Skip to main content

උපාලි , එන්න හිට්ලර් බලන්න




Image result for hitler received by people

   

ඇඩොල්ෆ් හිට්ලර් පිළිබඳව  ලියනවාට වඩා  ඔහු  පිලිබඳ චායාරුප  ප්‍රදර්ශනයක් නැරඹීමෙන් ඔහු කවුදැයි අවබෝධ  කරගැනීමට ඔබට  හැකිවෙතැයි  මා  කල්පනා කළ බැවින් 'හිට්ලර්ගේ  චායාරුප ප්‍රදර්ශනයක්  සංවිධානය  කළෙමි. එය විවෘත  කිරීමට ජනාධිපතිට හෝ අගමැතිට  හෝ  මහින්දට  හෝ  වඩා  ඔබ සුදුසු යැයි මා විශ්වාස  කරමි .එබැවින් පහත  ලිංකුව  ඔබා 'ඇඩොල්ෆ් හිට්ලර් මතක සටහන් ' චායාරුප  ප්‍රදර්ශනය විවෘත  කරන  ලෙස  ඔබට සාදරයෙන් සහ ගෞරවයෙන්  ඇරයුම්  කර සිටිමි  .


චායාරුප  ප්‍රදර්ශනය  නැරඹීමට  පෙර  ඔහු  පිළිබඳව කෙටි සටහනක් තබන්නේ    හිට්ලර් පිළිබඳව  පුර්ව අවබෝධයක් ලබාගෙන ප්‍රදර්ශනාගාරයට ඇතුළු වීමෙන් චායාරුප වඩාත් අර්ථාන්විත වන නිසාය .එහෙත් මෙම කෙටි විස්තරය  නොකියවා  කෙලින්ම ප්‍රදර්ශන ශාලාවට ඇතුළු වීමට  පුර්ණ  නිදහස  තිබේ .





                      හිට්ලර්  1890 දී  

හිට්ලර්  උපන්නේ 1889 අප්‍රියෙල් මස 20 වනදා  ඔස්ට්‍රියාවේදිය .එබැවින් ඔහු උපතින් ඕස්ට්‍රියානු පුරවැසියෙකි . ජර්මනියට ආවේ 1913 දිය  .චිත්‍ර ශිල්පයට සහ ගෘහ නිර්මාණ ශිල්පයට ඔහු බෙහෙවින්  ප්‍රිය  කළේය .පළමු ලෝක යුද්ධයේදී ඔහු බැවේරියානු (ජර්මන් ) යුද්ධ  හමුදාවට  බැඳී  පණිවිඩ  කරුවෙකු ලෙස සේවය  කල අතර  කීප වරක්ම  යුධ සමයේ තුවාල  ලැබිය . ඔහුගේ එඩිතර  කම සලකා  ඔහුට පදක්කම්ද දෙනු ලැබිය  .පළමු ලෝක යුද්ධයෙන් ජර්මනිය  පරාජය වීම  හිට්ලර්ට  නොයිවසුම් දෙන්නක් විය . ඉන්පසු  ඔහු හමුදාවේ  ඔත්තු කරුවෙකු ලෙස  පත් කරන  ලද අතර  ජර්මන්  කම්කරු පක්ෂයට බැඳී එහි තොරතුරු සපයන ලෙස  ඔහුට  නියම  කරනු ලැබිය .





  හිට්ලර් පළමු ලෝක යුධ සමයේ 


55 වෙනි සාමාජිකයා  ලෙස  එයට  බැඳුනු  ඔහු ඉක්මනින්ම එම පක්ෂයේ නායකයා  බවට  පත් වුයේ ඔහු තරම් දක්ෂ  කථිකයෙකු එම  පක්ෂයේ නොසිටිම නිසාය .පසුව එම  පක්ෂයේ නම සමාජවාදී ජර්මන් කම්කරු පක්ෂය  බවට නම් කරනු ලැබුවේ මිනිසුන් වඩාත් ආකර්ෂණය  කරගැනීමටය . නාසි පක්ෂය ලෙස කෙටියෙන් හැඳින්වූවේ එම  පක්ෂයයි  


මේ වන විට හිට්ලර් ජාත්‍යන්තර ධනවාදයටද, කොමියුනිස්ට් වාදයටද ,විරුද්ධවූ අතර ජර්මනියේ ආර්ථික විනාශයට වගකිව යුත්තේ අනෙකුත්  බටහිර  රටවල්සහ යුදෙව්වන් බවට කියා සිටි අතර මේ නිසා  හිට්ලර් ඉක්මනින්ම ජර්මන් ජනතාව අතර  ජනප්‍රිය විය .





ආණ්ඩුව  පෙරලීම සඳහා  1923 දී කුමන්ත්‍රණයක් කිරීම නිසා ඔහු සිරගත  කරන  ලද අතර Mein Kamp (මගේ අරගලය ) නමැති කුප්‍රසිද්ධ  පොත  ලිව්වේ  හිරගෙදර සිටියදීය .ජර්මන් ජාතිය උතුම්ම  ජාතිය බව එම  ග්‍රන්ථයේ  සඳහන්  කල  ඔහු ජර්මනිය  සිටින වෙනත්  ජාතින් ධුරිභුත  කර ජර්මන්  ජාතියට  පමණක් අයත්  රාජ්‍යයක්  බවට එය  පත් කරන සැලැස්ම එම ග්‍රන්ථයේ  ඔහු ලිවීය .මෙම  ග්‍රන්ථයේ  පිටපත් 12 ලක්ෂ 28 දහසක් 1933 වන විට විකිණී තිබිණ .




  හිට්ලර් ධර්මය ඇතුලත් බයිබලය 


එම දශකයේ අවසානය වන විට  ජර්මනිය තුල විශාල ආර්ථික කඩාවැටීමකට  ලක්වී තිබුණි දස  ලක්ෂ  ගණනින් මිනිසුන් රැකියාවලින්  නෙරපා  හරිනු ලැබිණ .බැංකු පවත්වාගෙන යාමට  නොහැකිව වසා දැමිණි .


සිරගෙදරින් නිදහස් කරනු ලැබූ  හිට්ලර්  ජර්මනිය සමුර්ධිමත්  කරන බව  කියා සිටියේය පළමු ලෝක යුද්ධය පරාජය  අවසානයේ අන්‍ය  ජාතින් තමන් මත  පත්වන  ලද වර්සේල්ස් ගිවිසුම  පුච්චා දමන  බවද  ඔහු කියා සිටියේය . යුදෙව්වන් ජර්මනියේ ආර්ථිකය අල්ලාගෙන සිටින බැවින් යුදෙව් කඩ සාපු වර්ජනය  කරන  ලෙස  හිට්ලර්  ජර්මන්  ජනයාගෙන් ඉල්ලා  සිටියේය .  හිට්ලර්ගේ  වචන ජර්මන් ජනයාගේ කන් වලට මීපැණි වක්කරන්නාක් මෙන් විය . 




Boycot van Joodse winkels

       යුදෙව් කඩ වර්ජනය කරන ලෙස දන්වමින් හිට්ලර්ගේ භටයන් පෝස්ටර් අලවති 


1932 පැවති  ජර්මන් ජනාධිපතිවරණයට හිට්ලර් ඉදිරිපත් වී දෙවෙනියා  බවට  පත්විය .ජනාධිපති තනතුරට පත්වුයේ  හින්ඩන්බර්ග් ය . විවිධ  පාර්ශවයන්ගෙන් ජනාධිපතිවරයාට  කෙරුණු බලපෑම් නිසා 1933 දී ආණ්ඩුවේ ප්‍රධාන  තනතුරවූ චාන්සලර් තනතුරට හිට්ලර්  පත් කිරීමට  ජනාධිපතිවරයාට   සිදුවිය  .





 හිට්ලර්  ජර්මනියේ  චාන්සලර්  තනතුරට  පත්කළ දා 


1933 පැවති මහා මැතිවරණයෙන්  කිසිදු පක්ෂයකට බහුතර  බලය ලබා  ගැනීමට නොහැකි වීම නිසා පාර්ලිමේන්තුවේ  කැමැත්තෙන් තොරව  හිට්ලර්ගේ ඇමති මන්ඩලයට නීති පැනවීමට හැකිවන  පනතක්  හිට්ලර්  පාර්ලිමේන්තුව ලවා  බලය  යොදවා සම්මත  කර  ගත්තේය එයට  පෙර  කොමියුනිස්ට් පක්ෂයේ මන්ත්‍රීවරුන් 33 දෙනා සිරභාරයට  ගැනීමට ඔහු කටයුතු කර තිබුණි .




Arrestatie van communisten door SA, de dag na de verkiezingen.

   හිට්ලර් හමුදාව  ජර්මන්  කොමියුනිස්ට් පාක්ෂිකයන් අත්අඩංගුවට ගැනීම 


ඉන්පසු විරුද්ධ  පක්ෂ තහනම් කල අතර වෘත්තීය සමිති කාරයාල හිට්ලර්ගේ  නාසි හමුදා විසින් කඩා  බිඳ දමන ලදී වෘත්තීය සමිති තහනම් කොට  නායකයන් අල්ලා වධ  කඳවුරුවලට යවනු ලැබිය .


1934 දී  ජර්මන්  ජනාධිපතිවරයා මියගිය බැවින් ඔහුගේ බලතලද  හිට්ලර් පවරා  ගත්තේය.   ජර්මන් ජාතිකයන් 88% ක්   මෙය  ජනමත විචාරයකින් අනුමත  කරනු  ලැබිය.


හිට්ලර් විසින් ජර්මන් හමුදා හය ගුණයකින් වැඩි  කළ අතර විශාල  පරිමාණයෙන්   අවි ආයුධ , යුධ ටැංකි යුධ ගුවන්යානා  සහ යුධ නැව් නිපදවීම ඇරඹුවේය   . එහෙත් ජර්මනියේ ආර්ථික  පරිහානිය වැලක්වීමට  ඔහුට හැකිවුයේ නැත.  ජර්මනිය තුල තිබෙන ආර්ථික පරිහානිය මහජන අප්‍රසාදයක්  බවට  පත්වෙතැයි සිතු හිට්ලර් එයට විසඳුම ජර්මන් දේශප්‍රේමය  ඇවිලවීම සහ අවට රටවල් අල්ලා  ගැනීම යයි හිට්ලර් තීරණය   කළේය .


ජර්මනියේ ආර්ථික කඩාවැටීමට ප්‍රධාන හේතුවක් වන්නේ ජර්මන් ආර්ථිකය  යුදෙව්වන් විසින් අල්ලාගෙන සිටීම යැයි  ජර්මන් වැසියනට ඒත්තු ගැන්වූ අතර  හිට්ලර්ගේ ආයුධ සන්නද්ධ  කල්ලි යවා යුදෙවන්ගේ ව්‍යාපාර වලට  පහර දෙනු ලැබූ අතර ඒවා  රජයට පවරා  ගනු ලැබිණ යුදෙව්වන් ජර්මන් ජාතියේ සතුරා  ලෙස හිට්ලර් ජර්මන් ජනයාට ඒත්තු ගැන්වුවේය . ඔවුන් රජයේ රැකියාවලින් නෙරපා  දැමු අතර ඔවුන්ගේ ආගමික ස්ථානවලට  පහර දෙනු ලැබිය .ඒවාට විරුද්ධවූ යුදෙව්වන් මරා දමනු ලැබිණ .මේ නිසා ජර්මන්නු බහුතරයක්  හිට්ලර්ට  මල් පුජා  කල යුතු වීරයෙකු  ලෙස සැලකුවේය .


 මේ අතර ඉතාලිය සහ ජපානය සමග සහයෝගිතා  ගිවිසුම් අත්සන් කරමින් ලෝකය ඔවුන්නොවුන් අතර බෙදා  හදාගැනීමට ලක ලැස්ති විය .එහි  පළමු පියවර  ලෙස  හිට්ලර් ඔස්ට්‍රියාව සහ චෙකොස්ලෝවෙකියවේ කොටසක් ජර්මනියට ඈඳා ගත්තේය .


1939 සැප්තැම්බර් 1 දා  හිට්ලර් හමුදා  අසල්වැසි පෝලන්තය ආක්‍රමණය  කළ බැවින්  බ්‍රිතාන්‍යය සහ  ප්‍රංශය  ජර්මනියට එරෙහිව  යුද්ධ ප්‍රකාශ කළහ .  දෙවන ලෝක යුද්ධය ඇරඹුණේ එලෙසය  .ඉන්පසු හිට්ලර් විසින් ඩෙන්මාර්කය ,සහ නොර්වේ රාජ්‍යයන් අල්ලාගත් අතර ඉන්පසු  ප්‍රංශය , ලක්සම්බර්ගය, නෙදර්ලන්තය සහ බෙල්ජියම  හිට්ලර් හමුදා විසින් අල්ලාගනු ලැබිණ . ඉතාලියේ මුසොලිනිට සහය දීම සඳහා ජර්මන් හමුදා ඉන්පසු උතුරු අප්‍රිකාවට ,සහ මදපෙරදිගටද යවනු ලැබිය . පසුව යුගොස්විලායව සහ ග්‍රීසියද  ජර්මන් හමුදා විසින් අල්ලාගනු ලැබිණ .


සමාජවාදයේ දැඩි සතුරෙකු වූ හිට්ලර් 1941 ජුනි මාසයේ සෝවියට් දේශය ට පහර දුන්නේය .ආරම්භයේදී සෝවියට් හමුදා පරාජය වුයෙන් මාස දෙකක කාලයක් තුලදී  සෝවියට් භුමියේ කිලෝමීටර් 500ක් ඇතුලට  කඩා වැදීමට ජර්මන් හමුදාවට  හැකිවිය .


හිට්ලර්ගේ  පරාජය ඇරඹුණේ  සෝවියට් දේශයේ ස්ටාලින්ග්‍රාඩ් නගරය අල්ලාගැනීමට කළ සටනෙනි . දෙවන ලෝක යුද්ධයේ විශාලතම සටන එයයි .එම සටන් මාස 5 කට අධික  කාලයක් පැවතුනි .  ජර්මනිය විසින් සෝවියට් භටයන්50 ලක්ෂයක්  සිරකරුවන්    ලෙස අල්ලාගත් අතර ඉන් 33 ලක්ෂයක් භටයන්  කුසගින්නේ තබා මරා දැමුහ .සෝවියට්  හමුදා දැඩි අධිෂ්ඨානයෙන් සටන් කල බැවින්  අවසානයේදී ජර්මන් හමුදා  පරාජය වූ අතර  ජර්මන් යුද්ධ භටයන් ලක්ෂ ගණනින් යටත් වුහ  .ඉන්පසු සෝවියට් හමුදා  ජර්මනියේ අගනුවරවූ බර්ලින් නගරය අල්ලා ගන්නා  තුරු ආපසු බැලුවේ නැත .මිත්‍ර  පක්ෂයට අයත් ඇමරිකන් ,බ්‍රිතාන්‍ය  ප්‍රංශ ආදී භටයන් ජර්මනියේ අනෙකුත් ප්‍රදේශ අල්ලාගත්හ   . රුසියානු හමුදා හිට්ලර් සැඟවී සිටි බංකරයට ආසන්න වෙත්ම හිට්ලර් සිය බිරිඳ සමග දිවිනසාගත්තේය  ඒ 1945 අප්‍රියෙල් 30 වනදාය . මැයි මස 6-7 වන විට ලෝක යුද්ධය අවසන් විය .


හිට්ලර් දියත් කළ ලෝක  යුද්ධයෙන් මිය ගිය අතදරුවන්, ළමුන්, තරුණ තරුණියන්, මහල්ලන් ඇතුළු සිවිල් වැසියන් සහ  හමුදා භටයන් සංඛ්‍යාව  කෝටි  5 ක් ලෙස  කලින් විශ්වාස  කළ නමුත් එම සංඛ්‍යාව හත් කෝටිය ඉක්මවා ඇති බව දැන්  සොයාගෙන තිබේ .ඉන් වැඩිම පිරිස මරණයට  පත්වූවේ සෝවියට් දේශයේය .එය දෙකෝටි පනස්  ලක්ෂයකි . ඊ ලඟට වැඩිම පිරිසක් මරුමුවට  පත්වුයේ චීනයේය .එය එක් කෝටි පනස් ලක්ෂයකි .තුන්වන ස්ථානය අත්වුයේ යුද්ධය ඇරඹු  ජර්මනියටයි . එහි මිය ගිය සංඛ්‍යාව අසු අට ලක්ෂයක් බවට සොයා ගෙන තිබේ .


යුදෙව්වන් මහපොලොවෙන් මුළුමනින්ම අතුගා දැමීම  හිට්ලර් ඇතුළු ඔහුගේ පක්ෂයේ මුලික අරමුණක් විය . එබැවින් යුදෙව්වන්  හැට  ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් මරා දමනු ලැබිය. වැඩිම සංඛ්‍යාවක් මරා  දමනු ලැබුවේ විශාල  කාමරවලට  ගාල් කොට දොරවල් වසා දමා විෂ වායු ආශ්වාස  කිරීමට සැලැස්වීමෙනි . විනාඩි  ගණනවක් තිස්සේ මහත් වේදනාවෙන් කෑ ගසමින් ඔවුන් මිය ගියහ. කුඩා අතදරුවන් සමග මව් වරුන්  ගෑස් කාමරවලට යැවීමට හිට්ලර්ගේ යුධ භටයන්  එක තත්පරයක්වත් පසු බෑවේ  නැත .වෛද්‍ය   පර්යේෂණ  කිරීම සඳහා  කියමින් නිර්වින්දන  ඖෂධ  නොදී යුදෙව්  කුඩා දරුවන්ගේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් ගලවා  දැමු බව එම සිර කඳවුරුවලින්  දිවි බේරා  ගත අය  ප්‍රකාශ  කර තිබේ .  මෙවැනි ඉරණමක්  බොහෝ විට අත්වුයේ නිවුන් දරුවන්ටය . සෝවියට්  සහ වෙනත් මිත්‍ර  හමුදා  මෙම කඳවුරුවලින් රැඳවියන් නිදහස්  කර   ගන්නා විට පන පිටින් ඉතිරි වී සිටි අයට තිබුනේ ඇටසැකිල්ලත් හමත් පමණි .


අස්ගිරියේ අනුනායක උපාලිට අවශ්‍ය වුයේ මෙවැනි හිට්ලර් කෙනෙක් බවට  ගෝටාභය  පත් කරගැනීමටය .


දැන් අපි ප්‍රදර්ශනය  බලමු 



 .

                           හිට්ලර් සිය  මව සහ පියා සමග 

Related image

   හිට්ලර් වයස අවුරුදු 10 දී


Related image

    හිට්ලර්  පළමු ලෝක යුධ සමයේ 




                       හිට්ලර්  ජර්මනියේ චාන්සලර් (අගමැති  )තනතුර  ලැබූ දිනයේ- 1933





                                                 හිට්ලර්ගේ අත්සන


Image result for hitler addressing rally

 

                  හිට්ලර් ජර්මනියේ  ගැලවුම් කරුවා  ලෙස  එහි ජනයා දැඩි ලෙස විශ්වාස කළහ 





ඉතාලියේ ෆැසිස්ට් නායක මුසෝලිනි සමග සන්ධානය ප්‍රකාශයට  පත් කිරීම 1936 



  ජපානයේ විදේශ ඇමති 1941 මුණගැසීම 



හිට්ලර්  චෙකොස්ලෝවැකියාවේ ජර්මන් ප්‍රදේශ ඈඳා  ගත දිනයේ 1938



                      හිට්ලර් හමුදා  පෝලන්තය අල්ලාගැනීමට  යාම  1939 



 හිට්ලර්  ප්‍රංශය අල්ලාගැනීමෙන් පසු 1940 



                  හිට්ලර් ඇමරිකාවට එරෙහිව  යුද්ධ ප්‍රකාශ කළ අවස්ථාව 1941 -12-11





                    හිට්ලර් මරා දැමීමට ජර්මන් හමුදා නිලධාරීන්  කළ උත්සාහයක්. එහෙත්  අසාර්ථක විය 




Image result for stalingrad battle

           රුසියාව අල්ලාගැනීමට  ගොස්  ස්ටාලින්ග්‍රාඩ් සටනින්  ජර්මන් භටයන් ලක්ෂ  ගණනින් මියගියහ 







                          හිට්ලර්ගේ  පෙම්වතිය ඊවා සමග . පසුව  ඇය විවාහ කරගත්තේය 



         

Related image

     

         නාසි භටයන්  යුදෙව් දරුවන්  සහ කාන්තාවන් මරා දැමීම සඳහා අත්අඩංගුවට ගත් අවස්ථාවක් 


Related image


                         යුදෙව් ජාතිකයන් අත්අඩංගුවට ගත තවත් අවස්ථාවක් 


Related image

                යුදෙව්වන් මරා දැමීම සඳහා  පෝලන්තයේ අවුශ්විෂ් කඳවුර වෙත ගෙන ආ අවස්ථාවක්



Related image

                   මරා දැමීම  සඳහා  දුම්රිය  මගින්  ගෙන  ආ  යුදෙව් වැසියෝ 



Image result for hitler's concentration camps gas chambers


               අල්ලාගත් යුදෙව් ජාතිකයන්  විෂ වායු මගින් මරා  දැමීම සඳහා භාවිතා  කළ ශාලාවක් 



                              මිත්‍ර  හමුදා විසින් නිදහස් කරගත්  කඳවුරකදී හමුවූ යුදෙව් මල සිරුරු 



Image result for hitler's concentration camps gas chambers


         ඇමරිකානු හමුදා යුධ භටයන්  නිදහස්  කරගත්  කඳවුරක මියගොස් සිටි  යුදෙව් ජාතිකයෝ


 Related image

            ශක්තිමත් යුදෙව්වන් වැඩ  ගැනීමට  තබාගෙන පසුව මරා දමනු ලැබිණ 


Related image


         
Image result for hitler's concentration camps gas chambers

                      

            මරණය අද්දර සිටි මොවුන් බේරා  ගැනීමට සෝවියට්  හටයන්ට  හැකිවිය

 

Related image



       යුදෙව්වන්  මරා දැමීමට යොදා ගෑස්  කාමර වලට දැමු  සයික්ලෝන්  නමැති විෂවර්ගය 


Related image

   කාන්තාවන් සහ  දරුවන් ගෑස් කාමරවලට යැව්වේ පෝලිමේය


Related image


             මිත්‍ර හමුදා වධකාගාර වලට එන විට සිටි ළමුන් පිරිසක් 


Related image


                        මරා දැමු  හෝ  කුසගින්නේ  මියගිය  යුදෙව් සිරකරුවෝ 


Related image


                               අල්ලාගත් සිරකරුවන් මර දමන  නාසි යුධ භටයෝ 


Image result for extermination of jews by hitler


                      හිට්ලර්ට එරෙහිව සටන් කල අයට මරණය 


Related image

                   මුල්කාලයේ   නාසි හමුදා යුදෙව්වන් මරා දැම්මේ මෙසේය 



Image result for extermination of jews by hitler



           Related image


               රුසියානු  හමුදා හිට්ලර් බංකරය ආසන්නයට එනවිට ළමුන් යුද්ධයට බඳවා ගැනින

              හිට්ලර් දිවිනසා ගැනීමට  පෙර බංකරයෙන් එලියට පැමිණි අවසන් අවස්ථාව මෙයයි


  Related image

    යුද්ධයේ අවසාන සමයේ  හිට්ලර්  යුද්ධය මෙහෙයවූවේ මෙම ගොඩනැගිල්ලේ  යට පිහිටි බංකරයේ සිටය

                              එයට පිවිසෙන දොරටුව වම පස දැක්වේ 




Related image


                                යුද්ධය අවසන් වන විට ජර්මනිය මෙසේ විය 



Related image


       සෝවියට් හමුදා හිට්ලර් බංකරයට ආසන්න වෙන විට  හිට්ලර් වෙඩි තබාගෙන දිවි නසාගත් අතර බිරිඳ ඒවා බ්‍රෝන් සයිනයිඩ් ගිල දිවිනසගත්තාය . 

            දිවි නසාගත් ස්ථානය පරික්ෂා කරන්නේ එහි පැමිණි සෝවියට් රුසියානු යුධ භටයන් විසිණි




Image result for hitlers bunker today


                           මෙහි දැක්වෙන්නේ  හිට්ලර්ගේ බංකරය තිබු ස්ථානයයි  

හිට්ලර්ගෙන් පසු බලයට පත් ආණ්ඩු විසින් හිට්ලර්ට  සම්බන්ධ  සියලු ස්ථාන අතුරුදහන් කිරීමට වග බලා ගත්හ .

     

Comments

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා