Skip to main content

සජිත් පේමදාසගේ සිහින මාලිගාව


Image result for army in the street in colombo

       

      අද උදේ මම අපේ නැන්දා කෙනෙකුට බොහෝ කලකට පසු දුරකථන ඇමතුමක් දුන්නෙමි .අරමුණ වුයේ තොරතුරු දැනගැනීමය නැන්දගේ සහ වැඩිමහල් පුතුගේ විස්තර දැනගැනීමෙන් පසු බාල පුතාගේ විස්තර ඇසීමි.


බාල පුතා සංගීතඥයෙකි ඔහුට සංගීත කණ්ඩායමක් තිබෙන අතර ප්රධාන සංචාරක හෝටල් කීපයක් සමග වාර්ෂික ගිවිසුම් අත්සන් කොට සංගීත සැන්දාවන් හෝටල්වල පවත්වා සංචාරකයන් පිනවීම ඔහු අවුරුදු 30 ක් පමණ කාලයක් ඔහු කළේය. එමගින් දරූ පවුලක් සමග අගනුවර ආසන්නයේ නගරයක ජිවත් වීමට ප්රමාණවත් ආදායමක් ඔහු ඉපැයීය .


"දැන් බාල පුතා ගෘප් එක අරන් හෝටල්වල යන්නේ නැහැ .හෝටල්වලට බෝම්බ ගැහුවට පස්සේ ඒක නැවතුන .වෙලාවට ස්ටුඩියෝවක් දාල තිබුන නිසා ජිවිතේ ගැටගහගෙන යනවා " නැන්දා මා සමග කීවාය .


රටේ ආර්ථිකය තිබෙන්නේ කොතනදැයි හිතා ගැනීමට මෙම  පුර්විකාව හොඳ ඉඟියක් සපයයි . එහෙත් එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් නායකයන් ජනාධිපති අපේක්ෂකත්වය ගැනීම සඳහා බලු පොරයක නිරත වී සිටින්නේ යුඑන්පි අපේක්ෂකයාට චන්දය දීමට රටේ බහුතරයක් ජනයා සැදී පැහැදී සිටිනාවක් මෙන්ය .මේ මිනිසුන්ගේ ඔළුවල තියෙන්නේ මොනවාදැයි මට නම් සිතා ගත නොහැක .


ඇත්ත වශයෙන්ම යුඑන්පි කාරයන්ට වලකපන්නේ සජිත් ඇතුළු පිරිස යන්න මගේ වැටහීමයි.


ඒ කාරණාවන් දෙකක් නිසාය .


පළමු කාරණාව පක්ෂයේ තීන්දුවක් නොමැතිව ජනාධිපති අපේක්ෂකයා තමන් බව හඟවමින් සජිත් මැතිවරණ ව්යාපාරය ඇරඹීම මගින් පක්ෂයේ බෙදීමක් ඇති කිරීමය.


දෙවෙනි කාරණාව යුඑන්පියේ බෙදීම නිසා ප්ධන පක්ෂ දෙකටම අයත් නොවන අය ක්රමානුකුලව ගොටාභය පිලට සහ අනුර කුමාරට හේත්තු වීමය.


ඇත්ත වශයෙන්ම සජිත්ට දිනන්නට හැකියාවක් නැත යන්න මගේ අදහසයි.


සහරාන්ගේ ප්රහාරයෙන් පසු රටේ ව්යාපාර රැසක් වසා දමා තිබෙන අතර තවත් ඒවා දැන් යන්නේ හොම්බෙනි. නැවතත් එවැනිප්රහාරයක් ඇති වීමට ඉඩ නොදෙමින් රට ගෙනයාමට හැකි බලවත් අයෙකුට රටේ පාලනය භාර දීම බහුතරයක් චන්ද දායකයන්ගේ අපේක්ෂාව බව මගේ විශ්වාසයයි.


එම අපේක්ෂාව ඉටු කිරීමට සජිත් සමත් වෙතයි බහුතරයක් මිනිස්සු පිළිගන්නේ නැත .සජිත්ගේ 2.50 කතා නිසා ඔහුගේ ජනප්රියතාවය තවත් අඩුවී තිබේ .


එජාපයට දිනන්නට උවමනා නම් කල යුත්තේ බලවත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමය. සජිත් වෙනුවට රනිල් ඉදිරිපත් කිරීමද කොහෙත්ම ආදේශයක් නොවේ .සජිත් තරම් වත් ජනප්රියත්වයක් රනිල්ට නැත .
කරු ජයසුරිය වුවද මහජන විශ්වාසය දිනාගත හැකි අපේක්ෂකයෙකු ලෙස මට නම්   පේන්නේ නැත.



සොයාගත යුත්තේ ගෝටා වැනි බිහිසුණු පුද්ගලයෙකු පරාජය කළ හැකි සිංහල දෙමල මුස්ලිම් කාගේත් සහය ලබාගත හැකි අපේක්ෂකයෙකි.

එහෙත් ඒ සඳහා ඇත්තේ සීමිත  කාලයකි .

Comments

Jagath Pathirana said…
//සිංහල දෙමල මුස්ලිම් කාගේත් සහය ලබාගත හැකි අපේක්ෂකයෙකි.

එතකොට වැද්දො, නයිපනික්කි, බෝරා, ලන්සි, මැලේ අය වැඩක් නැද්ද.
ඒකීය පුද්ගලයා නියෝජනය කරන්න කෙනෙක් අවශ්‍ය නැද්ද
(උන්ට කවුද හිර දෙන්නේ? ද?)
Wijebahu said…
I am wondering, who you have in mined to beat Gota? If Sajith can't do it there is no one in UNP. SF,Ravi, Rajitha, Ranawaka? anyone is better than Ranil of course.
Anonymous said…
මහත්මයා ඇයි ගෝටභය මැතිතුමාට විරුද්ධ? එතුමා තමයි දෙමළ කොටි මරලා අපේ රටට සාමය ගෙනාවේ. කොළඹ නගරය ලස්සන කරේ එතුමා. එතුමාගේ කාලේ රට විනයක් තිබ්බා. කුණු උනත් පාරවල් ගානේ දැම්මේ නැහැ. අනික බුද්ධාගම රැකෙන්න නම් එතුමා බලයට එන්න ඕනි.

රංග
ජගත් පතිරණ - ඔබ සඳහන් කල සියල්ලන්ගේ සහය අවශ්‍යයි
විජේබාහු - මගේ යෝජනාව පක්ෂයකට නැති රටේ ජනප්‍රිය කාන්තවක් ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් කල යුතුයි කියා .

රංග- ගෝටා ට මා පමණක් නොව ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් විරුද්ධ ඔහු මිලිටරි මානසිකත්වයකින් යුක්ත අයෙකු වන නිසයි ,ඔහු හමුදාවට හොඳයි රටක නායකත්වයට සුදුසු ප්‍රජාතන්ත වාදය මානව අයිතීන් සියලු ජනකොටස්වලට එක හැන්දෙන් බෙදීමට සුදානම් අයෙකුයි
Anonymous said…
wy Wijebahu yu angry Ranil. hi did anythin bad to yu ?- i meen back syde thin- to yu.

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා