Skip to main content

සකර්බර්ග්ට පිස්සු












මම හිතන්නේ සකර්බර්ග්ට පිස්සු කියාය .  ඒ මනුස්සයාට පිස්සු නැත්තම්  FACE BOOK ආයතනයේ වැඩ කරන එවුන්ට පිස්සුය  .


මේ පිස්සෝ අද උදේ මට තහනමක් දැම්මෝය  පැය 24ක් යනතුරු මුහුනුපොතේ ලිවිම මේ ඔල්මාද රංචුව මට තහනම් කළහ 


හේතුව මා ලිව් කොමෙටුවකි  කොමෙන්ටුව ලියා පැය බාගයක් ගතවන විට  තහනම මා වෙත දැන්වුහ 


ජර්මනියේදී යුදෙව් ජාතිකයෙකුට  පහර දී ඇති බවත් කිසිවෙකු ඔහුගේ පිහිටට නොපැමිණි බවත් මගේ මිත්‍රයෙකු  පොස්ටුවක් ලියා තිබුනේය  මම ඒ පොස්ටුව යටින්  උපහාසාත්ම බසින් පහත වගන්තිය ලිව්වෙමි 



"  ලංකාවේ නම් ඔහොම නැහැ හම්බයෝ කියල මුස්ලිම් අයට කවුරුවත් බනිනවා ඇහිලා තියෙනවද ? මුස්ලිම් මිනිස්සුන්ගේ ගෙවල් ,කඩ කඩල එහෙම නැහැ නේද ?"


ඉහත කොමෙන්ටුව මගින්  FACE BOOK ආයතනයේ  විධි විධාන මා විසින් උල්ලංඝනය කර ඇති බව ඔවුහු කියති 

 







    මේ තීරණය ට මා එකඟ නොවෙන බව මවිසින්  ඔවුන්ට දැන්වුවද ඔවුන්ගේ  කැකිල්ලේ තීන්දුවේ  වෙනසක් නැත .











Comments

Ajith said…
බ්ලොග්කරණයට ආපසු එන්න. ෆේස්බුක් උවමනාවන්ට අනුව සීමාවෙන්න එපා.
ෆේස්බුකියට අහුවුණාම ගැලවෙන්න අමාරුයි. දැන් වට්ස්ඇප් නිසා ඊ-මේල්වලටත් කෙළවෙමින් යනවා. වට්ස්ඇප් එකත් සකරයාගේ.
කොරන්න දෙයක් නෑ. එක්කො උන් කියන විදියට අපිට ඉන්න වෙනව. නැත්නම් ඔන්න ආයෙම මේ පැත්තෙ වැඩ පටන් ගන්න පුලුවන්😁

Popular posts from this blog

පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලන නාමල්ගේ මිතුරිය

                       ඇය  නාමල් රාජපක්ෂ මහතාගේ මිතුරියක් වුවද  , කොළඹට චන්දය  ඉල්ලුවද ඇය  ගැන ලිපියක්  ලියන්නට   මේ මොහොත වෙන තුරු  මා සිතා  සිටියේ  නැත. ඊයේ මුහුණු පොතේ  පෝස්ටුවක් පළකලේ එය ප්‍රමාණවත් වෙතැයි සිතු   නිසාය . එහෙත් එහි පලකල පෝස්ටුවට  පළවූ ඇතැම් ප්‍රතිචාර සලකා බැලු විට ඇය  ගැන වැඩි දුර  යමක් ලිවීම අවශ්‍ය  බව  පෙනුණි. එය කොළඹ  චන්ද දායකයනට ඇය ගැන තීරණයක්  ගැනීමට දායක වනු ඇත .  මේ  ආණ්ඩුව  බලයට  පැමිණි පසු  පත් කරනු ලැබූ  වරාය  , නාවික සහ සිවිල් ගුවන් සේවා ඇමති අර්ජුන රණතුංග වරයා  විසින් ශ්‍රී  ලංකන් ගුවන් සේවයේ දුෂණ සෙවීම සඳහා වැලිඅමුණ  කමිටුව  පත් කළ අතර එහිදී හෙළිවූ කරුණු  ඉතා  බරපතලය එම වාර්තාව අන්තර්  ජාලයේ තිබෙන අතර අවශ්‍ය අයෙකුට  කියවිය  හැක .  එබැවින්  මා  මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ  කොළඹ නගර ස...

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔ...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...