Skip to main content

Posts

Showing posts from June, 2018

මහින්දගේ චන්ද වැඩට චීනයෙන් රු.කෝටි 100 සන්තෝසමක්

     මහින්ද රාජපක්ෂ  මහතාට 2015 ජනාධිපතිවරණයේදී  චීනය ආණ්ඩුවට    අයත් China  Harbour  Engineering Company නමැති සමාගම අවම වශයෙන්  ඇමරිකානු ඩොලර් 76 ලක්ෂයක්  ලබා දී ඇති බව New York Times පුවත්පත ඊයේ (ජුනි 25 ) පළකළ  ලිපියක සඳහන් වේ . 2015  ජනවාරි  මස 1 වන විට ඇමරිකානු ඩොලරයක වටිනාකම රු.131.23  ක් වුයෙන් චීන වරය සමාගම රාජපක්ෂ මහතාගේ  ජනාධිපතිවරණය  මැතිවරණ ව්‍යාපාරයට දී ඇති මුදල  රු.ලක්ෂ 9975 කි . (කෝටි 100 කට ආසන්නය ) මේ පිළිබඳව කුමක් කියන්නේදැයි දැනගැනීම සඳහා රාජපක්ෂ මහතාගෙන් සහ  ඔහුගේ අතවැස්සන්ගෙන්    මාස  ගණනක් තිස්සේ  විමසු නමුත් ඔවුන් නිහඬව සිටි බව  New York Times පුවත්පත කියයි   China Harbour සමාගමෙන් මේ පිළිබඳව විමසු නමුත් ඔවුන්ද  කට වසාගෙන සිටි  බව පුවත්පත කියයි     චීනයේ සියලු ඉල්ලීම වලට රාජපක්ෂ මහතා අවනත වී ඇති බවත්  ඇතැම් රහස් තොරතුරු චීනයට දැනුම් දීමටද රාජපක්ෂ ආණ්ඩුව එකඟ වූ බව එම පුවත්පත කියයි . මේ සම්බන්ධයෙන් එම පුවත්පතේ ලියා තිබු කොටසේ  පරිවර්තනය මෙසේය . 2015 මැතිවරණයේ අවසන් මාසවලදී චීන තානාපතිවරයා  තානාපති  සම්මතයන් කඩා

උපාලි , එන්න හිට්ලර් බලන්න

    ඇඩොල්ෆ් හිට්ලර් පිළිබඳව  ලියනවාට වඩා  ඔහු  පිලිබඳ චායාරුප  ප්‍රදර්ශනයක් නැරඹීමෙන් ඔහු කවුදැයි අවබෝධ  කරගැනීමට ඔබට  හැකිවෙතැයි  මා  කල්පනා කළ බැවින් 'හිට්ලර්ගේ  චායාරුප ප්‍රදර්ශනයක්  සංවිධානය  කළෙමි. එය විවෘත  කිරීමට ජනාධිපතිට හෝ අගමැතිට  හෝ  මහින්දට  හෝ  වඩා  ඔබ සුදුසු යැයි මා විශ්වාස  කරමි .එබැවින් පහත  ලිංකුව  ඔබා 'ඇඩොල්ෆ් හිට්ලර් මතක සටහන් ' චායාරුප  ප්‍රදර්ශනය විවෘත  කරන  ලෙස  ඔබට සාදරයෙන් සහ ගෞරවයෙන්  ඇරයුම්  කර සිටිමි  . චායාරුප  ප්‍රදර්ශනය  නැරඹීමට  පෙර  ඔහු  පිළිබඳව කෙටි සටහනක් තබන්නේ    හිට්ලර් පිළිබඳව  පුර්ව අවබෝධයක් ලබාගෙන ප්‍රදර්ශනාගාරයට ඇතුළු වීමෙන් චායාරුප වඩාත් අර්ථාන්විත වන නිසාය .එහෙත් මෙම කෙටි විස්තරය  නොකියවා  කෙලින්ම ප්‍රදර්ශන ශාලාවට ඇතුළු වීමට  පුර්ණ  නිදහස  තිබේ .                       හිට්ලර්  1890 දී   හිට්ලර්  උපන්නේ 1889 අප්‍රියෙල් මස 20 වනදා  ඔස්ට්‍රියාවේදිය .එබැවින් ඔහු උපතින් ඕස්ට්‍රියානු පුරවැසියෙකි . ජර්මනියට ආවේ 1913 දිය  .චිත්‍ර ශිල්පයට සහ ගෘහ නිර්මාණ ශිල්පයට ඔහු බෙහෙවින්  ප්‍රිය  කළේය .පළමු ලෝක යුද්ධයේදී ඔහු බ

තුවක්කුවට විශ්‍රාම දුන් කර්නල් රත්නප්‍රිය සහ ගෝටා

     කර්නල් රත්නප්‍රිය බන්දු  නමැති මනුස්ස  හමුදා  නිලධාරියා  කවුදැයි සොයන්නට මා වෙහෙසුනෙමි .ඔහු ගැන කිසිදු විස්තරයක්  ඉංග්‍රීසි බසින් ඇත්තේම  නැත .ඔහු ගැන  විකිපීඩියා විශ්ව කෝෂයට ඉංග්‍රීසියෙන් තබා සිංහලෙන් වත්  කිසිවෙකු  ලියා  නැත . සිංහල  බසින්  ඔහු පිළිබඳව පල වී  තිබුනේ මාධ්‍ය වාර්තා  පමණි. ඒවා  වැඩිමනත්ම ලියා තිබුනේ  අලෙවිය වැඩි කරගැනීමේ අරමුණෙන්  ජාතිවාදය  කවලම් කොටය . එයින් වෙනස්ව  කිසියම්  විස්තරයක්  ලියා  තිබුනේ රැස  පත්තරය  පමණි .  ඔහු විශ්ව මඩුවට  ගොස් යුද්ධයෙන් කඩා වැටුණු මිනිසුන් වෙනුවෙන් අත හිත දීමේ වැඩ පිළිවෙල ඇරඹුවේ  2012 දිය . ආණ්ඩුවේ නියමය  පරිදි  ඔහු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවක් ආරම්භ  කළ  අතර  පළමු දවසේම දෙමල තරුණ  තරුණියන් 4000  ක් එයට  බැඳුනු බව ඔහු  කියයි. එසේ බැඳුනු පිරිස අතරේ  පුනරුත්ථාපනය  කරනු ලැබූ LTTE සාමාජිකයන්ද වුහ  .ඔහු,  හිටපු LTTE සාමාජිකයන් හඳුන්වන්නේ  හිටපු  ත්‍රස්තවාදීන්ද කියා නොව ' ළමුන් ' කියාය . ඔවුන්ට  ඔහුගේ කාර්යාලය හුදු කාර්යාලයක්  නොවේ .එය  ඔවුන්ගේ සියලු ප්‍රශ්නවලට  පිළිතුරු සපයන තැනකි .ප්‍රේම සම්බන්ධයක් හෝ ඒ හා සම්බන්ධ