Skip to main content

අඩෝ සකර්බර්ග් !

 





 අඩෝ සකර්බුර්ග් , 



මං හිතුව ඔහේ ජාතිවාදයට විරුද්ධ පොරක් කියල . දැන් බැලුවහම  පේන්නේ නම්  ඔහෙත් ඉන්නේ අඥානසාර සහ  මහසෝනා සමාගමේ පැත්තේ කියල 



මං දවස් දෙකකට කලින්   ලිව්ව පෝස්ටුවක් නිසා දවස් තුනකට බුකියේ හෙවත් මුහුණු පොතේ  ලියන්න දෙන්නේ නැහැ කියල ඔහේ  ඊයේ  උදේ  මට පණිවිඩයක් එවල තිබුන  .මම ඔය තීරණේට  විරුද්ධයි කියල මම ආපහු ලියල යැව්වා එතකොට ඔහේ ආයි පණිවිඩයක් එව්වා.තීරණේ වෙනසක් නැහැ  දවස් තුනකට  ලියන්න දෙන්නේ නැහැ කියල අඩු වශයෙන් අනුන්ගේ පෝස්ටුවකට කොමෙන්ටුවක් තියා  like එකක්වත් දාන්න දෙන්න බෑ කියල 

යකෝ මේක කැකිල්ලේ රජ්ජුරුවන්ගේ  නඩු ඇහිල්ලක් නේ  . 


     බඩුත් හාන්දුරුවන්ගේ  නඩුත් හාන්දුරුවන්ගේ .අර බයිලන්තයේත් ඔන්න ඔය විදිහම තමයි 

    අයිසේ සකර්බර්ග් ඔහේ මට දවස්  තුනක තහනමක් දැම්මේ ඔහෙ  සිංහල  දන්නා නිසා නේ.  එහෙනම් මම මේ කියන ටික අවසානයට වෙනකම්ම  කියවල ඔහේගේ අදහස් කොමෙන්ටුවක් විදිහට යටින් ලියල එවන්න හැබැයි ඔහේ ලියන ඒවා මම තහනම් කරන්නේ නැහැ  මොකද මම ඔහෙට වැඩිය ප්‍රජාතන්ත්රවාදියි.

මේ  පහල  තියෙන්නේ මම ලියපු පෝස්ටුව .මේකේ තියෙන හැම අකුරකම වගකීම මම බාර ගන්නවා 


මම මේ කියන්න යන්නේ ජාතිවාදී හැත්ත එක එක කාලෙට ගොතපු කෙබර කීපයක්  ඒ කෙබර අහල මෝඩ  මිනිස්සු දෙමළුන්ට තම්බිලාට ගැහුවා  . හැබැයි සමහරුන් නම් මෝඩයෝ නෙවෙයි .උන් ගියේ මංකොල්ල කන්න ඒ අයට මිනිස්සු නමකුත් දැම්මා 'ජාති ආල ' කාරයෝ කියල  

හැබැයි දෙමලුත් අපිට ගැහුවා උන් ගැහුවේ අපි ගැහුවා උත්තර හැටියට ප්‍රභාකරන් බිහි උනෙත්  ඔය ගැහිලිවල ප්‍රතිඵලයක් විදිහට  ඌ සිංහල ගම වලට පැනලා කපල කොටලා මරණ කොට අඥාසාරලා රතනෙල , ඇල්ලෙල , මහසොන්නු , සිංහල යක්කු  ඔක්කොම වාහෙලා ටික ඇඳන් යට හිටියේ  ප්‍රභාකරන්ට පණ තියෙන කම් එකෙක්වත් එලියට බැස්සේ නැහැ 






  මෙන්න බොලේ , ප්‍රභාකරන් මැරුන විතරයි  චන්ඩි ටික ඇඳන් යටින් එලියට බැස්ස පරණ සෙල්ලම පටන්ගත්ත  
දැන් දෙමල මිනිස්සු තුවාල දිහා බල බලා හුල්ල හුල්ල  අඬ අඬා ඉන්නකොට  ජාතිවාදී හැත්තට අලුත් හතුරෙක් ඕන නිසා  තම්බින්ට කෙලින්න කෙබර ගොතන්න පටන් ගත්ත   හොයන්න පටන් ගත්ත.

සාෆි දොස්තරගේ කතාව ඉන් එකක් විතරයි  

    මේ සාෆි දොස්තර මහත්තයා සිංහල කාන්තාව 4000ක් වඳ කරලා කියල කියපු  කතන්දරය  අද වෙනකොට අමු කෙප්පයක් කියල ඔප්පු වෙලා හමාරයි .ඒ නිසා  ඔහුව සේවයේ පිහිටවන්නත් හිඟ වැටුප් ගෙවන්නත් කියල සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් නියෝගයක් කරලා තියෙන්නේ 


හැබැයි මේ තීරණයට විරුද්ධව යලිත් ජාතිවාදය අවුස්සා පාණ්ඩුවේ බැරි බැරි රෝගය වහ ගන්න මේ පාන්ඩුවේ වාහෙලා අමුඩ ගහන්න පටන් අරං 


කොහොම උනත්  සාපි කෙබරය මගින් මේ පාන්ඩුව ගිය චන්ද දෙකේදීම  සැහෙන්න චන්ද ප්‍රමාණයක් එකතු කරගත්ත  මේ කෙබරය ගෙතුවේම චන්ද ගුන්ඩුවක් හැටියට බව  ඒ වෙලාවේ තේරුම් ගත්තේ අල්පයක් දෙනා පමණයි .


   ඊට කලින් අම්පාරේ මුස්ලිම් විරෝධී පහර දීම් වලට ගෙතු බොරුව තමා කොත්තුවලට වඳ පෙති දාල කියන එක . නමුත් වඳ පෙති කියල ජාතියක් මේ ලෝකේ නැහැ කියල සමහර දොස්තර  මහත්වරු කිව්වත් පිළිගත්ත කෙනෙක් නැහැ .


ඒ වගේම තවත් ගොතපු පචයක් තමා  මුස්ලිම් වෙළෙන්දෝ ගැහැණුන්ගේ  යට ඇඳුම්වල වඳ ජෙල් එකක් ගාල සිංහල ගැහැණු ළමයින්ට  විකුනනවා කියන එක.   ඒ වගේම තනපට වල  වඳ ජෙල් ජාතියක් ආලේප කරලා තියෙනවා කියල කෙප්පයකුත්  ඒ දිනවල ප්‍රචාරය කළා 


ඇත්තවශයෙන්ම  වඳ තනපට   වඳජංගි  වඳ කොත්තු කතන්දර වල පිටිපස්සේ හිටියේ අමු ජාතිවාදී බය්යෝ රැලක්  බවට සැකයක් නැහැ. 

  

2014 දර්ගා ටවුමේ අලුත්ගම , සහ බේරුවල මුස්ලිම් මිනිස්සුන්ට ගහල ඒ මිනිස්සුන්ගේ කඩවල  තිබු වටිනා දේ  මංකොල්ල කාල ගිනි තිබ්බ සිද්ධිය ආරම්භ කළෙත් ගොතන ලද පචයක් පාවිච්චි කරලා  



මේකට උල්පන්දම් දුන්නේ ඥානසාර කියල දේවදත්තය බව කවුරුත් පාහේ දන්නා කාරණාවක් 


 දර්ගා ටවුම ආසන්නයේ තිබු පන්සලකට ත්රීවීලරයක යමින් සිටි පොඩි හිමිනමකට මුස්ලිම් ජාතිකයෙකු  පහර දුන් බවට කරන ලද ප්‍රචාරයක් තමා දර්ග ටවුමෙන් ඇරඹුණු විනාශයට හේතු උනේ.  නමුත් ඇත්තට සිදුවී තිබුනේ  ඒ පොඩි හාමුදුරුවන් ගිය  ත්‍රීවීලරයේ සිංහල  රියදුරාත්  දර්ගා ටවුමේ මුස්ලිම්  රියදුරෙකුත්  අතර බහින් බස් වීමක් පමණයි  .පොඩි හමුදුරුවෝ  පන්සලට ගියාට පසු කුමන්ත්‍රණය  ඇරඹුනා.   පහරදුන් බව කියමින් අසල තිබු රෝහලකට  ඒ සාමනේර හිමියන් ඇතුළු කිරීමට උත්සහ කලත් පහරදීමක් කළ බවට ශරීරයේ ලකුණු නොතිබුණු  බැවින්  වෛද්‍යවරයා ඔහුව රෝහලට ඇතුළු කිරීම ප්‍රතික්ෂේප කළා. 


නමුත් පොලිසිය නඩුවක් දාල තිබුන අර මුස්ලිම් රියදුරාට විරුද්ධව  අවසානයට සිද්ධ උනේ පහර දීමක් සිදුවී නැති බව උසාවිය  හමුවේ ඔප්පු වූ නිසා   අර මුස්ලිම් රියැදුරාව නිදහස් කිරීමයි  


නමුත් මේ බොරුව නිසා කෝටි ගණනක් දේපොළ විනාශ උනා ජිවිත කීපයක් නැති උනා 


සිංහල මිනිස්සු රට පාලනය කිරීමට ආරම්භ කිරීමෙන් පසු පළමු වරට ජාතිවාදී කලකෝලාහල ඇති උනේ   1956  ජුනි මාසේ . මේකට හේතුව උනෙත් ජාතිවාදී උම්මතකයන් තුන් හතර දෙනෙකු ගොතපු   කෙප්පයක් . ඒ කෙප්පය තමා මඩකලපුවේදී සිංහල ගැහැණු ළමයෙකුව දුෂණය කරලා නිරුවත්ව නගරයේ  ඇවිද්දෙව්වා කියන කතාව.


මෙය බොරුවක් බව පසුව හෙළි උනා  නමුත් සත්‍යය හෙලිවෙනකොට සිංහල දෙමල  150 කට අධික පිරිසකගේ ජිවිත   අහිමි වෙලා ඉවරයි .


ඕයි සකර්බුර්ග් , දැන් පේනවා නේද මේ රටේ සිංහල දෙමල මුස්ලිම්  කලකෝලාහල වල ආරම්භය අන්ත ජාතිවාදීන් විසින්  ගොතල ප්‍රචාරය කරපු පච කතන්දර නිසා බව  


ඉතින් ඕයි මම ඒවා ලියන එක වැරදි වෙන්නේ කොහොමද ? මට පේන හැටියට තමුසේ අපි ලියන ඒවා හොයල බලන්න දාල තියෙන්නේ රජපස්සලාගේ වහල්ලු . නැත්තම් ඔහේ ඔහොම තීරණයක් ගන්නේ නැහැ  

  




අපේ රට මේ වන විට  බංකොලොත් වෙන්න ඔන්න මෙන්න කියල තියෙන්නේ . ඒකට ප්‍රධාන හේතුව තමා මේ රටේ වැසියන් අතර තවමත්  ඉවර නැති අසමගිය. නිතර නිතර ගැටුම් සිදුවන රටක සල්ලි ආයෝජනය කරන්න විදේශිකයෝ එන්නේ නැහැ


සකර් බුර්ග් මම ඔහෙට අභියෝගයක් කරලා මම මේක නවත්වනවා 


අභියෝගය තමයි  ඔහෙට ලංකාවේ ඩොලර් මිලියන පහක් හයක් ආයෝජනය කරන්න කියන එක    .


ඔට්ටුයි තමුසේ ඕක නොකරනවට  මොකද ඔහේ දන්නවා ඔහේ දන්නවා අපේ රටේ ආයෝජනය කිරීම අනතුරු දායකයි කියල 

. ඔහේ ලංකාවේ ඩොලර් මිලියන පහක් හයක් ආයෝජනය කරොත්  මම කන කපාගන්නවා .මේ බොරුවට නොවෙයි කියන්නේ ඇත්තටමයි .





Comments

Litseeker said…
දැන් මේක කියවන්න ඕන එකා මේක කියවයි කියලා ෂුවර්ද? එකොනොමැට්ටා, වාසිතය වගේ බ්ලොග් අඩවිත් බ්ලොක් කරලා. අසත්‍යය, වෛරය පතුරවන උන්ට කිසි කරදරයක් නෑ.
සකර්බුර්ග් කියෙව්වේ නැත්තම් මම හොඳ පාඩමක් එයාට උගන්නනවා
Jagath Pathirana said…
සිංහල කතෝලිකයන් මරා දැමීම සම්බන්ධයෙන් සහරාන් තුමාට ස්තූති වේවා.

බැරි වෙලාවත් ඌ කතෝලිකයෝ නොමරා බෞද්ධයෝ මැරුවා නම්

ප්‍රේමලාල් බ‘ටි රණවීර වගේ වේසිගේ පුතාලා ඒ ගැනත්
මුස්ලිම් මිනිස්සු ඉවසලා ඉවසලා බැරිම තැන තුවක්කුව අතට ගත්තා කියලා.
මේ විදියටම බලු කතා කියයි.

සිංහල කතෝලිකයෝ මැරිච්ච එකමයි හොඳ.

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා