Skip to main content

තුවක්කුවට විශ්‍රාම දුන් කර්නල් රත්නප්‍රිය සහ ගෝටා



 ඡායාරූපය:

    

කර්නල් රත්නප්‍රිය බන්දු  නමැති මනුස්ස  හමුදා  නිලධාරියා  කවුදැයි සොයන්නට මා වෙහෙසුනෙමි .ඔහු ගැන කිසිදු විස්තරයක්  ඉංග්‍රීසි බසින් ඇත්තේම  නැත .ඔහු ගැන  විකිපීඩියා විශ්ව කෝෂයට ඉංග්‍රීසියෙන් තබා සිංහලෙන් වත්  කිසිවෙකු  ලියා  නැත . සිංහල  බසින්  ඔහු පිළිබඳව පල වී  තිබුනේ මාධ්‍ය වාර්තා  පමණි. ඒවා  වැඩිමනත්ම ලියා තිබුනේ  අලෙවිය වැඩි කරගැනීමේ අරමුණෙන්  ජාතිවාදය  කවලම් කොටය . එයින් වෙනස්ව  කිසියම්  විස්තරයක්  ලියා  තිබුනේ රැස  පත්තරය  පමණි .


 ඔහු විශ්ව මඩුවට  ගොස් යුද්ධයෙන් කඩා වැටුණු මිනිසුන් වෙනුවෙන් අත හිත දීමේ වැඩ පිළිවෙල ඇරඹුවේ  2012 දිය . ආණ්ඩුවේ නියමය  පරිදි  ඔහු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවක් ආරම්භ  කළ  අතර  පළමු දවසේම දෙමල තරුණ  තරුණියන් 4000  ක් එයට  බැඳුනු බව ඔහු  කියයි. එසේ බැඳුනු පිරිස අතරේ  පුනරුත්ථාපනය  කරනු ලැබූ LTTE සාමාජිකයන්ද වුහ  .ඔහු,  හිටපු LTTE සාමාජිකයන් හඳුන්වන්නේ  හිටපු  ත්‍රස්තවාදීන්ද කියා නොව ' ළමුන් ' කියාය . ඔවුන්ට  ඔහුගේ කාර්යාලය හුදු කාර්යාලයක්  නොවේ .එය  ඔවුන්ගේ සියලු ප්‍රශ්නවලට  පිළිතුරු සපයන තැනකි .ප්‍රේම සම්බන්ධයක් හෝ ඒ හා සම්බන්ධ  ගැටළුවක්  ඇතිවූ විට පවා  ඒ  ගැන කීමට  ඔවුහු  ඔහුගේ  කාර්යාලයට  යති . මේ  වන විට  උතුරේ  තිබෙන  ජනප්‍රියතම රාජ්‍ය ආයතනය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව  බව  කර්නල්වරයා  කියයි .


 යුද්ධයෙන් බිඳ වැටුණු  උතුරේ මිනිසුන්ට  ජීවත්වීමට අරමුණක්  හදා දීම තම  අරමුණ වූ බව  කියන ඔහු මිනිසුන්ට  ජීවත්වීමට ආධාරවන  කර්මාන්ත රැසක් ද ඇරඹීමට මුලික වී තිබේ. එමෙන්ම අධ්‍යාපනය  කඩා  කප්පල්වූ දරුවන් 58000 ක් නැවත  පාසල් වෙත  යොමු කිරීමට  ඔහු කටයුතු  කල බව රැස  පත්තරය  කියයි .



Image result for colonel rathnapriya

තමන්ට උතුරේ  මිනිසුන් ආදරය  කරන්නට හේතුව 'අවි රහිත' සංකල්පය  බව  ඔහු කියයි අවුරුදු  5 ක් තිස්සේ  ඔහු දියත් කළ කිසිදු  කටයුත්තක් සඳහා  එකම අවියක් හෝ  පාවිච්චි නොකළ  බව  ඔහු කියා  තිබේ .



දකුණේ  මාධ්‍ය විසින් උතුර  ගැන  පලකරන බොරු පිළිබඳව  කතා  කරන  කර්නල් වරයා ඒ පිළිබඳව මෙසේ  කියයි .


"දකුණේ අය උතුර ගැන මවාගෙන ඉන්න චිත්‍රයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් උතුරේ චිත්‍රය. ඒ මිනිස්සු යුද්ධය කියන වචනයවත් නැවත අහන්න කැමති නැහැ. සාමය තමයි ඒ අයගේ බලාපොරොත්තුව. ඒ අය ඉතාම කැමැත්තෙන් ඉන්නේ දකුණත් එක්ක සහයෝගයෙන් අත්වැල් බැඳගන්න. ඒත් ලංකාවේ බහුතරයක් ජනමාධ්‍ය සහ විවිධ පිරිස් ආයිමත් ජාතිවාදය පතුරවන්න හදනවා. ඒකට අපි ඉඩදෙන්නේ නැහැ. "



මේ හමුදා නිලධාරියාගේ ස්ථාන  මාරුව අවලංගු කරන ලෙස ඉකුත් කැබිනට් රැස්වීමේදී  මනෝ ගනේෂන් ඇමතිවරයා විසින් ඉල්ලා සිටි නමුත් ඔහු එය  ප්‍රසිද්ධ  කලේ  නැත   නමුත් විමල් වීරවංශ  මන්ත්‍රීවරයා විසින්  මාධ්‍යවලට  පිටපත් සහිතව  ජනාධිපතිවරයාට  ලිපියක් යවමින්  ඔහුගේ  ස්ථාන  මාරුව අවලංගු  කරන  ලෙස ඉල්ලා  තිබෙන  නමුත් එම ලිපිය  මගින්ද  ඔහු කරන්නේ සංහිදියාව ඇති කිරීමට සහයෝගය දක්වන එක්සත් ජතිගේ සංවිධානයට  පහර  ගැසීමය .




Image result for colonel rathnapriya



කර්නල් රත්නප්‍රිය  මහතා  දෙමල  මිනිසුන්ගේ ජීවිත  යලි ගොඩ  නැගීම සඳහා ගන්න  ලද ක්‍රියා මාර්ග දෙමල  ජනයාගේ සතුටට  හේතුවී තිබෙන්නේ  තුවක්කුව  පෙන්වීමෙන් නොව  මිත්‍රත්වයේ අත දිගු කිරීමෙනි .  උතුර  නැගෙනහිර පුරා  හමුදා  කඳවුරු සිය  ගණනක් පවත්වාගෙන  යාමෙන්,  දෙමල මිනිසුන්ගේ  ඉඩ  කඩම් , නිවෙස් සහ වෙනත් දේපොළ  හමුදාව සතු  කර  තබා  ගැනීමෙන් , අතුරුදහන් වුවන්ගේ  ඉරණම  සොයා නොදීමෙන්  සිදුවී ඇත්තේ උතුර දකුණට එකතු  කිරීමක් නොව එයට  බාධාවක් වීම  පමණය . ඔවුන්ගේ දේපොළ  ඔවුන්ට ආපසු දී ඒවා සංවර්ධනය  කරන්නට  හමුදාව අත  හිත දෙන්නේ  නම්  හමුදාව උතුරේ සිටීම ජනජීවිතයට මහත් බාධාවක්   ලෙස නොදැකීමට  වුවද ඉඩ තිබේ.



  ගෝටාභය රාජපක්ෂ සහ ඔහු වටා  සිටින  හිටපු  හමුදා නිලධාරීන්ගේ ද, මහින්ද-වීරවංශ සමාගමේද , මාවත වන්නේ  කර්නල් රත්නප්‍රිය මාවත  නොවේ. රත්නප්‍රිය තුවක්කුව අත්හැර  වැඩට බැස්ස අතර ගෝටා කොම්පැණිය සුදානම් වන්නේ තුවක්කු අමෝරාගෙන වැඩට බසින්නටය .



2015 ජනවාරි 8  දා මහජනයා  තීරණය  කළේ කර්නල් රත්නප්‍රිය මාවතය. එහෙත්  වීරවංශ සහ සමගම අපට කියන්නේ ඒ මාවත අතහැර ගෝටා මාවත  තෝරා  ගන්නා ලෙසය . 2020 දී  ගෝටා මාවත මහජනයා තෝරා  ගතහොත්  එය සුද්දන් රට  හැර  යාමෙන් පසු  අප  විසින් ගන්නා  ලද අන්ත  තකතිරි  තීරණය  වෙනු ඇති බවට දුවිලි කැටයක  තරමක්වත් සැකයක් මට  නම් නැත . 




Comments

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...