කර්නල් රත්නප්‍රිය බන්දු නමැති මනුස්ස හමුදා නිලධාරියා කවුදැයි සොයන්නට මා වෙහෙසුනෙමි .ඔහු ගැන කිසිදු විස්තරයක් ඉංග්‍රීසි බසින් ඇත්තේම නැත .ඔහු ගැන විකිපීඩියා විශ්ව කෝෂයට ඉංග්‍රීසියෙන් තබා සිංහලෙන් වත් කිසිවෙකු ලියා නැත . සිංහල බසින් ඔහු පිළිබඳව පල වී තිබුනේ මාධ්‍ය වාර්තා පමණි. ඒවා වැඩිමනත්ම ලියා තිබුනේ අලෙවිය වැඩි කරගැනීමේ අරමුණෙන් ජාතිවාදය කවලම් කොටය . එයින් වෙනස්ව කිසියම් විස්තරයක් ලියා තිබුනේ රැස පත්තරය පමණි .
ඔහු විශ්ව මඩුවට ගොස් යුද්ධයෙන් කඩා වැටුණු මිනිසුන් වෙනුවෙන් අත හිත දීමේ වැඩ පිළිවෙල ඇරඹුවේ 2012 දිය . ආණ්ඩුවේ නියමය පරිදි ඔහු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවක් ආරම්භ කළ අතර පළමු දවසේම දෙමල තරුණ තරුණියන් 4000 ක් එයට බැඳුනු බව ඔහු කියයි. එසේ බැඳුනු පිරිස අතරේ පුනරුත්ථාපනය කරනු ලැබූ LTTE සාමාජිකයන්ද වුහ .ඔහු, හිටපු LTTE සාමාජිකයන් හඳුන්වන්නේ හිටපු ත්‍රස්තවාදීන්ද කියා නොව ' ළමුන් ' කියාය . ඔවුන්ට ඔහුගේ කාර්යාලය හුදු කාර්යාලයක් නොවේ .එය ඔවුන්ගේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු සපයන තැනකි .ප්‍රේම සම්බන්ධයක් හෝ ඒ හා සම්බන්ධ ගැටළුවක් ඇතිවූ විට පවා ඒ ගැන කීමට ඔවුහු ඔහුගේ කාර්යාලයට යති . මේ වන විට උතුරේ තිබෙන ජනප්‍රියතම රාජ්‍ය ආයතනය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව බව කර්නල්වරයා කියයි .
යුද්ධයෙන් බිඳ වැටුණු උතුරේ මිනිසුන්ට ජීවත්වීමට අරමුණක් හදා දීම තම අරමුණ වූ බව කියන ඔහු මිනිසුන්ට ජීවත්වීමට ආධාරවන කර්මාන්ත රැසක් ද ඇරඹීමට මුලික වී තිබේ. එමෙන්ම අධ්‍යාපනය කඩා කප්පල්වූ දරුවන් 58000 ක් නැවත පාසල් වෙත යොමු කිරීමට ඔහු කටයුතු කල බව රැස පත්තරය කියයි .

Comments