Skip to main content

සමුර්ධි උද්ඝෝෂණයේ පිටුපස හංගපු කතාව

 




අස්වැසුම සඳහා සුද්දුස්සන් තේරීමේදී ඇතැම් නිලධාරිනියන් පගාවට සහ හිතවත් කමට නුසුදුස්සන් ඈතුලත් කර ඇති බවට කතන්දර පැතිරෙමින් තිබේ


දුප්පත් බව පෙන්නීමට නිවසේ ඉරිපස නොව පිටුපස පින්තුරගෙන අමුණා ඇති බවද කියනු ලැබේ
අස්වැසුම සුදුස්සන් තේරීම සඳහා සහභාගිවූ නිලධාරින්ට සහ නිලධ්රිනියනට එක නිවසකට රු 200-250 මුදලක්ද ගෙවන ලද අතර ස්මාර්ට් ජංගම දුරකතනයක් සින්නකරම ආණ්ඩුව විසින් දුන් අතර දිනකට ඩේටා 100ක් ද නොමිලේ දෙනු ලැබින

මසකට රු.ලක්ෂය ලක්ෂ එකහමාරක අමතර ආදායමක් එමගින් ලැබූ නමුත් සිය රාජකාරිය අවංකව නොකිරීම නිසා නුසුදුස්සන් රැසකට අස්වසුම ලැබී තිබේ

රජයේ විශ්රාම වැටුපක් ලබන අයෙකුගේ බිරිඳට රු.8500 අස්වසුමක් ලබා දී තිබෙන බව අද මට දැනගන්නට ලැබිණ ඊට හේතුව වී තිබෙන්නේ සම්ක්ෂණය කරන ලද නිලධාරිනිය අර කාන්තාවගේ ගමේ උපන් අයෙකු වීමය

මේ අතර සමුර්ධි ය ලැබූ අය සැලකිය යුතු පිරිසකට අස්වැසුම අහිමි කර තිබෙන්නේ මන්ද ?

සමුර්ධිය සඳහා සුදුසුකම වුයේ පවුලක මාසික ආදායම රු.5000 හෝ ඊට අඩුවීමය එහෙත් පවුල් ලක්ෂ 18 කට සමුර්ධිය ලබා දී තිබුනේ ඔවුන්ග්රේ මාසික ආදායම මසකට රු.5000ක් හෝ ඊට අඩුවීම නිසාද ?

ඇත්ත වශයෙන්ම සමුර්ධිය ට සුදුස්සන් තේරුවේ කරුණු සොයා බල නොවේ සමුර්ධිය ඉල්ලා සිටින අය කියන දේ පරම සත්යය ලෙස පිළිගනිමිනි අනෙක් කරුණ නම් සමුර්ධි නිලධාරීන් 99%ක් ශ්රීලංකා නිදහස් පක්ෂයේ/පොහොට්ටුවේ අය වූ බැවින් හැකි සැම අවස්ථාවකම තම පක්ෂයේ අයට සමුර්ධිය ලබා දීමට කටයුතු කිරීමය




එමෙන්ම සියලුම පුජකයන්ට ද මසකට රු 1500 සමුර්ධි දීමනාවක් දෙනු ලැබිණ මුල්කාලයේදී පන්සලේ හෝ පිරිවෙනේ සිටි සියලුම භික්ෂුන්ගේ මුදල් සාක්කු වේ දමා ගත්තේ විහාරාධිපති සහ පරිවේනාධිපති විසිනි පසුව මෙම මුදල අදාළ පුජකයාගේ සමුර්ධි බැංකුවේ බැංකු ගිණුමට බැරකරනු ලැබිණ

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිටද , කන්දේ විහාර පන්සලේ ලොකු හමුදුර්වනටද සිරිපාදේ අධිපති වහනසේටද , අටමස්ථානයේ අධිපති ස්වාමින් වහන්සේටද මිනින්තලේ අධිපති වහන්සේටද මාසිකව සමුර්ධි දීමනාව ලැබුනට සැක නැත

කාදිනල් තුමාටද ලැබෙන්නට ඇත

ඉතින් පසුගිය දිනවල උද්ඝෝෂණය කල සමුර්ධිලභින් ගේ මාසික ආදායම රු,5000ක් හෝ ඉතක් අඩු යයි ඔබ විශ්වාස කරන්නේද ?

සමුර්ධි ලාභීන්ට ලැබුනේ සමුර්ධිය පමණක් නොවේ. සාපෙළ උසස් පෙළ කරන ළමුන් සිටියේ නම් මසකට රු 2000 ගනනේ ලබා දෙනු ලැබිණ දරුවෙකුගේ විවාහයකදී රු 15000ක් දෙනු ලැබිණ පවුලේ මරණයකදී රු 20000 ක් දෙනු ලැබිණ රෝහල් ගත දිනකට රු 300 බැගින් දෙනු ලැබිණ

මේ ලොතරයි දිනුම මැරෙන තුරු ලබා ගැනීමට නම් හැමදාම අඩු ආදායම් ලාභින්සේ සිටිය යුතුය ස්වයං රැකියාවන් කර ගැනීමට සමුර්ධි බැංකු මගින් ණය පහසුකම් ලබා දුන්නද ණය ගත්තත් අලුත් ස්වයං රැකියාවක් ඇරඹුවත් ඒ ආදායම් පෙන්වුවේ නැත ස්මුර්ධි නිලධාරීන්ට ගතමනාවක් දී ඒවා වසන් කරගත්හ


සමුර්ධි ලාභීන්ද සමුර්ධි නිලධරින්ද හංගන කතාන්දරය එයයි

ඇත්ත වශයෙන්ම ආණ්ඩුව මුදලින් ආධාර කල යුත්තේ කිසිදු රැකියාවක් කිරීමට ශාරීරික ශක්තිය නැති දරුවන්ගේ පිහිටක් නැති මහලු අයටත් , ශාරීරික/මානසික ආබාධ සහ රෝග නිසා රැකියවක නිරත වීමට නොහැකි අයටත් ආදායම් මාර්ග කොහෙත්ම නැති අයටත් ස්වාමි පුරුෂයා නැති දරුවන් තිදෙනෙකු හෝ ඊට වැඩි අය සිටින ආදායම් නැති මව් වරුන්ටත් සහ මහපාර නිවස කර ගත් අයටත් යන්න මගේ විස්වාසයයි

Comments

Anonymous said…
'ඇත්ත වශයෙන්ම ආණ්ඩුව මුදලින් ආධාර කල යුත්තේ කිසිදු රැකියාවක් කිරීමට ශාරීරික ශක්තිය නැති දරුවන්ගේ පිහිටක් නැති මහලු අයටත් , ශාරීරික/මානසික ආබාධ සහ රෝග නිසා රැකියවක නිරත වීමට නොහැකි අයටත් ආදායම් මාර්ග කොහෙත්ම නැති අයටත් ස්වාමි පුරුෂයා නැති දරුවන් තිදෙනෙකු හෝ ඊට වැඩි අය සිටින ආදායම් නැති මව් වරුන්ටත් සහ මහපාර නිවස කර ගත් අයටත් යන්න මගේ විස්වාසයයි'

ආණ්ඩුව ආධාර කරන්නේ ඒ අයට තමයි. රාජ්‍ය නිලධාරීන් නිසි අයුරින් රාජකාරිය ඉටු නොකිරීමයි ගැටලුව.

අස්වැසුම දීමනා ලැබෙන ගැසට්ටුව කියවා බැලුවා නං එය පැහැදිලි වෙයි. ඒක කියවලා ලිපිය ලීවා නං හොදයි කියලා මට හිතෙන්නේ.

ගැසට්ටුව මෙතනින් බලන්න

Anonymous said…
බර්ටි ඔබ ලෝක දේශපාලනය ගැන ලියන කෙනෙක් විදියට දන්නව ඇති මේ මොහොතේ ප්‍රංශයේ දැවැන්ත "අරගලයක්" ක්‍රියාත්මකයි.
මේක බලන්න බෙල්ජියමටත් ඒක පැතිරයන තත්ත්වයක් තියෙනව නේද?

https://m.youtube.com/watch?v=CwwEhQfsgLA&t=36s&pp=ygUMZnJhbmNlIHJpb3Rz

ගිනි තියනවා, ගහගන්නවා, මිනිස්සු මැරෙනවා. සෑහෙන භයානක මහ ප්‍රචන්ඩ අරගලයක්....!

හැබැයි ලංකාවේ ගෝල්ෆේස් වල අප්ඩේට්ස් විනාඩියෙන් විනාඩියට ගහපු ඉන්ටර්නැෂනල් මීඩියා ඒ තරම් ලොකු අවදානයක් ඒකට දෙන්නෙ නෑ. ඒ වගේම උක්රේනයේ 2014 මයිදාන් සීන් එකට තරම් කිසිම තැනක අවධානය යොමුකර නෑ, මෙහෙම වෙන්නේ ඇයි?

මිනිස්සුන්ගේ විරෝධතා පැවැත්වීමේ අයිතියට අත නොතබනු කියලා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන නිවේදන නිකුත් කරලා නෑ. ඇමරිකා තානාපති කාර්යාලය ප්‍රංස ජනපතිට නියෝග කරමින් මානව හිමිකම් රකින්න ඕන කියල අවධාරණය කරන බව දැක්කේ නෑ

මුලු ජාත්‍යන්තරයම නිකන් කිසිම දෙයක් දැක්කේ නෑ වගේ ඉන්නේ. ඇයි ඒ?

ඒත් මේ ඉන්දියන් සාගරේ දූපතක් වෙච්ච ශ්‍රී ලංකාවේ ප්‍රශ්න වලට මේ තරම් දැඩි අවදානයක් දෙන සුදු මහත්තුරු, නෝනලා තමන්ගේ අල්ලපු වැටේ ගින්දර ගැන වැඩිය කතා නොකරන්නේ ඇයි දන්නෑ ?

කෝ බීබීසී? කෝ බ්‍රිතාන්‍ය රජය සහ තානාපතිලා? කෝ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාතික උපදේශක බීබීසී සිංහල සේවයේ අධිපති වෙරිටේ මීඩියා ජ්‍යෙෂ්ඨ උපදේශක අල් ජසීරා නිදහස් මාධ්‍යවේදී බයි-ලයින් ටයිම්ස් ජ්‍යෙෂ්ඨ මාධ්‍ය උපදේශක විද්වත් කමිටුවල කටවල් වල පිට්ටුද? ඇත්තටම බර්ටි අවංකව මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද ඔබට? අපට ඕන නිදහස් අදහස් සහ සැබෑවටම සිදුවන සත්‍ය දැනගන්න, ඒ නිසා ලියන්න ඒ ගැන......

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා