Skip to main content

ජනාධිපති කැඳවූ සර්ව පාක්ෂික සාකච්ඡාව ඇස් බැන්දුමක් ද?

 







පලාත් සභා (Regional Councils) පිහිටවා දෙමල ජනයාට යම් බලතල ප්‍රමාණයක් බෙදා දීම සඳහා 1957 දී බණ්ඩාරනායක මහතා ෆෙඩරල් පක්ෂයේ ප්‍රධානියාවූ චෙල්වනායගම් සමග ගිවිසුමක් අත්සන් කරන ලදී .



එක්සත් ජාතික පක්ෂය ඊට විරුද්ධ විය භික්ෂුන්ද එයට විරුද්ධවුහ භික්ශුන්ට බියේ බණ්ඩාරනායක ගිවිසුම ඉරා දැම්මේය

 

ඩඩ්ලි සේනානායක මහතා 1965 අගමැතිවී චෙල්වනායගම් සමග ගිවිසුමක් අත්සන් කළේය

 එමගින්

උතුර නැගෙනහිර පලාත්වල දිස්ත්‍රක් සභා පිහිටුවා රජයේ ආයතනවල දෙමල බසින් වැඩ කිරීමට සහ එම ප්‍රදේශවල ඉඩම් ලබා දීමේදී එම දිස්ත්රික්කවල පදිංචි ඉඩම් නැති අයට අයට ප්‍රමුඛත්වය දීමටද , එම දිස්ත්‍රික්කවල දෙමල බස කතාකරන අයට දෙවනුවද දීමටද රටේ අනෙකුත් ප්‍රදේශවල පදිංචි අයට තෙවනුව දීමටද එකඟ විය

 

එම ගිවිසුමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම සමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය විරුද්ධව වුහ


එබැවින් එම ගිවිසුම එතනම මිය ගියේය 

 

1970 බලයට පත් සිරිමා ප්‍රධාන සමගි පෙරමුණ ආණ්ඩුව විශ්ව විද්‍යාලවලට සිසුන් තෝරාගැනීමේදී  උසස් පෙළ   විභාගයෙන් ගන්නා ලකුණු මත නොව  ජන අනුපාතය අනුව ගැනීමට තීරණය කරන ලදී

එය දෙමල තරුණයන් ගේ ඔලුවලට ගැසූ කුළුගෙඩි පහරක් විය 

  

බාල කුමාර් ගේ ප්‍රධානත්වයෙන් ඊරෝස් නමැති ශිෂ්‍ය සංවිධානය හැදුනේ සිරිමා ආණ්ඩුවේ එම පියවරට විරුද්ධවය තුවක්කුවෙන් විසඳුම් සෙවීම ඔවුන්ගේ අරමුණ විය

 

1977 මහා මැතිවරණයට පෙර එක්සත් ජාතික[පක්ෂය නිකුත් කල මැතිවරණ පොරොන්දු ප්‍රකාශයේ මෙසේ සඳහන් කර තිබුණි

 

"දෙමල ජනතවගේ ප්‍රශ්න විසඳීම සඳහා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටවූ පසු සර්ව පාක්ෂික වට මේස සාකච්ච්වක් කැඳවනු ලැබේ "

 

බලයට පත් ජේ ආර් ජයවර්ධන මහතා පොරොන්දුව අමතක කළේය

 

උතුරේ සන්නද්ධ කණ්ඩායම් එකින් එක බිහිවන්නට පටන් ගත්තේය

 

උතුරට විශේෂ හමුදා නිලධාරියෙකු පත් කළ ජේ ආර් 1980 -12-31 වන විට උතරේ ත්‍රස්තවාදී කල්ලි විනාශ කොට අවසන් කරන ලෙස නියෝග කළේය

එය අසාර්ථක විය

 

උතරේ සන්නද්ධ කණ්ඩායම් එන්න එන්නට බලවත් විය 1983 කළු ජුලිය තව තවත් එම සංවිධාන ශක්තිමත් කළේය

 

වෙනම රාජ්‍යයක් පිහිටුවීම එම සන්නද්ධ කණ්ඩායම් වල අරමුණ විය

 

ඉන්දු -ලංකා ගිවිසුම මගින් පළාත් සභා පිහිටුවීමට එකඟත්වය ඇතිකරගන්නා ලද්දේ ඊළමක් පිහිටුවීම වළක්වන්නටය

 

එයට කොටි සංවිධානය හැර අනෙකුත් දෙමල සන්නද්ධ කණ්ඩායම් එකඟ වුහ එම සංවිධාන ආයුධ  අත් හැර දැමුහ 

 

කොටි සංවිධානය ඊට එකඟ නොවුයේ ඊළමක් දිනාගැනීම එමගින් වලකින නිසාය

 

එබැවින් ඉන්දු -ලංකා ගිවිසුමට පක්ෂවූ දෙමල සන්නද්ධ සංවිධානවල නායකයන් සහ සාමාජිකයන් කොටි සංවිධානය විසින් මරා දමනු ලැබීය



පළාත් සභා පිහිටුවීම සඳහා ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව විසින් 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්තාව සම්මත කරගන්න ලදී

 
ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ විය



විජය කුමාරතුංගගේ මහජන පක්ෂය සම සමාජ පක්ෂය කොමියුනිස්ට් පක්ෂය වාසුදේවගේ පක්ෂය ඊට පක්ෂ වුහ

 

13 ට පක්ශ වූ පක්ෂවල නායකයන් සහ සාමාජිකයන් මර දැමීමට  රෝහණ විජේවීර අණ දුන් අතර  ඊට පක්ෂවූ උතුරේ පක්ෂවල අය මර දැමීමට ප්‍රභාකරන් අණ දුන්නේය.



චන්ද්‍රික බණ්ඩාරනායක ජනාධිපති වූ පසු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් උතුරු නැගෙනහිරට බලය බෙදා හැරීමට සුදානම් විය.ඇය එම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය. එහෙත් එම ව්‍යවස්තාව ට එක්සත් ජාතික පක්ෂය විරුද්ධ වූ බැවින් එය සම්මත කර ගැනීමට නොහැකි විය

2009 දී ආණ්ඩුව යුද්ධය දිනුවේය

 

එහෙත් දෙමල ජනයාගේ ප්‍රශ්න වැඩි වුවා මිස අඩු වුයේ නැත

 

13 වන ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කරන ලෙස දෙමල දේශපාලන පක්ෂ ඉල්ලා සිටින්නේ එවැනි පසුබිමක් යටතේය

 

පෙරේදා (26) හවස ජනාධිපතිවරයා දේශපාලන පක්ෂ ජනධිපති කාර්යාලයට කැඳවුයේ ඒ ගැන සාකච්චා කිරීමටය

 

ජවිපෙ එය මගහැරියේය

 

සජිත් ප්‍රේමදාස එහි ගොස් ප්‍රධාන ප්‍රශ්නය සාකච්චා කිරීම මග හැර පළාත් සභා චන්දය තබන ලෙස ඉල්ලා වේලාසනින් ආපහු ගෙදර ගියේය

 

පොහොට්ටුවේ උපක්‍රමය වුයේ ප්‍රශ්නය ඉක්මනින් සාකච්චා කිරීම වලක්වන කල් මැරීමේ මාවතක් සෙවීමය

 

මේ සියල්ල සලකා බැලුවිට පෙනෙන කාරනාව නම් 13 මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට සහය දීමට සිංහල දේශපාලන පක්ෂ සුදානම් නැති බවය

 

එහි අර්ථය දෙමල ජනයාගේ ප්‍රශ්න වලට පෙනෙන තෙක් මානයේ නැති බවය

 

උතුරේ වැඩි වැඩියෙන් පන්සල් හැදීමට අන්තවාදී භික්ෂුන් පෙළඹෙනු ඇති අතර සරත් වීරසේකර වැනි අන්තවාදී දේශපාලකයන් ඊට සහය දෙනු ඇත

 




ඊට දෙමල දේශපාලකයන් සහ දෙමල ජනයා විරුද්ධවෙනු ස්තිරය

 

එහි තේරුම කල් ගත වන්නට වන්නට   දේශපාලන වශයෙන් රට අස්ථාවර වීමය.



අස්ථාවර රටකට ආර්ථික සංවර්ධනයක් ලබා ගැනීම ඉතා අපහසුය



විදේශිකයන් අස්ථාවර රටක ආයෝජනය කිරීමට කැමති වන්නේද නැත

 

ඔය අතර ජනවර්ග ගැටුම් ඇති වුවහොත් මෙහි සිටින ආයෝජකයන්ද යන්නට යනු ඇත

 

අපට සිදුවන්නේ ඉන්ධන පෝලිම් ගෑස් පෝලිම් ආහාර පෝලිම් තිබෙන බංකොලොත් රටක් ලෙස තව බොහෝ කලක් ගත කරන්නටය 


ඊට විරුද්ධ පක්ෂයේ දේශපාලන පක්ෂ ඉතා කැමතිය මන්ද එවිට ඔවුන්ගේ චන්ද කුට්ටිය වැඩි වෙන නිසාය 

Comments

jay-cz said…
සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ මාධ්‍ය නිවේදනය කියවන්න, දෙමල නියෝජිතයන්ද මැතිවරණය සමඟ පළාත්සභා වලට පුර්ණ බලතල ඉල්ලා ඇත ජනාධිපතිගේ අදහස වී ඇත්තේ දෙකින් එකක් ඉල්ලන ලෙසයි.

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...

ඒ කාලේ අපි කරුවලේ කරපු වැඩ

  "උඹ කොළඹ ගිහින් තියෙනවද ගුණදාස  ?" "නෑ " "උඹ කොළඹගිහින් තියෙනවද  සිරිපාල? " "නෑ " "උඹ කොළඹ ගිහින් තියෙනවද  පේමදාස? " "නෑ " ඒ  බාලාංශ පන්තිවල ඉගෙනගන්නා කාලයේ පන්තියේ කොල්ලන්ගෙන් මම  ඇසු ප්‍රශ්නයි  කෙල්ලන්ගෙන් කිසිදිනක එම ප්‍රශ්නය නොඇසුවෙමි  .හේතුව අසීමිත ලැජ්ජාව නිසාය  බැරිවෙලාවත් ඇහුවොත් දෙන පිළිතුර වන්නේ "පලයන් කොල්ලෝ යන්න " යන්නය.   .පන්තියේ  එවුන් එකෙක් වත් කොළඹ ගොස් නොතිබුණද  තුනේ පන්තිය වන විට  මම තුන් හතර  වරක් කොළඹ ගොස් ඇවිත්  සිටියෙමි .   .කොළඹ යාමට පින පැදුනු හේතුව  මෙසේය .      (මේ අපේ මාමා සේවය කළ DONALD'S ස්ටුඩියෝවේදී ගන්නා ලද චායාරුපයෙකි)         අපේ අම්මගේ මල්ලි හෙවත් මගේ මාමා චායාරුප ශිල්පියෙක් විය ඔහු සේවය කලේ කොළඹ මරදානේ  Donald's Studio හීය . නැවතී සිටියේ දෙහිවල කළුබෝවිල ප්‍රතිබිම්බාරාම පාරේ බෝඩිමකය එහි සිටියදී ඔහු ඇතිකරගත් ප්‍රේම සම්බන්ධය විවාහය දක්වා දික්විය .නැන්දාව කැන්දාගෙන ඒම සඳහා ගිය පිරිස අතර අවුරුදු 7 ක් වයසැති  මාද විය ...