Skip to main content

බෙල්ල යන සයිටම් ගෝරිය








                   කොල්ලෝ  මෙන්ම  කෙල්ලන්ද ආවේග ශීලිය . . එමෙන්ම  ඔවුහු බොහෝ දුරට දේශපාලනික වශයෙන් අවංකය .තරුණ  කම  නිසා   ගෝරියටද  බරය. ත්රිලට  කැමතිය .ආණ්ඩුවට අභියෝග  කිරීමෙන් ලැබෙන්නේ  පොඩි පහේ  ත්‍රිලක් නොවේ . රාජිතගේ අමාත්යංශය අල්ලා ගන්නට සමහර සිසුන්  ගියේ ඒ  මගින් හොඳ ත්‍රිලක්  ලැබෙන  නිසාය  .තවත් අය  ගියේ  සයිටමය නිසා නිදහස් අධ්‍යාපනයට කෙලවෙනු ඇතැයි අවංකම  සිතු  නිසාය . ඇතැමෙකු  ගියේ ධනපති  ආණ්ඩුවට  එරෙහිව  සටන් කොට කවදා හෝ සමාජවාදී  ආණ්ඩුවක්  පිහිටුවා  රටට  කිරියෙන්  පැණියෙන්  උතුරවන්නට  තිබෙන  උවමනාව නිසාය. උසාවිය විසින් තහනම් නියෝගයක්  පනවා  තිබියදී එයද පසිසෙකටවත්  මායීම්  නොකොට  සවුඛ්‍ය අමාත්‍යංශයේ  ගේට්ටුද  කඩාගෙන ඇතුලට පැන්නේ ඒ  නිසාය 



  එහෙත් පොලීසියෙන්   ඔය  තරමට  නෙලනු ඇතැයි සිසුන්ගේ  බහුතරය  සිතන්නට නැත . එහෙත්   අන්තරයේ   බොස්ලාත්  අන්තරේ බොස්ලාගේ  බොස්ලාත් කොල්ලන්ට  හොඳ  කෑමක් කන්නට වන  බව  කලින්ම අනුමාන  කරන්නට ඇත .  සවුඛ්‍ය අමාත්යංශය  යනු ඉඩ  කඩ  තිබෙන   ලොකු ගොඩනැගිල්ලක් නොවේ. එක විදිහකින්  හිර  ගෙයක් වැනි තැනකි. එයට  බලහත්කාරයෙන් රිංගු අයට  හොඳ  හැටි සබ්බුව  දෙන්නට  පොලීසියට  පුළුවන . ඒ  නිසා අන්තරේ බොස්ලගේ  බොස්ලාට   උවමනා වන්නට ඇත්තේ    සිසුන්ට  ඔයිටත් එහා  කෑමක්  කවන්නටය . සයිටම් විරෝධය  දිගට  ගෙන  යා  හැක්කේ   පොලීසියට කියා  කොල්ලන්ගේ  කෙල්ලන්ගේ  ඔලු  වැඩි වැඩියෙන්  පැලෙව්වොත්  පමණි.  නැතහොත්  කොල්ලන් කෙල්ලන් දෙතුන් දෙනෙකු  වෙඩි  කා  පරලොව  ගියහොත්ය .    GMOA  මහත්තුරුද  සයිටම්  ප්‍රශ්නය දිග්සීගැමට සුදානමින්  සිටියහ .  එවැනි  බරපතල සිද්ධියක්  නොවුනද ශනික  නුඩ්ල්ස් තැම්බෙන්නට  ගතවන  කාලයටත්  කලින් පාදෙණිය  මහතාගේ  සංගමය මහා වැඩවර්ජන  තීන්දුවක්  ගත්තේ  ඒ  නිසාය . රාජපක්ෂ වාදී පාදෙණිය  මහත්තුරුත් පෙරටුගාමි  පක්ෂයත් අත්වැල් බැඳගෙන සයිටම් ප්‍රශ්නය  තව තවත්  උග්‍ර  කිරීමට දැනටමත් සැලසුම්  හදා  තිබෙන  බවට සැකයක් නැත .   පොලීසිය විසින්  සිසුන්ට   පහර  දීමට එරෙහිව    පන්ති වර්ජනයකටද   සිසුන්  කැඳවීමට අන්තරය කටයුතු  කරනු නිසැකය .




අන්තරය  මෙහෙයවන්නේ කවුද ? සරසවි සිසුන්  නොව  . වෙනත්  දේශපාලන  කණ්ඩායමකි. ඒ   88 -89  කැරැල්ලේ  නායකයෙකු  වූ  ගුනරත්නම්ගේ  නායකත්වයෙන්  හදා ගත්  පෙරටුගාමී සමාජවාදී  පක්ෂයයි .ජනතා  විමුක්ති පෙරමුණ  ගැන  කලකිරුණු කණ්ඩායමක් එකතු කරගත්  ගුණරත්නම්  මහතාගේ අරමුණ වුයේ   ජවිපෙට වඩා  ලොකු  පක්ෂයක් හදා  ගැනීමය . මුලින් සැලකිය  යුතු  පිරිසක් සිටියද මේ වන විට එම  පක්ෂය  බෙහෙවින් දුර්වල වී  තිබෙන බව  ඔවුන්ගේ  පසුගිය  මැයි දිනය සනාථ  කළේය. ඔහුට  තිබෙන එකම ශක්තිය අන්තරය  පමණි. ඔවුන්  තව  දුරටත් ඔහුගේ   න්‍යාය  පත්තරයට අනුව මෙහෙයවා  ගත  හැක්කේ  සයිටම් විරෝධය  දිගින් දිගටම  ගෙන  යාමෙන්  සහ සරසවි සිවුන්ගේ  ප්‍රශ්න වෙනුවෙන් පෙනී  සිටීමෙන් පමණි . සයිටම් සටන  පැරදුනහොත්  අන්තරය  ඔහුගෙන් ගිලිහී  ගොස්  තම  පරම දේශපාලන සතුරා වූ  ජවිපෙ  අතටම  ආපසු යාමට  ඉඩ  තිබේ.  එමෙන්ම ඔහුගේ  පක්ෂය සැබවින්ම  ත්‍රීවීලර්  පක්ෂයක් බවට පත්වනු ඇත. එබැවින් සයිටම් සටන වනාහි පෙරටුගාමී පක්ෂයට  ජීවිතයත්  මරණයත් අතර  ප්‍රශ්නයකි . එබැවින්  සයිටම්  සටන දිනාගැනීම සඳහා ඔහුගේ දේශපාලන  පොතේ තිබෙන සියලු සුත්තර  ක්‍රියාත්මක  කරනු ඇත  .



GMOA මහත්වරුන්ට  සයිටමයට පෙන්නන්නට  බැරිවී  තිබෙන්නේ  ප්‍රධාන වශයෙන්ම දේශපාලනයක් නිසා  නොවේ . නිදහස් අධ්‍යාපනය  ගැන කැක්කුමක්ද   තිබෙන නිසා  නොවේ.පාදෙණිය  ඇතුළු නායක  කාරකාදින්ට නම් මහින්ද  උණ  ආන්කල්වෙන්නටම  හැදී  තිබේ. . එහෙත් අවශේෂ  දොස්තර මහත්වරුන්ට සයිටම් භීතිකාව ඇති වී  තිබෙන්නේ  ඔවූන්ගේ සාක්කුවට වදිනු ඇතැයි  යන බිය නිසාය. සයිටමය ඉඩ දීම  යනු   තවත් සයිටම් තුන  හතරකට දොර ඇර  දීමක් බව  ඔවුන් දනිති. එසේ  වුවහොත්  එම   වෛද්‍ය විශ්ව විද්‍යාලවලින්  එලියට එන  දොස්තරලාට  ආණ්ඩුවේ  රෝහල්වල රස්සාවල්  ලබා  ගැනීමට   තිබෙන  ඉඩ  ඉතා  අල්ප හෙයින්  ඔවුන්ට සිදුවන්නේ පුද්ගලික රෝහල්වල සේවයට  යන්නටය .පුද්ගලික  රෝහල්ද එයට  වඩාත් කැමති වන්නේ  දැන් මෙන්  නොව  දවසේ  පැය 24  ම සේවය  කිරීමට  වෛද්‍යවරුන්  පිරිසක් ඔවුන්ට  ලැබෙන  නිසාය . එපමණක් නොවේ. පුද්ගලික වෛද්‍ය උපාධිය  ලබා  පැමිණෙන  දොස්තර මහත්වරු සහ  නෝනලා උදේට  හැන්දෑවට සහ රාත්‍රියට  නගරවල  පමණක් නොව  ගම්වලද  බෙහෙත්  සාප්පු  දමා  ගනු ඇත. එසේ  සිදුවුවහොත් තමන්ගේ  පොකැට්ටුවට එළඹෙන්නේ  මහත් අනතුරකි .එබැවින් සයිටම්  යනු  ආණ්ඩුවේ  දොස්තර  මහත්වරුන්ට මහත් විපත්තියකි මාස  ගණනක් හෝ වර්ජනය  කොට එම විපත්තිය වලක්වා   ගැනීමට ඔවුන් එක  හෙලා සුදානම් වනු ඇත .




ආණ්ඩුව  පැත්තෙන් ගත්   කළ  සයිටමය  ඉඩ නොදීම  ඔවුන්ට විපත්තියකි.  විදේශ ණය  ගෙවා  ගැනීමට   පිටරටින්  තව  තවත් ණය  ගැනීම  හැර වෙනත් විකල්පයක් නැති      භයානක ආර්ථික  අර්බුදයට  මුහුණ දී තිබෙන ආණ්ඩුව  විදේශ  ආයෝජන  ගෙන්වා  ගැනීම   සඳහා   සියලු  පුරුෂ වීරිය දරන්නේ අර්බුධයෙන්  ගොඩ ඒමට තිබෙන මාවත් වලින් එකක්    එය වන   නිසාය .  ජාත්‍යන්තර විශ්ව විද්‍යාල  ලංකාවේ  ශාඛාවන්   විවුර්ත  කොට   වෛද්‍ය  උපාධි මෙන්ම අනෙකුත් විෂයන් සඳහා  උපාධි  ලබා දෙන්නේ  නම් එය ආණ්ඩුවට  කීප අතකින්  සහනයක් වන්නේය.  පිටරටවල  ඉගනීමට  යන  ලාංකික  සිසුන් වෙනුවෙන් වැය වන  විදේශ විනිමය යම් ප්‍රමාණයක් හෝ  ඉතිරිවන අතර අහල  පහල  රටවල සිසුන් එම  ආයතනවල  ඉගනීම සඳහා මෙහි පැමිණීමෙන් ඩොලර් ,පවුම්ආදිය  ලංකාවට  ලැබෙන්නේය . එපමණක් නොවේ. උසස්පෙළ සමත් සියලු සිසුන්ට  සරසවි වල  දොර ඇරීම සඳහා ආණ්ඩුවට  හය්යක් නැති බැවින් පුද්ගලික විශ්ව විද්‍යාල මෙහි විවුර්ත  කළ විට උසස් පෙළ සමත් තවත්  කොටසකට මුදලට  හෝ  උපාධියක  ලබා  ගැනීමට අවස්ථාවක් උදා වන්නේය. අනිත් වැදගත්  කාරනව  වන්නේ නිදහස් ආර්ථික  ප්‍රතිපත්තිය අන් රටවල  මෙන්ම  ආණ්ඩුවේ ද ප්‍රතිපත්තිය  වන  නිසාය .



අන්තරයට  යටවී  සයිටමය අකුලා ගැනීමෙන් ශිෂ්‍ය  විරෝධතා අවසන්  නොවන  බව  ආණ්ඩුව  දනී .සයිටමය  හකුලා  ගතහොත්   ජයග්‍රහණය  සිසුන්ට හිමිවීම  නිසා ශිෂ්‍ය ව්‍යාපාරය  තව  තවත් ශක්තිමත් වන අතර තව තවත්  ඉල්ලීම්  රැගෙන  පාරට  බසින වඩාත්  හයි හත්තිය  තිබෙන  ශිෂ්‍ය ව්‍යාපාරයක්  බිහිවී පාසල්  පද්ධතියද  තුලටද  රිංගන  බව  ආණ්ඩුව දන්නේය . එසේ   වුවහොත්   පාසල්  පවත්වාගෙන  යාමට  නොහැකි පරිසරයක්  නිර්මාණය වීමට  තිබෙන  ඉඩකඩ  බොහෝය.  අනෙත් අතින් පාදෙනියලා  වඩාත් ශක්තිමත් වී රාජපක්ෂලා සමග  කල්ලි  ගැහී ආණ්ඩුවේ  බෙල්ල  මිරිකීමටද   ඉඩ  තිබේ. 



එබැවින් සයිටම් ගෝරිය සෙල්ලමක්  නොවේ.  ජීවිතයත්  මරණයත්  අතර  සටනකි. බෙල්ල    ගහලා  යන උගුලකි .  සයිටම්  ගෝරියෙන් ආණ්ඩුව  පැරදුනහොත්   ආණ්ඩුවේ  බෙල්ල  යන්නේය. ආණ්ඩුව දිනුවොත්   අන්තරේ  බෙල්ල  යන්නේය .අන්තරේ  බෙල්ල  ගියහොත් පෙරටුගාමින්ගේ  බෙල්ල  යාම අනිවාර්ය බව අමුතුවෙන්  කියන්නට  උවමනා   නැත . ගෝරිය   පැරදුනහොත් දොස්තර  මහත්තුරුන්ගේ  නෝනලාගේ සාක්කුවට, පර්ස් එකට   තට්ටුවන්නේය. සටන  දිනුවොත්  දොස්තර  මහත්තුරුන්ගේ හොද්ද  හොඳටම  බොරවන්නේය .









Comments

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...