Skip to main content

මහින්දගේ චන්ද වැඩට චීනයෙන් රු.කෝටි 100 සන්තෝසමක්

    

Image result for mahinda rajapaksa election campaign 2015


මහින්ද රාජපක්ෂ  මහතාට 2015 ජනාධිපතිවරණයේදී  චීනය ආණ්ඩුවට    අයත් China  Harbour  Engineering Company නමැති සමාගම අවම වශයෙන්  ඇමරිකානු ඩොලර් 76 ලක්ෂයක්  ලබා දී ඇති බව New York Times පුවත්පත ඊයේ (ජුනි 25 ) පළකළ  ලිපියක සඳහන් වේ .



2015  ජනවාරි  මස 1 වන විට ඇමරිකානු ඩොලරයක වටිනාකම රු.131.23  ක් වුයෙන් චීන වරය සමාගම රාජපක්ෂ මහතාගේ  ජනාධිපතිවරණය  මැතිවරණ ව්‍යාපාරයට දී ඇති මුදල  රු.ලක්ෂ 9975 කි . (කෝටි 100 කට ආසන්නය )



මේ පිළිබඳව කුමක් කියන්නේදැයි දැනගැනීම සඳහා රාජපක්ෂ මහතාගෙන් සහ  ඔහුගේ අතවැස්සන්ගෙන්    මාස  ගණනක් තිස්සේ  විමසු නමුත් ඔවුන් නිහඬව සිටි බව  New York Times පුවත්පත කියයි  


China Harbour සමාගමෙන් මේ පිළිබඳව විමසු නමුත් ඔවුන්ද  කට වසාගෙන සිටි  බව පුවත්පත කියයි 




   චීනයේ සියලු ඉල්ලීම වලට රාජපක්ෂ මහතා අවනත වී ඇති බවත්  ඇතැම් රහස් තොරතුරු චීනයට දැනුම් දීමටද රාජපක්ෂ ආණ්ඩුව එකඟ වූ බව එම පුවත්පත කියයි .



මේ සම්බන්ධයෙන් එම පුවත්පතේ ලියා තිබු කොටසේ  පරිවර්තනය මෙසේය .


2015 මැතිවරණයේ අවසන් මාසවලදී චීන තානාපතිවරයා  තානාපති  සම්මතයන් කඩා  දමමින්, චීනය සමග ඇති කරගෙන තිබුණු ආර්ථික  ගිවිසුම්  ඉරා දමන බවට තර්ජනය  කරමින්  සිටි විරුද්ධ පක්ෂය පැරදවීම සඳහා රාජපක්ෂ මහතාට  චන්දය දෙන  ලෙස බලපෑම් කිරීම කොපමණ වී ද  යත් කොළඹ ප්‍රධාන ගොල්ෆ් පිටියේ සේවකයන්ට පවා බලපෑම්  කළේය .




Image result for hambantota port opening ceremony

ජනවාරි චන්දය ආසන්න වත්ම ජනාධිපතිවරයාගේ සමීපතමයන් වෙත සල්ලි කුට්ටි ගලා එන්නට විය .


ආණ්ඩුව විසින් කරගෙන  යන  පරීක්ෂණයකට  අයත්  ලේඛනයක් අප  පුවත්පත දුටු අතර  එයට අනුව  China Habour සමාගම   Standard Charted  බැංකුවේ පවත්වාගෙන  ගිය සිය  ගිණුමෙන් රාජපක්ෂ මැතිවරණ  ව්‍යාපාරය මෙහෙයවන්නට  අවම වශයෙන් ඇමරිකානු ඩොලර් 76 ලක්ෂයක් ලබා දුන්නේය . ගිණුම් අංකයද  එම ලේඛනයේ සඳහන් වන අතර  එම  ගිණුම China Habour සමාගමට අයත්  බව  තහවුරු  කරගෙන තිබෙන තිබේ. එම චෙක් පත් ලැබූ  අයගෙන් ප්‍රශ්නකිරීම වලින් ලබා  ගත් රහස්‍ය තොරතුරුද එම ලේඛනයේ  අඩංගු වී  තිබේ.


චන්දයට දින දහයක් තිබියදී ඇමරිකානු ඩොලර් 37 ලක්ෂයකට ආසන්න  චෙක් පත් බෙදා දී තිබේ . ඉන් ඩොලර් 678,000ක් ලබා  දී තිබෙන්නේ  රාජපක්ෂ චන්ද ව්‍යාපාරයේ ටී ෂර්ට් මුද්‍රණය ට සහ වෙනත් චන්ද ප්‍රවර්ධන  කටයුතු සඳහාය . රාජපක්ෂ හෙන්චය්යනට දීමට  සාරි ඇතුළු තෑගී මිලදී ගැනීම සඳහා ඩොලර් 297,000 ක් දී තිබේ. රාජපක්ෂ  මහතාගේ චන්ද  ව්‍යාපාරයට සහය දැක්වූ ජනප්‍රිය භික්ෂුවකට ඩොලර් 38,000 ක් දී තිබෙන අතර ඩොලර් 17 ලක්ෂයක් වටිනා චෙක් පත් දෙකක් අරලියගහ  මන්දිරයට  ලබා දී  තිබේ. 


වැඩි හරියක් මුදල් ලබා දී  තිබෙන්නේ China Habour  සමාගමේ පාලනයට  යටත්  උප ගිණුමකිනි . එම ගිණුමේ නම වන්නේ HPDP Phase 2  යන්නය HPDP යන කෙටි යෙදුම යොදනු ලබන්නේ  Hambantota Port Development Project හෙවත් හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය යන්නය. 


ඉහත  තොරතුරු New York Times  පුවත්පතේ  ඉංග්‍රීසියෙන්  පළකර  තිබුනේ මෙසේය 



In the final months of Sri Lanka’s 2015 election, China’s ambassador broke with diplomatic norms and lobbied voters, even caddies at Colombo’s premier golf course, to support Mr. Rajapaksa over the opposition, which was threatening to tear up economic agreements with the Chinese government.

As the January election inched closer, large payments started to flow toward the president’s circle.
At least $7.6 million was dispensed from China Harbor’s account at Standard Chartered Bank to affiliates of Mr. Rajapaksa’s campaign, according to a document, seen by The Times, from an active internal government investigation. The document details China Harbor’s bank account number — ownership of which was verified — and intelligence gleaned from questioning of the people to whom the checks were made out.
With 10 days to go before polls opened, around $3.7 million was distributed in checks: $678,000 to print campaign T-shirts and other promotional material and $297,000 to buy supporters gifts, including women’s saris. Another $38,000 was paid to a popular Buddhist monk who was supporting Mr. Rajapaksa’s electoral bid, while two checks totaling $1.7 million were delivered by volunteers to Temple Trees, his official residence.
Most of the payments were from a subaccount controlled by China Harbor, named “HPDP Phase 2,” shorthand for Hambantota Port Development Project.



Comments

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා