මෙයට වසර දහයකට පමණ පෙර දිනක එංගලන්තයේ පාසලක ප්‍රාථමික පංතිවලට ඉංග්‍රීසි උගන්වන ගුරුවරියක් මා හමුවීමට පැමිණියාය . අවුරුදු 25 පමණ පෙනුමකින් යුතුවූ ඇයට තිබුණේ සිහින් කයකී. ඇගේ මුහුණද සිත් ගන්නා සුළුය . මතුගම අධ් යාපන කලාපයේ තරමක් දුෂ්කර පාසලක් දියුණු කරන්නට එංගලන්තයේ ගමක කුඩා සංවිධානයක් ( හෙවත් වීරවංශ සහ ජවිපෙට පෙන්නන බැරි NGO එකක්) අවුරුදු කීපයක සිට කටයුතු කරමින් සිටි අතර ඇය ආවේ එහි නියෝජිත වරියක් ලෙසය. ඇය මා සමග කතා කරමින් පැයකට ආසන්න කාලයක් ගතකළ අතර එහිදී ආ කී කරුණු දෙකක් සහ එක් සිද්ධියක් තවත් කාලයක් යන තුරු මට අමතක වෙන්නේ නැත . "ඕගොල්ලන්ට රට රට වල නිතර නිතර ඇවිදිමට ඔය තරම් සල්ලි කොහෙන්ද ? " කලක් තිස්සේ මගේ සිත තුල තිබු ප් රශ්නයක් ඇගෙන් ඇසීමි. සිනහවෙමින් ඇය දුන්න පිළිතුර මෙසේය . "පිටරට ඇවිදින්න බැංකු අපිට ණය දෙනවා ,ඉතින් අපි ඒවා ගන්නවා. ඊළඟට ඇවිදිනවා. ඊට පස්සේ අවුරුදු ගානක් යනකම් බැංකුවට ණය ගෙවනවා . ආයි ණය ගන්නවා , ආයිත් ඇවිදිනවා, ආයිත් අවුරුදු ගානක් ණය ගෙවනවා " ඇය මා හමුවන්නට ආවේ ත් රි රෝද රියෙක
පක්ෂයක් නැත . දේශපාලනයක් ඇත