Skip to main content

සමුර්ධි උද්ඝෝෂණයේ පිටුපස හංගපු කතාව

 




අස්වැසුම සඳහා සුද්දුස්සන් තේරීමේදී ඇතැම් නිලධාරිනියන් පගාවට සහ හිතවත් කමට නුසුදුස්සන් ඈතුලත් කර ඇති බවට කතන්දර පැතිරෙමින් තිබේ


දුප්පත් බව පෙන්නීමට නිවසේ ඉරිපස නොව පිටුපස පින්තුරගෙන අමුණා ඇති බවද කියනු ලැබේ
අස්වැසුම සුදුස්සන් තේරීම සඳහා සහභාගිවූ නිලධාරින්ට සහ නිලධ්රිනියනට එක නිවසකට රු 200-250 මුදලක්ද ගෙවන ලද අතර ස්මාර්ට් ජංගම දුරකතනයක් සින්නකරම ආණ්ඩුව විසින් දුන් අතර දිනකට ඩේටා 100ක් ද නොමිලේ දෙනු ලැබින

මසකට රු.ලක්ෂය ලක්ෂ එකහමාරක අමතර ආදායමක් එමගින් ලැබූ නමුත් සිය රාජකාරිය අවංකව නොකිරීම නිසා නුසුදුස්සන් රැසකට අස්වසුම ලැබී තිබේ

රජයේ විශ්රාම වැටුපක් ලබන අයෙකුගේ බිරිඳට රු.8500 අස්වසුමක් ලබා දී තිබෙන බව අද මට දැනගන්නට ලැබිණ ඊට හේතුව වී තිබෙන්නේ සම්ක්ෂණය කරන ලද නිලධාරිනිය අර කාන්තාවගේ ගමේ උපන් අයෙකු වීමය

මේ අතර සමුර්ධි ය ලැබූ අය සැලකිය යුතු පිරිසකට අස්වැසුම අහිමි කර තිබෙන්නේ මන්ද ?

සමුර්ධිය සඳහා සුදුසුකම වුයේ පවුලක මාසික ආදායම රු.5000 හෝ ඊට අඩුවීමය එහෙත් පවුල් ලක්ෂ 18 කට සමුර්ධිය ලබා දී තිබුනේ ඔවුන්ග්රේ මාසික ආදායම මසකට රු.5000ක් හෝ ඊට අඩුවීම නිසාද ?

ඇත්ත වශයෙන්ම සමුර්ධිය ට සුදුස්සන් තේරුවේ කරුණු සොයා බල නොවේ සමුර්ධිය ඉල්ලා සිටින අය කියන දේ පරම සත්යය ලෙස පිළිගනිමිනි අනෙක් කරුණ නම් සමුර්ධි නිලධාරීන් 99%ක් ශ්රීලංකා නිදහස් පක්ෂයේ/පොහොට්ටුවේ අය වූ බැවින් හැකි සැම අවස්ථාවකම තම පක්ෂයේ අයට සමුර්ධිය ලබා දීමට කටයුතු කිරීමය




එමෙන්ම සියලුම පුජකයන්ට ද මසකට රු 1500 සමුර්ධි දීමනාවක් දෙනු ලැබිණ මුල්කාලයේදී පන්සලේ හෝ පිරිවෙනේ සිටි සියලුම භික්ෂුන්ගේ මුදල් සාක්කු වේ දමා ගත්තේ විහාරාධිපති සහ පරිවේනාධිපති විසිනි පසුව මෙම මුදල අදාළ පුජකයාගේ සමුර්ධි බැංකුවේ බැංකු ගිණුමට බැරකරනු ලැබිණ

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිටද , කන්දේ විහාර පන්සලේ ලොකු හමුදුර්වනටද සිරිපාදේ අධිපති වහනසේටද , අටමස්ථානයේ අධිපති ස්වාමින් වහන්සේටද මිනින්තලේ අධිපති වහන්සේටද මාසිකව සමුර්ධි දීමනාව ලැබුනට සැක නැත

කාදිනල් තුමාටද ලැබෙන්නට ඇත

ඉතින් පසුගිය දිනවල උද්ඝෝෂණය කල සමුර්ධිලභින් ගේ මාසික ආදායම රු,5000ක් හෝ ඉතක් අඩු යයි ඔබ විශ්වාස කරන්නේද ?

සමුර්ධි ලාභීන්ට ලැබුනේ සමුර්ධිය පමණක් නොවේ. සාපෙළ උසස් පෙළ කරන ළමුන් සිටියේ නම් මසකට රු 2000 ගනනේ ලබා දෙනු ලැබිණ දරුවෙකුගේ විවාහයකදී රු 15000ක් දෙනු ලැබිණ පවුලේ මරණයකදී රු 20000 ක් දෙනු ලැබිණ රෝහල් ගත දිනකට රු 300 බැගින් දෙනු ලැබිණ

මේ ලොතරයි දිනුම මැරෙන තුරු ලබා ගැනීමට නම් හැමදාම අඩු ආදායම් ලාභින්සේ සිටිය යුතුය ස්වයං රැකියාවන් කර ගැනීමට සමුර්ධි බැංකු මගින් ණය පහසුකම් ලබා දුන්නද ණය ගත්තත් අලුත් ස්වයං රැකියාවක් ඇරඹුවත් ඒ ආදායම් පෙන්වුවේ නැත ස්මුර්ධි නිලධාරීන්ට ගතමනාවක් දී ඒවා වසන් කරගත්හ


සමුර්ධි ලාභීන්ද සමුර්ධි නිලධරින්ද හංගන කතාන්දරය එයයි

ඇත්ත වශයෙන්ම ආණ්ඩුව මුදලින් ආධාර කල යුත්තේ කිසිදු රැකියාවක් කිරීමට ශාරීරික ශක්තිය නැති දරුවන්ගේ පිහිටක් නැති මහලු අයටත් , ශාරීරික/මානසික ආබාධ සහ රෝග නිසා රැකියවක නිරත වීමට නොහැකි අයටත් ආදායම් මාර්ග කොහෙත්ම නැති අයටත් ස්වාමි පුරුෂයා නැති දරුවන් තිදෙනෙකු හෝ ඊට වැඩි අය සිටින ආදායම් නැති මව් වරුන්ටත් සහ මහපාර නිවස කර ගත් අයටත් යන්න මගේ විස්වාසයයි

Comments

Anonymous said…
'ඇත්ත වශයෙන්ම ආණ්ඩුව මුදලින් ආධාර කල යුත්තේ කිසිදු රැකියාවක් කිරීමට ශාරීරික ශක්තිය නැති දරුවන්ගේ පිහිටක් නැති මහලු අයටත් , ශාරීරික/මානසික ආබාධ සහ රෝග නිසා රැකියවක නිරත වීමට නොහැකි අයටත් ආදායම් මාර්ග කොහෙත්ම නැති අයටත් ස්වාමි පුරුෂයා නැති දරුවන් තිදෙනෙකු හෝ ඊට වැඩි අය සිටින ආදායම් නැති මව් වරුන්ටත් සහ මහපාර නිවස කර ගත් අයටත් යන්න මගේ විස්වාසයයි'

ආණ්ඩුව ආධාර කරන්නේ ඒ අයට තමයි. රාජ්‍ය නිලධාරීන් නිසි අයුරින් රාජකාරිය ඉටු නොකිරීමයි ගැටලුව.

අස්වැසුම දීමනා ලැබෙන ගැසට්ටුව කියවා බැලුවා නං එය පැහැදිලි වෙයි. ඒක කියවලා ලිපිය ලීවා නං හොදයි කියලා මට හිතෙන්නේ.

ගැසට්ටුව මෙතනින් බලන්න

Anonymous said…
බර්ටි ඔබ ලෝක දේශපාලනය ගැන ලියන කෙනෙක් විදියට දන්නව ඇති මේ මොහොතේ ප්‍රංශයේ දැවැන්ත "අරගලයක්" ක්‍රියාත්මකයි.
මේක බලන්න බෙල්ජියමටත් ඒක පැතිරයන තත්ත්වයක් තියෙනව නේද?

https://m.youtube.com/watch?v=CwwEhQfsgLA&t=36s&pp=ygUMZnJhbmNlIHJpb3Rz

ගිනි තියනවා, ගහගන්නවා, මිනිස්සු මැරෙනවා. සෑහෙන භයානක මහ ප්‍රචන්ඩ අරගලයක්....!

හැබැයි ලංකාවේ ගෝල්ෆේස් වල අප්ඩේට්ස් විනාඩියෙන් විනාඩියට ගහපු ඉන්ටර්නැෂනල් මීඩියා ඒ තරම් ලොකු අවදානයක් ඒකට දෙන්නෙ නෑ. ඒ වගේම උක්රේනයේ 2014 මයිදාන් සීන් එකට තරම් කිසිම තැනක අවධානය යොමුකර නෑ, මෙහෙම වෙන්නේ ඇයි?

මිනිස්සුන්ගේ විරෝධතා පැවැත්වීමේ අයිතියට අත නොතබනු කියලා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන නිවේදන නිකුත් කරලා නෑ. ඇමරිකා තානාපති කාර්යාලය ප්‍රංස ජනපතිට නියෝග කරමින් මානව හිමිකම් රකින්න ඕන කියල අවධාරණය කරන බව දැක්කේ නෑ

මුලු ජාත්‍යන්තරයම නිකන් කිසිම දෙයක් දැක්කේ නෑ වගේ ඉන්නේ. ඇයි ඒ?

ඒත් මේ ඉන්දියන් සාගරේ දූපතක් වෙච්ච ශ්‍රී ලංකාවේ ප්‍රශ්න වලට මේ තරම් දැඩි අවදානයක් දෙන සුදු මහත්තුරු, නෝනලා තමන්ගේ අල්ලපු වැටේ ගින්දර ගැන වැඩිය කතා නොකරන්නේ ඇයි දන්නෑ ?

කෝ බීබීසී? කෝ බ්‍රිතාන්‍ය රජය සහ තානාපතිලා? කෝ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාතික උපදේශක බීබීසී සිංහල සේවයේ අධිපති වෙරිටේ මීඩියා ජ්‍යෙෂ්ඨ උපදේශක අල් ජසීරා නිදහස් මාධ්‍යවේදී බයි-ලයින් ටයිම්ස් ජ්‍යෙෂ්ඨ මාධ්‍ය උපදේශක විද්වත් කමිටුවල කටවල් වල පිට්ටුද? ඇත්තටම බර්ටි අවංකව මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද ඔබට? අපට ඕන නිදහස් අදහස් සහ සැබෑවටම සිදුවන සත්‍ය දැනගන්න, ඒ නිසා ලියන්න ඒ ගැන......

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...