Skip to main content

Posts

Showing posts from July, 2023

ජනාධිපති කැඳවූ සර්ව පාක්ෂික සාකච්ඡාව ඇස් බැන්දුමක් ද?

  පලාත් සභා (Regional Councils) පිහිටවා දෙමල ජනයාට යම් බලතල ප්‍රමාණයක් බෙදා දීම සඳහා 1957 දී බණ්ඩාරනායක මහතා ෆෙඩරල් පක්ෂයේ ප්‍රධානියාවූ චෙල්වනායගම් සමග ගිවිසුමක් අත්සන් කරන ලදී . එක්සත් ජාතික පක්ෂය ඊට විරුද්ධ විය භික්ෂුන්ද එයට විරුද්ධවුහ භික්ශුන්ට බියේ බණ්ඩාරනායක ගිවිසුම ඉරා දැම්මේය   ඩඩ්ලි සේනානායක මහතා 1965 අගමැතිවී චෙල්වනායගම් සමග ගිවිසුමක් අත්සන් කළේය  එමගින් උතුර නැගෙනහිර පලාත්වල දිස්ත්‍රක් සභා පිහිටුවා රජයේ ආයතනවල දෙමල බසින් වැඩ කිරීමට සහ එම ප්‍රදේශවල ඉඩම් ලබා දීමේදී එම දිස්ත්රික්කවල පදිංචි ඉඩම් නැති අයට අයට ප්‍රමුඛත්වය දීමටද , එම දිස්ත්‍රික්කවල දෙමල බස කතාකරන අයට දෙවනුවද දීමටද රටේ අනෙකුත් ප්‍රදේශවල පදිංචි අයට තෙවනුව දීමටද එකඟ විය   එම ගිවිසුමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම සමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය විරුද්ධව වුහ එබැවින් එම ගිවිසුම එතනම මිය ගියේය    1970 බලයට පත් සිරිමා ප්‍රධාන සමගි පෙරමුණ ආණ්ඩුව විශ්ව විද්‍යාලවලට සිසුන් තෝරාගැනීමේදී  උසස් පෙළ   විභාගයෙන් ගන්නා ලකුණු මත නොව  ජන අනුපාතය අනුව ගැනීමට තීරණය කරන ලදී එය දෙමල තරුණයන් ගේ ඔලුවලට ගැසූ කුළුගෙඩි පහරක්

උනුත් එකයි මුනුත් එකයි

  මේ මැතිවරණ පාඨය අයිති කාරයා ජනතා විමුක්ති පෙරමුණය උනුත් හොරු මුනුත් හොරු බිහිවුවේ ජේ.ආර්/ප් ‍ රේමදාස බලයට පැමිණි පසු හඳුන්වා දුන් අනුපාත චන්ද ක් ‍ රමය යටතේය ඊට පෙර මිනිස්සු දේශපාලනය කලේ තමන්ගේ ධනය වියදම් කොටය ඉඳහිට දුෂිත වැඩ කළ අය හිටියත් ඔවුන්ට එරෙහිව උසාවි ගිය විට නඩු අසා ඔවුන්ගේ මන්ත් ‍ රී ධුර අහිමි කරනු ලැබිණ . මේ අනුපාත චන්දය තිබෙන තුරු මෙන්ම මහජන චන්දයෙන් ජනාධිපති තෝරාගන්නා ක් ‍ රමය තිබෙන තුරු දුෂණ, හොරකම් නැති කළ නොහැක මන්ද සල්ලි කන්දරාවක් නැතිව චන්දය දිනිය නොහැකි නිසාය දිනු දවසේ සිට සල්ලි හොයන්නට බොහෝ අය හොරකම් කරති මේ වන විට ජවිපෙ දෙසට පෙරට වඩා ජන ආකර්ශනයක් තිබෙන බව පෙනේ ඒ ජවිපෙ /ජා.ජ.බ ආණ්ඩුවක් යටතේ හොරකම් නොකරනු ඇති පිරිසක් විශ්වාස කරන නිසාය ජවිපෙ සමාජවාදී මත දරන පක්ෂයකි ඔවුන්ගේ පාට රතු වෙන්නෙත් මැයි දිනවලදී මාර්ක්ස් එංගල්ස් ලෙනින් විජේවීර යන අයගේ පින්තුර ඉදිරියෙන් ගෙනියන්නෙත් ඒ නිසාය එසේ නම් සමාජවාදී රටවල හොරකම් දුෂණ අවම හෝ නැත්තටම නැති විය යුතුය Transparency International ආයතනය ලෝකයේ රටවල පවතින දුෂණය පිළිබඳව වාර්ෂික වාර්තාවක් ප් ‍ රසිද්ධ කර

71 කැරැල්ලේ රෝහණ විජේ වීරගේ කට උත්තරය

        71 කැරැල්ල පිළිබඳව රෝහණ විජේවීරගේ කට උත්තරය 1971 කැරැල්ලේ පුර්ව සමයේ රෝහණ විජේවීර අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුගේ කට උත්තරය පටිගත කරනු ලැබීය. පසුව මෙය ලේඛන ගත කරන ලද අතර පසුව එම විශාල කට උත්තරය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සාරාංශගත කරන ලදි. අප් ‍ රේල් මහ නඩුවේදී යොදා ගන්නා ලද නෛතික ලිපි ලේඛන අතර මෙම කට උත්තරය වැදගත් තැනක් ගනියි. එම ලේඛනය ආරම්භ වන්නේ මේ අයුරිනි. රෝහණ විජේවීර විසින් රජයේ අධිනීතීඥ අයි. එෆ්. බී. වික් ‍ රමනායක මහතා වෙත කරන ලදුව 1971 ජූලි මස 17 වෙනිදා සිට 24 වන දින දක්වා වාර්තා ගත කර ගන්නා ලද ප් ‍ රකාශයේ සාරාංශයයි. 1. ජ් ‍ යෙෂAඨ පාඨශාලා සහතික පත් ‍ ර පංතිය දක්වා ධර්මාශෝක විද් ‍ යාලයේ ඉගෙන ගතිමි. ඊට පසුව ශිෂ් ‍ යත්වයක් ලැබ රුසියාවට ගියෙමි. (ලියමන ටයිප් කොට පිළියෙළ කරන ලද්දේ ඊලියන් නානායක්කාර විසිනි) 2. 1960 සැප්තැම්බරයේදී රුසියාවට ගොස් 1964 මාර්තු දක්වා එහි සිටියෙමි. රුසියන් භාෂාව මාස 7ක කාලයක් ඉගෙන ගතිමි. 3. වෛද් ‍ ය අංශයේ ඉගෙන ගතිමි. ප් ‍ රථම විභාග 3 සමත් වීමි. ස්පාඤ්ඤ භාෂාව මඳක් ඉගෙන ගතිමි. අසනීප වීම නිසා 1964 දී ලංකාවට ආපසු පැමිණියෙමි. දේශපාලන අර්ථ ශාස්ත් ‍