Skip to main content

මාක්ස්වාදියෙකු චිලියේ ජනාධිපති පුටුව අල්ලයි

 


  





  ඊයේ, දෙසැම්බර් 19 දින  පැවතී චිලියේ ජනාධිපතිවරණයෙන් යන්තම් අවුරුදු 35 සම්පුර්ණවූ ගේබ්‍රියෙල් බෝරිට් ෆොන්ට්   අති විශාල වැඩි චන්ද සංඛ්‍යාවක් ලබා මී ළඟ  ජනාධිපති ලෙස තේරී පත්විය 


මේ ලිපිය ලියන විට ගණන් කර තිබු චන්ද සංඛ්‍යාව 99%කි  ගණින ලද චන්ද සංඛ්යාවෙන් 55.86%ක් ඔහුට ලැබී තිබුණ අතර අන්ත දක්ශිනාන්ෂිකයෙකු වන    ඔහුගේ ප්‍රතිවාදි ජොසේ ඇන්ටෝනියෝ කාස්ට්  ට  ලැබී තිබුනේ 44.14%කි 

ගේබ්‍රියෙල් ලැබූ චන්ද සංඛ්‍යාව චිලියේ  ජනාධිපති අපේක්ෂකයෙකු ලැබූ වැඩිම චන්ද සංඛ්‍යාවයි 


චිලි ජනාධිපතිවරණයේ පළමු වටයේදී ගේබ්‍රියෙල්  චන්ද   25.82%ක්  ලබා  දෙවෙනියා බවට පත්වීම නිසා ඔහුගේ වාමාංශික කතාවල සැර බාල කරන්නට සිදුවිය මධ්‍යස්ත මත ධාරීන්ගේ චන්දය නොමැතිව චන්දය දිනන්නට බැරි බව ඔහු වටහා ගත්තේය .


 

    පළමු වටයෙදී 27.98% ලබා ඉදිරියෙන් සිටි දක්ෂිනාන්ෂික අපේක්ෂකයා දෙවෙනි වටයේදී ජයගනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය විශ්වාස කළහ එහෙත් වාමාංශික අපේක්ෂකයා විප්ලවීය කතා අත හැර දමා මධ්‍යස්ත ලෙස අදහස් පලකිරීම නිසා දෙවෙනි වටයේදී ඔහුට විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමට හේතුවූ බව පෙනේ  


මොහු විශේෂ පුද්ගලයෙකි  NGO සංවිධානයක අධ්‍යක්ෂ , ලෙස කටයුතු කළ ඔහු චිලියේ විශ්ව විද්යාල ශිෂ්‍ය  ෆෙඩරේෂණයේ නායකයා ද විය  2013 මහා මැතිවරණයෙන් ඔහු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වූ බැවින් නීති ශිෂ්‍යයෙකු වූ ඔහුට උපාධිය සම්පුර්ණ කර ගැනීමට නොහැකි විය 


2011  වසරේදී චිලිය අඩපන කළ දීර්ඝ  ශිෂ්‍ය   අරගලවලදී  ඊට  නායකයා බවට ගෙබ්‍රියේල් පත්විය  


චිලියේ  වත්මන් ජනාධිපති වරයා එන වසරේ මාර්තු 10 දින දක්වා බලයේ සිටින අතර නව ජනාධිපතිවරයා  ජනාධිපති පුටුවේ වාඩිවෙන්නේ  මාර්තු  11 වනදාය. 


"නව ලිබරල් වාදයේ උපත සිදුවුයේ චිලියෙයි අපි එය චිලියේම  වලලලා දානව " ගේබ්‍රියෙල් මැතිවරණ වේදිකාවේදී කෑගසා  කිවේය .

මේ දිනවල චිලිය සඳහා නව ව්‍යවස්ථාවක් එහි නියෝජිත මන්ත්රි මන්ඩලය විසින්  සකස් කරමින් සිටි .දැනට ක්‍රියාත්මක වන්නේ චිලියේ හිටපු හමුදා පාලකයා විසින් පනවන ලද ව්‍යවස්ථාවයි 

චිලියේ බලය විමධ්‍ය ගත  කරන බවත් සුභ සාධන රාජ්‍යයක් පවත්වා ගෙන යන බවත් මහජන සුභ සාධනය සඳහා වැඩියෙන් මුදල් යොදවන බවත් රාජ්‍ය පාලනය  සඳහා වැඩියෙන් කාන්තාවන්  ස්වදේශිකයන් (ආදිවාසින් ) අලිංගිකයන් සහභාගී කර ගන්නා බවත් ඔහු කියා තිබේ 

ඔහුගේ ප්‍රධාන පොරොන්දුව වන්නේ හිටපු හමුදා පාලකයාවූ පිනෝචේ ඇතිකර තිබෙන සියලු බන්ධන වලින් රට සහ සමාජය මුදාගැනීමයි  

ගේබ්‍රියෙල් නව මාක්ස්වාදියෙකි ඔහු විශ්වාසහ කරන්නේ ස්වයං පාලන බලාධිකාරි මාක්ස්වාදී(autonomist Marxism) මතවාදයයි දැඩි පාලනයක් සහිත දේශපාලන පක්ෂයක් විසින් සියල්ල මෙහෙයවීම , බලපෑම් කිරීම     එම මතවාදය විසින්  ප්‍රතික්ෂේප කරයි .   


බර්ටි රණවීරගේ 


                          පරාජිත අපේක්ෂක ජොසේ ඇන්ටෝනියෝ කාස්ට් 



Comments

Popular posts from this blog

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

මාර්ටින් වික්‍රමසිංහ හමුවිය

කෙටි කතාව පිලිබඳ සාකච්චාවක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන බව එහි ඉගනගන්නා මගේ මිත්‍රයෙකු දිනක් කීය එකල මම උසස්පෙළ පන්තියේ ඉගනගනිමින් සිටි බැවින්ද සිංහල විෂය ට කෙටිකතා පිලිබඳ දැනුම අත්‍යවශ්‍ය වූ බැවින්ද මම මගේ මිත්‍රයා සමග ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියෙමි . ඒ 1971 මුල් මාසයක දිනකය සාකච්ච්වට පැමිණි සිටි වියතුන් අතර මාර්ටින් වික්‍රමසිංහ මහතාද විය ශාලාව පිරෙන්නට සිසුන් පැමිණ සිටියහ විකමසිංහ මහතාගේ දේශනයට ඇතුලත්වන කරුණු ඇතුලත් පිටු කීපයක ලියවිල්ලක් රැගෙන ඔහු පැමිණ සිටි අතර සංවිධායකයන් විසින් සහභාගිවෙන අය අතර එහි පිටපත් බෙදා දුන්නෝය . යතුරු ලේඛනය කරන ලද එම ලියවිල්ල ගල් අච්චුව මගින් පිටපත් කර තිබුණි දේශනය ඇරඹුණේ එම ලියවිල්ල බෙදා දීමෙන් පසුවය කුණු ගොඩකින් මැණිකක් සොයා ගන්නා සේ ලේඛකයා කෙටි කතාවකට අවශ්‍ය වස්තු බීජය සොයා ගන්නා බව වික්‍රමසිංහ මහතා එම දේශනයේදී කී බව පමණක් මට මතකය මට එය මතක සිටීමට හේතුව වේදිකාවේ සිටි සමහරු මෙයට එකඟ නොවන බව ප්‍රකාශ කළ නිසාය දේශනය කරන්නට පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් වුවත් ඔහු හොඳ සෞඛ්‍ය තත්වයකින් සිටි නිසා මයික්‍රෆෝනය ඉදිරපස...

ඒ කාලේ අපි කරුවලේ කරපු වැඩ

  "උඹ කොළඹ ගිහින් තියෙනවද ගුණදාස  ?" "නෑ " "උඹ කොළඹගිහින් තියෙනවද  සිරිපාල? " "නෑ " "උඹ කොළඹ ගිහින් තියෙනවද  පේමදාස? " "නෑ " ඒ  බාලාංශ පන්තිවල ඉගෙනගන්නා කාලයේ පන්තියේ කොල්ලන්ගෙන් මම  ඇසු ප්‍රශ්නයි  කෙල්ලන්ගෙන් කිසිදිනක එම ප්‍රශ්නය නොඇසුවෙමි  .හේතුව අසීමිත ලැජ්ජාව නිසාය  බැරිවෙලාවත් ඇහුවොත් දෙන පිළිතුර වන්නේ "පලයන් කොල්ලෝ යන්න " යන්නය.   .පන්තියේ  එවුන් එකෙක් වත් කොළඹ ගොස් නොතිබුණද  තුනේ පන්තිය වන විට  මම තුන් හතර  වරක් කොළඹ ගොස් ඇවිත්  සිටියෙමි .   .කොළඹ යාමට පින පැදුනු හේතුව  මෙසේය .      (මේ අපේ මාමා සේවය කළ DONALD'S ස්ටුඩියෝවේදී ගන්නා ලද චායාරුපයෙකි)         අපේ අම්මගේ මල්ලි හෙවත් මගේ මාමා චායාරුප ශිල්පියෙක් විය ඔහු සේවය කලේ කොළඹ මරදානේ  Donald's Studio හීය . නැවතී සිටියේ දෙහිවල කළුබෝවිල ප්‍රතිබිම්බාරාම පාරේ බෝඩිමකය එහි සිටියදී ඔහු ඇතිකරගත් ප්‍රේම සම්බන්ධය විවාහය දක්වා දික්විය .නැන්දාව කැන්දාගෙන ඒම සඳහා ගිය පිරිස අතර අවුරුදු 7 ක් වයසැති  මාද විය ...