Skip to main content

දේශපාලුවන්ගේ රෙදි ගැලවූ ගංවතුර


 


 ගිය  සතියේ බ්‍රහස්පතින්දා  (25) රාත්‍රියේ  සිට ගලන්නට  පටන්ගත්  ගංවතුර  හේතුකොට  ගෙනද,   අධික වර්ෂාව නිසා ඇතිවූ නාය  යාම් නිසාද  මැරුණු  ගණන කොපමණදැයි  තවමත්  අපි හරියටම දන්නේ නැත . ආණ්ඩුව දන්නේද  නැත  .


ගංවතුර සහ නාය යාම් නිසා කී දෙනෙකුගේ නිවාස  විනාශ වුයේ දැයි අපි  හරියටම දන්නේ  නැත .ආණ්ඩුව  දන්නේද  නැත .


ආපදා  කලමනාකරණ මධ්‍යස්ථානය ඉහත  කරුණු සම්බන්ධයෙන් ඊයේ  උදේ කිව් ගණන් හිලව්  දවල්වන විට වෙනස්  විය .දවල් කිව්  ගණන් හවස් වන විට  වෙනස් විය .හවස  කිව්  සංඛ්‍යා ලේඛණ අද  උදේ වෙනවිට  යලිත් වෙනස් විය  . හවස එය නැවතත් වෙනස් විය 


හොඳ අතට  නොවේ. නරක අතටය .


පෙරේද උදේ(මැයි 30)  කීවේ  ආපදාවන්ට පත්ව  ඇති පිරිස ලක්ෂ  5 ට  මදක් වැඩි බවය . 


පෙරේදා සවස 6 ට නිකුත්වූ වාර්තාවට  අනුව එය  604713 විය. 


ඊයේ හවස වන විට එම සංඛ්‍යව 630082ක් දක්වා  ඉහල  ගොස් තිබුණි  


අද  (ජුනි 1 ) උදේ 9 ට නිකුත්  කළ වාර්තාවට අනුව එම සංඛ්‍යාව 629704 කි. එය ඊයේට වඩා  378 කින් අඩුවී තිබේ. 


එහෙත් අද දවල් 12 ට නිකුත්  කළ සංඛ්‍යා ලේඛන අනුව පුද්ගලයන්  646596ක් ආපදාවන්ට  ලක්වී  තිබේ. 

ඊයේ සවස 6 ට  නිකුත්  කල වාර්තාව සමග සැසඳූ  කල ආපදාවන්ට  ලක්වූ සංඛ්‍යාව  16514 කින් ඉහල  ගොස් තිබේ. 


අද දින සවස  6 ට  නිකුත්  කළ  වාර්තාව අනුව  ආපදාවන්ට  ලක්වූ  පිරිස  තව දුරටත්  ඉහල  ගොස් තිබේ.


ඒ  අනුව ආපදාවන්ට  ලක්වූ  පිරිස 658490 කි . 



       ( නාවික  හමුදාව  බුලත්සිංහලට  රැගෙන ආ ගංවතුර සහනාධාර  ලබා  ගැනීමට පැමිණි පිරිසක් ) 


මියගිය පිරිස 206 කි .


 අතුරුදහන් වූ  පිරිස 96 කි .


 මුළුමනින්ම  විනාශවූ නිවාස සංඛ්‍යාව 1713කි .


අඩ වශයෙන් විනාශවූ නිවාස  ගණන 9294කි 



හෙට  වන විට  ආපදා  කළමනාකරණ  මධ්‍යස්ථානය  හෙවත්  ආණ්ඩුව  නිකුත්  කරන  සංඛ්‍යාලේඛන  තව  දුරටත්  වෙනස් වනු  නිසැකය .


 ආපදා  කළමනාකරණ  මධ්‍යස්ථානය වරින් වර  විවිධ සංඛ්‍යා  ලේඛන නිකුත්  කිරීමෙන් පෙනී  යන්නේ  කුමක්ද?  ආපදා හානි අවම  කර  ගැනීම  තබා  ඒවා  පිලිබඳ  හරි  වාර්තාවක්  ලබා  ගැනීමටවත් ආණ්ඩුව සතු  යාන්ත්‍රණයක්  නොමැති බව නොවේද?


ලංකාවේ සිදුවූ පළමු  හෝ දෙවන  හෝ තුන්වන  ස්වභාවික  විපත ගිය සතියේ  ගලන්නට ගත්  ගංවතුර  නම්   මෙසේ  ගණන් හිලව් වරින් වර වෙනස් වීම  මහා  ලොකුවට ගණන් ගත  යුතු නැත .

 එහෙත් මේ  ලංකාවට  ගැලු  පළමු හෝ දෙවන හෝ තුන්වන ගංවතුර නොවේ. 

මා අසා තිබෙන  පරිදි  1938  මහා ගංවතුරක් පැමිණි අතර 1942 නැවතත් එවැනිම දැවැන්ත  ගංවතුරක් ලංකාවේ  බොහෝ ප්‍රදේශ යටකළේය  .  1957 නැගෙනහිර  පළාත  විනාශ කළ  මහා  ගංවතුර 20 වන සියවසේ  ගැලු ලොකුම  ගංවතුර  බව එවක මඩකලපුවේ  උප දිසාපති වූ එල් .සී.අරුල්ප්‍රගාසම් මහතා  ලිවූ  ලිපියක සඳහන් වේ.* 


ඉකුත් අවුරුදු  50 කාලය  තුළදී    කළුතර  හා  රත්නපුර දිස්තිරික්කවලට ගංවතුර  නොගැලූ වසරක් තිබුනේ  නම්   කලාතුරකිනි. ඇතැම් විටෙක වසරකට දෙවරක්  ගංවතුර  ගැලු අවස්ථාද විය . 


2010 නොවැම්බරයේ  කොළඹට  ගැලු ගංවතුරේ තරම මතක් කරතොත්  පාර්ලිමේන්තු භුමියද අඩි 6 කින් යටවිය  .



2013 වසරේ ගැලු ගංවතුරෙන්  ආපදාවට ලක්වූ  සංඛ්‍යාව මෙවර  ගංවතුරට වඩා අධිකය. එය සංඛ්‍යාව  ලක්ෂ දහයකි .


ඉකුත් වසරේ මැයි  මාසයේ පැමිණි  ගංවතුර රටේ  බොහෝ  පළාත් වලට බලපෑ අතර  .අරනායක නායයෑමෙන්   පවුල් රැසක්  තත්පර  කීපයක්  තුලදී අවසන් ගමන් ගියහ . කොළඹ එහෙම  පිටින්ම වාගේ  යටවිය .


ගංවතුර,  වැළක්විය  හැක්කක් නොවේ.  අපට මෙන්ම  ඇමරිකාවට  යුරෝපයට චීනයට සහ  කියුබාවටද  ගංවතුර  ගලයි.  එහෙත් එයින් සිදුවන ආපදාවන්  අවම  කරගැනීමට ඕනෑ  කමක්  යම් ආණ්ඩුවකට  තිබේනම් එසේ   කර  ගත  හැකිය .   වත්මන් ආණ්ඩුවට  මෙන්ම  තිබු ආණ්ඩුවලටද එවැනි  උවමනාවක් තිබුනේ  නම් මෙපමණ  විපත්ති  සිදුවන්නේ  නැත.


ගංවතුරෙන් ,  නාය  යාමෙන්, ඉඩෝරයෙන් , සුනාමියෙන්,  කුණාටුවෙන් සිදුවන  අනතුරු  අවම  කරගැනීමට  හරි  හමන් වැඩ  පිළිවෙලක්  අපේ   රටේ  නැත . මන්ත්‍රී  පඩි වැඩි  කරගැනීමට,  රථවාහන  ගැනීමට ආණ්ඩු සහ  විපක්ෂයේ දේශපාලකයන් දක්වා ඇති  උනන්දුව  ආපදා  වලක්වාගැනීම සම්බන්ධයෙන්  දක්වා  නැති  බව අමුතුවෙන් කිව  යුතුද? 


සිදුවී  තිබෙන්නේ   ගසා කෑම  මුලික  කරගත් අධිවේගී  මාර්ග තැනීම , ගංගාවල ඉවක් බවක් නැති වැලි හැරීම ,අක්කර සිය දහස්  ගණනින්  පස්  කැපීම , වනාන්තර  කැපීම ආදීය  නිසා ආපදා අවස්ථා වේගයෙන් ඉහල  යාමය . එම  නොසන්ඩාල වැඩ  පිටුපස  සිටින්නේ ද සිටියේද  බලයේ  සිටි  හා සිටින දේශපාලකයෝය .


 ආණ්ඩුවේ  අකාර්යක්ෂමතාවය දැක්වීමට වැඩි දුර  යායුතු  නැත . ආපදා  කළමනාකාර ඇමති  ප්‍රියදර්ශන යාපගේ  වැඩ  කිඩ අධ්‍යයන  කිරීම  පමණක්  ප්‍රමාණවත්ය .ඔහු  මේ අවස්ථාවේදී රට  තුළ සිට ආපදා අවම  කරගැනීමට  කඩියෙකු ලෙස  කටයුතු  කළ යුතු වුවත්   මෙක්සිකෝවේ  සිට  හනික ආපසු  ඒමට  ඔහු   කිසිදු උනන්දුවක්  දැක්වුයේ  නැත . එය  කිසිසේත්ම සමාවදිය  හැකි  කරුණක් නොවේ. ජනාධිපතිවරයාට   කොන්ද  තිබේ  නම් ඔහු අප්‍රමාදව ගෙදර  යැවිය  යුතුය .


මහින්ද සමරසිංහ මහතා  ආපදා  කළමනාකාර ඇමති  ලෙස  සිටි  කාලයේ (2006-2010) ආපදා  අවම  කරගැනීමේ අරමුණෙන්  කිසියම් වැඩපිළිවෙලක්  ක්‍රියාත්මක  කළ  නමුත් එය  ඉදිරියට  ගෙන  යාමට  ඉන් පසු  පැමිණි ඇමතිවරු  උනන්දුවක්  දැක්වුවේ  නැත.


මගේ  මේ  ලිපියේ අරමුණ ආපදා  හානි අවම  කරගැනීම සඳහා  යෝජනා  කීපයක්  ලියා  තැබීමය .


සෑම ග්‍රාමසේවා  කොට්ටාශයකම   ආපදා අවම  කිරීමේ  කමිටුවක්  පිහිටවිය  යුතු අතර එහි ප්‍රධානින් ලෙස  ග්‍රාම සේවා  නිලධාරියාද , අදාළ  ප්‍රදේශයේ ආගමික  නායකයෙකුද  ප්‍රාදේශීය  නායකයෙකුද  පත්  කළ යුතුය . එමෙන්ම  අදාළ  ප්‍රදේශයේ  සැම අනු  ප්‍රදේශවල  පදිංචි තරුණයන් එම  කමිටුවේ සාමාජිකයන් ලෙස  පත්කිරීම අත්‍යවශ්‍යය.


ආපදා  කළමනාකරණ  මධ්‍යස්ථානයට එම  කමිටු අනුබද්ධ  කළයුතු අතර එය විසින් කමිටු සාමාජිකයනට අවශ්‍ය දැනුම සහ  පුහුණුව  ලබා  දිය  යුතුය. එමෙන්ම ආපදා අවම  කරගැනීම සඳහා අවශ්‍ය  උපකරණද එම  කමිටුවලට  ලබා දිය  යුතුය. 


පසුගිය  සුනාමි විපතෙන් පසු එවැනි වැඩසටහනක් දිගින් දිගටම පවත්වාගෙන  ආ අතර  සුනාමියක්  නැවත  පැමිණියහොත්  ජීවිත  ආරක්ෂා  කරගැනීම  සඳහා  කළ යුතු දේ  රැසක් එම වැඩසටහනට  අයත් විය .


කිසියම්  ආපදා  තත්වයක්  ඇතිවන්නේ  නම් ඒ  බව  තම ප්‍රදේශයේ සිටින  මහජනයාට   දැනුම් දීම සඳහා සයිරන් වැනි  නලාවක් මගින් දැනුම් දීමෙන්   ජීවිත  පමණක් නොව  මිනිසුන් සතු අත්‍යවශ්‍ය   දේපොළ  පවා  යම් තරමකින් හෝ  රැක  ගැනීමට  හැකිවෙනු ස්ථිරය .අද  සෑම  කෙනෙකුටම  ජංගම දුරකථන   තිබුණද ගංවතුර  වැනි ආපදාවකදී ඒවා බොහෝ දුරට  නිහඬ වේ. එයට  හේතුව විදුලිය විසන්ධි  කිරීම හෝ  විසන්ධි වීම  නිසා දුරකථන  කුලුණුද අක්‍රීය වන  බැවිනි.


  ආපදා   තත්වයකදී  මහජනයා එක රැස්විය  යුතු ආරක්‍ෂිත ස්ථාන පිළිබඳව ආපදා අවම  කරගැනීමේ  කමිටු  විසින් තම  ප්‍රදේශයේ  ජනයා දැනුවත්  කොට  තැබිය  හැකි  වන අතර ඔවුන්ට අවශ්‍ය ආහාර  පාන  සහ  ප්‍රථමාධාර එම  මධ්‍යස්ථානවලදී ලබා දීමටද හැකි වෙනු ඇත.  


විශාල වශයෙන්  ආපදා  තත්ත්වයක්  ඇතිවූ  විට ආපදාවනට  ලක් නොවූ ප්‍රදේශවල  මහජනයා  මෙන්ම  ආණ්ඩුව විසින්ද  ලබා දෙන ආහාරපාන  ඇඳුම් පැළඳුම් ආදියද ගසාකෑම් වලින් තොරව සුදුසු අයට  පමණක් ලබා දීමද  මෙම ආපදා  අවම  කර  ගැනීමේ  කමිටු  මගින් හැකි වනු  බවට  සැකයක් නැත.


මෙම  කමිටු වඩාත්  ඵලදායි  වෙන්නට  නම් ඒවාට  නීත්‍යනුකුල  භාවයක්  පනතක්  මගින්  ලබා දිය  යුතු අතර එම කමිටු සාමාජිකයන්ගේ සේවයට   නිසි ගවුරවයද  මහජන පිළිගැනීමද  එමගින් හිමිවනු  ඇත.


ආපදා අවම  කිරීම  සම්බන්ධයෙන්  තීරණාත්මක කාර්ය  භාරයක් ඉටුකළ  හැකි එක ආයතනයක් වන්නේ  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවයි. ඔවුන්ගේ  කාල  ගුණ  අනාවැකි  බොහෝ දුරට වැරදී  යන්නේද විශාල  ආපදා  තත්වයන් පිළිබද  නිවරදි අනාවැකි  කීමට  නොහැකි වී  තිබෙන්නේද  නවීන  උපකරණ  ඔවුන් සතුව  නොමැති  නිසාය .  කාලගුණ  අනාවැකි කීමට  උපකාරවන   ඩොප්ලර්  යන්ත්‍රයක්   පසුගිය  පාලන සමයේ ගෙන  ආ  නමුත් එය සවි  කලේ  නැත. මේ ආණ්ඩුව  යටතේද සවි  නොකළ එම  යන්ත්‍රය  දිරාපත්වෙමින්  තිබෙන  බව  මාධ්‍ය වීසින් වාර්තා  කර  තිබේ. කාල  ගුණ අනාවැකි  පලකළ  හැකි නවීන  උපකරණ තිබුනේ  නම් බොහෝ  ජීවිත බේරා  ගත  හැකි වනු නොඅනුමානය.


ආපදා අවම  කරගැනීම සඳහා තවත්  බොහෝ දේ  තිබේ. එහෙත් මේ  ලිපියේ අරමුණ ඒවා  ගැන කීමට  නොවේ. ඒවා  ගැන දන්නා  විශේෂඥයෝ බොහෝ සිටිති . ඔවුන්ගේ එම සේවය  ලබා  ගැනීම  ආණ්ඩුවේ  වගකීමයි .


නැවතත් වරක්  මහා  විපතක්  එන  තුරු  ආණ්ඩුවට  බකං නිලාගෙන  ඉන්නට නොදීම  පුරවැසියන් වන අපගේ  වගකීමයි . අපත් බකං නිලාගෙන  සිටින්නේ නම් අපි  පුරවැසියන් නොව ඉපදුනාට  ජීවත් වන  සත්ව  කොට්ටාශයක්  පමණක් බව  කියන්නට  මා  පැකිලෙන්නේ  නැත .







_________________________________________________________________________________

අරුල් ප්‍රකාසම් මහතා  1957  මහා ගංවතුර  ගැන ලිවූ  ලිපිය පහත  ලිංකුවෙන් කියවිය  හැක .

* http://transcurrents.com/tc/2011/01/the_batticaloa_floods_of_19571.html  


Comments

Popular posts from this blog

රනිල් වානා ! අනුර ඕනා !

2022 අරගලය ට බියේ  ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටෙන් පැන යන විට රට  මුහුනු දුන් බරපතල ප්‍රශ්න වලින් කීපයක් මෙසේය   දිනකට පැය12- 15ක් විදුලිය විසන්ධි කරමින් තිබුනේය  ආණ්ඩුවට තිබු ඩොලර් ප්‍රමාණය මිලියන 20 ට බැස තිබුනේය  තෙල් නැවක් ගැනීමටවත් ආණ්ඩුවට සල්ලි නොතිබුනේය  ඉන්ධන ගෙන ආ නැව් සල්ලි දෙන තුරු  තෙල් නොදී  වරාය ආසන්නයේ දිනගණන් රස්තියාදු ගැසුවෝය  රට තුල ඉන්ධන නොතිබු නිසා කෝච්චි අතර මග නතර කිරීමට සිදුවිය  තෙල් නැති කමින් බස් දිව්වේ නැත  බස් නැති කමින් ළමුන්ට පාසල් යාමට නොහැකි විය  ලමුන් ට පාසල් ඒමට නොහැකි බැවින් පාසල් වස දැම්මෝය  තෙල් නැති නිසා රජයේ හා පුද්ගලික අංශයේ රැකියාවලට යාමට සේවක සේවිකාවනට  නොහැකි විය  මේ නිසා රටේ නිෂ්පාදනය තවතව පහලට බැස්සේය  අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය  උපකරණ  මිලදී ගැනීමට මුදල් නොතිබීම නිසා රෝගීන් සැලකිය යුතු පිරිසක් මියගියහ මියගිය සංඛ්‍යාව කොපමණදැයි දන්නේ දොස්තරලා පමණි   කිරිපිටි නොමැති වූ බැවින් බොහෝ ළමුන් දරුවන් කුසගින්නේ සිටියහ  ගෑස් නැති කම නිසා සුපර්මාකට්...

මා දුටු 87 -89 භීෂණය

                      භීෂණය ඇරඹෙන විට  මා සිටියේ ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය  කරමිනි . මේ වන විට  උතුරු නැගෙනහිර යුද්ධය ඇරඹි අවුරුදු  5 ක් ගත්වී තිබිණ . 1983 කළු ජූලියෙන් පසු  දකුණේ සිටි  ද්‍රවිඩ මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්  උතුරට  යැවීම  හැර වෙනත් විකල්පයක් ජේ. ආර්.ජයවර්ධනට  නොතිබිණි . 83 කළු ජුලිය ආණ්ඩුවේ  නිෂ්පාදනයක් වූ බැවින් උතුරට  ගිය දෙමල තරුණයෝ දහ දහස්  ගණනින් කොටි සංවිධානයට  හා අනෙකුත් සන්නද්ධ  කණ්ඩායම් වලට එකතු වීම  නිසා  උතුරේ  යුද්ධය වඩාත් දරුණු තත්වයට  පත්විය . කළු ජූලියත් සමග ඉන්දියාව  ලංකාවේ දේශපාලනයට  මැදිහත් වන්නට  පටන් ගත්තේය .ලංකවේ දෙමල මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්  මැදිහත්වන ලෙස  ඉන්දියාවේ කෝටි සංඛ්‍යාත දෙමල  මිනිසුන්  ඉල්ලා සිටින විට එය නොසලකා  හැරීමට කිසිදු ඉන්දියානු  ආණ්ඩුවකට  පුළුවන් කමක් නැත. අනෙක් අතට ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව ඇමරිකාව...

Pension dates 2025 Sri Lanka

               Pension dates of retired government employees          2025                                                  Sri Lanka  January                   10    Friday  February                 10   Monday  March                    10    Monday  April                      09   Wednesday  May                       09  Friday  June                       09  Monday  July      ...