Skip to main content

ජනාධිපති කැඳවූ සර්ව පාක්ෂික සාකච්ඡාව ඇස් බැන්දුමක් ද?

 







පලාත් සභා (Regional Councils) පිහිටවා දෙමල ජනයාට යම් බලතල ප්‍රමාණයක් බෙදා දීම සඳහා 1957 දී බණ්ඩාරනායක මහතා ෆෙඩරල් පක්ෂයේ ප්‍රධානියාවූ චෙල්වනායගම් සමග ගිවිසුමක් අත්සන් කරන ලදී .



එක්සත් ජාතික පක්ෂය ඊට විරුද්ධ විය භික්ෂුන්ද එයට විරුද්ධවුහ භික්ශුන්ට බියේ බණ්ඩාරනායක ගිවිසුම ඉරා දැම්මේය

 

ඩඩ්ලි සේනානායක මහතා 1965 අගමැතිවී චෙල්වනායගම් සමග ගිවිසුමක් අත්සන් කළේය

 එමගින්

උතුර නැගෙනහිර පලාත්වල දිස්ත්‍රක් සභා පිහිටුවා රජයේ ආයතනවල දෙමල බසින් වැඩ කිරීමට සහ එම ප්‍රදේශවල ඉඩම් ලබා දීමේදී එම දිස්ත්රික්කවල පදිංචි ඉඩම් නැති අයට අයට ප්‍රමුඛත්වය දීමටද , එම දිස්ත්‍රික්කවල දෙමල බස කතාකරන අයට දෙවනුවද දීමටද රටේ අනෙකුත් ප්‍රදේශවල පදිංචි අයට තෙවනුව දීමටද එකඟ විය

 

එම ගිවිසුමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම සමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය විරුද්ධව වුහ


එබැවින් එම ගිවිසුම එතනම මිය ගියේය 

 

1970 බලයට පත් සිරිමා ප්‍රධාන සමගි පෙරමුණ ආණ්ඩුව විශ්ව විද්‍යාලවලට සිසුන් තෝරාගැනීමේදී  උසස් පෙළ   විභාගයෙන් ගන්නා ලකුණු මත නොව  ජන අනුපාතය අනුව ගැනීමට තීරණය කරන ලදී

එය දෙමල තරුණයන් ගේ ඔලුවලට ගැසූ කුළුගෙඩි පහරක් විය 

  

බාල කුමාර් ගේ ප්‍රධානත්වයෙන් ඊරෝස් නමැති ශිෂ්‍ය සංවිධානය හැදුනේ සිරිමා ආණ්ඩුවේ එම පියවරට විරුද්ධවය තුවක්කුවෙන් විසඳුම් සෙවීම ඔවුන්ගේ අරමුණ විය

 

1977 මහා මැතිවරණයට පෙර එක්සත් ජාතික[පක්ෂය නිකුත් කල මැතිවරණ පොරොන්දු ප්‍රකාශයේ මෙසේ සඳහන් කර තිබුණි

 

"දෙමල ජනතවගේ ප්‍රශ්න විසඳීම සඳහා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටවූ පසු සර්ව පාක්ෂික වට මේස සාකච්ච්වක් කැඳවනු ලැබේ "

 

බලයට පත් ජේ ආර් ජයවර්ධන මහතා පොරොන්දුව අමතක කළේය

 

උතුරේ සන්නද්ධ කණ්ඩායම් එකින් එක බිහිවන්නට පටන් ගත්තේය

 

උතුරට විශේෂ හමුදා නිලධාරියෙකු පත් කළ ජේ ආර් 1980 -12-31 වන විට උතරේ ත්‍රස්තවාදී කල්ලි විනාශ කොට අවසන් කරන ලෙස නියෝග කළේය

එය අසාර්ථක විය

 

උතරේ සන්නද්ධ කණ්ඩායම් එන්න එන්නට බලවත් විය 1983 කළු ජුලිය තව තවත් එම සංවිධාන ශක්තිමත් කළේය

 

වෙනම රාජ්‍යයක් පිහිටුවීම එම සන්නද්ධ කණ්ඩායම් වල අරමුණ විය

 

ඉන්දු -ලංකා ගිවිසුම මගින් පළාත් සභා පිහිටුවීමට එකඟත්වය ඇතිකරගන්නා ලද්දේ ඊළමක් පිහිටුවීම වළක්වන්නටය

 

එයට කොටි සංවිධානය හැර අනෙකුත් දෙමල සන්නද්ධ කණ්ඩායම් එකඟ වුහ එම සංවිධාන ආයුධ  අත් හැර දැමුහ 

 

කොටි සංවිධානය ඊට එකඟ නොවුයේ ඊළමක් දිනාගැනීම එමගින් වලකින නිසාය

 

එබැවින් ඉන්දු -ලංකා ගිවිසුමට පක්ෂවූ දෙමල සන්නද්ධ සංවිධානවල නායකයන් සහ සාමාජිකයන් කොටි සංවිධානය විසින් මරා දමනු ලැබීය



පළාත් සභා පිහිටුවීම සඳහා ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව විසින් 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්තාව සම්මත කරගන්න ලදී

 
ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ විය



විජය කුමාරතුංගගේ මහජන පක්ෂය සම සමාජ පක්ෂය කොමියුනිස්ට් පක්ෂය වාසුදේවගේ පක්ෂය ඊට පක්ෂ වුහ

 

13 ට පක්ශ වූ පක්ෂවල නායකයන් සහ සාමාජිකයන් මර දැමීමට  රෝහණ විජේවීර අණ දුන් අතර  ඊට පක්ෂවූ උතුරේ පක්ෂවල අය මර දැමීමට ප්‍රභාකරන් අණ දුන්නේය.



චන්ද්‍රික බණ්ඩාරනායක ජනාධිපති වූ පසු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් උතුරු නැගෙනහිරට බලය බෙදා හැරීමට සුදානම් විය.ඇය එම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාය. එහෙත් එම ව්‍යවස්තාව ට එක්සත් ජාතික පක්ෂය විරුද්ධ වූ බැවින් එය සම්මත කර ගැනීමට නොහැකි විය

2009 දී ආණ්ඩුව යුද්ධය දිනුවේය

 

එහෙත් දෙමල ජනයාගේ ප්‍රශ්න වැඩි වුවා මිස අඩු වුයේ නැත

 

13 වන ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කරන ලෙස දෙමල දේශපාලන පක්ෂ ඉල්ලා සිටින්නේ එවැනි පසුබිමක් යටතේය

 

පෙරේදා (26) හවස ජනාධිපතිවරයා දේශපාලන පක්ෂ ජනධිපති කාර්යාලයට කැඳවුයේ ඒ ගැන සාකච්චා කිරීමටය

 

ජවිපෙ එය මගහැරියේය

 

සජිත් ප්‍රේමදාස එහි ගොස් ප්‍රධාන ප්‍රශ්නය සාකච්චා කිරීම මග හැර පළාත් සභා චන්දය තබන ලෙස ඉල්ලා වේලාසනින් ආපහු ගෙදර ගියේය

 

පොහොට්ටුවේ උපක්‍රමය වුයේ ප්‍රශ්නය ඉක්මනින් සාකච්චා කිරීම වලක්වන කල් මැරීමේ මාවතක් සෙවීමය

 

මේ සියල්ල සලකා බැලුවිට පෙනෙන කාරනාව නම් 13 මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට සහය දීමට සිංහල දේශපාලන පක්ෂ සුදානම් නැති බවය

 

එහි අර්ථය දෙමල ජනයාගේ ප්‍රශ්න වලට පෙනෙන තෙක් මානයේ නැති බවය

 

උතුරේ වැඩි වැඩියෙන් පන්සල් හැදීමට අන්තවාදී භික්ෂුන් පෙළඹෙනු ඇති අතර සරත් වීරසේකර වැනි අන්තවාදී දේශපාලකයන් ඊට සහය දෙනු ඇත

 




ඊට දෙමල දේශපාලකයන් සහ දෙමල ජනයා විරුද්ධවෙනු ස්තිරය

 

එහි තේරුම කල් ගත වන්නට වන්නට   දේශපාලන වශයෙන් රට අස්ථාවර වීමය.



අස්ථාවර රටකට ආර්ථික සංවර්ධනයක් ලබා ගැනීම ඉතා අපහසුය



විදේශිකයන් අස්ථාවර රටක ආයෝජනය කිරීමට කැමති වන්නේද නැත

 

ඔය අතර ජනවර්ග ගැටුම් ඇති වුවහොත් මෙහි සිටින ආයෝජකයන්ද යන්නට යනු ඇත

 

අපට සිදුවන්නේ ඉන්ධන පෝලිම් ගෑස් පෝලිම් ආහාර පෝලිම් තිබෙන බංකොලොත් රටක් ලෙස තව බොහෝ කලක් ගත කරන්නටය 


ඊට විරුද්ධ පක්ෂයේ දේශපාලන පක්ෂ ඉතා කැමතිය මන්ද එවිට ඔවුන්ගේ චන්ද කුට්ටිය වැඩි වෙන නිසාය 

Comments

jay-cz said…
සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ මාධ්‍ය නිවේදනය කියවන්න, දෙමල නියෝජිතයන්ද මැතිවරණය සමඟ පළාත්සභා වලට පුර්ණ බලතල ඉල්ලා ඇත ජනාධිපතිගේ අදහස වී ඇත්තේ දෙකින් එකක් ඉල්ලන ලෙසයි.

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා