Skip to main content

මාක්ස්වාදියෙකු චිලියේ ජනාධිපති පුටුව අල්ලයි

 


  





  ඊයේ, දෙසැම්බර් 19 දින  පැවතී චිලියේ ජනාධිපතිවරණයෙන් යන්තම් අවුරුදු 35 සම්පුර්ණවූ ගේබ්‍රියෙල් බෝරිට් ෆොන්ට්   අති විශාල වැඩි චන්ද සංඛ්‍යාවක් ලබා මී ළඟ  ජනාධිපති ලෙස තේරී පත්විය 


මේ ලිපිය ලියන විට ගණන් කර තිබු චන්ද සංඛ්‍යාව 99%කි  ගණින ලද චන්ද සංඛ්යාවෙන් 55.86%ක් ඔහුට ලැබී තිබුණ අතර අන්ත දක්ශිනාන්ෂිකයෙකු වන    ඔහුගේ ප්‍රතිවාදි ජොසේ ඇන්ටෝනියෝ කාස්ට්  ට  ලැබී තිබුනේ 44.14%කි 

ගේබ්‍රියෙල් ලැබූ චන්ද සංඛ්‍යාව චිලියේ  ජනාධිපති අපේක්ෂකයෙකු ලැබූ වැඩිම චන්ද සංඛ්‍යාවයි 


චිලි ජනාධිපතිවරණයේ පළමු වටයේදී ගේබ්‍රියෙල්  චන්ද   25.82%ක්  ලබා  දෙවෙනියා බවට පත්වීම නිසා ඔහුගේ වාමාංශික කතාවල සැර බාල කරන්නට සිදුවිය මධ්‍යස්ත මත ධාරීන්ගේ චන්දය නොමැතිව චන්දය දිනන්නට බැරි බව ඔහු වටහා ගත්තේය .


 

    පළමු වටයෙදී 27.98% ලබා ඉදිරියෙන් සිටි දක්ෂිනාන්ෂික අපේක්ෂකයා දෙවෙනි වටයේදී ජයගනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය විශ්වාස කළහ එහෙත් වාමාංශික අපේක්ෂකයා විප්ලවීය කතා අත හැර දමා මධ්‍යස්ත ලෙස අදහස් පලකිරීම නිසා දෙවෙනි වටයේදී ඔහුට විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමට හේතුවූ බව පෙනේ  


මොහු විශේෂ පුද්ගලයෙකි  NGO සංවිධානයක අධ්‍යක්ෂ , ලෙස කටයුතු කළ ඔහු චිලියේ විශ්ව විද්යාල ශිෂ්‍ය  ෆෙඩරේෂණයේ නායකයා ද විය  2013 මහා මැතිවරණයෙන් ඔහු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වූ බැවින් නීති ශිෂ්‍යයෙකු වූ ඔහුට උපාධිය සම්පුර්ණ කර ගැනීමට නොහැකි විය 


2011  වසරේදී චිලිය අඩපන කළ දීර්ඝ  ශිෂ්‍ය   අරගලවලදී  ඊට  නායකයා බවට ගෙබ්‍රියේල් පත්විය  


චිලියේ  වත්මන් ජනාධිපති වරයා එන වසරේ මාර්තු 10 දින දක්වා බලයේ සිටින අතර නව ජනාධිපතිවරයා  ජනාධිපති පුටුවේ වාඩිවෙන්නේ  මාර්තු  11 වනදාය. 


"නව ලිබරල් වාදයේ උපත සිදුවුයේ චිලියෙයි අපි එය චිලියේම  වලලලා දානව " ගේබ්‍රියෙල් මැතිවරණ වේදිකාවේදී කෑගසා  කිවේය .

මේ දිනවල චිලිය සඳහා නව ව්‍යවස්ථාවක් එහි නියෝජිත මන්ත්රි මන්ඩලය විසින්  සකස් කරමින් සිටි .දැනට ක්‍රියාත්මක වන්නේ චිලියේ හිටපු හමුදා පාලකයා විසින් පනවන ලද ව්‍යවස්ථාවයි 

චිලියේ බලය විමධ්‍ය ගත  කරන බවත් සුභ සාධන රාජ්‍යයක් පවත්වා ගෙන යන බවත් මහජන සුභ සාධනය සඳහා වැඩියෙන් මුදල් යොදවන බවත් රාජ්‍ය පාලනය  සඳහා වැඩියෙන් කාන්තාවන්  ස්වදේශිකයන් (ආදිවාසින් ) අලිංගිකයන් සහභාගී කර ගන්නා බවත් ඔහු කියා තිබේ 

ඔහුගේ ප්‍රධාන පොරොන්දුව වන්නේ හිටපු හමුදා පාලකයාවූ පිනෝචේ ඇතිකර තිබෙන සියලු බන්ධන වලින් රට සහ සමාජය මුදාගැනීමයි  

ගේබ්‍රියෙල් නව මාක්ස්වාදියෙකි ඔහු විශ්වාසහ කරන්නේ ස්වයං පාලන බලාධිකාරි මාක්ස්වාදී(autonomist Marxism) මතවාදයයි දැඩි පාලනයක් සහිත දේශපාලන පක්ෂයක් විසින් සියල්ල මෙහෙයවීම , බලපෑම් කිරීම     එම මතවාදය විසින්  ප්‍රතික්ෂේප කරයි .   


බර්ටි රණවීරගේ 


                          පරාජිත අපේක්ෂක ජොසේ ඇන්ටෝනියෝ කාස්ට් 



Comments

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාවට  පක්ෂපාත විදේශ ප්‍රතිපත්තියක් 1977 සිට අනුගමනය  කරමින් සිටීම  ඉන්දියාවට  තර්ජනයක් ලෙස  ඉන්දියාව දුටුවේය . එහෙත් ලංකාවේ  ඊළමක් පිහිටුවීම  ඉන්දියාවට තර්ජනයක් වන බව ඉන්දියාව  හොඳින් දැන සිතියේය . එබැවින් ල