කොල්ලෝ මෙන්ම කෙල්ලන්ද ආවේග ශීලිය . . එමෙන්ම ඔවුහු බොහෝ දුරට දේශපාලනික වශයෙන් අවංකය .තරුණ කම නිසා ගෝරියටද බරය. ත්රිලට කැමතිය .ආණ්ඩුවට අභියෝග කිරීමෙන් ලැබෙන්නේ පොඩි පහේ ත්‍රිලක් නොවේ . රාජිතගේ අමාත්යංශය අල්ලා ගන්නට සමහර සිසුන් ගියේ ඒ මගින් හොඳ ත්‍රිලක් ලැබෙන නිසාය .තවත් අය ගියේ සයිටමය නිසා නිදහස් අධ්‍යාපනයට කෙලවෙනු ඇතැයි අවංකම සිතු නිසාය . ඇතැමෙකු ගියේ ධනපති ආණ්ඩුවට එරෙහිව සටන් කොට කවදා හෝ සමාජවාදී ආණ්ඩුවක් පිහිටුවා රටට කිරියෙන් පැණියෙන් උතුරවන්නට තිබෙන උවමනාව නිසාය. උසාවිය විසින් තහනම් නියෝගයක් පනවා තිබියදී එයද පසිසෙකටවත් මායීම් නොකොට සවුඛ්‍ය අමාත්‍යංශයේ ගේට්ටුද කඩාගෙන ඇතුලට පැන්නේ ඒ නිසාය එහෙත් පොලීසියෙන් ඔය තරමට නෙලනු ඇතැයි සිසුන්ගේ බහුතරය සිතන්නට නැත . එහෙත් අන්තරයේ බොස්ලාත් අන්තරේ බොස්ලාගේ බොස්ලාත් කොල්ලන්ට හොඳ කෑමක් කන්නට වන බව කලින්ම අනුමාන කරන්නට ඇත . සවුඛ්‍ය අමාත්යංශය යනු ඉඩ කඩ තිබෙන ලොකු ගොඩනැගිල්ලක් නොවේ. එක විදිහකින් හිර ගෙයක් වැනි තැනකි. එයට බලහත්කාරයෙන් රිංගු අයට
පක්ෂයක් නැත . දේශපාලනයක් ඇත