( මේ එන්නත් කරනුයේ ඊශ්රායලයේ අවුරුදු 14 ළමයෙකුට ය )_
වේගයෙන් බෝවෙන ඕම්නික්රෝන් කොරොනාව පැතිරීම වැලැක්වීම සඳහා 4 වෙනි එන්නතකුත් දීමට ඊශ්‍රායලයේ ලෝක වසංගත කමිටුව නිර්දේශ කර තිබේ
මෙය වහා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්න ලෙස ඊශ්‍රායල් ආණ්ඩුව අදාළ අංශවලට නියෝග කර තිබේ
4 වෙනි එන්නත කුමන නිෂ්පාදනයක් දැයි සඳහන් නොවේ. එහෙත් මීට පෙර දුන් එන්නත් තුනම ෆයිසර් බැවින් 4 වෙනි එන්නතද එයම වීමට ඉඩ තිබේ .
තුන්වන එන්නත මෙන්ම 4 වෙනි එන්නතද දීමට තීරණය කළ පළමු රට ඊශ්‍රායලයි
එහෙත් 4 වෙනි එන්නත සියලු දෙනාට විදින්නේ නැත
පහත සඳහන් අයට හතරවන වරට එන්නත් කරනු ඇත
සෞඛ්‍ය අංශයේ සේවක සේවිකාවන්
වයස අවුරුදු 60 ට වැඩි අය
ප්‍රතිශක්තිය අඩු අය
ඕම්නික්රෝන් වැළඳුනු අය අතරින් එක් අයෙකු මිය යාම මේ තීරණයට බලපා තිබේ මියගිය අය අවුරුදු 60 ට වැඩි අයෙකු වන අතර ඔහුට වෙනත් අසනීප තිබුණු බවද වාර්තා වෙයි ඔහු මිය යාමට හේතුව වී තිබෙන්නේ ස්වසන ආබාධ නොව ඔහුට තිබු වෙනත් ආබාධ උග්‍ර වීම නිසාය
ඊයේ වන විට ඊශ්‍රායලයේ ඔම්රිකොන් වැළඳුනු රෝගීන් අවම වශයෙන් 340 දෙනෙකු සිටියහ .
ඇමරිකාව ,කැනඩාව තුර්කිය ජර්මනිය ඉතාලිය ඇතුළු රටවල ගණනකට යාම තම රටවැසියන්ට ඊශ්‍රායලය තහනම් කර තිබේ .
වැඩි විස්තර මෙතනින්
https://www.theguardian.com/world/2021/dec/21/israeli-pm-announces-fourth-covid-jab-for-over-60s-to-tackle-omicron
බර්ටි රණවීරගේ
Comments