Skip to main content

Posts

Showing posts from 2021

ඊශ්‍රායලය 4 වෙනි එන්නත දීමට තීරණය කරයි

                    ( මේ එන්නත්  කරනුයේ ඊශ්රායලයේ  අවුරුදු 14 ළමයෙකුට ය )_    වේගයෙන් බෝවෙන ඕම්නික්රෝන්  කොරොනාව පැතිරීම වැලැක්වීම සඳහා  4 වෙනි එන්නතකුත් දීමට ඊශ්‍රායලයේ ලෝක වසංගත කමිටුව නිර්දේශ  කර තිබේ  මෙය වහා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්න ලෙස ඊශ්‍රායල් ආණ්ඩුව අදාළ අංශවලට නියෝග කර තිබේ  4 වෙනි එන්නත කුමන නිෂ්පාදනයක් දැයි සඳහන් නොවේ. එහෙත් මීට පෙර දුන් එන්නත් තුනම ෆයිසර් බැවින් 4 වෙනි එන්නතද එයම වීමට ඉඩ තිබේ . තුන්වන එන්නත මෙන්ම 4 වෙනි එන්නතද දීමට තීරණය කළ පළමු රට ඊශ්‍රායලයි  එහෙත් 4 වෙනි එන්නත සියලු දෙනාට විදින්නේ නැත  පහත සඳහන් අයට  හතරවන වරට  එන්නත් කරනු ඇත  සෞඛ්‍ය  අංශයේ  සේවක සේවිකාවන්  වයස අවුරුදු 60 ට වැඩි අය  ප්‍රතිශක්තිය අඩු අය     ඕම්නික්රෝන් වැළඳුනු අය අතරින් එක් අයෙකු මිය යාම මේ තීරණයට බලපා තිබේ  මියගිය අය අවුරුදු 60 ට වැඩි අයෙකු වන අතර  ඔහුට වෙනත් අසනීප තිබුණු බවද වාර්තා වෙයි ඔහු මිය යාමට හේතුව වී තිබෙන්නේ ස්වසන ආබාධ  නොව ඔහුට තිබු  වෙනත් ආබාධ උග්‍ර වීම නිසාය  ඊයේ වන විට    ඊශ්‍රායලයේ   ඔම්රිකොන් වැළඳුනු රෝගීන්   අවම වශයෙන් 340 දෙනෙකු  සිටියහ  . ඇමරිකාව ,කැනඩාව තුර්කිය ජ

හොඳ හොඳ සෙල්ලම් මහා රෑ ජාමෙට

                                නිමල්කා මොරහෙල      යුගදනවී විදුලි බලාගාරය ඇමරිකානු සමාගමට ලබා දීම පිලිබඳ ගිවිසුමට අත්සන් කළ නිව් ෆොර්ට් ‍ රස් සමාගමේ නියෝජිතයා වූ ඩැනියෙල් නයිට්ගේ (Daniel Knight)ගේ අත්සන සහතික කිරීම සඳහා සාක්කි කරුවෙකු ලෙස අත්සන් කර ඇත්තේ ඇහින්දාස් කෙනෙකු බව වාර්තාවේ එම ඇහින්දාස් වනාහි නිමල්කා මොරහෙල නමැති සංචාරක ව් ‍ යාපාරය ප් ‍ රවර්ධනය කිරීමට සම්බන්ධ ලංකාවේ කාන්තාවකි ඇමරිකානුවා ගුවන් තොටුපොළේ සිට අත්සන් තබන ස්ථානයට වාහනයකින් එක් කර ගෙන ඒමත් ආපසු ගුවන් තොටුපොළට රැගෙන යාමත් ඇයට පැවරී තිබු වගකීම බවත් ඔහුගේ නම හැර ඔහු ගැන වෙන කිසිවක් ඇය නොදන්නා බවත් දිලිත් ජයවීරගේ ඉංග් ‍ රීසි පත්තරය වන The Morning විමසු විට ඇය කියා තිබේ  . ගිවිසුම අත්සන් කරන ස්ථානයටගිය පසු ඇමරිකානුවා ගිවිසුමට අත්සන් කළ බවත් ඔහුගේ අත්සන සහතික කරමින් අත්සන් කරන ලෙස ඇගෙන් ඉල්ලා සිටි බවත් ඇය කියා තිබේ .                                                                                             යුගදනවී බලාගාරය  එම ඉල්ලීම පිළිගෙන ඇය අමරිකනුවාගේ අත්සහ සහතික කරන සාක්කි කරුවෙකු ලෙස ඇය අත්සන් කර තිබේ

මාක්ස්වාදියෙකු චිලියේ ජනාධිපති පුටුව අල්ලයි

       ඊයේ, දෙසැම්බර් 19 දින  පැවතී චිලියේ ජනාධිපතිවරණයෙන් යන්තම් අවුරුදු 35 සම්පුර්ණවූ ගේබ්‍රියෙල් බෝරිට් ෆොන්ට්   අති විශාල වැඩි චන්ද සංඛ්‍යාවක් ලබා මී ළඟ  ජනාධිපති ලෙස තේරී පත්විය  මේ ලිපිය ලියන විට ගණන් කර තිබු චන්ද සංඛ්‍යාව 99%කි  ගණින ලද චන්ද සංඛ්යාවෙන් 55.86%ක් ඔහුට ලැබී තිබුණ අතර අන්ත දක්ශිනාන්ෂිකයෙකු වන    ඔහුගේ ප්‍රතිවාදි ජොසේ ඇන්ටෝනියෝ කාස්ට්  ට  ලැබී තිබුනේ 44.14%කි  ගේබ්‍රියෙල් ලැබූ චන්ද සංඛ්‍යාව චිලියේ  ජනාධිපති අපේක්ෂකයෙකු ලැබූ වැඩිම චන්ද සංඛ්‍යාවයි  චිලි ජනාධිපතිවරණයේ පළමු වටයේදී ගේබ්‍රියෙල්  චන්ද   25.82%ක්  ලබා  දෙවෙනියා බවට පත්වීම නිසා ඔහුගේ වාමාංශික කතාවල සැර බාල කරන්නට සිදුවිය මධ්‍යස්ත මත ධාරීන්ගේ චන්දය නොමැතිව චන්දය දිනන්නට බැරි බව ඔහු වටහා ගත්තේය .       පළමු වටයෙදී 27.98% ලබා ඉදිරියෙන් සිටි දක්ෂිනාන්ෂික අපේක්ෂකයා දෙවෙනි වටයේදී ජයගනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය විශ්වාස කළහ එහෙත් වාමාංශික අපේක්ෂකයා විප්ලවීය කතා අත හැර දමා මධ්‍යස්ත ලෙස අදහස් පලකිරීම නිසා දෙවෙනි වටයේදී ඔහුට විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමට හේතුවූ බව පෙනේ    මොහු විශේෂ පුද්ගලයෙකි  NGO සංවිධානයක අධ්‍යක්ෂ , ලෙස

අඩෝ සකර්බර්ග් !

   අඩෝ සකර්බුර්ග් ,  මං හිතුව ඔහේ ජාතිවාදයට විරුද්ධ පොරක් කියල . දැන් බැලුවහම  පේන්නේ නම්  ඔහෙත් ඉන්නේ අඥානසාර සහ  මහසෝනා සමාගමේ පැත්තේ කියල  මං දවස් දෙකකට කලින්   ලිව්ව පෝස්ටුවක් නිසා දවස් තුනකට බුකියේ හෙවත් මුහුණු පොතේ  ලියන්න දෙන්නේ නැහැ කියල ඔහේ  ඊයේ  උදේ  මට පණිවිඩයක් එවල තිබුන  .මම ඔය තීරණේට  විරුද්ධයි කියල මම ආපහු ලියල යැව්වා එතකොට ඔහේ ආයි පණිවිඩයක් එව්වා.තීරණේ වෙනසක් නැහැ  දවස් තුනකට  ලියන්න දෙන්නේ නැහැ කියල අඩු වශයෙන් අනුන්ගේ පෝස්ටුවකට කොමෙන්ටුවක් තියා  like එකක්වත් දාන්න දෙන්න බෑ කියල  යකෝ මේක කැකිල්ලේ රජ්ජුරුවන්ගේ  නඩු ඇහිල්ලක් නේ  .       බඩුත් හාන්දුරුවන්ගේ  නඩුත් හාන්දුරුවන්ගේ .අර බයිලන්තයේත් ඔන්න ඔය විදිහම තමයි      අයිසේ සකර්බර්ග් ඔහේ මට දවස්  තුනක තහනමක් දැම්මේ ඔහෙ  සිංහල  දන්නා නිසා නේ.  එහෙනම් මම මේ කියන ටික අවසානයට වෙනකම්ම  කියවල ඔහේගේ අදහස් කොමෙන්ටුවක් විදිහට යටින් ලියල එවන්න හැබැයි ඔහේ ලියන ඒවා මම තහනම් කරන්නේ නැහැ  මොකද මම ඔහෙට වැඩිය ප්‍රජාතන්ත්රවාදියි. මේ  පහල  තියෙන්නේ මම ලියපු පෝස්ටුව .මේකේ තියෙන හැම අකුරකම වගකීම මම බාර ගන්නවා  මම මේ කියන්න යන්නේ ජාතිවාදී හැත්

පකිස්ථානයෙන් ආ ගැටයා

  මතුගම අධ් ‍ යාපන කලාපයේ ඉංග් ‍ රීසි විෂය භාර අධ් ‍ යක්ෂ කම කරන කාලයේ මම විදේශ විශ්ව විද් ‍ යාලවල ඉගෙන ගන්නා සිසු සිසුවියන් මෙරටට ගෙන්වා ගෙන ළමුන්ට ඉංගිරිසි කතාව හුරු කිරීමට උත්සහ කළෙමි. එම සිසුන් සහ සිසුවියන් මට ගෙන්වා දුන්නේ රටවල සියගනනක විශ්ව විද්යාල සිසුන්ගේ සංවිධානයක් වූ අයිසෙක් (AIESEC) හි ලංකා ශාඛාව මෙහෙයවන සිසුන් කීප දෙනෙකු විසිනි . වරකට සිසුන් /සිසුවියන් හතර පස් දෙනා බැගින් ගෙන්වා දීමට ඔවූන් මට උදව් කළ අතර මගේ වගකීම වුයේ ඔවුන් පාසලකට අනුයුක්ත කිරීමත් ඔවුන්ට ආහාර සහ නවාතැන් සපයා දීමත්ය අදාල පාසල්වල විදුහල්පතිවරුන්ගේ සහ ඉංග් ‍ රීසි ගුරුවරුන්ගේ සහයෙන් එය ඉටු කිරීමට මට හැකිවිය . එසේ පැමිණි සිසුන්ට මම දුන් උපදෙස වුයේ ඉංග් ‍ රීසි උගන්වන්නට උත්සහ නොකරන ලෙසත් සිසුන් සමග විවිධ ක් ‍ රියාකාරකම් වල යෙදෙමින් ඉංග් ‍ රීසියෙන් ඔවුන්ට කතාකරන ලෙසත්ය. එසේ ගෙන්වූ එක සිසුවෙක් වුයේ පකිස්ථානයේ විශ්ව විද් ‍ යාලයක ඉගෙන ගනිමින් සිටි තල්හා වහීඩ්ය මම ඔහුව අනුයුක්ත කලේ මතුගම ජාතික පාසලක් වන ආනන්ද ශාස්ත්රාලයටය එකල එහි විදුහල්පතිවු රණවීර මහතාට ළමුන්ට ඉංග් ‍ රීසි ඉගැන්වීමට ලොකු කැක්කුමක්

අධිවේගයෙන් බඩගිණි දේශය වෙත

      මගේ සිංහල යාලුවෙක් ඇමරිකාවේ සිටී .ඔහු PhD.  උපාධියක් ඇත්තෙකි   විෂය කෘෂිකර්මයයි ලංකාවට ආවිට විස්කි වීදුරුවක් දෙකක් හිස්කිරීමටද ඔහු මට ආරාධනා කරයි  ඇතැම් වසරක බෝතලයක්ද  දෙයි . වරක්   ඔහු ලංකාවට  ආ විට කී කරුණක් මගේ හිතේ දැන් වැඩියෙන් රැව් පිළිරැව් දෙයි "බර්ටි ,ගොවියන්ට නොමිලේම පෝර දෙනවනම් තවත් හොඳයි . මුන්ට මේක තේරෙන්නේ නැහැනේ . එතකොට මිනිස්සු වවනවා .වැව්වාම ආහාර සුලබ වෙනවා මිලත් බහිනවා . "  ගෝටාභය රාජපක්ෂ  මහතා  ජනාධිපතිවූ  විට  ඔහු මහත්සේ සතුටු විය   ගෝටාභය  යනු  නිකම් පුඟුලෙක් නොව   රට බේරා ගැනීමට පහලවූ  නීලමහා යෝධයෙකු, සේ ඔහුට පෙනුනේය . රසායනික පොහොර ආනයනය නවත්වා කාබනික පොහොර නාඩගම  ගොටාභය මහතා  විසින් නටන්නට පටන් ගත් පසු ඒ ගැන  මගේ මිත්‍රයාගේ මතය කුමක්දැයි  දුරකතනයෙන්  විමසීමි . ඔහු ගත්  කටටම කීවේ  "ගොන් තීරණයක් " කියාය . "ඇයි ගොන් තීරණයක් කියන්නේ ?" මම ඇසීමි.   "දැන් තියෙන බීජ වර්ග හදල තියෙන්නේ රසායනික පොහොරවලට .හරියන  විදිහට කාබනික පෝර වලට නෙවෙයි  කාබනික පෝර හොඳයි අවුරුදු 50 කට විතර ඉස්සර තිබුණු වී වර්ග වලට නම් . දැන් තිබෙන වැඩි දියුණු කරප

කිතුල් රා රසය .

  කිතුල් රා බිව් අයෙකු නැවත එය බිමට ප්‍රිය කරයි..පොල් රා මෙන් නොවේ පොල් රා බිව් කෙනෙකු යලිත් පොල් රා බොන්නට එතරම් උනන්දු වන්නේ නැත බඹර පදමට වදින්නට නම් මුදුන් මලේ රා පානය කළ යුතුය ඉස්සර දවසක (එකල මට අවුරුදු 20ක් පමණ වන්නට ඇත ) මගේ මිත්‍රයෙකු මෙන්ම පාසල් ගුරුවරයෙකු වූ වැඩිමහල්ලෙකු සමග කිරිඇල්ලේ සිටි ඔහුගේ සහෝදරියකගේ නිවසේ තිබු පිරිත් ගෙදරක ගියෙමු උදේ .පිරිත අවසන් වීමෙන් පසු එහි පැමිණි සිටි අයෙකුගෙන් රා තිබ්වේදැයි මගේ මිත්‍ර ගුරුවරයා ඇසුවේය ,එක රා බෝතලයක් පමණක් දිය හැකියි ඔහු කීය .මගේ මිත්‍රයා රා බෝතලයෙන් වැඩි ප්‍රමාණයක් බිව් අතර මට දුන්නේ පිරිසි කෝප්පයකින් එකක් පමණකි අදත් එය අමතක නොවන්නේ එය බී විනාඩියක් දෙකක් ගතවන විට මගේ මුහුණ රත්වී ගෙන ඇවිත් තරමකට වෙරි වූ නිසාය එතරම් සැර රා බොන්නට ලැබෙන්නේ කලාතුරකිනි මුදුන් මලේ රාවලටත් වඩා එම රා සැර වුයේ සීතල ප්‍රදේශයක වැවුණු කිතුල් ගසක රා නිසා විය හැක. කිතුල් රා ප්‍රණිතය. නැවත නැවත බොන්නට මිනිසුන් ප්‍රිය කරන්නේ ඒ නිසාය දැන් අපේ ගමේ තබා අල්ලපු ගමක වත් කිතුල් රා නැත්තටම නැති තරම්ය කිතුල් ගස්ද බෙහෙවින් අඩුය . හේතුව මිනිසුන් ඒවා කපා

අලුත්ගම අස්කළ මහාචාර්යවරයා

  කාබනික පොහොර තදියමට විරුද්ධ වීම නිසා මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා කෘෂ්කර්ම අමාත්‍යංශයෙන් ඇමති අලුත්ගමගේ විසින් අස් කර තිබේ ඔහුන් කවුද ? නිකම්ම නිකමෙක්ද ? ඔහු පේරාදෙණිය විශව විද්‍යාලයේ කෘෂිකර්ම අධ්‍යනාංශයේ වැවිලි විද්‍යා දෙපාර්තමේන්තුවේ අවුරුදු 33 ක සේවාවක් ඇති උගතෙකි වල් පැලැටි විද්‍යාව ,ආහාර සුරක්ෂිතතාවය ,දේශගුණයේ වෙනස් කම් සිදුවීම පිළිබඳව ඔහු පර්යේෂණ කළ අයෙකි ඔහු විසින් අංග සම්පුර්ණ කරන ලද පර්යේෂණ පත්‍රිකා සහ ග්‍රන්ථ පරිච්චේද 100කට වඩා ඉදිරිපත් කර තිබේ . ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් මෙසේය B.Sc. Agriculture (Peradeniya, Sri Lanka); M.Agr. & D.Agr. (Hiroshima University, Japan) in Plant Environmental Sciences වෙනත් සුදුසුකම් President, Weed Science Society of Sri Lanka (WSSSL) - since 2018 President, Sri Lanka Organization of Agriculture Professionals (SLOAP) (2010-2011) President, Asian Pacific Weed Science Society (APWSS) (2005-2007) President of the National Agriculture Society of Sri Lanka (1999) ඔහු විසින් ඉදිරිපත් කළ පර්යේශ පත්‍රිකා JOURNAL PAPERS Marambe B. and He