Skip to main content

Posts

Showing posts from October, 2021

කිතුල් රා රසය .

  කිතුල් රා බිව් අයෙකු නැවත එය බිමට ප්‍රිය කරයි..පොල් රා මෙන් නොවේ පොල් රා බිව් කෙනෙකු යලිත් පොල් රා බොන්නට එතරම් උනන්දු වන්නේ නැත බඹර පදමට වදින්නට නම් මුදුන් මලේ රා පානය කළ යුතුය ඉස්සර දවසක (එකල මට අවුරුදු 20ක් පමණ වන්නට ඇත ) මගේ මිත්‍රයෙකු මෙන්ම පාසල් ගුරුවරයෙකු වූ වැඩිමහල්ලෙකු සමග කිරිඇල්ලේ සිටි ඔහුගේ සහෝදරියකගේ නිවසේ තිබු පිරිත් ගෙදරක ගියෙමු උදේ .පිරිත අවසන් වීමෙන් පසු එහි පැමිණි සිටි අයෙකුගෙන් රා තිබ්වේදැයි මගේ මිත්‍ර ගුරුවරයා ඇසුවේය ,එක රා බෝතලයක් පමණක් දිය හැකියි ඔහු කීය .මගේ මිත්‍රයා රා බෝතලයෙන් වැඩි ප්‍රමාණයක් බිව් අතර මට දුන්නේ පිරිසි කෝප්පයකින් එකක් පමණකි අදත් එය අමතක නොවන්නේ එය බී විනාඩියක් දෙකක් ගතවන විට මගේ මුහුණ රත්වී ගෙන ඇවිත් තරමකට වෙරි වූ නිසාය එතරම් සැර රා බොන්නට ලැබෙන්නේ කලාතුරකිනි මුදුන් මලේ රාවලටත් වඩා එම රා සැර වුයේ සීතල ප්‍රදේශයක වැවුණු කිතුල් ගසක රා නිසා විය හැක. කිතුල් රා ප්‍රණිතය. නැවත නැවත බොන්නට මිනිසුන් ප්‍රිය කරන්නේ ඒ නිසාය දැන් අපේ ගමේ තබා අල්ලපු ගමක වත් කිතුල් රා නැත්තටම නැති තරම්ය කිතුල් ගස්ද බෙහෙවින් අඩුය . හේතුව මිනිසුන් ඒවා කපා

අලුත්ගම අස්කළ මහාචාර්යවරයා

  කාබනික පොහොර තදියමට විරුද්ධ වීම නිසා මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා කෘෂ්කර්ම අමාත්‍යංශයෙන් ඇමති අලුත්ගමගේ විසින් අස් කර තිබේ ඔහුන් කවුද ? නිකම්ම නිකමෙක්ද ? ඔහු පේරාදෙණිය විශව විද්‍යාලයේ කෘෂිකර්ම අධ්‍යනාංශයේ වැවිලි විද්‍යා දෙපාර්තමේන්තුවේ අවුරුදු 33 ක සේවාවක් ඇති උගතෙකි වල් පැලැටි විද්‍යාව ,ආහාර සුරක්ෂිතතාවය ,දේශගුණයේ වෙනස් කම් සිදුවීම පිළිබඳව ඔහු පර්යේෂණ කළ අයෙකි ඔහු විසින් අංග සම්පුර්ණ කරන ලද පර්යේෂණ පත්‍රිකා සහ ග්‍රන්ථ පරිච්චේද 100කට වඩා ඉදිරිපත් කර තිබේ . ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් මෙසේය B.Sc. Agriculture (Peradeniya, Sri Lanka); M.Agr. & D.Agr. (Hiroshima University, Japan) in Plant Environmental Sciences වෙනත් සුදුසුකම් President, Weed Science Society of Sri Lanka (WSSSL) - since 2018 President, Sri Lanka Organization of Agriculture Professionals (SLOAP) (2010-2011) President, Asian Pacific Weed Science Society (APWSS) (2005-2007) President of the National Agriculture Society of Sri Lanka (1999) ඔහු විසින් ඉදිරිපත් කළ පර්යේශ පත්‍රිකා JOURNAL PAPERS Marambe B. and He

ගුරු /විදුහල්පති අරගලයට මොකද වෙන්නේ ?

        ගුරු/විදුහල්පති ප්‍රශ්නය  ගැන අටුවා ටීකා මෙහි කෙටිය යුතු  නැත. ගුරුවරු සහ විදුහල්පතිවරු ප්‍රශ්නය දනිති  නොදන්නා දෙමාපියනට/මහජනයාට  එය කියා දීම ඔවුන්ගේ වගකීමකි  දැන් ප්‍රශ්නය  ඉල්ලීම  ලබා ගන්නේ කෙසේද යන්නය.  දිගටම වර්ජනය කරනවාද ? නැත්තම් දින දෙකක් වර්ජනය කර පාසල් ගොස් සටන ගෙනියනවාද?  මෙතෙක් වැඩ වර්ජනයක් තිබුනේ නැත  පාසල් දිගටම වසා තිබුනේය තිබුනේ online වර්ජනයක් පමණි  මේ  21 වනදා ළමුන් 200 ට අඩු පාසල් විවෘත කිරීමට ආණ්ඩුව ගිය සතියේ තීරණය කළේය  ආණ්ඩුවේ මොට්ට දේශපාලකයෝ  ගිය සතියේ සිට ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට ඔවුන්ගේ වෘතීය සමිති  නායකයනට  මඩ ගසන්නටද , අපහාස කරන්නටද, තර්ජනය කරන්නටද  පටන්ගත් නිසා ප්‍රශ්නය  ගොඩින් බේරා ගැනීමට තිබුණු ඉඩ ඇහිරුනේය .  21 සහ 22 වැඩ වර්ජනය කරන්නට සංගම් තීරණය කළේ ඉහත පසුබිම තුලය   21 සහ 22 වැඩ වර්ජනය කරන්නත් 25 වනදා පාසල් ගොස් උගන්වා ඉන්පසු වැටුප් විෂමතාවය විසඳන තෙක්  දිගින් දිගට අරගල කරන්නත් තීරණයක් ගත්තේ ගුරු විදුහල්පති සංගම් සන්ධානය විසිනි . එම සන්ධානයට වෘත්තීය සමිති 30ක් තිබෙන අතර  විදුහල්පති  සංගම් 11ක්  ද එයට ඇතුලත් වේ . ඉහත තීරණයට විරුද්ධ සංගම් කීපය

ISIS සංවිධානයේ දෙවෙනියා අල්ලා ගනී ( ISIS second in command is captured )

  ඉරාකයේ බුද්ධි අංශය විසින් ISIS සංවිධානයේ දෙවෙනියා වන සමි ජසිම් අල් ජබුරි අත් අඩංගුවට ගත් බව ඉරාක අගමැතිවරයා අද (සඳුදා ) නිවේදනය කළේය වෙනත් රටකදී ඔහු අත් අඩංගුවට ගෙන ඉරාකය වෙත රැගෙන විත් තිබේ එම රට කුමක්දැයි හෙළි කර නැත අල් ජබුරි ISIS සංවිධානයේ මුදල් අංශයේ ප්‍රධානියාද වෙයි මොහු අල්ලා දෙන අයෙකුට ඩොලර් මිලියන 5ක් දෙන බව මීට කලකට පෙර ඇමරිකාව .නිවේදනය කර තිබුණි ISIS සංවිධානයේ ප්‍රධානියා වූ අබු බාකර් අල් බග්ඩාඩි 2019 ඔක්තෝබර් මාසයේදී ඇමරිකානු විශේෂ බලකා හමුදා විසින් සිරියාවේදී වට කළ අවස්ථාවේදී ඔහු පැළඳ සිටි බෝම්බ ඇඳුම පුපුරවාගෙන දිවිනසා ගත්තේය නායක අල් බග්ඩාඩි දිවිනසා ගත දිනට පසු දින ඇමරිකානු හමුදා විසින් ත්‍රස්ත සංවිධානයේ දෙවෙනියා ලෙස සැලකුනු අබු හසන් අල් මුහජිර් ට ගුවන් ප්‍රහාරයක් එල්ලකොට සිරියාවේදී මරා දමනු ලැබීය ISIS වර්තමාන ප්‍රධානියා ලෙස පත් කොට ඇත්තේ අබු ඉබ්‍රහිම් අල් හෂිමි අල් කුරාශී නමැත්තෙකි

සකර්බර්ග්ට පිස්සු

මම හිතන්නේ සකර්බර්ග්ට පිස්සු කියාය .  ඒ මනුස්සයාට පිස්සු නැත්තම්  FACE BOOK ආයතනයේ වැඩ කරන එවුන්ට පිස්සුය  . මේ පිස්සෝ අද උදේ මට තහනමක් දැම්මෝය  පැය 24ක් යනතුරු මුහුනුපොතේ ලිවිම මේ ඔල්මාද රංචුව මට තහනම් කළහ  හේතුව මා ලිව් කොමෙටුවකි  කොමෙන්ටුව ලියා පැය බාගයක් ගතවන විට  තහනම මා වෙත දැන්වුහ  ජර්මනියේදී යුදෙව් ජාතිකයෙකුට  පහර දී ඇති බවත් කිසිවෙකු ඔහුගේ පිහිටට නොපැමිණි බවත් මගේ මිත්‍රයෙකු  පොස්ටුවක් ලියා තිබුනේය  මම ඒ පොස්ටුව යටින්  උපහාසාත්ම බසින් පහත වගන්තිය ලිව්වෙමි  "   ලංකාවේ නම් ඔහොම නැහැ හම්බයෝ කියල මුස්ලිම් අයට කවුරුවත් බනිනවා ඇහිලා තියෙනවද ? මුස්ලිම් මිනිස්සුන්ගේ ගෙවල් ,කඩ කඩල එහෙම නැහැ නේද ?" ඉහත කොමෙන්ටුව මගින්  FACE BOOK ආයතනයේ  විධි විධාන මා විසින් උල්ලංඝනය කර ඇති බව ඔවුහු කියති        මේ තීරණය ට මා එකඟ නොවෙන බව මවිසින්  ඔවුන්ට දැන්වුවද ඔවුන්ගේ  කැකිල්ලේ තීන්දුවේ  වෙනසක් නැත .

මා නටවන, මා හඬවන මා නලවන ගීත ( My favourite songs )

             සංගීතයට අකමැති පිරිසක් සිටිති . ඒ පිරිසට අයත්වන්නේ     යක්කුය . තළේබාන් දුෂ්ටයෝය .  ISIS ත්‍රස්තවාදින්ය  ආගමික  අන්තවාදින්ය  සංගීතය නොඅසන, ගීත ගායන  නොකරන, නොඅසන මිනිස්සු  ගල් හිත් ඇත්තෝ වෙති . උන්ට ඕනෑම අපරාධයක් කළ හැකිය .  තරුණ වියේ නැටු ගැයූ  මට වඩාත් වගකිම් සහිත රාජකාරි    භාරගත්ත විට  සින්දුවක් සංගීතයක් ඇහුනා මිස අහන්නට   ගයන්නට කාලය  වෙන් කර ගැනීමට  නොහැකි විය       කොරෝනා ආගමනයත්  සමග  නිවසට වැඩියෙන් කොටු වීම නිසා යු ටියුබය  හරහා ගීත සහ සංගීතය ඇසීමට කාලය මට ලැබුනේය   එසේ අසන දකින ලද ගීත අතරින් මා වැඩියෙන්ම ප්‍රිය කරන ගී කීපයක් මෙහි අමුණන්නේ   ඔබටත් ඒවා ඇසීමට සහ  දැකීමට ,රස විඳීමට  ඇරයුම් කිරීමේ අපේක්ෂාවෙනි  .  එයින් එක ගීතයක් වන්නේ සිංඥෝරීටාය එහි ගීත පද මාලාව පහත දැක්වෙනාතර ඊට යටින් ගිතයේ වීඩියෝව තිබේ එහි බොත්තම එබූ විට ඔබට එ ගීතය රස විඳිය හැකිය ඇත්තෙන්ම   සිංඥෝරීටාස් මුල් ගීතය ගයන්නේ    Shawn Mendes, සහ Camila Cabello විසිනුයි ඒ දෙපොල ට වඩා මිහිරි ලෙස මා අමුණා ඇති වීඩියෝවේ එම ගිය බර්විනා ගයන්නීය .   Shawn Mendes, සහ Camila Cabello ගයන එම ගීතය යුටියුබයේ නරඹ