Skip to main content

එංගලන්තයෙන් ආ ඉංග්‍රීසි ගුරුවරිය




Image result for english teachers in uk

    

     මෙයට වසර දහයකට  පමණ පෙර දිනක එංගලන්තයේ පාසලක ප්‍රාථමික   පංතිවලට ඉංග්‍රීසි උගන්වන ගුරුවරියක් මා  හමුවීමට  පැමිණියාය . අවුරුදු 25 පමණ පෙනුමකින් යුතුවූ ඇයට තිබුණේ  සිහින් කයකී. ඇගේ මුහුණද  සිත් ගන්නා සුළුය . 


මතුගම අධ්යාපන කලාපයේ තරමක් දුෂ්කර පාසලක් දියුණු කරන්නට එංගලන්තයේ ගමක කුඩා සංවිධානයක් ( හෙවත් වීරවංශ සහ ජවිපෙට පෙන්නන බැරි NGO එකක්) අවුරුදු කීපයක සිට කටයුතු කරමින් සිටි අතර ඇය ආවේ එහි නියෝජිත වරියක් ලෙසය.


ඇය මා සමග කතා කරමින් පැයකට ආසන්න කාලයක් ගතකළ අතර එහිදී ආ කී කරුණු දෙකක් සහ එක් සිද්ධියක් තවත් කාලයක් යන තුරු මට අමතක වෙන්නේ නැත .


"ඕගොල්ලන්ට රට රට වල නිතර නිතර ඇවිදිමට ඔය තරම් සල්ලි කොහෙන්ද ? " කලක් තිස්සේ මගේ සිත තුල තිබු ප්රශ්නයක් ඇගෙන් ඇසීමි.

සිනහවෙමින් ඇය දුන්න පිළිතුර මෙසේය .


"පිටරට ඇවිදින්න බැංකු අපිට ණය දෙනවා ,ඉතින් අපි ඒවා ගන්නවා. ඊළඟට ඇවිදිනවා. ඊට පස්සේ අවුරුදු ගානක් යනකම් බැංකුවට ණය ගෙවනවා . ආයි ණය ගන්නවා , ආයිත් ඇවිදිනවා, ආයිත් අවුරුදු ගානක් ණය ගෙවනවා "


ඇය මා හමුවන්නට ආවේ ත්රි රෝද රියෙකිනි එය පදවන ආකාරය ගැන ඇය මහත් අසතුටින් සිටින බව මා සමග කීවාය මාර්ග නීති නොසලකමින් එක වරටම හරවමින් ද සුළු ඉඩක් මැදින් රිංගමින් රියදුරා එය පැදවූ ආකාරය ගැන ඇය බියට පත්ව සිටි ආකාරය ඇගේ එක වාක්යකින් පැහැදිලි විය .


"ත්රි වීලය වේගයෙන් එලවන විට මං යන්නේ ඇස් පියාගෙන"

අමතක නොවන තුන්වන කාරණාව මෙසේය .


"ලංකාවේ ගොඩක් අය ඉංග්රීසි ටිකක් හරි දන්නවා .ඒකට හේතුව මොකක්ද?" ඇය මගෙන් ඇසුවාය .


"ඕගොල්ලන්ගේ රට, අපේ රට අවුරුදු 150 ක් විතර අල්ලාගෙන හිටිය . .එකේ බලපෑම තමා මුලික හේතුව " මම ඇයට කිමි .


" අය්යෝ, ඇත්තද ? කී ඇය
'මට නම් හරි ලැජ්ජයි " කියමින් ඇය ටික වෙලාවක් යනතුරු අතින් මුණ වසාගෙන සිටියාය .


ලංකාව වෙනත් රාජ්යයක් අල්ලාගෙන යටත් විජිතයක් ලෙස තබා ගත්තේ නම් ඒ පිළිබඳව සිංහලුන් ලජ්ජා වෙනු ඇත්ද ?නැතහොත් ලක්ෂ වාරයක් ඒ ගැන කයිවාරු ගසනු ඇද්ද?

Comments

Jagath Pathirana said…
ඇයි ඕකට සිංහල කියන වචනය දැම්මේ.
ඔයා සිංහල ජාතියට අපහාස කිරීමෙන් වියරු සතුටක් ලබනවා.
මම හිතන්නේ ඔබට මානසික රෝගයක් තියෙනවා.
ඕකට කියන්නේ
Zelanofobia කියලා.
Jagath Pathirana said…
මට ඔය සුද්දි හමුවුනානම් මම කියනවා.
ලාංකික දෙමළ ජාතිවාදය ලන්දේසීන් ගොඩනඟා ඉංග්‍රීසීන් විසින් බෞතීස්ම කෙරුණ දෙයක් එහි අරමුණ සිංහලයන්ට හිමි තැන අහිමි කිරීමයි කියලා.
පුළුවන්නම් බිරිතානි පාලන කාලය තුල ලංකාවේ බින්න බැහැපු දෙමළුන්ගෙන් පැවත එන්නන් බිරිතානියට ගෙන්නගන්න වැඩපිලි වෛලන් කරන්න කියලා. මන්ද ඔවුන් ප්‍රධාන සංස්කෘතිය හැටියට සලකන්නේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය නිසා. මේ කිව්වේ වතු දෙමළු ගැන විතරක් නෙමෙයි.

ඒ වගේම ලංකාවේ මුස්ලිම් මිනිස්සුන්ට ශරියා නීතිය හඳුන්වලා දුන්නෙත් බිරිතානින් බව කියලා දෙනවා.


Jagath Pathirana said…
ලංකාව වෙනත් රාජ්‍යයක් අල්ලාගෙන යටත් විජිතයක් ලෙස තබා ගත්තේ නම් ඒ පිළිබඳව සිංහලුන් ලජ්ජා වෙනු ඇත්ද ?නැතහොත් ලක්ෂ වාරයක් ඒ ගැන කයිවාරු ගසනු ඇද්ද?

ප්‍රේමලාල් බර්ටි රණවීර ගැහැණියක් වුනානම් මෙලහට ගණිකා වෘත්තියේ යෙදිලා කෝටි කීයක් උපයලා තියෙයිද?
Anonymous said…
මහත්මයා ඇයි සිංහලයන් හෑල්ලු කොට ලිපි ලියන්නේ? සිංහලයන්, බුද්ධාගම ගැන මහත්මයාට ඇති අරෝව කුමක්ද?

රංග
Anonymous said…
Jagath Pathirana said... 11:45
සිංහල කියන වචනය නැතුව ප්‍රංශ කියල දාන්නද? මොලේ ඇති මිනිහෙක් වගේ ටිකක් කල්පනාවෙන් කියවල බලනවකො.
හොඳ මානසික රෝගයක් තියෙන බව නං පෙනෙනවා. හැම එකක් ම සිංහල සිංහල කියලම පෙනෙන්න.

Jagath Pathirana said... 12:21
මෙතන දෙමළ ජාතිවාද, ක්‍රිස්තියානි සංස්කෘති, ශරියා නීති අරව මේවා කතා කෙරුවේ නැහැ නේ.

Jagath Pathirana said... 6:55
රෑ තිස්සේ ඇහැරගෙන ඉඳලා පාන්දරම ගෑණියෙක් මතක්වෙලා තියෙන්නේ. පව් අප්පා. වෙන මොනවා කියන්නද.

Jagath Pathirana said…
අනියමාර්ත අසම්බාව්‍ය ක්‍රියාවකට හොඳ උදාහරණයක්.
දෙමළුන් සහ මුස්ලිම් ජාතිකයනුත් රටේ අයිතිකාරයෝ ලෙස ඔබ සලකනවාද? සින්හලුන්ගෙන් 75%ක්ම හිතන් ඉන්නේ මේ රට සිංහලුන්ට විතරක් අයිති කියල නේද? 90% ක් හාමුදුරුවරුන්ට අනුව නම් මේ රට අයිති සිංහල බෞද්ධයන්ට විතරයි
සිංහල ජාතියේ ඔලු නරක් කර තිබෙන්නේ ඊනියා සිංහල වීරයෝ සහ සිංහල බෞද්ධ වීරයෝයි ඔලු නරක වූ විට අන්‍ය රටක් අල්ලා ගැනීම මහත් වීරකමක් ලෙස සලකනවා
මා ලිපියේ සිංහල යන වචනය ලිව්වේ ඒ නිසයි
කෙසේ වෙතත් ඔබේ විවේචනයට මෙහි ඉඩකඩ ඉදිරියටත් විවෘත කර තබනවා
විවේචන වලට ස්තුතියි .

Shirley Andrews said…
Lovely blog you havve here

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...