Skip to main content

ගුරු /විදුහල්පති අරගලයට මොකද වෙන්නේ ?

 



      ගුරු/විදුහල්පති ප්‍රශ්නය  ගැන අටුවා ටීකා මෙහි කෙටිය යුතු  නැත. ගුරුවරු සහ විදුහල්පතිවරු ප්‍රශ්නය දනිති  නොදන්නා දෙමාපියනට/මහජනයාට  එය කියා දීම ඔවුන්ගේ වගකීමකි 
දැන් ප්‍රශ්නය  ඉල්ලීම  ලබා ගන්නේ කෙසේද යන්නය. 
දිගටම වර්ජනය කරනවාද ? නැත්තම් දින දෙකක් වර්ජනය කර පාසල් ගොස් සටන ගෙනියනවාද? 
මෙතෙක් වැඩ වර්ජනයක් තිබුනේ නැත  පාසල් දිගටම වසා තිබුනේය තිබුනේ online වර්ජනයක් පමණි 
මේ  21 වනදා ළමුන් 200 ට අඩු පාසල් විවෘත කිරීමට ආණ්ඩුව ගිය සතියේ තීරණය කළේය 


ආණ්ඩුවේ මොට්ට දේශපාලකයෝ  ගිය සතියේ සිට ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට ඔවුන්ගේ වෘතීය සමිති  නායකයනට  මඩ ගසන්නටද , අපහාස කරන්නටද, තර්ජනය කරන්නටද  පටන්ගත් නිසා ප්‍රශ්නය  ගොඩින් බේරා ගැනීමට තිබුණු ඉඩ ඇහිරුනේය .  21 සහ 22 වැඩ වර්ජනය කරන්නට සංගම් තීරණය කළේ ඉහත පසුබිම තුලය 


 21 සහ 22 වැඩ වර්ජනය කරන්නත් 25 වනදා පාසල් ගොස් උගන්වා ඉන්පසු වැටුප් විෂමතාවය විසඳන තෙක්  දිගින් දිගට අරගල කරන්නත් තීරණයක් ගත්තේ ගුරු විදුහල්පති සංගම් සන්ධානය විසිනි .


එම සන්ධානයට වෘත්තීය සමිති 30ක් තිබෙන අතර  විදුහල්පති  සංගම් 11ක්  ද එයට ඇතුලත් වේ .


ඉහත තීරණයට විරුද්ධ සංගම් කීපයක්ද තිබේ. එහෙත් ඒවා බොහෝ දුරට නාම පුවරුවට පමණක් සීමාවූ සංගම් බවට වාර්තා වේ  ඔවුන් කියන්නේ දිගටම වර්ජනය කළ යුතු බවය

   



දිගටම වර්ජනය කළහොත් වර්ජනය  කිරීමට සිදුවන්නේ 200 ට අඩු පාසල්වල ගුරුවරුන්ටය. ළමුන්   200ට වැඩි පාසල් විවෘත කර නැති බැවින් එම පාසල්වල ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් කොහොමත් සිටින්නේ ගෙවල්වලය . මේ නිසා  වර්ජකයන් මර්දනය කිරීමට ආණ්ඩුව තීරණයක් ගතහොත් වර්ජක ගුරු පිරිස  අඩු පිරිසක් බැවින්   මර්දනය කිරීමටද පහසුය . 


වැටුප් විෂමතාවයන් විසඳන තුරු වැඩ වර්ජනය කරන්නට යෝජනා කිරීම මොලයට නොව හදවතට   කීකරු වීමකි  


ආණ්ඩුව හදිසි නිතිය පනවා තිබේ.

 එසේ කර ඇත්තේ   අවශ්‍ය වුවහොත් වර්ජකයන්,  විරෝධතාකරුවන් මට්ටු කරන්නටය  උදාහරණයක් හැටියට වර්ජනය කරන අයගේ වැටුප් නතර කරන්නට ආණ්ඩුව තීරණය කළහොත් එය ගණන් ගන්නේ නැතිව මාස කියක් වර්ජනයේ සිටින්නට එම ගුරුවරුන්ට ගුරුවරියන්ට  පුලුවන්ද ? 


දීර්ඝ වර්ජනයකට  ගිය විට ආණ්ඩුව උඩ බලාගෙන සිටින්නේ නැත අවම  වශයෙන් වැටුප් ගෙවීම  නවත්වයි උපරිම වශයෙන් රැකියාවෙන් නෙරපයි 

  වැටුප් නොමැතිව මාස කීයක් සිටිය හැකිදැයි  දීර්ඝ වර්ජනයක් කළ යුතු යයි කියන අය කල්පනා  කළ යුතුය ගුරු ශේෂ්ත්රයේ  සිටින අති  බහුතරය ගුරුවරියෝය ඒ අයට දෙමාපියන්ගෙන් ස්වාමි පුරුෂයන් ගෙන් ,තම දු දරුවන්ගෙන්   කෙරෙන බලපෑම් කොපමණ කාලයක් දරා  සිටිය හැකිද ?


මෙය ලියන ලේඛකයා 1980 මහා වැඩ වර්ජනයට සම්බන්ධ වී අවුරුදු 3 දින 10 ක් ගෙදර සිටි අයෙකි . වර්ජනය කරන අය රැකියාවෙන් දොට්ට දමන බව  ජේ ආර් ජයවර්ධන කී විට  විශාල පිරිසක්   වර්ජනය අතහැර නැවත  සේවයට වාර්තා කළහ ඔවුන් නිදහසට කරුණ    ලෙස කියා සිටියේ වර්ජනය නොකළ බවත් සර්පයෙක් දෂ්ට කළ නිසා සේවයට වාර්තා කිරීමට නොහැකිවුණු බවත්ය .




 යටත් නොවුන අය සේවයෙන්  නෙරපා දමන ලදී නෙරපා හරින ලද වර්ජක  පිරිස 40000 කි . ජීවත්වීමට මගක් නොමැතිව 50 කට අධික වර්ජක  පිරිසක් දිවීනසා ගත්හ .වෘත්තීය සමිති සතු අරමුදල් දියවී ගියේය. වෘත්තිය   සමිති අඩපන විය  


යලිත් වෘත්තීය සමිතිවලට පණක් ඒමට අවුරුදු 20 කට වඩා ගත විය .


ගුරු වෘත්තීය සමිති කටයුතුවල මෙම ලේඛකයා 80 වර්ජනයට පෙරත් ඉන්පසුවත් යෙදුනේය ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සටන් වලට නොව  වෘත්තීය සමිතියකට බඳවා ගැනීම පවා මොනතරම් දුෂ්කර දැයි මේ ලේඛකයා දනී  මගේ විශ්වාසය ගුරුවරුන්ගෙන් අති විශාල පිරිසක් තවමත් කිසිදු ගුරු  සංගමයක  සාමාජිකත්වය ලබාගෙන නැත යන්නය .

 දීර්ඝ සටන් කරන්නට නම් කළ යුතු පළමු දෙය  ගුරුවරු සහ විදුහල්පතිවරු සියල්ලෝම වෘත්තීය    සමිතිවල සාමාජිකත්වය ලබා ගැනීමය  දෙවැනුව සාමාජික මුදල් නොකඩවා ගෙවීමය  තෙවනුව දීරඝ කාලින වර්ජනයකදී සාමාජිකයන්ට මාස් පතා කිසියම් දීමනාවක් ලබා දීමට සංගම් විසින් විශාල  අරමුදලක්  ගොඩ නගා  ගැනීමය හතරවෙනුව  විවිධ ගුරුසටන්වලට සක්‍රියව දායකවීමය  


  වර්ජනය එකම සටන නොවේ  සටන්  කිරීමට තව ඕනා තරම් ක්‍රම තිබේ .සටන් කිරීමේදී තුවාල අඩුවෙන් කර ගැනීමද අවශ්‍යය මෙය රස්සාවත් නැති කරගෙන ජීවිතයත් නැති කරගන්නා සටනක් නොවේ  ඒ අන්තයට යාමට සිදුවන   සටන් යෝජනා කරන්නේ  ගොරක මෝඩයෝ පමණි 

 

වර්ජනය කොට අවුරුදු 3ක් රැකියාව අහිමි කරගත්  ,  එ නිසා  බොහෝ දේ අහිමි කර ගත් අයෙකු ලෙස මගේ යෝජනාව වන්නේ පාසල් ගොස් උගන්වන අතර සටන් කරන ලෙසය තව ටිකක් විස්තර කර කියන්නේ නම්  සතියකට වරක් පාරට බැස ආසන්න නගරයේ  විරෝධතා පෙළපාලියක් පවත්වා ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය විසඳන ලෙස ආණ්ඩුවට බල කිරීමය  වරින් වර එක දින වැඩ වර්ජන කිරීම සලකා බැලීමද වටි


  ඉදිරියේදී පළාත් සභා මැතිවරණ පැවැත්වීමට නියමිත බැවින්  ගුරුවරු න් පාරට බැස සිටීම ආණ්ඩුව චන්දයෙන් පැරදීමට පාර කැපෙන පොටක් වේ එසේ වුවහොත්  ආංඩුව  ගුරු විදුහල්පති වැටුප් විෂමතා විසඳීමට වඩාත් උනන්දුවෙන බවට සැකයක් නැත 


එයත් වැරදී ගියහොත් ඊලඟ ජනාධිපතිවරණය/මහමැතිවරණය තෙක්ම ගුරු විදුහල්පති විරෝධතා සටන ගෙන යුතුය  එසේ  සටන ගෙනගියහොත්  ඉදිරි ජනාධිපතිවරණයට /මහමැතිවරණයට  පෙර මේ සටන අනිවාර්යයෙන් දිනන බවට කිසිදු සැකයක් නැත .


එසේ නැතිව කිරිපණු අමාරුව හැදුනු අය යෝජනා කරන  දීර්ඝ වැඩ වර්ජන කරන්නට ගිය හොත් වෙන්නේ දෙන්නම් කිවූ 1/9 ත් අහිමි කර ගෙන කට විරුවා පට්ටම් ගහගෙන ගෙදරට වී සිටීමටය 





Comments

Anonymous said…
හමුදාව දම්මලා පාසල් වල පරිපාලනය අත්පත්කරගෙන ඉගැන්වීම් කටයුතු සිදුකරනා මෙන් අප ඉල්ලා සිටිමු.
Anonymous said…
සබ්බ පාපස්‌ස අකරණං
කුසලස්‌ස උපසම්පදා
සචිත්ත පරියොදපනං
ඒතං බුද්ධානසාසනං
Ajith Dharma. said…
ගුරු අරගලයට පක්ෂයි
පෙර පැවති වෘත්තීය සමිති නායකයින්; වෘත්තීය ක්‍රියාකාරකම් මෙන්ම තම තමන්ගේ සමිතිය මුවාවෙන් කරගෙන ගිය වගක් මා නොබෝදා කියැවූ ලිපියක තිබුනේය. සියළුම ගුරුවරුන් සමිතියට බඳවාගෙන ස්ට්‍රැයික් කරණ්නට සිටියහොත් එය සිදු කරණ්නට වෙන්නේ නාමල් සීයාගේ මුණුබුරාගේ කාලයේදීය!

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...