත් වර්තමානයේ එම  පක්ෂ දෙකම එක්  ආණ්ඩුවක්  පිහිටුවා තිබෙන  බැවින්ද දෙමල  ජනයාගේ  සහය ආණ්ඩුවට  ලැබී   තිබෙන  බැවින්ද නව  ව්‍යවස්ථාවක් මගින් දෙමල ජනයාගේ  අපේක්ෂාවන්  ඉටු  කොට  යලි  යුද්ධයක් ඇතිවීම වැලක්වීමට ස්වර්ණමය අවස්ථාවක් දැන්  උදා වී  තිබේ.


 මහින්දගේ ගොබෙල්ස් විපක්ෂය උත්සාහ  කරන්නේ  එම ස්වර්මය අවස්ථාව  මේ  රටට  අහිමි  කිරීමටය. එය මේ රටේ  වත්මන් පරපුරටත්  අනාගත  පරන්පරාවන්ටත් කළ  හැකි ලොකුම කොඩිවිනයයි.   ඔවුන්ගේ  තුච්ච්  බලපෑමට  යටවී 1948  සිට  වසර  70  වකට පසු  උදාවු මේ දුර්ලභ අවස්ථාව මග  හරිනු  ලැබුව හොත්  තවත් අවුරුදු 70 කටවත් එවැනි  අවස්ථාවක් යලි උදා  නොවෙනු  ඇතැයි සිතීම අතිශයින් සාධාරණය.


මේ රට දිනෙන් දින  ගමන් කරන්නේ ප්‍රපාතයකට  බව තිබෙන ණය  කන්දරාව සනාථ කොට තිබේ. රටේ  වාර්ෂික  ආදායමෙන් 96%ක්   ණය සහ  පොලී ගෙවෙන ලංකාව  මේ  නරා  වලෙන්  ගොඩ  ගැනීමට  තිබෙන  ප්‍රධානම   මග විදේශ  ආයෝජයකයන් දහස්  ගණනෙන් මේ රටට  ගෙන්වා  ගෙන අපනයන  නිෂ්පාදන ඇති  කිරීමය .ජපානය , සිංගප්පුරුව , රතු චීනය  වියට්නාමය , දකුණු  කොරියාව , තායිවානය , හොංකො දේශය ,මලයාසියාව ගොඩ  ආවේ  විදේශ  ධනපතියන් එම  රටවල ඩොලර්  ආයෝජනය  කොට අපනයන  කර්මාන්ත ඇරඹීමෙන්  අත්  කර  ගත් සමුර්ධිය   නිසාය .


 ආයෝජකයන්  සල්ලි  යොදවන්නේ දීර්ඝකාලීනව ව්‍යාපාරයන් වල යෙදී  ලාභ  ලබන්නටය  . ඒ  සඳහා රටතුල ස්ථාවර භාවයක් තිබිය  යුතුය.  රටේ වසන  මිනිසුන් එකිනෙකා  සතුරන් ලෙස දකින්නේ    නම්  ආයෝජකයන් මෙහි එන්නේ  නැත.     ලැබී   තිබෙන  මේ  අනර්ඝමය අවස්ථාවෙන්    උපරිම ප්‍රයෝජන  ගනිමින්  නව ව්‍යවස්ථාව   මගින් දේශපාලන    ස්ථාවරත්වයක් සඳහා පදනම  දමා  ගත  යුත්තේ ඒ  නිසාය.

 

එසේ  නොවුවහොත් තවත් දශක  කීපයකදී ලංකාව  බංගලි දේශයටත් වඩා දුප්පත්  රටක්  බවට  පත්වීම ඉරහඳ  සේම ස්ථිරය.



                                                    ( දකුණු කොරියාවේ අග නුවර )









Comments

Ajith Dharma. said…
හොඳ බ්ලොග් එකක් නේ. අද තමයි දුටුවේ. දිගටම එන්නම්
ඔබේ බ්ලොග් අඩවියේ පලවු ලිපි නෙලුම් යාය බ්ලොග් සම්මාන උළෙලේ දෙවනි වටයට තේරි ඇති අතර , තරගයට ඔබේ බ්ලොග් අඩවියේ ලිපි ඉදිරිපත් කිරිම ගැන අකමැත්තක් ඇත්නම් කරුනාකර atampahura@gmail.com වෙත ඊමෙල් පනිවිඩයක් මගින් දැනුම් දෙනමෙන් කාරුනිකව ඉල්ලා සිටිමි , 2017-03-12 දින පෙරවරු 6 ට බ්ලොග් සටහනක් මගින් තරග කරන බ්ලොග් අඩවි ප්‍රකාශයට පත් කරන බැවින් ...ඊට ප්‍රථමව අකමැත්තක් ඇත්නම් දැන්වුවහොත් අපහට මහත් අස්වැසිල්ලකි . ස්තුතියි ....නෙලුම්යාය වෙනුවෙන් ...අටමා

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...